By unusuma.lk on
(LK time)ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමුව ඇති මොහොතක ඒ හරහා නීතිපති දෙපාර්තමේන්තුව අහෝසි විය හැකි බවට නොයෙකුත් මතවාද සමාජය පුරා ගොඩනැගෙමින් පවතී.
රජය පාර්ශවයේ තර්කය වනුයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී නීතිපති දෙපාර්තුමේන්තුවට වඩා කාර්යක්ෂමව සේවා සැපයීම අරමුණු කරගනිමින් මෙම ආයතනය ක්‍රියාත්මක කළ යුතු බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පක්ෂ මෙන්ම විපක්ෂ මතවාද සමාජය පුරා නිර්මාණය වී ඇත.
අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් මේ සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් රජයේ ස්ථාවරය විමසා සිටියහ.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීමේදී නීතිපතිවරයා හෝ නීතිපති දෙපාර්තුමේන්තුව අහෝසි නොවන බවයි.
එලෙස පිහිටවන ස්වාධීන අභිචෝදක කාර්යාලයේ නීතිපතිවරයා, නීතිපති දෙපාර්තුමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයද නියෝජිතයන් වන බව නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් සඳහන් කළේය.