By unusuma.lk on
(LK time)මේ වනවිටත් ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය අතරතුර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කර ඇත.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟව සිටින ස්ථානය නිවැරදිවම දන්නා බවත් ඔහු පහසු ඉලක්කයක් බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
එහෙත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය නොකරන බවත් මේ මොහොතේ කිසිසේත්ම ඔහුව ඝාතනය කිරීමට යොමු නොවන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
තවද ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟව සිටින ස්ථානයේ ආරක්ෂිතව සිටින බවද සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.