බිමල්ට එරෙහිව විපක්ෂයෙන් ලෙඩක් අදී.!

පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් විසින් සභානායක බිමල් රත්නායකගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් කතානායකට ලිපියක් භාරදී තිබේ.

පසුගිය 20වනදා ස්ථාවර නියෝග 92 (2) අ වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව මතුව ඇති තත්ත්වය පිළිබඳව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට, කථානායකවරයාගේ අවසරය පරිදි කටයුතු කර ඇති බවද එම ලිපියේ දැක්වේ. 

ඉන් පසුව නැගී සිටි ගරු කෞෂල්‍ය ආරියරත්න මන්ත්‍රීවරිය, කථානායකතුමා ලබා දුන් අවසරය අභියෝගයට ලක් කරමින් හා ස්ථාවර නියෝග අභියෝගයට ලක් කරමින් ප්‍රකාශයක් සිදුකළ බවත් එය පැහැදිලිවම කථානායකවරයාගේ අභිමතය ප්‍රශ්න කිරීමක් බවත් එම ලිපියේ සඳහන්. 

කතානායකට යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම අවස්ථාවේ සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට ආරෝපිත චෝදනා රැසක් එල්ල කරමින් සිදුකළ ප්‍රකාශයෙන් ස්ථාවර නියෝග 91 (ඌ) වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි.

එකී ප්‍රකාශය තුළ ජනාධිපති අරමුදලේ මුදල් වංචා කරන ලද අයෙකු ලෙසත්, දුප්පත් අහිංසක මිනිසුන්ගේ මුදල් සොරකම් කරන ලද අයෙකු ලෙස සිදු කරන ලද ප්‍රකාශය තුළින් දයාසිරි ජයසේකරගේ කීර්ති නාමයට බරපතල ලෙස හානියක් සිදුකර ඇති බවද සඳහන්. 

පාර්ලිමේන්තු සජීවී විකාශය තුළින් මෙම සිදුවීම විසුරුවාහැර ඇති බවත්, එයින් උපුටා ගත් උද්ධෘතයන් සම්ප්‍රදායික මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කිරීමට කටයුතු කර ඇති බවත් එම ලිපියේ දැක්වේ. 

එමෙන්ම 10වන පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම වත්මන් සභානායකතුමාගේ ක්‍රියා පිළිවෙත හා හැසිරීම පුරෝගාමී සභානායකවරුන්ගේ ආදර්ශ හා ක්‍රියාකාරකම්වලට සම්පූර්ණයෙන් පටහැනි තත්ත්වයක් බවත් එබැවින් පසුගිය 20වන දින පාර්ලිමේන්තුවේ සභානායකගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදු කරන මෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරු කතානායකට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments