By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.!
එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.
* 2025 අපනයන ආදායම ඩොලර් බිලියන 19 ක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
* ප්‍රාථමික ගිණුමේ 2.3% ක අතිරික්තයක් තබා ගැනීමට අපි කටයුතු කරනවා.
* 2028 ණය සාර්ථකව ගෙවන රාජ්‍යක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරනවා.
* දිළිඳු භාවයට තිත තබා, අවසන් කිරීමේ කටයුතු මෙවර අයවැයෙන් ආරම්භ කරනවා.
* විනිමය අනුපාත තවදුරටත් අධික උච්ඡාවචනයට ලක් නොවන ක්‍රියාවලියක් සකසනවා.
* ආර්ථිකය රට පුරා බෙදී යන ක්‍රමයක් සකස් කිරීම් අවශ්‍යයි.
* කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල නිෂ්පාදනවල වර්ධනයක්, ජනතාවගේ සහභාගීත්වය වර්ධනය කරගැනීම හා සාධාරණ ලෙස සියලුදෙනා අතර බෙදීයාම රජයේ මූලික අරමුණයි.
* භාණ්ඩ හා සේවා අඛණ්ඩව ගුණාත්මකව හා සාධාරණව ලබාදීම රජයේ වගකීමක්.
* සියලු පුරවැසියන් ක්‍රියාකාරීව සහභාගී වන ආර්ථිකයක් සකස් කිරීමට අපි අදහස් කරනවා.
* මෙය එක් රැයකින් විසඳිය හැකි ක්‍රියාවලියක් නොවන අතර මේ සඳහා අධ්‍යාපනය හා පුහුණුවට වැඩි ආයෝජනයක් සිදු කිරීමට අවශ්‍යයි.
* අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.
* ආර්ථිකය රට පුරා බෙදී යන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍යයි.
* මෙවර අයවැය සකස් කර තිබෙන්නේ බොහෝ සීමාවන්ට යටත්වයි.
* එහි අරමුණු ළඟා කරගැනීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීමට අප සූදානම්.
* සීමිත බදු මුදල් ප්‍රවේශම් සහගත ලෙස ප්‍රමුඛතා අනුව කළමනාකරණය කර තිබෙනවා.
* මෙවර ප්‍රාග්ධන වියදම් සඳහා 4% ක් වෙන් කර තිබෙනවා.
* මහජන මුදල් වියදම් කරන්නේ ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ වැඩිවේ යැයි අපේක්ෂාවෙන්.
* රටක් ලෙස අප ඉවසිලිවන්තව හා සාමූහිකව කටයුතු කිරීම මඟින් එහි ප්‍රතිලාභ ළඟා කර ගැනීමට හැකි වේවි.
* 2025 වන විට රජය 5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි.
* ආර්ථික ස්වෛරීභාවය සාක්ෂාත් කර ගැනීම ඉලක්කයයි.
* සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු වී ඇත.
* ආර්ථික අර්බුදය තවමත් සම්පූර්ණයෙන්ම විසඳී නොමැත.ජීවන තත්ත්වය අඛණ්ඩව පහත වැටෙමින් පවතී.
* ජනතාවට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිය යුතුයි.ආර්ථිකයට පුරවැසියන්ගේ සහභාගීත්වයට ඉඩ සැලසීමෙන් ඔවුන් නඟා සිටුවීමට අවස්ථා නිර්මාණය කළ යුතුය.
අයවැය ප්‍රකාශය පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් සඳහා රැඳී සිටින්න.