By unusuma.lk on
(LK time)බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (22) දහවල් බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කර තිබුණි.
එහිදී බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගය තිබී ජීව සැකකරුවෙකු නොමැති ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ මෙම ජීව පතරොම් තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගත් බවයි.
මෙම පතරොම් අතර පිස්තෝල පතරොම් 113ක්, ටී56 පතරොම් 09ක් හා එල්එම්ජී පතරොමක් තිබී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.