රටම කැළඹු බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට.!

මෙරට ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතිය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (11) සදහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,

“මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි. ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා වෙන්න ඕන. අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා දීලා ජනතාවගේ විශ්වාසය දිනාගෙන බලයට පත්වු ආණ්ඩුවක්.

දැන් නිශ්චිත ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ බටලන්ද කොමිෂන් වාර්තාව ගැන. තවත් ගොඩාක් සිදුවීම් තිබෙන අතරේ, මේ සිදුවීම පැනනැගුනේ බටලන්ද වාර්තාවට අදාළව. ඊයේ කැබිනට් මණ්ඩලයේදී මේ ගැන ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා.

කැබිනට් මණ්ඩලය සැලකිය යුතු වේලාවක් මේක සාකච්ඡා කළා. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීන්දුවකට ආව මේ සතිය තුළදී මේ බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ එතනින් එහාට ගනු ලබන තීන්දු ගැන අපි පස්සේ ප්‍රකාශයට පත් කරන්නම්.”

Loading

2 thoughts on “රටම කැළඹු බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට.!

  • මහජනයා පාරට බැහැලා හරි ඉල්ලන්න ඕන වැඩක්. මෙය අනාගත පරපුර වෙනුවෙනුත් අතීතයේ අසාධාරණ ලෙස ඝාතනය වූ පරපුර වෙනුවෙනුත් විය යුතුම කටයුත්තක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *