By unusuma.lk on
(LK time)එළඹෙන පෙබරවාරි 17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ජනබලවේගය රජයේ මංගල අයවැය ලේඛනයෙන් සාමාන්‍ය ජනයාගේ ජීවන වියදමට සහනයක් සැලසීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක වැට් බදු ඉවත්කිරීමට නියමිත බව අරයේ ආරංචිමාර්ග පවසයි.
එම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක වැට් බදු ඉවත්කිරීමෙන් සහ ජීවන වියදම අඩු කිරීමට අදාළ තවත් අයවැය යෝජනා හරහා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව හැකියාව වර්ධනය වනු ඇතැයි ද ඒ හරහා ජනතාවගේ ජීවන බරට සහනක් වනු ඇතැයි ද රජය අපේක්ෂා කරයි.
එසේම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීම, උපයනවිට ගෙවීම් බද්දේ උපරිම සීමාවන් වෙනස් කිරීමට සහ එම බද්ද අයවන ආදායම් කාණ්ඩවල වෙනසක් සිදු කිරීම ද අයවැයෙන් සිදු කෙරෙනු ඇත.