By unusuma.lk on
(LK time)නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අපරාධය පිළිබඳ පවත්වන විමර්ශන වලදී සැඟවී තිබූ තවත් අතුරුදන් කිරීමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේම ආචාර්යවරයකු ලෙස සේවය කළ බාලසුකුමාර් නමැත්තකුගේ අතුරුදන්වීමක් සම්බන්ධයෙන් මෙසේ තොරතුරු අනාවරණය වී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මගින් විධිමත් විමර්ශනයක් පවත්වා නැති බවද විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇත.
පසුගිය 2006 වසරේදී කොළඹ – විද්‍යා මාවතේදී උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබූ අතර ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන අතර ඒ සම්බන්ධයෙන් හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් ද ප්‍රශ්න කළ බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරයි.
2007 වසරේදී මේ පිළිබඳව කළ විමර්ශන වලදී හඳුනාගෙන තිබුණේ සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නායකත්වය දරන ටී.එම්.වී.පී. පක්ෂයේ ක්‍රියාකාරීන් සමග අතුරුදන් උපකුලපතිවරයාගේ රියැදුරා සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවත් ඔවුන් සමග උපකුලපතිවරයා මත ගැටුමක සිටි බවත් අදාළ විමර්ශන 2007 වසරෙන් පසු සිදු වී නැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.