බටලන්ද වාර්තාව අධ්‍යනයට නීතිපතිගෙන් කමිටුවක්.!

නීතිපති පාරින්ද රණසිංහ විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර අදාළ කමිටුව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන අතර මෙම කමිටුව බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පවතින සාක්ෂිවලින් අධිචෝදනා ගොනුකළ හැකිද යන්න, සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කරයි.

තවද කාලාවරෝදය වූ වැරදි වේ නම් ඒවා හඳුනා ගැනීමද කමිටුවට පවරා ඇති වගකීමක් වන අතර තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු වේ නම් ඒවා හඳුනාගැනීමද මෙම කමිටුවට පවරා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments