බූන්දල කැළෙන් වයස 12ක පිරිමි දරුවෙකු හමුවෙයි.!

බූන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් විසින් ඊයේ (21) රාත්‍රී 10:30ට පමණ හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ ඌරණීය ප්‍රදේශයේ වෙරළට ආසන්න කැළෑබඳ ප්‍රදේශයක සිටියදී පිරිමි දරුවෙකු සොයාගෙන තිබේ. 

පසුව වනජීවී නිලධාරීන් විසින් වයස අවුරුදු 12ක් පමණ වන මෙම දරුවා හම්බන්තොට පොලීසියට භාරදීමෙන් පසු දරුවාව හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

මෙම දරුවා පිළිබඳව නිසියාකාර තොරතුරක් වනජීවී නිලධාරීන්ට සහ  පොලීසියට ලැබී නොමැති අතර වනය තුළට පැමිණියේ කෙසේද යන්න ද අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට පොලීසිය මගින් සිදු කරන අතර දරුවාගෙන් විමසීමේදී බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි බව සඳහන් කර ඇත.

වනජීවි නිලධාරීන් පවසන්නේ බෙලිඅත්ත ප්‍රදේශයේ සිට මෙම වනෝද්‍යානයට කිලෝමීටර් 70වකට වැඩි දුරක් ඇති බවය.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.