Attention (Sinhala)

කසිප්පු මෙහෙයුමට ගිය පොලිසියට වෙඩි පත්තු වෙයි.. නිලධාරියෙකුට බරපතලයි.!

කසිප්පු මෙහෙයුමට ගිය පොලිසියට වෙඩි පත්තු වෙයි.. නිලධාරියෙකුට බරපතලයි.!

අද (26) දහවල් නීති විරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සඳහා මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයට ඉහළීන් පිහිටි කැලෑවට පිවිසි කන්දකැටිය පොලීසියේ නිලධාරි පිරිසක් අතර සිටි එක් නිලධාරියෙකුට අටවන ලද තුවක්කුවක් පත්තුවී බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලටත් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යැවූ බව පොලිසිය පවසයි.

කන්දකැටිය පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු ජානක පුෂ්ප කුමාර (36) නැමති පොලිස් නිලධාරියෙක් සිද්ධියෙන් තුවාල ලබා ඇත.

මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයට ඉහළීන් පිහිටි කැලෑවේ නීතිවිරෝධී කසිප්පු තිත්පලක් පවත්වාගෙන යන බවට පොලීසිය වෙත ලද තොරතුරක් මත අද 26 දහවල් කන්දකැටිය පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් අග්ගලා උල්පත සෝදිසි මෙහෙයුමක් දියත්කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

වැටලීම සඳහා එහි ගිය නිලධාරී පිරිසට කැලෑව තුලින් වෙඩි හඬක් ඇසීමත් සමගම දුරකතන ඇමැතුමක් දී පරීක්ෂා කරද්දී පොලිස් නිලධාරියාට වෙඩි වැදී ඇති බව දැනගෙන ඇත.

වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියාගේ උදර හා කොන්ද ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බව පැවසේ.

වසර 3ක් බිම තැබූ මොණරෙක් යළි පියාඹයි.. තවත් දෙකකට කඩිනමින් පියාපත්.!

වසර 3ක් බිම තැබූ මොණරෙක් යළි පියාඹයි.. තවත් දෙකකට කඩිනමින් පියාපත්.!

ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු පවසන්නේ මසකට ඩොලර් ලක්ෂ 9 බැගින් ගෙවමින් වසර 03ක් පුරා නවතා දමා තිබෙනා ගුවන් යානා 3න් එකක් මේ වනවිට යළි පිළිසකර කර මෙහෙයුම් සඳහා සූදානම් කර ඇති බවයි.

එමෙන්ම තවත් එවැනි යානා 2ක් අප්‍රේල් මාසයට පෙර ගුවන්ගත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ශ්‍රීලංකන් ගුවන් සමාගම වහලා, විකුණලා, විනාශ කරලා තිබුණේ.  ඒ වගේම මගේ දැනීමේ හැටියට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා තුනක් අවුරුදු 03ක් තිස්සේ ග්‍රවුන්ඩ් කරලා තිබුණා එන්ජිම නැතුව. අවුරුදු 03ක් තිස්සේ මාසයකට ඩොලර් ලක්ෂ 09 ගාණේ යානා බිම තියාගෙන ගෙව්වා රනිල් ලාගේ පසුගිය ආණ්ඩු. එහෙම තමයි ඒ අය හොඳටම කළේ.

ගනේගොඩ මහතා ඇතුළු අලුත් නායයෝ ඇවිල්ලා ඒ අය යම් ආකාරයකට මුදල් හොයාගෙන බිම තියෙන යානාවලින් එකක් දැනට ඔපරේට් වෙනවා.

තව දෙකක් ඒ අය අප්‍රේල්වලට කලින් ඔපරේට් කරන්න යනවා. ඉතින් ඒ නිසා ඒ අය ශ්‍රීලංකන් ගුවන් සමාගම විකුණන්නේ නැතිව ඉදිරියට යන්න සැලැස්මක ඉන්නේ.” 

ජනපති ‘හා’ කිව්වට බැංකු ‘බෑ’ කියයි.!

ජනපති ‘හා’ කිව්වට බැංකු ‘බෑ’ කියයි.!

ලාංකීය එක්සත් ව්‍යාපාර සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා මහතා පවසන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් බැංකු වෙත යවා ඇති ලිපිවල කිසිදු උපදෙස් මාලාවක් සඳහන් කර නොමැති බැවින් බැංකුවලින් තමුනට සහන ලබාගැනීමට නොහැකි වී ඇති බවයි.

කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු තම ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා සහන සැලසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදී ඇති උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය විසින් බැංකු වෙත යවා ඇති ලිපිවල සහන සලසන්නේ කෙසේ දැයි කියා බැංකුවලට මාර්ගෝපදේශයක් ලබාදී නැති නිසා බැංකු විසින් තමුනට සහන ලබාදිය නොහැකි බව පවසන බවද ඒ මහතා සඳහන් කරයි.

එනිසා නිසි මාර්ගෝපදේශ සහිතව බැංකු වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මංගල අයවැයෙන් ජනතාවට ලැබෙන සහන ගැන ඉඟියක්.!

මංගල අයවැයෙන් ජනතාවට ලැබෙන සහන ගැන ඉඟියක්.!

එළඹෙන පෙබරවාරි 17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ජනබලවේගය රජයේ මංගල අයවැය ලේඛනයෙන් සාමාන්‍ය ජනයාගේ ජීවන වියදමට සහනයක් සැලසීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක වැට් බදු ඉවත්කිරීමට නියමිත බව අරයේ ආරංචිමාර්ග පවසයි.

එම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක වැට් බදු ඉවත්කිරීමෙන් සහ ජීවන වියදම අඩු කිරීමට අදාළ තවත් අයවැය යෝජනා හරහා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව හැකියාව වර්ධනය වනු ඇතැයි ද ඒ හරහා ජනතාවගේ ජීවන බරට සහනක් වනු ඇතැයි ද රජය අපේක්ෂා කරයි.

එසේම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීම, උපයනවිට ගෙවීම් බද්දේ උපරිම සීමාවන් වෙනස් කිරීමට සහ එම බද්ද අයවන ආදායම් කාණ්ඩවල වෙනසක් සිදු කිරීම ද අයවැයෙන් සිදු කෙරෙනු ඇත.

ෂාෆ්ටර්ගේ මරණය ගොඩ අදී.!

ෂාෆ්ටර්ගේ මරණය ගොඩ අදී.!

ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට ලක්වූ අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අදාළ ලිපිගොනු සියල්ලම ලහි ලහියේම යළි විමර්ශනවලට භාජනය කරන බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසූ බව එම පුවත්පත වාර්තා කර තිබේ.

බොරැල්ල කනත්තේදී අභිරහස් ලෙස මරුමුවට පත් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳව පැවැත්වූ පොලිස් විමර්ශන කටයුතු ආරම්භ වන බව එම නිලධාරියා පවසා ඇත.

පුවත්පත වැඩිදුරටත් පවසන්නේ මෙම ලිපිගොනු පිළිබඳව විමර්ශන කිරීම සඳහා රහස් පොලිස් නිලධාරීන් විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවත් එම අපරාධය පිළිබඳව ළඟදීම වරින් වර සුලමුල අනාවරණය විය හැකි බවත් ය.

රාජ්‍ය හස්තය ශක්තිමත් කරන්න රුපියල් මිලියන පන්දහසක්.!

රාජ්‍ය හස්තය ශක්තිමත් කරන්න රුපියල් මිලියන පන්දහසක්.!

මෙරට පවතින සහල් ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා ඊට සමගාමීව රාජ්‍ය හස්තය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනපතිවරයා අවධාරණය කළේය.

ඒ සඳහා රාජ්‍ය සතුව වී තොග පවත්වාගැනීම, සහල් නිෂ්පාදනය සහ වෙලඳපොල පිවිසුම ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ වැඩ පිළිවෙල මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකදී ජනපතිවරයා පැවසූවේ, මෙවර වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 500ක් රජය වෙන්කර ඇති බවයි.

එම මුදල වී මිලදී ගැනීම සඳහා රජයක් වෙන්කළ වැඩිම මුදල බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන්කරලා තියෙන්නේ වී මිලදී ගන්න. මෑත කාලයේ ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩිම මුදල ඒක. අපේ ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. අපේ ගබඩාවල තියෙනවා ලක්ෂ 03ක ධාරිතාවයක්, අපිට ලක්ෂ 03ම මිලදී ගන්න බැරි වෙයි.

හැබැයි අපි ඒ ගබඩා පුද්ගලික අංශයේ වී එකතු කරන අයට දෙන්න සැලසුම් කරනවා. එතකොට ඒ අය වී ගන්නවා අපේ ගබඩාවේ තැන්පත් කරනවා. අපි දන්නවා හාල් තියෙන ප්‍රමාණය. අපි පත්තරේ දැන්වීමක් දැම්මා ලංකාවේ සියලුම වී තොග රැස්කරන්නන්, හාල් මෝල් පවත්වාගෙන යන ව්‍යපාරිකයින් සියලුදෙනා ලියාපදිංචි වෙන්න ඕනේ ආණ්ඩුවේ.

ආණ්ඩුවේ ලියාදිංචි නොවන කිසිවෙකුට මීට පස්සේ වී තොග එක්රැස් කරන්න බැහැ. වී කොටන්නත් බැහැ. ලියාපදිංචි වෙන්න ඕනේ වගේම සතිපතා ආණ්ඩුවට වාර්තාවක් දෙන්න ඕනේ ඔයගොල්ලෝ කොච්චර වී තොග රැස්කරලා තියෙනවාද කියලා. මම දැක්ක මේ ළඟදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් කෝප් එකට ගිහිල්ල කිව්වා හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදන් කියලා.

ඉතින් ඒවා කොහෙද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ආණ්ඩුව සතු සියලු ගබඩාවල එකතුව මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. පොළොන්නරුවේ ප්‍රධාන මෝල හිමියන්ගේ මෝල්වල එකතුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. ඒ සියලුම ගබඩාවල වී ගොඩ ගැහුවත් තියෙන්නේ පුළුවන් මෙට්‍රික් ටොන් ලක්ෂ 06යි. ඉවට කියන්න සිදුවෙලා තියෙනවා.

රටක් තවදුරටත් ඉවට ගියපු කාලය ඉවරයි. ලෝකයක් තවදුරටත් ගමන්කරන්නේ ඉවට නෙමයි දත්තවලට හැබැයි අපි ළඟ ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය කරන ප්‍රමාණය අපි දන්නේත් නෑ පරිභෝජනය කරන ප්‍රමාණය අපි දන්නේත් නැහැ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ශක්තිමත් දත්ත පද්ධතියක් හදනවා. මට තව සති දෙකක් දෙන්න සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවේ වෙළෙඳපොළේ නැහැ. සති දෙකක් දෙන්න.”

අඟල් 4ක ඉතාලි කට පුංචෙක් කහතුඩුවෙන් අල්ලයි.!

අඟල් 4ක ඉතාලි කට පුංචෙක් කහතුඩුවෙන් අල්ලයි.!

මොරගහහේන පොලිසිය පවසන්නේ, අත්ලේ සඟවාගෙන රැගෙන යා හැකි ආකාරයේ අඟල් 4 – 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සහ 2.2 ජීව උණ්ඩ පහක් සහ 9mm වර්ගයේ ජීව උණ්ඩ 2 ක් කහතුඩුව මාගම්මන ඉදි කරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සඟවා තිබියදී සොයා ගත් බවයි.

පොලිසිය පවසන්නේ, එම ගිනි අවියේ හිමිකරු වන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මස්සිනා ආධාර අනුබලදීම යටතේ හෝමාගම් දොලේ කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

මීට සිව් දිනකට ඉහතදී ඉතාලියේදී මිය ගිය පුද්ගලයෙකුට අයත් හෝමාගම් මාගම්මන ඉඳි කරමින් පවතින නිවසක මත්ද්‍රව්‍ය චෝදනාවකට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයෙකු විසින් ගිනි අවියක් සඟවා ඇති බවත් එය ඔහුගේ මස්සිනාට රැගෙන යාම සඳහා දුරකථන ඇමතුම් මඟින් උපදෙස් ලබා දී ඇති බවත් බස්නාහිර පළාතේ බුද්ධි කොට්ඨාසයේ මොරගහහේන පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන් (9294) රෝහණ නිලධාරියාට ලද තොරතුරක් ලැබී තිබූ බව පොලිසිය පවසයි.

ඒ අනුව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සි. මදුශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ නිලධාරීන් සමඟ එම නිවස වටලා පුරා පැය 4 කට අසන්න කාලයක් සෝදිසියට ලක්කර මෙට්ටිය තුළ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ ගිණි අවිය සහ ජීව උණ්ඩ සොයා ගැනීමට සමත් වී ඇත.

පොලිස් නිලධාරීන් එම නිවස වැටලීමට පැය දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් සැකකරු. එම නිවස වෙත ගොස් ගිනි අවිය සොයා ගැනීමට උත්සාහ දරා ඇතත් එය නිශ්ඵල වී ඇතැයි සැකකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි

මෙම ගිනි අවිය බන්ධනාගාර ගතව සිටින පුද්ගලයාට ලද ආකාරය සහ එමගින් මනුෂ්‍ය ඝාතන සිදුකර තිබේද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය කහතුඩුව පොලිසිය වෙත භාරදී ඇත.

රටම බලා සිටිනා ලොකු නඩු 11ක් ගැන ඉඟියක්.!

රටම බලා සිටිනා ලොකු නඩු 11ක් ගැන ඉඟියක්.!

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේත්ව විසින් ප්‍රධාන නඩු කටයුතු 11ක විමර්ශන අවසන් බවට පසුගියදා ප්‍රකාශයට පත්කළ බවත් ඉන් තුනකට ජනවාරි මාසය අවසානයේ නඩු පැවරෙන බවත් ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නීති නිලධාරීන් බලපෑම් නොකරන ආණ්ඩුවක් බලයට පත්වන තෙක් ඇතැම් නඩුගොඩු සඟවාගෙන සිට ඇති බවද එහිදී ජනපතිවරයා පැවසීය.

ජනපතිවරයා වැඩිදුරටත් පැවසූවේ, ‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.

නිලධාරීන්ට නිදහසේ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දී ඇති බවද ඔහු අවධාරණය කළේය.

“සමහර කට්ටිය කියනවා ගන්නවා ඇප දෙනවා කියලා. ඒක තමයි නීතිය. පරික්ෂණ කරන කෙනාට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්, පරික්ෂණ ඉදිරියට ගෙනියන්න ඒයාට අච්චුකරන්න පුළුවන් නඩුවක් දැම්මොත්. පරික්ෂණවලදී කට්ටිය හිරේ දාන්න බැහැ ඒක රිමාන්ඩ්. සමහර පරික්ෂණවලදී ඇප දුන්නා කියලා කවුරුත් කලබලවෙන්න ඕනේ නෑ ඒක නීතිය.

අපි උපදෙස් දීලා තියෙන්නේ පරික්ෂණ කරන්න බිඳින්න බැරි විදිහට ශාක්ෂි එකතුකරලා මහධිකරණයේ නඩුව දාන්න නඩුව ඉක්මනින් විභාග කරන්න, අච්චු කරන්න. අපේ ප්‍රයත්නය මහධිකරණයෙන් නඩු දාන එක. නීතිපති දෙපාර්තමේත්ව පසුගියදා ප්‍රකාශයට පත්කකරලා තිබුණා ප්‍රධාන නඩු කටයුතු 11ක් හොයාගෙන තියෙනවා. ඉන් තුනකට මේ ජනවාරි මාසයේ නඩු දාන්න පුළුවන් කියලා.

එක නීති නිලධාරිනියක් මට කිව්වා සමහර ෆයිල් හංගගෙන හිටියා කියලා. ඒ අය කිව්වේ ඒ ෆයිල් එකට ඒ වෙලාවේ නඩුව දාන්න ගියානම් එක්කකෝ එයා ගෙදර, එක්කෝ නඩුව එළියට කිව්වා. ඒ නිසා මේ වගේ ආණ්ඩුවක් එනකම් මේ ෆයිල් එක තියාගෙන හිටියා කියලා කිව්වා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙමයි වැඩකරන්න ඕනේ. අපි ස්තූතිවන්න වෙනවා.

අපි හිතුවොත් මේ අපි විතරයි හරි අනිත් ඕක්කොම නැහැ. එහෙම නෑ එහෙම උනන්දුව තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඉතින් අපි ඒ අයට නිදහස දීලා තියෙනවා. අපි නඩු තෝරන්නේ නැහැ, නම් තෝරන්නේ නේ නැහැ, පුද්ගලයෝ තොරන්නේත් නැහැ. අපි කියලා තියෙන්නේ අදාළ අයතනවලට නිසිපරිදි පරික්ෂණ කරන්න. අපිට විශ්වාසයක් තියෙනවා අපි නැවත නැවත කරන්නේ ඒ ආයතන ශක්තිමත් කරන එක.”             

“තව සති දෙකක් මට දෙන්න” ජනපතිගෙන් මේසෙට තට්ටුවක්.!

“තව සති දෙකක් මට දෙන්න” ජනපතිගෙන් මේසෙට තට්ටුවක්.!

ඊයේ දිනයේ හෝමාගම ප්‍රදේශයේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුව අමතමින් ජනපතිවරයා කියා සිටියේ, වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි තම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බවයි.

දත්ත නොමැතිවීමෙන් බොහෝ අංශයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ඊට අදාල දත්ත පද්ධතීන් යලි ශක්තිමත්ව ගොඩනැගීමට මේ වනවිටත් පියවර ගෙන අවසන් බව ජනපතිවරයා අවධාරණය කලේය.

එහිදී ජනපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,

“හාල් හිඟයක් තියෙනවද, කොයි කාලෙද එන්නේ, එහෙනම් අපි ඒ හාල් හිඟයට මොකද කරන්නේ, දත්ත මත තමයි පුරෝකථනයන් එන්න ඕනෙ, කිසි දත්තයක් නැති රටක් මේක, ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් නිවැරදි දත්ත පද්ධතියක් හදනවා, මම ඕගොලන්ට කියන්නම් තව සති දෙකක් මට දෙන්න.. සහතික මිලට වඩා අඩුවෙන් හැර, වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවෙ වෙළඳපොලේ නෑ”

පාසැල් දරුවන් අතර සමරිසි උන්මාදයක්.!

පාසැල් දරුවන් අතර සමරිසි උන්මාදයක්.!

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසන්නේ, පාසල් දරුවන් අතර සමලිංගික ආදර සබඳතා ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

වෛද්‍යවරයා පවසන්නේ, විරුද්ධ ලිංගික දූදරුවන් අතර සම්බන්ධතා හීන වී යෑමත්, දරුවන් හුදෙකලා ලෝකවල තනිවීමත්, ජංගම දුරකථන භාවිතය ඉහළ යෑමත් ඇතුළු කරුණු රැසක් මෙයට බලපා තිබෙන බවයි.

මෙම ගැටලුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අංශවල ද සහය ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙන බවත් එය පාසල් මට්ටමින් විසඳුම් සෙවිය නොහැකි බවත් වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පෙන්වා දෙයි.

පාසල් සිසුවියන් මානසික රෝග ප්‍රතිකාර සඳහා යොමුවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයි ද ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙවැනි කරුණු බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

We are happy to invite you.