By unusuma.lk on
(LK time)බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය.
එහිදී ඉතා සංවේදී කතාවක් සිදුකළ බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය,
“ගරු කතානායකතුමනි, මෙම වාර්තාව මාතෘ භූමියේ අයිතිය පැහැරගත් මව්බිමේ හිස ගසා දැමීමට උත්සාහ කළ ගහලයන් පිළිබඳව ඔවුන්ගේ කෲරත්වය පිළිබඳ වාර්තාවක් පමණක්ම නොවේ, මෙම වාර්තාව තමන්ගේ දේශපාලන උවමනාවක් වෙනුවෙන් රටක් යුග ගණනාවක් මුලුල්ලේ විනාශ කරන ලද්දේ කෙසේද යන්නත් ඒ විනාශය හෙළිදරව් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලැබුණු ජනවරමක් තම පන්ති මිතුරන් වෙනුවෙන් පාවා දෙන්නේ කෙසේද යන්නත් පිළිබඳව ජීවමාන ශාක්ෂියක්ද වෙයි. එමෙන්ම විසිපස් වසරක් හිරු එළිය පවා නොවැටෙන ගබඩාවක් තුළ තිබූ වාර්තාවකට නීතියේ සහ යුක්තියේ ආලෝකය ලැබීම තුළින් එම වාර්තාවේ නිර්දේශයන්ට සාධාරණත්වය ඉටු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අනාගත පරම්පරාවන්ට සාක්ෂියක්ද වනු ඇතැයි මම විශ්වාස කරමි.“
බිමල් රත්නායක මහතා විසින් බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් සිදුකළ කථාව සාවධානව අසා සිටි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉන් සංවේදී විය.
බිමල් රත්නායක මහතගේ කතාවෙන් පසු නලින්ද ජයතිස්ස මහතා වෙත අවස්ථාව ලබාදීම සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා යම් කාල වේලාවක් ලබාගත් අතර එම ආරාධනාව සිදු කළේ වේදනාත්විත බිඳුනු හඬකිනි.