By unusuma.lk on
(LK time)බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් 1994 වසරේ සිට කොළඹ මහ නගර සභාවේ සේවකයකු නීති විරෝධීව මල් ශාලාවක් පවත්වාගෙන ගොස් ඇතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය විය.
බොරැල්ල සුසාන භූමියේ අනවසර ගොඩනැගිල්ල නිත්‍යනුකූල නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එම මල් ශාලාව බලපත්‍රයක් නොගෙන අනීතිකව පවත්වාගෙන ගොස් තිබූ බව විගණකාධිපති ඩබ්ලිව් පී.සී. වික්‍රමරත්න එහිදී අණාවරණය කළේය.
බොරැල්ල සුසාන භූමියේ එම මල් ශාලාව පවත්වාගෙන යන කොළඹ මහ නගර සභාවේ සේවකයා පසුගිය කොරෝනා වසංගත සමයේදී දේහයක් භූමදාන කිරීමට ලක්ෂ 6ක අල්ලසක් ඉල්ලා සිටීම සහ බොරැල්ල පොදු සුසාන භුමියේ නිකුත් කරන රිසිට්පත් වංචා සහගතව නිකුත් කිරීම සම්බන්ධව චෝදනා ලැබූවකු බව එම කමිටුව සදහන් කරයි.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී මෙම තොරතුරු අනාවරණය වූ අතර අනීතිකව පවත්වාගෙන යන බව කියන මෙම මල් ශාලාව වහාම තහනම් කිරීමටද එම කාරක සභාව කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.