Attention (Sinhala)

හෙට සිට වාහන ගෙන්වීමට අවසර හිමිවෙයි.! [Breaking News]

හෙට සිට වාහන ගෙන්වීමට අවසර හිමිවෙයි.! [Breaking News]

හෙට දින සිට (28) ක්‍රියාත්මක වන පරිදි  වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

අදාළ ගැසට් නිවේදනය සඳහා මෙතැනින්.

මාලිමාවේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට අභියෝගයක්.. ඉටු නොවන පොරොන්දුවක්.?

මාලිමාවේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට අභියෝගයක්.. ඉටු නොවන පොරොන්දුවක්.?

අද (27) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසූවේ හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට හැකියාවක් නොමැති බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක් බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු එම මැතිවරණ ප්‍රකාශනය සකස් කල කමිටුවේ නොසිටි බව පෙනී යන බවත් ඔහු පවසයි.

උදය ගම්මිම්නපිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය,

“මාලිමා ආණ්ඩුව දුන්නු බොරු පොරොන්දු වැලේ ඉදිරියෙන්ම තිබුණු අනුර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමා නායකයින් රස කරමින් කියූ පොරොන්දුවක් තමයි හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කියන එක. ඒක එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලිඛිතව සඳහන් වෙනවා. එහෙනම් ඇයි දැන් ඒක ගැන සද්ද නැත්තේ? අමතක වෙලා ද? අමතක වෙලා නොවේ. අමතක කරලා. වඩාත් නිවැරදිව කිව්වොත් අමතක කරන්න සිද්ධ වෙලා. ඇයි අපි එහෙම කියන්නේ.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියට අනුව දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ. ඕනෑ නම් අනුර ජනාධිපතිතුමාට පුළුවන් එතුමාගේ සිට ඉදිරියට එන ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් අහෝසි කරන්න. නමුත් දැනට ඉන්න අයගේ විශ්‍රාම වැටුප අහෝසි බෑ. අපි ඒ වගන්තිය කියවමු.

යම් තැනැත්තෙකු විසින් ජනාධිපති ධූරය භාර ගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමට ද ඉන්පසුව, එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූල වන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධි විධානයක් අතීතයට බල නොපාන්නේය.

කවුද කියන්නේ උදය ගම්මන්පිල නෙමෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක රකින්න තමයි අනුර කුමාර ජනාධිපතිතුමා පොරොන්දු වෙලා දියුරුම් දීලා වැඩ පටන් ගත්තේ ඒ පොරොන්දු අනුව නම් එතුමාට හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න බෑ.

මේ වගන්තියේ කියන විධියට ව්‍යවස්ථාවේ මේ වගන්තිය සංශෝධනය කළත් ඊට පටහැනි වෙනත් වගන්තියක් ගෙනාවත් ඒකෙන් අතීතයට බලපාන්නේ නෑ. බලපාන්නේ අනාගතයට විතරයි. සරලවම කිව්වොත් දැනට විශ්‍රාම වැටුප් ලබන කිසිම ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැකියාවක් මාලිමා ආණ්ඩුවට නෑ.

විශ්‍රාම වැටුපක් අතීතයට බලපාන්න අහෝසි කරන්න විතරක් නොවේ අඩු කරන්නත් බෑ. ඒක ලෝකය පුරාම පිලිගත් නීතිමය මූල ධර්මයක්. ඒකට හේතුව තමයි තමන් සේවය කරන කාලයේ දී විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියන බලාපොරොත්තුවෙන් විශ්‍රාමික ජීවිතයේ දී වියදම් කරන්න මුදල් ඉතිරි කරන්න ඒ සේවකයා පෙළෙඹෙන්නේ නෑ. ඒකට නීතියේ කියනවා සුජාත අපේක්ෂාවේ න්‍යාය නැතිනම් doctrine of legitimate expectation. වයස අවුරුදු 80 දී විතර විශ්‍රාම වැටුප අහෝසි කරලා ජීවත් වෙන්න තිබෙන එකම ආදායම අහිමි කලොත් ඒ අයට ඒ වයසේ දී රස්සාවක් කරන්නත් හැකියාවක් නෑ. ඒ නිසා ජනාධිපතිවරුන්ගේ විතරක් නොවේ කිසිම පුද්ගලයෙකුගේ ලැබෙන විශ්‍රාම වැටුපක් අහෝසි කරන්නත් බෑ. අඩු කරන්නත් බෑ”

නොකෙරෙන වෙදකම දින 10කින් කෙරෙන හැඩ.. රනිල් සජිත් මුහුණට මුහුණ.!

නොකෙරෙන වෙදකම දින 10කින් කෙරෙන හැඩ.. රනිල් සජිත් මුහුණට මුහුණ.!

හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ දේශපාලන සාකච්ඡාවක් ඉදිරි දින 10ය ඇතුළතදී පැවැත්වීමට නියමිත බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයට එජාප සහ සජබ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් මෙම හමුව සිදුවන බවත් ඉන් ඉදිරියට නායකයන් දෙපොළ තවත් මුහුණට මුහුණ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් ය.

සන්ධානයේ නම, තරග කරන ලකුණ, අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ඇතුළුව දේශපාලන කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානයට යොමුවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

එජාප සහ සජබ අතර තීරණාත්මක සාකච්ඡා වට දෙකක් පසුගිය දිනවල පැවති බවත් නායකත්ව මණ්ඩලයක් මඟින් මෙම සාකච්ඡා ඉදිරියට පැවැත්වුවහොත් සාර්ථක වනු ඇති බව ත්  දිසානායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ හා සමගි ජන බලවේගයේ දුරකතනය ලකුණ හැර සියලු දෙනාට පිළිගත හැකි වෙනත් පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්න බොහෝ දෙනාගේ ස්ථාවරය වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එසේ ම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ අනකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට එජාපය සැලසුම් කර ඇතැයිද හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

සජබ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සමග පවත්වන සාකච්ඡා පෙබරවාරි 10 වන දා විට අවසන් කරන ලෙසට එජාප නායකයා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී දැනුම් දුන් බවද දිසානායක මහතා පැවසීය.

අපේක්ෂකයන් තෝරා ගැනීමේදී එජාපය මෙන්ම සජබය සංවේදී විය යුතු බවත්,පසුගිය මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ඒ ඒ පක්ෂවලට අපේක්ෂක ලැයිස්තුවල ඉඩකඩ හිමිවන  බව ත් හෙතෙම සඳහන් කළේය.

එජාප-සජබ එකතුවකින් ඉදිරි මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 40ක් ලබාගැනීමට හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.

නව ගුවන් හමුදාපතිවරයා පත්වීම් ලබයි.!

නව ගුවන් හමුදාපතිවරයා පත්වීම් ලබයි.!

එළැඹෙන ජනවාරි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කර තිබේ.

ඒ සේවා දිගුවක සිටින වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුවයි.

උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයා වන අතර වාසු බන්දු එදිරිසිංහ මහතා මෙරට 20වන ගුවන් හමුදාපතිවරයා වෙයි.

වසර 28කට පසුව අමාත්‍ය මණ්ඩල සභාව වැඩ අරඹයි.!

වසර 28කට පසුව අමාත්‍ය මණ්ඩල සභාව වැඩ අරඹයි.!

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන නව රජයේ ප්‍රතිපත්තියට අනුව 2030 වනවිට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) දින නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීම දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරගනිමින් අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ පිහිටීම, මානව සම්පත සහ ස්වභාවික සම්පත් උපයෝගී කර ගනිමින් දීර්ඝ කාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් ඇති කිරීමද මෙහිදී අවධානයට ලක් විය.

බිඳ වැටී ඇති දේශීය නිෂ්පාදන කර්මාන්ත නැවත පණ ගැන්වීම, අපනයන කර්මාන්ත තරගකාරී කිරීම, සේවා කර්මාන්ත ප්‍රවර්ධනය, නව විභවයන් හරහා ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීම, ජාතික සැලැස්මකට අනුව සෘජු විදේශ ආයෝජන කැඳවීම, නව ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම, අඩු පිරිවැය, අවශ්‍ය යටිතල පහසුකම් සහ යෙදවුම් සැපයීම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු විය.

2024 වසරේ ඩොලර් බිලියන 16.1ක්ව පැවැති අපනයන ආදායම මෙම වසරේදී ඩොලර් බිලියන 18.2ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර 2030 වන විට ඩොලර් බිලියන 36 දක්වා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙළ හරහා අපේක්ෂා කරයි.

පහත කරුණු පිළිබඳවද දීර්ඝ ලෙස අවධානයට යෙමුව ඇත.

*මෙරට පැමිණෙන සංචාරකයින් විසින් මිලදී ගනු ලබන භාණ්ඩ සඳහා ඇතුළත් වන බදු නැවත ලබා දීමේ පද්ධතියක් ගුවන් තොටුපළේ පිහිටුවීමට මෙහිදී තීරණය කරන ලදී.

*අපනයන නිෂ්පාදිත පරික්ෂා කිරීමේදී සිදු වන ප්‍රමාදය හා අකාර්යක්ෂමතා මඟහරවා ගැනීම සඳහා Manual පද්ධතිය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ස්වයංක්‍රීය පද්ධතියක් කටුනායක ගුවන් තොටුපළේ ස්ථාපිත කිරිමට සැලසුම් කළ අතර, ඒ සඳහා ප්‍රතිපාදන කර්මාන්ත අමාත්‍යාංශයෙන් වෙන් කිරීමට එකඟ වන ලදී.

*ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන දුම්රිය එංජින් අපනයන සඳහා බාධාවක්ව පැවැති, “දුම්රිය එංජින් පරීක්ෂා කිරීම” මෙරට තුළ සිදු කිරීමට අවසර ලබා දීම ද තීරණය විය.

*අපනයන කර්මාන්ත තුළ පිරිවැය අඩු කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හඳුන්වා දීමටත්, නවීන තාක්ෂණය උපයෝගි කර ගෙන පිරිවැය ඵලදායිතාව ඇති කරමින් විදුලිබලය ඉතිරි කරන අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කිරීමටත් තීරණය කරන ලදී. 

*අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා ව්‍යවසායකයින් හා ආයෝජකයින් මූලික කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෙස් අරමුදලින් ප්‍රතිපාදන ලබාදීමට තීරණය කරන ලදී.

*අපනයන කර්මාන්තය තුළ සිදු කරන දේශිය හා විදේශිය ආයෝජන දිරි ගැන්වීම සදහා ආයෝජන පහසුකම් සැලසීමේ කමිටුවක් ස්ථාපනය කිරීමට තීරණය කරන ලදී. 

*නිවැරැදිව අපනයන අගය හඳුනා ගනු ලබන ක්‍රමවේදයක් තුළින් අපනයනය කරනු ලබන මැණික් හා ස්වර්ණාභරණ සදහා අපනයන දිරිගැන්වීම් ලබා දීමට මෙම සාකච්ඡාවේදී තීරණය විය.

*මෙරට තුළ නිෂ්පාදනය කරන විද්‍යුත් උපකරණ හා විද්‍යුත් උපාංග අපනයනය සඳහා රජයේ අවධානය යොමු වී තිබෙන අතර, මේ සඳහා අමුද්‍රව්‍ය ආනයනයේදී තීරුබදු පහසුකම් ලබා දීමට මෙහිදී සාකච්ඡා විය.

*ඉහත සඳහන් තීරණ ක්‍රියාත්මක කිරීමේදී අපනයන කර්මාන්තය ආශ්‍රිත දත්ත පද්ධති ඩිජිටල්කරණය කිරීමට විශේෂ අවධානය යොමු විය. 

*සේවා අපනයන දිරි ගැන්වීම සදහා බැංකු ඇපකර සීමාව වැඩි කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

2025 වසරේ මෙම සභාව රැස්ව අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ වසර 28කින් පසුව වන අතර වෙළෙඳ, නාවික, වැවිලි කර්මාන්ත, කෘෂිකර්මාන්ත, කර්මාන්ත, රෙදිපිළි කර්මාන්ත, ධීවර, මුදල්, විදේශ කටයුතු, ක්‍රමසම්පාදන හා ග්‍රාමීය සංවර්ධන විෂයභාර අමාත්‍යවරු මෙම සභාවේ නියෝජිතයන් ලෙස කටයුතු කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා වෙත රහසිගත තීන්දුවක්.!

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා වෙත රහසිගත තීන්දුවක්.!

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසන් කළේය.

දින දෙකක් තිස්සේ පැවැත්වූ නඩු විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට අද (27) යොමු කරන බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පාර්ශව හතරක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

බලු පැටවෙකුට දස වද දී මරා ඡායාරූප මුහුණු පොතේ දැමූ කත අල්ලයි.!

බලු පැටවෙකුට දස වද දී මරා ඡායාරූප මුහුණු පොතේ දැමූ කත අල්ලයි.!

සුනඛයෙකු ගෙල සිරකර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවක් මාන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සුරතල් බලු පැටවාගේ ගෙල කඹයකින් සිරකර අමානුෂික ලෙස ඝාතනය කර එහි ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාන්කුලම් පොලීසිය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර සත්ත්ව හිංසා වැළැක්වීමේ පනත යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මුලතිවු ඔට්ටුසුඩාන් සමථ මණ්ඩලයක් විසින් ලබාදුන් අමානුෂික තීන්දුවක් මත මෙම සුනඛයා ඝාතනය කර ඇති බව සමාජ මාධ්‍ය තුළ සඳහන්ව තිබුනි.

නාමල්ගේ අභියෝගය අස්සෙන් හීන් කෙඳිරියක්.?

නාමල්ගේ අභියෝගය අස්සෙන් හීන් කෙඳිරියක්.?

දේශපාලන වේදිකාවේ බොරු චෝදනා නොකර දූෂණ අක්‍රමිකතාවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවට පසුගිය කාලය පුරා ආණ්ඩුවට නොයෙකුත් අභියෝග එල්ල කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සහෝදරයා වූ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් අද මාධ්‍ය ඉදිරියේදී සිදු කළේය.

ඔහු පැවසූවේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට රජය කටයුතු කරමින් සිටිනා බවයි.

යෝෂිත රාජපක්ෂ මහතාව අද (27) උදෑසන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අතර එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ තමා වුවත් එයට වන්දි ගෙවීමට සිදුවුණේ තම සහෝදරයාට බවය.

“ඇයි මෙහෙම කරන්නේ කියලා මගෙන් අහන්න එපා. ඒක අහන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගෙන්, පොලිස් ඇමතිගෙන් සහ රටේ ජනාධිපතිවරයාගෙන්. හැබැයි ඉතින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැයකරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයින්ව දඩයම් කරන්න සහ පවුලේ අයව දඩයම් කරන්න යොදනවා. පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම නේ. හිරේ යන්නේ මල්ලි.

අපරාදේ හයිවේ එක දිගේ බෙලිඅත්තටම ඇවිත් අත්අඩංගුවට ගත්ත එක. අපිට එන්න කිව්වානම් අපි එනවා. තෙල් ගහගෙන බෙලිඅත්තට යන්නේ අපරාදේ. එන්න කිව්වා නම් ඇවිත් කටඋත්තරය දෙනවානේ. අපි වැරැද්දක් කරලා තියෙනවා නම් අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා.

මේ නඩුව පටන් ගත්තේ දුෂණ මර්දන කමිටුවේ ලේකම්වරයා විදියට අද ඉන්න පොලිසිය භාර අමාත්‍යවරයා. එතුමාගේ එදා තිබුණ දේශපාලන දඩයම අද සාක්ෂි හද හදා ඒ විදියටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. විපක්ෂය මර්දනය කරලා තමන්ගේ දේශපාලනය කරන්න ආණ්ඩුව හදන්නේ. පැහැදිලිව අපි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ වැරැද්ද අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා මුදල් නාස්ති කරන්න එපා.”

ගුවන් හමුදාපති තනතුරට එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු.?

ගුවන් හමුදාපති තනතුරට එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු.?

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු ශ්‍රී ලංකාවේ විසිවැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ගුවන් විශ්වවිද්‍යාලයේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ මාණ්ඩලික පාඨමාලා උපාධිය ද ලබා ඇති එයාර් මාර්ෂල් එදිරිසිංහ, රටවල් ගණනාවක විශේෂ පුහුණුවීම් ද ලබා ඇති නිලධාරියෙකි.

මහනුවර සිල්වෙස්තර විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා 1970දී මහනුවර දී උපත ලබා ඇත.

වාසු බන්දු එදිරිසිංහ මහතා 1993දී සාමාන්‍ය රාජකාරී නියමු ශාඛාවේ නියමු නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී ඇති අතර ගුවන් හමුදාවේ භමණ අංශයට අනුයුක්තව සේවය කර එම වසරේදිම බෙල් පුහුණුව ද නිමකර ඇත. පසුව ඔහු බෙල් 212 උපයෝගිතා හෙලිකොප්ටර් බළගණයට ද පත් කරන ලදී.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ පුහුණු පාඨමාලාව හදාරා ඇති අතර, 1988 වසරේ සුදුසුකම්ලත් හෙලිකොප්ටර් උපදේශකයකු බවට පත්විය.

හෙලිකොප්ටර් පැය හත්දහසකට වැඩි ප්‍රමාණයක් රැස්කර ඇති අතර ඔහු හෙලිකොප්ටර් පියාසර කිරීමේ උපදේශකයෙකි.

රුපියල් 1000 අවසන්.. අවම දඩය ලක්ෂයයි.!

රුපියල් 1000 අවසන්.. අවම දඩය ලක්ෂයයි.!

දිවයින පුරා උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීමේදී මෙතෙක් පැවැති රුපියල් 1000ක අවම දඩය හාල් සදහා පමණක් රුපියල් ලක්ෂය දක්වා වැඩි කර ඇතැයි පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන ව්‍යාපාරිකයන් සොයා දිවා රාත්‍රි සහ රජයේ නිවාඩු දිනවල ද වැටලීම් කරන බව එම අධිකාරියේ වැටලීම් අංශ ප්‍රධානී අසේල බණ්ඩාර සදහන් කරයි.

දිවයින පුරා කෙරෙන වැටලීම් සදහා දිස්ත්‍රික් වශයෙන් යෙදී සිටින නිලධාරීන්ට අමතරව කොළඹ සිට විශේෂ නිලධාරීන් පිරිසක් අනුයුක්ත කර ඇතැයි ද වැටලීම් අංශ ප්‍රධානී අසේල බණ්ඩාර සදහන් කරයි.

We are happy to invite you.