Attention (Sinhala)

අරගලකරුවන්‍ට ආණ්ඩුවේ සහය.!

අරගලකරුවන්‍ට ආණ්ඩුවේ සහය.!

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීන්ට එරෙහිව පනවා ඇති නඩු ගැන රජය අවධානය යොමුකර ඇති බවයි.

එම සැකකරුවන්ට නීතිපති දෙපාර්තමේන්තුව හරහා සාධාරණ විසඳුමක් ලබාදීමට මැදිහත් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පහරදීම්වලින් හානියට පත් දේපළවලට දේශපාලකයන්ට වන්දි ගෙවන අයුරින් ගාලුමුවදොර අරගලයේ සිටි ක්‍රියාකාරීන්ට පනවා ඇති අසාධාරණ නඩු පැවරීම්වලට රජය මැදිහත් වී ඒවා ඉවත් කරගත නොහැකිදැයි අද (28) කැබිනට් මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.


ප්‍රශ්නය : ගෝල්ෆේස් අරගලයත් ඔබලා බලයට එන්න බලපෑවා. දැන් අරගලයේ හිටපු අයට තිබෙන නඩු ගැන නීතිපති උනන්දු නෑ. නමුත් අමාත්‍යවරුන්ගේ ගෙවල්වලට වන්දි පවා ගෙව්වා. අරලියගහ මන්දිරයේදී අපේ සහෝදරයෙක් මැරුණා. ඒ පහර දීම්වලින් ක්‍රියාකාරීන්ටත් හානි වුණා. ඒ නඩු ඉවත්කරගන්න රජයට බැරිද?

අමාත්‍යවරයා : අපේ ආණ්ඩුව ඒ ගැන අවධානය යොමුකර තිබෙනවා. ඇත්ත. ඇතැම් නඩු ගොනුවීමේදී ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි සමස්තයට ම එක පිළිතුරක් දෙන්න බෑ. යම් සාධාරණ විසඳුමක් දෙන්න නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙන බව කිව හැකියි.

ට්‍රම්ප් කොළොම්බියාව අල්ලේ නටවයි.!

ට්‍රම්ප් කොළොම්බියාව අල්ලේ නටවයි.!

කොළොම්බියානු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අමෙරිකාව විසින් ඉදිරිපත් කළ කොන්දේසි සඳහා සම්පූර්ණයෙන්ම යටත් වන බවයි.

දකුණු අමෙරිකානු රාජ්‍ය විසින් අමෙරිකාවෙන් පිට කළ සංක්‍රමණිකයන් පිළිගැනීමට විරෝධය පෑ අතර ඒ සඳහා අමෙරිකාව ප්‍රතිචාර දැක්වීමෙන් පසුව මෙම එඟතාව පළ කර තිබේ.

මීට ප්‍රථම කොළොම්බියාවද ඊට එකඟ නොවූ අතර මේ වන විට එම තීරණයද වෙනසකට ලක්ව තිබේ.

මේ සමඟ ඇමරිකාව විසින් කොළොම්බියාවට පනවා තිබූ තීරූබදු හා සම්බාධක මෙම තීරණය හේතුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මීට ප්‍රථම කොළොම්බියානු ජනපති ගුස්ටාවෝ පෙට්ට්‍රෝ විසින් ඇමරිකාවෙන් පිටුවහල් කළ කොළොම්බියානු සංක්‍රමණිකයන් භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

තමා සිදුකළ ජාතික අපරාධ ගැන ගම්මන්පිලගෙන් පාපොච්චාරණයක්.!

තමා සිදුකළ ජාතික අපරාධ ගැන ගම්මන්පිලගෙන් පාපොච්චාරණයක්.!

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසන්නේ තමා සිදුකළ බරපතල ගනයේ වැරදි 2ක් යටතේ ඕනෑම මොහොතක තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවයි.

තමන් සිදුකල ප්‍රකාශ දෙකකට එරෙහිව එලෙස අත්අඩංගුවට ගනු ඇතැයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

“බල්ලන් බත් කෑම සහල් හිඟයට හේතුවක් විදියට අතිගරු ජනාධිපතිතුමා දැවැන්ත පරීක්ෂණයකින් පස්සේ සොයාගෙන තියෙනවා. මොකද මෑත කාලේ බල්ලෝ පුරුදුවෙලා තියෙනවා කඩේ ගිහින් හාල් ගෙනල්ලා උයාගෙන කන්න.

මෙතෙක් කල් අපේ ඉතිහාසය පුරාවට ගෙදර ඉන්න බල්ලට පූසට බත් ටිකක් දාන එක අපේ කෑම වේලේ කොටසක් විදියටයි සලකලා තියෙන්නේ.

ඒක කොහොමත් අපේ ඒක පුද්ගල සහල් පරිභෝජනය ඇතුලේ තියෙනවා. බල්ලොන්ට බත් දෙන එක ප්‍රචලිත කිරීම සහ පොල් සම්බෝල කෑම කියන ජාතික අපරාධ දෙකට මම වගකිව යුත්තෙක් ඒ නිසා ඕනෑම මොහොතක මාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තියෙනවා”

පිරිමි පරයා හෙළ කතුන්ගේ නිකොටින් ‘සික්’ ඉහල නගී.!

පිරිමි පරයා හෙළ කතුන්ගේ නිකොටින් ‘සික්’ ඉහල නගී.!

විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා විශේෂ අනාවරණයක් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් දුම්බීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවයි.

වෛද්‍යවරයා පවසන්නේ ඒ අනුව, කාන්තාවන් පෙණහලු පිළිකා පළමු තත්ත්වයේ සිට පස්වන පිළිකා තත්ත්වයට පත්වීමේ අවදානමට ගොදුරුව ඇති බවයි.

මීට වසර දහයකට-පහළොවට පෙර ලංකාවේ දුම්පානය කළ ප්‍රමාණය හා ඒ පුද්ගලයන්ගේ සමීක්ෂණ වාර්තා දෙස බැලූ විට එය අඩු වෙමින් පවතින නමුත් අවාසනාවන්ත ලෙස කාන්තාවන් දුම් පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ යමින් ඇති බව සමන් ඉද්දගොඩ මහතා පවසයි.

මෙම හේතුවෙන් තරුණ කාන්තාවන් පෙණහලු පිළිකා අවදානමට පත්වීමේ සම්භාවිතාවයෙන් වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

පොදුවේ ගත් කල ලංකාවේ පෙණහලු පිළිකා සුලබ තත්ත්වයක් වන අතර පිරිමි පුද්ගලයන්ගෙන් දෙවෙනියට පොදුවේ බහුල වී ඇත්තේ, පෙණහලු පිළිකාවයි.

නමුත් කාන්තා පාර්ශ්වය මේ වන විට පෙණහලු පිළිකා අතරින් පළමු තැන සිට පස් වැනි තැනට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහලට.!

වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහලට.!

ඊයේ (27) මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලික පරිහරණය සඳහා වූ මෝටර් රථ ඇතුළු වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම් 2025 පෙබරවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

කෙසේවෙතත් යම් බදු ඇතුළත්කිරීම හරහා ආරම්භයේදී ආනයනික වාහන මිළ ඉහල ගියද ඉල්ලුම් සැපයුම් වෙළඳපොල නියමයන් අනුව නියත වශයෙන් මෙරට වාහන මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටෙනු ඇති බව ආර්ථික විෂ්ලේශකයන් පෙන්වා දෙයි.

එමෙන්ම ඉල්ලුම වැඩිවීම මත ආරම්භයේදී ආනයනික නව වාහන මිල ගණන් යම් ඉහල මට්ටමක පැවතිය හැකි නමුත් කෙටි කලක් ඇතුලත තවදුරටත් මිල පහත වැටෙනු ඇති බව ඔවුන් පෙන්වා දෙති.

රජය ගෙන ඇති තීරණය අනුව, වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනය කිරීමට අවසර හිමි වෙයි.

පසුගිය 2020 වසරේ අත්හිටුවූ වාහන ආනයනය නැවත ක්‍රියාත්මක වනුයේ වසර 5කට පසුවයි. ඒ මෙරට ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර වෙමින් පවතින පසුභිමකයි.

  • මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රධාන කාරණා 4ක් උපුටා දැක්විය හැකියි.
  1. වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනයට අවසර හිමිවේ

ලියාපදිංචි ආනයන කරුවෙකුට ඕනෑම වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමට පුළුවන්

වෙනත් ඕනෑම අයෙකුට ඉදිරි මාස 12 තුළ එක් වාහනයක් ආනයනයට අවසර ලැබේ

ආනයනයෙන් දින 90ක් තුළ විකුණා ගැනීමට නොහැකි වුවහොත් ආනයනකරු නමින් ලියාපදිංචි කිරීම හෝ දඩයකට යටත් වීමට සිදුවේ

1969 ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන පනත යටතේ ඉහත රෙගුලාසි නිකුත් කර ඇති අතර ඒ ඒ වාහන කාණ්ඩ සඳහා වාහන ආනයනයේදී සලකා බලන වසර සීමා පහත පරිදි වෙයි.

බස් රථ කාණ්ඩය

බස් රථ රියදුරු ඇතුලුව මගීන් 10-12 (වසර 3 1/2)

බස් රථ රියදුරු ඇතුලුව මගීන් 13-24 (වසර 5)

බස් රථ රියදුරු ඇතුලුව 25 සහ ඊට වැඩි (වසර 10)

මෝටර් කාර් කාණ්ඩය

මෝටර් කාර් (වසර 3)

ත්‍රීරෝද රථ (වසර2)

ක්‍රීඩා උපයෝගීතා වාහන (ජිජ්) (වසර 3)

සියලුම භූමි වාහන (වෙරල බයිසිකල්) (වසර 3)

ද්විත්ව කාර්ය වාහන(වෑන්) ( වසර 4)

තනි කැබ් රථ (වසර 4)

ද්විත්ව කැබ් රථ (වසර 4)

ගිලන් රථ (වසර 3)

හර්සස් (වසර 3)

දොඹකර ලොරි කාණ්ඩය, පාපැදි කාණ්ඩය, ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් කාණ්ඩය යන කාණ්ඩ වලට අයත් වාහන ආනයනය කිරීම සඳහාද මේ අනුව අවසර හිමිවේ.

මෙවර අයවැයෙන් සියළු ජනතාවට ප්‍රේම දීමනාවක්.!

මෙවර අයවැයෙන් සියළු ජනතාවට ප්‍රේම දීමනාවක්.!

ජාතික ජන බලවේගයට ජනතාව සමඟ ඇති ආදරය සහ බැඳීම කෙතෙක්ද යන වග ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ලේඛණයෙන් පෙන්වන බව ජනපතිවරයා කැකිරාවේ පැවති ජන හමුවක් අමතමින් පැවසීය.

වත්මන් ආණ්ඩුවට බැඳීමක් පවතින්නේ ජනතාව සමඟ පමණක් බව අවධාරණය කළ ජනපතිවරයා සාමාන්‍ය ජනතාව රැක බලාගැනීමට කැපවෙන බවද පැවසීය.

වැඩිහිටි දීමනාව, වැටුප්, මහපොළ දීමනාව ආදී සියල්ල වැඩි කරන බවත් දූෂණයෙන් තොර අණ්ඩුවක් නිර්මාණය කළේ දූෂිතයන්ට එරෙහි පරීක්ෂණ කඩිනම් කිරීමට බවත් ජනපතිවරයා සඳහන් කළේය.

“වසර 8ක් මොකද කළේ” අධිකරණය CID යෙන් විමසයි.!

“වසර 8ක් මොකද කළේ” අධිකරණය CID යෙන් විමසයි.!

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂට එරෙහිව නිසි අවස්ථාවේ නිසි පියවර ගැනීමට රහස් පොලීසිය කටයුතුකර නොමැති බව පෙන්වාදෙමින් සැකකරු රිමාන්ඩ් කරනා ලෙස රහස් පොලීසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉතා බරපතල චෝදනාවක් ලෙස කරුණු ඉදිරිපත් කළද වසර 8ක් පුරාවට දේපොළ තහනම් කිරීමට හෝ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කර නොමැති බව අධිකරණය පෙන්වා දී තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව යම් විමර්ශනයක් සිදුකරයි නම්, මහාධිකරණය හමුවේ කරුණු දක්වා සිද්ධියට අදාළව දේපොළ තහනම් කිරීම පනත ප්‍රකාරව අනිවාර්‍ය බවත් රහස් පොලීසිය විසින් එවැන්නක් සිදුකර නොමැති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප ලබාදීමට කටයුතු කර ඇත.

සමාජ මාධ්‍ය කළඹයි.. අහුවෙන්න එපා.. ජනතාවට දැනුම්දීමක්.!

සමාජ මාධ්‍ය කළඹයි.. අහුවෙන්න එපා.. ජනතාවට දැනුම්දීමක්.!

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට දැනුම්දීමක් කරයි.

ජනාධිපතිවරයා විසින් දිළිඳු පවුල් සදහා රුපියල් 50,000ක ආධාර මුදලක් ලබාදෙන බවට සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ කෙටි පණිවුඩ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවද එම කොමිෂන් සභාව සදහන් කරයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ සදහන් කළේ,

“විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට, ව්‍යාජ කෙටි පණිවුඩ සම්බන්ධයෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙමින් පවතිනවා. ජනාධිපතිතුමා විසින් දුප්පත් පවුල් සදහා රු 50,000ක ආධාර මුදලක් ලබාදෙන බවට පණිවුඩයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතාමත් වේගයෙන් සංසරණය වෙනවා.

මේ සබැඳියන් ඔස්සේ සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ සබැඳියන් අවහිර කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් අප යොදා තිබෙනවා. මේවා ව්‍යාජ සබැඳියන් වෙනවා.

මේවා ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දුනහොත් ඔබගේ බැංකු ගිණුම්වලට අනවසර ප්‍රවිෂ්ටයන් වීම, ඊමේල් ගිණුම් වලට තුන්වන පාර්ශ්වයක් ඇතුළුවීමෙන් බොහෝ කරදර සිදුවිය හැකියි. එනිසා පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.”

‘කව්රුත් කලබල වෙන්න එපා’ අධිකරණ ඇමතිගෙන් සහතිකයක්.!

‘කව්රුත් කලබල වෙන්න එපා’ අධිකරණ ඇමතිගෙන් සහතිකයක්.!

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් (27) අදහස් දැක්වීය. 

“යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට අධිචෝදනා පත්‍රයක් මහාධිකරණයේදී ඉදිරිපත් කරන්න කලින් ඔහු සැකකරුවෙකු වශයෙන් ඔහුගෙන් කටඋත්තර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්.

නීතිපතිවරයා විසින් උපදෙසක් දීලා තිබෙනවා පොලීසියට මෙම තැනැත්තාව සැකකරුවෙකු වශයෙන් කටඋත්තරයක් ගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය.

ඇප පනතේ ප්‍රතිපාදන අනුව විමර්ශනවලට බාධාවක් වෙන්නේ නැත්නම් ඔහු රටින් පළා යන්නේ නැත්නම් ඇපදීම තමයි සාමාන්‍ය ස්භාවය. යෝෂිත සම්බන්ධයෙන් වූ මුදල් විශුද්ධිකරණ නඩුව පවරන නිසා තමයි ඒකට අවශ්‍ය ක්‍රියාපටිපාටියේ කොටසක් වශයෙන් තමයි අත්අඩංගුවට ගත්තේ ඇප දෙනවා කියන්නේ නඩුයෙන් නිදහස් වෙනවා කියන එක නෙමයි.”

බෙලිඅත්තේ පන්සලක බෝම්බ පිපුරුමක්.!

බෙලිඅත්තේ පන්සලක බෝම්බ පිපුරුමක්.!

බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවත් පසුව එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් හමුවි ඇති බවත් වාර්තා වෙයි.

විහාරස්ථානයේ ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදී ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් මෙලෙස පුපුරාගොස් ඇත.

ට්‍රැක්ටරය විහාරස්ථානයට අයත් එකක් වන අතර විහාරාධිපති හිමියන්ගේ ඥාති පුතෙකු ට්‍රැක්ටරයේ තණකොල කපමින් සිටියදි මෙම බෝම්බය පුපුරාගොස් ඇති අතර ට්‍රක්ටරයේ රියදුරුට තුවාල සිදුව නැත.

බෙලිඅත්ත පන්වැව විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ බෝම්බ නිශ්ක්‍රිය කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම විහාරස්ථානය පාලු ප්‍රදේශයක පිහිටා ඇති බවත් පොලිසිය පවසයි.

We are happy to invite you.