By unusuma.lk on
(LK time)හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
පුද්ගලික් බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් ලංගම බස් රථයේ ගමන්කළ 12 දෙනෙකු සහ පුද්ගලික බස් රථයේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට සහ හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
බස් රථ දෙකෙහි රියදුරන්ද අනතුරින් තුවාල ලබා ඇත.
පුද්ගලික බස් රථය කටුනායක සිට සිරිපුර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එහි රියදුරගේ අපරික්ෂාකාරී රිය ධාවන අනතුරට හේතුවන්ට ඇති බවට පොලීසිය සැක පළ කරයි.