By unusuma.lk on
(LK time)දිවයින පුරා ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරුන් 10,000ක් පමණ ක්ෂේත්‍රයේ නියැළෙමින් සිටින බවත් නීත්‍යනුකූල ආයුර්වේද වෛද්‍යවරුන් සිටින්නේ 26,000ක් පමණක් බවද රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති උපුල් කොන්දසිංහ සදහන් කරයි.
මේ වනවිට ව්‍යාජ ආයුර්වේද වෛද්‍ය සමිතියක් පිහිටුවා ගෙන ඇති අතර එහි ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරුන් 4,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් කිසිදු නියාමනයක් පවා නොමැතිව මෙම ව්‍යාජ ආයුර්වේද සමිතිය මගින් ව්‍යාජ ලෙස සහතික පවා නිකුත් කරන බවද ඔහු සදහන් කරයි.
ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස රට පුරා සිටින හොර වෙදුන් වැටලීමේ වැඩ පිළිවෙළක් නොමැති වීම බරපතළ ගැටලුවක් බවත් ව්‍යාජ වෛද්‍ය සංගම් හතු පිපෙන්නාක් මෙන් පිහිටුවා ඇතැයි ද ඔහු සදහන් කරයි.