By unusuma.lk on
(LK time)2025.03.31 වන විට බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.
මෙම සහන බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.
ඒ අනුව බලපෑමට ලක් වූ ණය ගනුදෙණුකරුවන් හට පොලී සහන සහ නව ණය ලබාදීම ඇතුළු තවදුරටත් සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් ලබාදී ඇත.
2024 අංක 04 දරන චක්‍රලේඛය ප්‍රකාරව බලපත්‍රලාභී බැංකුවලට සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන් සමඟ ණය ප්‍රතිලේඛනගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා ලබාදී ඇති කාලසීමාවද 2025.06.15 සිට 2025.06.30 දක්වා දීර්ඝ කර ඇත.