Attention (Sinhala)

හෙළ ලියන්ගෙන් ආණ්ඩුවට සමලිංගික චෝදනාවක්.!

හෙළ ලියන්ගෙන් ආණ්ඩුවට සමලිංගික චෝදනාවක්.!

දේශප්‍රේමී ජාතික බලවේගය නියෝජනය කරන හෙළ කාන්තා බලය සංවිධානය පවසන්නේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ තුළ සමරිසි අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවයි.

එහි සාමාජිකා නීතීඥ මදුමාලි අල්විස් පවසන්නේ පාසල් පෙළපොත් හරහා එය ළමා මනසට කාවැද්දීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.

සමරිසි අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම තුළ ළමයින්ට ස්ත්‍රී පුරුෂ ලෙස දෙවර්ගයක් සමාජයේ සිටින බවට හඳුනා ගැනීමට නොහැකි වන බව පවසන ඇය මෙය පිටුපස රාජ්‍ය නොවන සංවිධාන ඇති බවත් චෝදනා කරයි.

ළමයින්ව සමලිංගිකත්වයට පොළඹවා ගැනීම සඳහා විශාල වෛද්‍ය මාෆියාවක්ද ඇති බවත් සමරිසි අයිතිවාසිකම් ඉල්ලා සිටින පුද්ගලයින්ට සමාජයට බලපෑමක් නොවන ආකාරයෙන් මෙතෙක් කල් කටයුතු කළ ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් පුද්ගලිකව භුක්තිවිඳීම සම්බන්ධයෙන් කිසිඳු විරෝධතාවක් නොමැති බවයි නීතීඥ මදුමාලි අල්විස් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

සමෘද්ධිය අස්වැසුම ඇතුළු සහනාධාරවලට තිත.?

සමෘද්ධිය අස්වැසුම ඇතුළු සහනාධාරවලට තිත.?

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බවයි.

අද (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම උත්සවය සංවිධානය කර තිබුනේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය විසිනි.

රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් තිබේනම් කිසිවෙකු සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බව සඳහන් කළ අමාත්‍යවරයා සියළු ජනතාවට ප්‍රතිලාභ ලැබිය හැකි එවැනි ආර්ථිකයක් ගොඩ නැඟීමට රජය බලාපොරොත්තු වන බවත් ඒ හරහා ක්‍රමානුකූලව සහනාධාර සංස්කෘතික අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

සංගක්කාරට සභාපති පුටුවක්.!

සංගක්කාරට සභාපති පුටුවක්.!

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා MCC ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

මෙම කමිටුව සඳහා වත්මන් අයි.සී.සී සභාපති ධුරය දරණ ජේ ෂා ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි, දකුණු අප්‍රිකානු හිටපු ආරම්භක ක්‍රීඩක ග්‍රීම් ස්මිත් සහ එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඇන්ඩෲ ස්ට්‍රෝස් මෙන්ම එංගලන්ත කාන්තා නායිකා හෙදර් නයිට් සහ ජියෝස්ටාර් හි ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා නව උපදේශක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් වේ.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ලෝඩ්ස් හි පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයට පෙර, එනම් එළඹෙන ජුනි 07 සහ ජුනි 08 යන දිනවල දී MCC ලෝක ක්‍රිකට් උපදේශක කමිටුව රැස්වීමට නියමිත බවයි.

වඩිවේල්ට සහ තොණ්ඩමන්ට කොන්ද පණ පෙන්වූ ජේ.වී.පී කාරයා.!

වඩිවේල්ට සහ තොණ්ඩමන්ට කොන්ද පණ පෙන්වූ ජේ.වී.පී කාරයා.!

රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට දේශපාලනය කළ හිටපු ඇමැති වඩිවේල් සුරේෂ් සහ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් වසර ගණනාවක් රැදී සිටි වතු බංගලාවලින් ඉවත් කළ බව ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුව අමතමන් පැවසීය.

තොණ්ඩමන් වසර 13ක් සහ වඩිවේල් වසර 19ක් එසේ වතු බංගලාවල බලෙන් රැදී සිටි බවත් තමා අමාත්‍යවරයා ලෙස පත්වූ පසු පැමිණි නිර්නාමික ලිපියක් හරහා පරීක්ෂා කර සතියක් ඇතුළත ඔවුන් එම වතු බංගලාවලින් ඉවත් කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

“මම වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ඉද්දී දැනට මාසයකට විතර උඩදී මට ආවා නිර්ණාමික ලිපියක්, ඒකෙ සඳහන් වෙලා තිබ්බා හිටපු ජනාධිපතිවරුන්ට දැන්වූවා, හිටපු ඇමතිවරුන්ට යැව්වා එක්කෙනෙක්වත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ, එතුමා මට එවපු එකේ තිබ්බේ මෙහෙමෙ. ජේවීපී කාරයෙක් ඇමති වෙලා ඉන්න නිසා කොන්දක් තියෙනවානම් කරන්ඩ. ඔබතුමාගෙම අමාත්‍යංශයට අයත් වතු බංගලා කිහිපයක් බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා පුළුවන්නම් නීතිය ක්‍රියාත්මක කරන්න.

කොන්ද පරීක්ෂාකරන්ඩ ලිපියක් ආපු නිසා මම යැව්වා පරීක්ෂණ කණ්ඩායමක් ඊට පහුවදා. ඒ කණ්ඩායම පරීක්ෂාකරලා වාර්තාවක් ඉදිරිපත් කළා නිර්නාමික පෙත්සම ඇත්ත. බංගලා දෙකක් බලහත්කාරයෙන් අල්ලගෙන හිටියා.

නීති අංශ කැඳෙව්වා උපදෙස් දුන්නා වතුසමාගම් වලට ලිපිය ගහන්න සතියක් ඇතුළත බංගලා දෙක ලබා නොදුන්නොත් ගිවිසුම් කැන්සල් කරනවා කියලා. වසර 13ක් හිටපු සෙන්දිල් සතියෙන් එළියට දැම්මා, වඩුවෙල් සුරේෂ් සතියක් ඉල්ලුවා ලිපි ලේඛන පෙන්නන්න, හැබැයි බැරිඋනා. අව්රුදු 19ක් හිටිය බංගලාවෙන් එළියට දැම්මා.”

මහා පාපයක්ද.? මහින්ද වෙනුවෙන් සජබ ආණ්ඩුව එකට හැපෙයි.!

මහා පාපයක්ද.? මහින්ද වෙනුවෙන් සජබ ආණ්ඩුව එකට හැපෙයි.!

ඊයේ (23) කොළඹ සජබ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවැසුවේ ලාංකික ජනතාවට නිදහස භුක්ති විඳීම සඳහා දායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නිවසක් ලබා දීම පවක් නොවන බවයි.

ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ, යුද්ධයට සම්බන්ධ වුණ හමුදාපතිවරුන්ට ඉඩම් ලබා දීමට හැකියාව ඇත්නම් නම් යුද්ධය නිමා කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දුන් නායකයාට නිවසක් ලබාදීම පාපයක්ද යන වගයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, හිටපු ජනාධිපතිවරු රාජ්‍ය දේපළ අවභාවිත කර තිබේ නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවු‍ලේ අය වරදක් කර ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ය.

එවැනි කාරණා සඳහා සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විරුද්ධ නොවන බවත් හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනයට කිසිසේත් එකඟ නොවන නමුත් රටේ ජනතාව වෙනස කරා යොමු කළ නායකයා මහින්ද රාජපක්ෂ බව ඔහු අවධාරණය කළේය.

ට්‍රම්ප් අනුර එකම පාරක.?

ට්‍රම්ප් අනුර එකම පාරක.?

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ සිදුවූ කලු අපරාධ සහ ඝාතන සබන්ධයෙන් සාකච්ඡාවක් මතුවී ඇති අයුරින්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ නැවත වතාවක් බලයට පත්වීමෙන් අනතුරුවද එරට තුළද එවැනිම සාකච්ඡාවක් මතුව තිබේ.

එක්සත් ජනපද ඉතිහාස ඉතිහාසයේ වඩා සුවිශේෂී වූ ඝාතන ත්‍රිත්වයක් සම්බන්ධයෙන් වූ රහසිගත ලේඛන ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඒ අනුව ජෝන් එෆ් කෙනඩි, රොබට් එෆ් කෙනඩි සහ මාටින් ලූතර් කිං ජූනියර්ගේ ඝාතන තුනට අදාළ ලේඛන වර්ගීකරණය කිරීමට සැලසුම් කරන ලෙස දැනුම් දී ඇති අතර දින 15 ක් ඇතුළත අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා ඕවල් කාර්යාලයේ වාර්තාකරුවන්ට ට්‍රම්ප් පවසා ඇත්තේ “බොහෝ ජනතාව මෙය දශක ගණනාවක් තිස්සේ බලා සිටින දෙයක්“ බවටයි. ඒ අනුව මේ ලේඛන තුළින් ඒ සියල්ල හෙළිවනු ඇතැයි ට්‍රම්ප් සදහන් කර ඇත.

හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි 1963 දී ඩලාස්හිදී ඝාතනය වූ අතර එසේම ඔහුගේ සොහොයුරු රොබට් එෆ් කෙනඩි 1968 කැලිෆෝනියාවේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කරමින් සිටියදී ඝාතනය කරන ලදී.

අමෙරිකාවේ වඩාත්ම ප්‍රසිද්ධ සිවිල් අයිතිවාසිකම් නායකයා වන මාටින් ලූතර් කිං, ද 1968 දී ඝාතනය විය.

මෙම ඝාතනවලට අදාළ විමර්ශන සම්බන්ධ බොහෝ ලියකියවිලි වසර ගණනාවක් තිස්සේ නිකුත් කර ඇතත් තවමත් ජනතාව තුළ ඇත්තේ නොවිසිදුණූ අබිරහසකි.

රජයේ කොටහ තීන්දුයි.. පොඩි මෝල් වලට හොඳ කළක්.!

රජයේ කොටහ තීන්දුයි.. පොඩි මෝල් වලට හොඳ කළක්.!

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් සමග පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 23 වැනිදා පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේ මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමගම, වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ගොවීන්ගෙන් රජය මිලදී ගැනීමට කටයුතු කරනා බවයි.

එහිදී සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන්ට මේ සඳහා දායකත්වය ලබාදිය හැකි ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක්වූ අතර දැනට අඩපනව පවතින සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්ත නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන බවද ජයරත්න මහතා සහතික විය.

බොහොමයක් කුඩා සහල් සැකසුම්කරුවන් පැවති ආර්ථික දුෂ්කරතා තත්ත්වයන් මත තම ව්‍යාපාර අඩපණව තිබෙන බවත්, ඒ පිළිබඳව රජයේ අවධානය ලක්කර මෙවර රජය ඉදිරිපත් කොට ඇති වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා තමන් උපරිම ලෙස දායකත්වය ලබාදෙන බවත් සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් මෙහිදී පැවසූහ.

මෙම අවස්ථාවට සමුපකාර අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. මදනායක, ආහාර කොමසාරිස් උපුල් අල්විස්, සමූපකාර සංවර්ධන කොමසාරිස් ජේ.රලි යුදින්, සතොස සභාපති කෝසල විල්බව, උතුරු මැද ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ලලිත් තිස්ස කුමාර මහතා ඇතුළුව සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගම්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ආණ්ඩුව තානාපතිවරුන්ගෙන් ටාගට් ඉල්ලයි.!

ආණ්ඩුව තානාපතිවරුන්ගෙන් ටාගට් ඉල්ලයි.!

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පැවසූවේ රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කළ බවයි.

රාජතාන්ත්‍රික සේවය යනු හුදෙක් දේශපාලන හිතවත්කම් මත නිෂ්චිත කණ්ඩායමකට හිමිවන විශේෂ වරප්‍රසාදයක් හෝ වරදානයක් නොවන බවද ඔහු සිහිපත් කළේය.

ලංකාවේ ප්‍රධාන බැංකු 10ක් සම්බන්ධයෙන් තීරණයක්.!

ලංකාවේ ප්‍රධාන බැංකු 10ක් සම්බන්ධයෙන් තීරණයක්.!

“Fitch” ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය නැවත ක්‍රමාංකනය කරමින් බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම සඳහා තීරණය කර තිබේ.

එමෙන්ම මෙරට බැංකු පහක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තහවුරු කිරීමටද ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් තීරණට කර ඇත.

ෆිච් ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් 2024 දෙසැම්බර් 20 වැනි දින ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය – මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDR) ‘CCC-’ සිට ‘CCC+’ දක්වා උසස් කරනු ලැබූ අතර ෆිච් ආයතනය සාමාන්‍යයෙන් ‘CCC+’ හෝ ඊට අඩු ශ්‍රේණිගත කිරීමක් සහිත ස්වෛරී සමාගම් සඳහා ඉදිරි දැක්මක් නිර්දේශ කරනු නොලබයි.

ඒ අනුව පහත සඳහන් ශ්‍රී ලාංකීය බැංකුවල ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබේ.

ලංකා බැංකුව ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වා,
මහජන බැංකුව ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වා,
කොමර්ෂල් බැංකුව පීඑල්සී (‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වා,
හැටන් නැෂනල් බැංකුව පීඑල්සී ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වා,
සම්පත් බැංකුව පීඑල්සී ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වා,
සෙලාන් බැංකුව පීඑල්සී ‘A-(lka)’ සිට ‘A+(lka)’ දක්වා,
DFCC බැංකුව පීඑල්සී ‘A-(lka)’ සිට ‘A(lka)’ දක්වා,
ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී ‘A-(lka)’ සිට ‘A(lka)’ දක්වා,
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පීඑල්සී ‘A-(lka)’ සිට ‘A(lka)’ දක්වා,
පෑන් ඒෂියා බැංකු සංස්ථාව පීඑල්සී ‘BBB-(lka)’ සිට ‘BBB(lka)’ දක්වා

සහතික කළ ශ්‍රේණිගත කිරීම් සහිත බැංකු වන්නේ ;

අමානා බැංකුව පීඑල්සී
යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී
සණස සංවර්ධන බැංකුව පීඑල්සී
නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකා බැංකුව
කාගිල්ස් බැංකුව පීඑල්සී

ආණ්ඩුව රජවරු බිමින් තියද්දී, විපක්ෂය රජ මන්දිර කරට ගනී.!

ආණ්ඩුව රජවරු බිමින් තියද්දී, විපක්ෂය රජ මන්දිර කරට ගනී.!

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (23) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ කෙතරම් උත්සාහ දැරුවත් ජනතාව මත පටවා ඇති හිටපු ජනාධිපතිවරුන්, ආර්යාවන් හා ඇමතිවරුන් නඩත්තු කිරීමේ බරෙන් ජනතාව නියත වශයෙන් නිදහස් කිරීමට කටයුතු කරනා බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ “මහින්ද රාජපක්ෂගේ මන්දිරය බේරා ගැනීමේ සංසදය” මැයෙන් පක්ෂ භේදයකින් තොරව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් සංසදයක් නිර්මාණය කරගෙන ඇති බවයි.

මාසික කුලිය රුපියල් ලක්ෂ 46 ක් පමණ වන වර්ග අඩි 30,554 ක පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම නිවස අතීතයේදී කුඩා එකක් බවත් පසුව විවිධ ඉඩම් කොටස් එකතු කර මේ වනවිට අක්කරයක පමණ ඉඩමක මෙම නිවස ගොඩ නගා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය වසර කිහිපය තුළ පමණක් මෙම නිවස අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ 430 කට වඩා අධික මුදලක් වැය කර ඇති බවත් එහි අලුතින් විදුලි සෝපාන යන්ත්‍ර පවා සවිකර ඇති බවත් ය.

නිවසින් ඉවත්වන ලෙස පවසනකම් නොසිට ඉවත්ව යන ලෙසත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

We are happy to invite you.