බිය විය යුත්තන් සහ නොයුත්තන් ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්.!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසන්නේ රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන සියලුම ක්‍රියා දූෂණය නැමති වරදට නොගන්නා බවයි.

නමුත් රාජ්‍ය නිලධාරීන් විසින් කරන යම් ක්‍රියාවක් චේතනාන්විතව හෝ දැනුවත්ව රජයට පාඩුවක් හෝ වෙනත් අයෙකුට වාසියක් වන බවට දැනුවත්ව සිදුකළහොත් එය දූෂණය නැමති වරදට යටත් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවලදී මහජනතාවගේ යහපත සඳහා ඇතැම් වගන්තිවලින් පිට වැඩ කිරීමට සිදුවන අවස්ථා ඇති බවත් එවැනි අවංක අරමුණකින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් බියවිය යුතු නොමැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

කෙසේවෙතත් ඒ අතර බියවිය යුතු කොට්ඨාසයක් සිටින බවත් දූෂණ ක්‍රියාවලට තමන්ගේ නිල බලය භාවිතා කළ පිරිස් එලෙස බියට පත්විය යුතු බවත් එවැනි පුද්ගලයින් නිසා පසුගිය කාලයේ රජයට විශාල පාඩු සිදුව ඇති බවයි රංග දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments