Attention (Sinhala)

“තව සති දෙකක් මට දෙන්න” ජනපතිගෙන් මේසෙට තට්ටුවක්.!

“තව සති දෙකක් මට දෙන්න” ජනපතිගෙන් මේසෙට තට්ටුවක්.!

ඊයේ දිනයේ හෝමාගම ප්‍රදේශයේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුව අමතමින් ජනපතිවරයා කියා සිටියේ, වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි තම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බවයි.

දත්ත නොමැතිවීමෙන් බොහෝ අංශයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ඊට අදාල දත්ත පද්ධතීන් යලි ශක්තිමත්ව ගොඩනැගීමට මේ වනවිටත් පියවර ගෙන අවසන් බව ජනපතිවරයා අවධාරණය කලේය.

එහිදී ජනපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,

“හාල් හිඟයක් තියෙනවද, කොයි කාලෙද එන්නේ, එහෙනම් අපි ඒ හාල් හිඟයට මොකද කරන්නේ, දත්ත මත තමයි පුරෝකථනයන් එන්න ඕනෙ, කිසි දත්තයක් නැති රටක් මේක, ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් නිවැරදි දත්ත පද්ධතියක් හදනවා, මම ඕගොලන්ට කියන්නම් තව සති දෙකක් මට දෙන්න.. සහතික මිලට වඩා අඩුවෙන් හැර, වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවෙ වෙළඳපොලේ නෑ”

පාසැල් දරුවන් අතර සමරිසි උන්මාදයක්.!

පාසැල් දරුවන් අතර සමරිසි උන්මාදයක්.!

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසන්නේ, පාසල් දරුවන් අතර සමලිංගික ආදර සබඳතා ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

වෛද්‍යවරයා පවසන්නේ, විරුද්ධ ලිංගික දූදරුවන් අතර සම්බන්ධතා හීන වී යෑමත්, දරුවන් හුදෙකලා ලෝකවල තනිවීමත්, ජංගම දුරකථන භාවිතය ඉහළ යෑමත් ඇතුළු කරුණු රැසක් මෙයට බලපා තිබෙන බවයි.

මෙම ගැටලුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අංශවල ද සහය ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙන බවත් එය පාසල් මට්ටමින් විසඳුම් සෙවිය නොහැකි බවත් වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පෙන්වා දෙයි.

පාසල් සිසුවියන් මානසික රෝග ප්‍රතිකාර සඳහා යොමුවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයි ද ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙවැනි කරුණු බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

මැති ඇමතිවරුන්ට එරෙහි පැමිණිල්ලකට ජනපති මැදිහත් වෙයි.!

මැති ඇමතිවරුන්ට එරෙහි පැමිණිල්ලකට ජනපති මැදිහත් වෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත්තේ දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙසයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ දැනුම් දීම කර ඇතැයි වාර්තාවේ.

ජනතාව සහ ඇතැම් මාධ්‍යවේදීන් තම දුරකතන ඇමතුම් වලට මැති ඇමතිවෞන් ප්‍රතිචාර නොදක්වන බවට චෝදනා එල්ල කර ඇති පසුබිමක ජනපතිවරයා මෙම දැනුම්දීම කර තිබේ.

ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙසද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

චීන තිසරපට නවතන්න ඩොලර් මිලියන 35ක්.!

චීන තිසරපට නවතන්න ඩොලර් මිලියන 35ක්.!

ඉතාලියේ බෙන්ජි ඇඟලුම් සමාගම ඩොලර් මිලියන 35ක ආයෝජනයක් හරහා ලොව සුපතල සන්නාම වෙනුවෙන් මෙරට නිපදවෙන තිසරපට සඳහා යොදාගන්නා “බ්‍රා කප්” ලංකාවේදී ම නිෂ්පාදනය කරගැනීම වෙනුවෙන් තාක්ෂණය පුළුල් කිරීමට අදාළව නව ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව තුළ සිරිඕ, ඇල්ෆා ආදී නම්වලින් ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යන ඉතාලි මව් සමාගමකට අයත් බෙන්ජි සමාගම 2006දී කාන්තාවන් සඳහා තිසරපට නිපදවීම ආරම්භ කර ඇත.

ආයෝජනය හරහා එම සමාගම ‘බ්‍රා කප්’ නිපදවීම සඳහා අවශ්‍ය අලුත්ම යන්ත්‍ර උපකරණ මෙරටට ගෙන ඒමට සැළසුම් කර ඇති අතර මේ ආයෝජන මගින් දැනට නිපදවන මිලියන 30ක ‘බ්‍රා කප්’ ප්‍රමාණය සියයට 35කින් ඉහළ යනු ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.

එමගින් තිසරපට නිපදවීම සඳහා චීනයේ සිට ‘බ්‍රා කප්’ ආනයන කිරීම සම්පූර්ණයෙන් ම නැවැත්වීමට හැකි වනු ඇති බව ත් මේ සඳහා පිටරටට ඇදීයන විදෙස් විනිමය මේ ඔස්සේ නතර වන බව ත් එම මණ්ඩලය සඳහන් කරයි.

දඩයමක් නෑ.. යෝෂිතට ඇප ලැබෙනවා.!

දඩයමක් නෑ.. යෝෂිතට ඇප ලැබෙනවා.!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වීම නිසා පමණක් අත්අඩංගුවට නොගත් බවයි.

නීතිවිරෝධී ලෙස හෝ සැකසහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපළ මිලදී ගෙන තිබේ නම් නීතිය ක්‍රියාත්මක කරන බවත් අද සිදු වූ අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන දඩයමක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ආරම්භ කර ඇති පරීක්ෂණ දිගටම පවතින බවත්, CID සහ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඒ අනුව අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“යමෙකු නීතිවිරෝධී ලෙස හෝ සැකසහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපළ මිලදීගෙන තිබේ නම් සහ එවැනි නඩු සම්බන්ධයෙන් CID පරීක්ෂණ පවත්වන්නේ නම්, නීතිය ක්‍රියාත්මක වෙනවා. යෝෂිත අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නිසා නෙවෙයි.”

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප ලබා දීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ

“ඔවුන්ට ඇප ලැබෙනවා. නමුත්, නඩු කටයුතු දිගටම ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයේ යුතුකම. රජය කරන්නේ එයට පහසුකම් සැලසීම පමණයි.”

විරෝධය නොතකා නිදහස් පක්ෂය ලකුණට අත ගහයි.!

විරෝධය නොතකා නිදහස් පක්ෂය ලකුණට අත ගහයි.!

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ තරග කළ යුතු බවට පක්ෂ සංවිධායකවරු දැඩි ස්ථාවරයක පසුවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් කිහිපකට බෙදී පවතින වාතාවරණයක් තුළ එක් පාර්ශ්වයක් පුටුව ලකුණින් ඉදිරි මැතිවරණ සඳහා තරග කළ යුතු බව පවසන අතර තවත් පාර්ශ්වයක් අත ලකුණින් තරග කළ යුතු බවට පවසා ඇත.

කෙසේවෙතත් බොහෝ පක්ෂ සංවිධායකවරුන්ගේ යෝජනාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීත්‍යානුකූල භාවට පත්කර අත ලකුණ යටතේ තරග කළ යුතු බවයි.

අත ලකුණ යටතේ තරග කළ යුතු බවට මීට වසර කිහිපයකට පෙරම පක්ෂ සංවිධායකවරු සඳහන් කළද පක්ෂ නායකත්වට සහ පත්වූ ලේකම්වරුන්ගේ විවිධ මත අනුව එම කටයුතු ක්‍රියාත්ම නොවීය.

එහෙත් ඉදිරියේදී නිදහස් පක්ෂය යළි බලයක් ලබා ගනිමින් දේශපාලන ධාරාවේ සක්‍රීයව කටයුතු කිරීමට නම් අත ලකුණ යටතේ තරග කළ යුතු බවයි සංවිධායකවරුන් අවධාරණය කර ඇත.

යෝෂිත දින දෙකකට රිමාන්ඩ්.!

යෝෂිත දින දෙකකට රිමාන්ඩ්.!

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා එලැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මියගේ නියෝගය මත ඔහු මෙලෙස බන්ධනාගාර ගත කර ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා අද (25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ රත්මලාන ප්‍රදේශයේ දෙපළක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ සිදුකරන විමර්ශනයකට අදාළවයි.

“නෝණ්ඩි වෙන්න එපා” යෝෂිත බලන්න ආ නාමල්ගෙන් පොලීසියටත් ආණ්ඩුවටත් අවවාදයක්.!

“නෝණ්ඩි වෙන්න එපා” යෝෂිත බලන්න ආ නාමල්ගෙන් පොලීසියටත් ආණ්ඩුවටත් අවවාදයක්.!

අද (25) උදෑසන බෙලිඅත්ත අදිවේගී මාර්ග පිවිසුම අසලින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ඒමෙන් අනතුරුව නාමල් රාකපක්ෂ, ඩී වී චානක ඇතුළු පිරිසක් මීට සුළු මොහොතක පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණියා.

එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“මම හිතන්නෙ බොහොම හොඳයි මොකද සෙනසුරාදා නිවාඩු දවසේ උදේම නැගිටලා නීතිපති උපදෙස් ක්‍රියාත්මක කරන්න කොළඹට ඇවිල්ලා නැති හින්දා හයි වේ එක දිගේ තංගල්ලට ඇවිල්ලා බෙලිඅත්ත එක්සිට් එකේ නතර කරල කට උත්තරයක් ලියාගෙන ජනතාවගේ බදු මුදල් සල්ලි වලින් පොලීසිය වාහන කීපයක දාල ආරක්ෂාව දීල කොළඹ සී අයි ඩී එකට ගෙනල්ල දැන් කට උත්තර ලියනවා.

පොලීසිය වැඩකරන්න ඕනෙ ඔය විදියට තමයි. හැබැයි ඔය විදියටම පාතාලය මර්ධනය කරන්නත් වැඩ කරානම් බෙලිඅත්ත ඔය එක්සිට් එකේම පස්දෙනෙක් මරල යනකම් පොලීසිය නොදැන ඉන්න විදියක් නෑ.

ඒ වගේම ඊයේ දිනයේත් පාතාලයෙන් ඇවිල්ලා ඝාතණය කිරීම් කරලා තියෙනවා, ඉතිහාසයේ වැඩිම ඝාතණ කිරීම් සිද්දවෙච්චි මාසේ හැටියට ජනවාරි මාසය පත්වෙලා තියනවා.

පොලීසිය දැන් දේශපාලන අවශ්‍යතාවය මත නීතිය ක්‍රියාත්මක කරන්න වෙන මහන්සිය ඔය විදියටම පාතාලේ මර්දනය කරන්න කටයුතු කරොත් බොහොම හොඳයි.

ඉතින් අපිට එන්න කිව්වනම් ඉරිද සෙනසුරාද සඳුදා කියපු වෙලාවට අපි ඇවිත් තියෙනවා. අපිට එන්නත් පුළුවන්. ඒත් පොලීසිය හිතන්න ඇති තංගල්ලට ඇවිල්ලා ආරක්ෂාව සහිතව එක්කන් ඇවිල්ල දැන් ශාක්ෂි ලියනවා.

පොලීසියටත් මම ස්තුතිවන්ත වෙනවා කොළඹ ඉඳන්ම තකහනියක් අපේ ගමට ඇවිල්ල ගමේ එක්සිට් එකේ නවත්තගෙන පොලිස් ආරක්ෂාව සහිතව කොළඹට එක්කන් ඇව්ල්ලා කටඋත්තර ලියන එක ගැන මම සතුටු වෙනවා.

ඒ නිසා අපි ආණ්ඩුවටත් කියන්නේ පොලීසියටත් කියන්නේ කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න හැබැයි නෝන්ඩි වෙන්න එපා”

මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා ඉතා සතුටින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යැයි පැසවෙන ස්ථානයක සිට පෙනී සිටි ඡායාරූපයක් සමාජ මාධ්‍ය පුරා පැතිර යයි. එහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් පොලීසිය පාර්ශවයෙන් මෙතෙක් දැනුම් දී නැත.

එම ඡායාරූපය පහතින්.

අත්අඩංගුවට පත් යෝෂිත ඉදිරි කටයුතු සඳහා CIDයට ගෙන එයි.!

අත්අඩංගුවට පත් යෝෂිත ඉදිරි කටයුතු සඳහා CIDයට ගෙන එයි.!

අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂව මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් තිබේ.

ඔහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

රත්මලාන, සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂව සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව පසුගිය 23වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබුණි.

මේවන විට නඩු කරයක් පවතින අදාළ සිද්ධියයේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මිත්තණියක්වන ඩේසි ෆොරස්ට් නම් කාන්තාවයි. 

ලංගමෙන් බාගයක් රට වටේම විෂ බෙදලා.!

ලංගමෙන් බාගයක් රට වටේම විෂ බෙදලා.!

‘වායු විමෝචන භාරකාර අරමුදලේ’ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පුවත්පතකට පිළිතුරු දෙමින් පවසන්නේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින් 50%ක් පමණ පසුගිය වසරේදී දුම් පරීක්ෂණය මඟහැර ඇති බවයි.

රුපියල් ලක්ෂ 170කට වැඩි පිරිවැයක් දරා දුම් පරීක්ෂණ උපකරණ ලංගම වෙත ලබාදී ඇති පසුබිමක මෙසේ රජයේ බස් රථ දුම් පරීක්ෂාව මඟහැර ඇති බව ඔහු පවසයි.

වාහනවලින් නිකුත් වන අහිතකර දුම නිසා පළමු ගොදුර බවට පත්වනුයේ රථ වාහන පරීක්ෂාවේ යෙදෙන පොලිස් නිලධාරීන් බවත් රථ වාහන පනතට අදාළ නැති උපකරණ ගැලවීමට කටයුතු කළද වාහන දුම් සම්බන්ධයෙන් පොලීසිය අවධානය දක්වා නැති බව මෙයින් පැහැදිලි වන්නේ යැයිද ඒ මහතා පවසයි.

වසරකට ශ්‍රී ලංකාවේ රථ වාහන ලක්ෂ 76ක් පමණ දුම් පරීක්ෂාවට ලක් කරන අතර ඉන් ලක්ෂ 10කට වැඩි ප‍්‍රමාණයක් පළමු වටයෙන් අසමත් වන බව ඔහු පවසයි.

පසුගිය වසරේදී රථ වාහන 225ක් දුම් පරීක්ෂණ අසමත්වීම හේතුවෙන් අසාධු ලේඛනගත කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඩීසල් වාහන බවද ගමගේ මහතා වැඩිදුරට ත් පැවසීය.

We are happy to invite you.