Attention (Sinhala)

අනුර ප්‍රියදර්ශන යාප ඇතුළු 6ක් අත්අඩංගුවට.! (Breaking News)

අනුර ප්‍රියදර්ශන යාප ඇතුළු 6ක් අත්අඩංගුවට.! (Breaking News)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසන්නේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව‍යි.

ඔහු සමඟ තවත් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2014 වසරේදී ගංවතුර ආධාර වෙනුවෙන් රජයට ලැබුණු රුපියල් මිලියන 6.1ක මුදලක් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාවක් මත සිදුකෙරෙනා පරීක්ෂණයකට අදාලවයි.!

පූජිතට සහ හේමසිරිට දුන් නිදහස බල රහිත කරමින් නියෝගයක්.!

පූජිතට සහ හේමසිරිට දුන් නිදහස බල රහිත කරමින් නියෝගයක්.!

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම ඇතුලු චෝදනාවලින් නිදහස් වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහි නඩුව ලබන 28 වැනිදා කැඳවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියම කළේය.

එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීමේ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරුන් නිදහස් කරමින් දුන් නියෝගය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය දැනුම් දීම සඳහා නඩුව කැඳවු අවස්ථාවේදී විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

නඩුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ හා මොහොමඩ් ඉර්සර්දීන් යන මහත්වරුන්ගෙන් සැදම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීය.

අධිකරණය මීට පෙර අවස්ථාවක නිකුත් කර තිබු සිතාසි වලට අනුව නඩුව කැඳවු අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.

මරු කටවල් වලට වැට බැඳෙන දැවැන්ත ආයෝජනයකට ආණ්ඩුව සැරසෙයි.!

මරු කටවල් වලට වැට බැඳෙන දැවැන්ත ආයෝජනයකට ආණ්ඩුව සැරසෙයි.!

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ගැටළුවක්ව පවතින රිය අනතුරු හේතුවෙන් අහිමි වන ජීවිත සංඛ්‍යාව දිනකට 5-10 අතර අගයක පවතී.

අද (22) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් දැක්වමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූවේ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව බහුල වශයෙන් එවැනි අනතුරු සිදුවන ස්ථාන හඳුනාගෙන ඊට පිළියම් යෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි.

“Black Spots” ලෙසෙන් හඳුන්වන මහාමාර්ග පද්ධතියේ ඇති එවැනි අනතුරුදායක ස්ථාන බොහොමයක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඒ අතරින් බිලියන ගණනක ආයෝජනයන් අවශ්‍ය ස්ථාන කිහිපයක් හැර අනෙකුත් සියළුම ස්ථාන කඩිනමින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගියදා ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිසක් මෙරට සිදුකළ සංචාරය අතරතුර එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැසසුම් එක් කළ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

වාහන අංක තහඩු ගැන දැනුම්දීමක්.!

වාහන අංක තහඩු ගැන දැනුම්දීමක්.!

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේ, වාහනයක හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් භාවිතා කළ පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම හෝ වෙනස් කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම හෝ වෙනස්කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බවත් පවතින අංක තහඩුව හැකි උපරිම කාලයක් භාවිතා කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇති බවද සදහන් කරයි.

තවද ඉදිරියේදී වාහන අංක තහඩු නිකුත් කරනු ලබන්නේ, නව වාහන ලියාපදිංචියේදී හෝ නැතිවූ, කැඩුණු, හෝ භාවිතා කළ නොහැකි ලෙස පලදු වූ අංක තහඩු හෝ, කිසියම් හේතුවක් මත පුද්ගලයා විසින් ඉල්ලුම් කරනු ලබන අවස්ථාවකදී පමණක් බවද සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව මගින් ලිඛිතව පොලිස්පතිවරයා වෙත දන්වා ඇත.

මරදාන පොලිස් සිර මැදිරිය තුළ ඛේදවාචකයක්.!

මරදාන පොලිස් සිර මැදිරිය තුළ ඛේදවාචකයක්.!

අද (ජන. 22) මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි කාන්තාවක් සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.

වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වූ කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව පැවසේ.

මෙම කාන්තාව පොලිසිය මගින් ඊයේ (21) විවෘත වරෙන්තුවකට අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරිය තුළ රඳවා සිටි අතරවාරයේ මෙලෙස ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මරදාන පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

කසාද වයස් සීමාවේ වෙනසකට මුලපුරයි.!

කසාද වයස් සීමාවේ වෙනසකට මුලපුරයි.!

අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේදී ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද සංසදයේ අවධානය යොමු කරන ලදී.

එහිදී ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා විය.

එමෙන්ම “ළමයා” යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටද එහි අවධානය යොමු විය.

කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවර්යන්ගේ සංසදය විසින් ගත හැකි උපරිම් ක්‍රියාමාර්ග ගැනීමටද අවශ්‍ය කටයුතු සිදු කිරීමට මෙම දස වැනි පාර්ලිමේන්තුව තුලින් බලපොරෝතු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවර්යන්ගේ සංසදයේ සභාපතිවරය එහිදී ප්‍රකාශ කළාය.

මනූෂගේ පූර්ව ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරයි.!

මනූෂගේ පූර්ව ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරයි.!

දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු රැකියා සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් සැපයීමේ “ඊ 8 විසා ගිවිසුම” සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිසිය තමන්ව අත් අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති බැවින් අත්අඩංගුවට ගතහොත් ඇප ලබා ගැනීමට හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (22) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා සහ තැනැත්තන් වෙළඳාම් හා ජාවාරම් කිරීමේ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති වග උත්තරකරුවන් කරමින් මෙම පෙස්සම ගොනුකර තිබුනි.

ඊයේ (21) දින රහස් පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දුන් මනුෂ නානායක්කාර මහතා අදාළ පෙත්සමය පවරා පවත්වාගෙන යෑමට අදහස් නොකරන බැවින් ඉල්ලා අස්කර ගන්නා බවට නීතිඥ ජනදීස රණසිංහ මහතා අධිකරණයට කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.

නානායක්කාර මහතාගේ පෙස්සම් ප්‍රකාරව නිකුත් කළ නොතීසියක් පරිදි අධිකරණය පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා පසුගිය 20 දින අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නානායක්කාර මහතා මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස මේ දක්වා නම්කර නොමැතිි බවය. නානායක්කාර මහතා අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සඳහන් කළේය.

රහස් පොලිසියේ එම කරුණු දැක්වීම අනුව ඊයේ(21) දින රහස් පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදීමට නානායක්කාර මහතා කටයුතු කර තිබිණි.

මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කර සිටි නීතිඥ රණසිංහ මහතා සඳහන් කර සිටියේ නානායක්කාර මහතා මේ වන විට ප්‍රකාශයක් ලබා දී ඇති බැවින් හා විමර්ශන සිද්ධියෙහි වූ සැකකරුවකු ලෙස නම්කර නොමැති බැවින් පෙත්සම තවදුරටත් පවරා පවත්වාගෙන යෑමට අදහස් නොකරන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප පෙස්සම නිශ්ප්‍රභ කිරීමට නියෝග කළාය.

විමර්ශන ඇරඹෙයි.. නාමල්ගේ වාරය පැමිණෙයි.!

විමර්ශන ඇරඹෙයි.. නාමල්ගේ වාරය පැමිණෙයි.!

අද (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීම හරහා රුපියල් මිලියන 70ක් මුල්‍ය වංචාවක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව යළි කැඳවනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර මේ වනවිට ඇප මත මුදා හැර සිටින අතර නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේය.

කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ක්‍රීෂ් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අධිකරණයේ පවත්වාගෙන යන නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජුනි මස 04 වනදා යළි කැඳවීමට නියෝග කළේය.

කෙඳිරිලි ඉවරයි.. දවස් 2ට 30ක් ගොඩ දායි.!

කෙඳිරිලි ඉවරයි.. දවස් 2ට 30ක් ගොඩ දායි.!

යුද හමුදා මුලස්ථානය පවසන්නේ ජනපතිවරයාගේ තීරණයකට අනුව දිවයින පුරා වී ගබඩා පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් සඳහා යුද හමුදා සහයෝගය ලබාදීම යටතේ දින දෙකකදී ගබඩා 30 ක් සකස් කර අවසන් කර ඇති බවයි.

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය යටතේ ඇති වී ගබඩා සංකීර්ණ තුනක්, වන්නි යටතේ ඇති වී ගබඩා 10ක්, නැගෙනහිර බල ප්‍රදේශයේ ඇති වී ගබඩා සංකීර්ණ 3ක්, ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ඇති වී ගබඩා 05ක් සහ ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයට අයත් වී ගබඩා සංකීර්ණ 09ක් මේ වනවිට සම්පූර්ණයෙන් පිළිසකර කටයුතු අවසන් කර තිබේ.

යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය යටතේ දිවයින පුරා වී ගබඩා පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතය හරහා රජය සතු වී ගබඩා 209 ක් පිළිසකර කිරීමට සැලසුම් කර තිබෙන බවත් අදාළ කටයුතු මේ මස 27 වන දින වන විට අවසන් කිරීමට ද යුද හමුදාව සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

මහින්දගේ කරදඬු උස් දරුවන්ට නලින්දගෙන් දැනමුතුකමක්.!

මහින්දගේ කරදඬු උස් දරුවන්ට නලින්දගෙන් දැනමුතුකමක්.!

පසුගිය දිනක හිටපු ජනපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන් අතර ඊයේ (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද මේ පිළිබඳව අවධානය යොමුවිය.

එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ රජය දැනුම් දෙන තෙක් නොසිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දැන්ම නිවසින් ඉවත්විය හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා,

“1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තු ගණනාවක් නියොජනය කළා.

මේ පනතේ ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනපතිවරයාගේ වැන්දඹුව වෙනුවෙන් වාසය සඳහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිටපු ජනපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුයි පනතේ තියෙනවා.

මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්. එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”

We are happy to invite you.