Attention (Sinhala)

පත්වී මාස දෙකට ආරක්ෂක ඇමති සුපිරි ගේමක් ගහලා.. පාර්ලිමේන්තුවේ ලොකු සද්දයක්.!

පත්වී මාස දෙකට ආරක්ෂක ඇමති සුපිරි ගේමක් ගහලා.. පාර්ලිමේන්තුවේ ලොකු සද්දයක්.!

අද (21) පාර්ලිමේන්තුවේදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූවේ මෑත කාලයේ සිදුවූ අපරාධ සහ වෙඩිතැබීම්වලට සම්බන්ධව සැකපිට යුද හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් 6 දෙනෙක්, පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සහ සංවිධානාත්ම අපරාධකරුවන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවය.

“පසුගිය සැප්තැම්බර් 23 වනදා සිට මේ දක්වා සිදුවූ අපරාධ ගැන අවධානය යොමු කළාම සේවයේ සිටියදීම යුද හමුදාවේ එක්කෙනෙක් දෙන්නෙක් මේ කටයුතුවල නිරත වෙනවා.”

“මේ දින කිහිපය තුළ යුද හමුදා මේජර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා, යුද හමුදාවේ සෙසු නිලයන් 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා, පොලිස් නිලධාරියෙක් අත්අඩංගුට අරගෙන තිබෙනවා, සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා, සංවිධානාත්ම අපරාධකරුවන් 15ක් සහ අපරාධවලට අනුබලදීම සම්බන්ධයෙන් තවත් 15ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පහත පරිදි ආයුධ සොයාගත් බවයි.

T56 ගිනිඅවි 7ක්
පිස්තෝල 10ක්
රිවෝල්වර් 14ක්
බෙහෙත් කොටන තුවක්කු 461ක්
බෝර 12 ගිනිඅවි 58ක්
ගල්කටස් 13ක්
රිපීටර් 2ක් 

මේ මාස 2 ඇතුළත හෙරොයින් කිලෝග්‍රෑම් 354ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3847ක්, කොකේන් කිලෝග්‍රෑම් 3.8ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 181.9ක්, අයිස් කිලෝග්‍රෑම් 759ක් ද සොයාගෙන තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මූල්‍ය අපරාධ කොට්ඨාසය නැවත ලබන සතියේ ස්ථාපිත කෙරෙන බවත් ඔහු පැවසීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති ලිපිගොනු 29,000 තුළින් මූල්‍ය අපරාධ ලිපිගොනු එම කොට්ඨාසයට භාරදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙලොව එළිය දකින දරුවන් උපතින්ම ආබාධිතයි.. ඇග හිරිවැටෙන හෙළිදරව්ව.!

මෙලොව එළිය දකින දරුවන් උපතින්ම ආබාධිතයි.. ඇග හිරිවැටෙන හෙළිදරව්ව.!

මෙරට වසරකට ඉපදෙන දෙලක්ෂ හැට දහසක් පමණ වන දරුවන් අතරින් 4000 සිට 5000 අතර පිරිසක් ආබාධයක් සහිතව උපදින බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති කපිල ජයරත්න සදහන් කරයි.

ඒ අතරින් වැඩි ප්‍රමාණයක් හෘද රෝග හා පාදවල ආබාධ බවත් මුගුරු පාද රෝගය (Club Foot Disease) ඒ අතර බහුල බවත් එවැනි දරුවන් 400 සිට 500ක් අතර පිරිසක් වාර්ෂිකව මෙලොව එළිය දකින බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

දරුවකුගේ උපතේ සිට අවධානයෙන් සිටියහොත් මූලික අවධියේදීම මෙම රෝග හඳුනාගත හැකි බවත් අනතුරුව සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත පෙන්වීමෙන් ඒ වෛද්‍යවරයා දරුවා අදාළ සායනයකට යොමු කරනු ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

මුගුරු පාද රෝගය වැලඳුණු දරුවන් වැඩිහිටි වියට පත් වූ විට සැත්කම් මගින් පාදවල තත්ත්වය වෙනස් කිරීම වේදනා සහගත සහ අධික වියදම් සහිත බැවින් බිලිඳු වියේදීම ඉතා පහසුවෙන් ඒ වෙනුවෙන්ම සැකසූ සපත්තුවක් හෝ සෙරෙප්පුවක් මගින් රෝගය සුවකර ගත හැකි බව මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.

මුගුරු පාද රෝගය මූලික අවධියේදීම සුව කළ හැකි සායන ආරම්භ කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක සමාරම්භක අවස්ථාවේදී මේ බව සදහන් කළ අතර මෙම සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්තානයේ හා නේපාලයේ විශේෂඥවරු සහභාගි වී සිටියේය.

System අලුත් වෙයි.. නඩු තැපෑලෙන් එයි.!

System අලුත් වෙයි.. නඩු තැපෑලෙන් එයි.!

ශ්‍රී ලංකා පොලිසිය මගින් CCTV කැමරා ඔස්සේ රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර එම රථවාහන රියදුරන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව හා නව තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යාම සදහා නව මෘදුකාංගයක් Prima Management Services (pvt) Ltd ආයතනයේ දායකත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය වෙත පිරිනැමීම අද (21) සිදු විය.

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ CCTV දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ටී. පී. ගමලත් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි කටයුතු සිදු විය.

කොළඹ නගරය ප්‍රධානව තදාසන්න නගර ආශ්‍රිතව ස්ථාපිත කර ඇති පොලිස් CCTV කැමරා පද්ධතීන් මගින් ලබාගන්නා රථ වාහන වැරදි ඇතුලත් වීඩියෝ දර්ශන ඇසුරින් යම් මාර්ග නීති කඩකිරීමක් සිදුකරන රියදුරෙකුට එරෙහිව සිදුකළ වැරැද්දට අදාළ දඩ පත්‍රිකාව රථය හිමිකරුගේ නිවසටම යොමුකරන ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසිය විසින් 2024 වසරේ පෙබරවාරි මස ආරම්භ කළේය.

එම ක්‍රියාවලිය සඳහා මේ දක්වා යොදාගත් මෘදුකාංගයේ සංකීර්ණත්වය හේතුවෙන් අදාළ රාජකාරිය සිදුකරන පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ අතර මෙම නව මෘදුකාංගය හරහා එම කටයුතු කාර්‍යක්ෂම කිරීම පොලීසියේ අරමුණයි.

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි.! [Breaking News]

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි.! [Breaking News]

අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස නියෝගකර තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම උසාවි නියෝගය ලබාදී තිබේ.

අධිකරණය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ, පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

පොලීසියේ සැබෑ වෙනසක්.. ඇල්මැරුණු ලොක්කන්ට පාඩමක්.!

පොලීසියේ සැබෑ වෙනසක්.. ඇල්මැරුණු ලොක්කන්ට පාඩමක්.!

පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් පුවතක් වූ දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක පුද්ගලයෙකු විසින් පැහැරගෙන යාමේ සිද්ධිය වූ පොලිස් වසමේ සිටි ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව විනය පියවර ගැනීමට කටයුතු කර ඇත.

අදාළ දිනයේ පොලිසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කර කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථාන මාරු කිරීමටත් පියවර ගෙන තිබේ.

ඉකුත් ජනවාරි මස19 වැනි දින පෙරවරු 7.30 ට පමණ දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කළ බව කියන ගම්පොළ පොලිසියේ රාජකාරියේ නියුතු නිලධාරියකු සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසියේ මෙහෙයුම් මැදිරියට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් දවුලගල පොලිසිය ක්‍රියාත්මක නොවීමේ චෝදනාමත මෙම විනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එසේ වැඩ තහනම් කර ඇත්තේ, සිද්ධිය වූ දිනයේ දී දවුලගල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්.එස්. රණසිංහ මහතාගේ වන අතර එම පොලිස් ස්ථානයේ රාජකාරියේ නියුතුව සිටි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජී. කුසුම් ගමගේ මහත්මියට කඩුගන්නාව පොලිසියටද උප පොලිස් පරීක්ෂක ජී.ඒ.එස්. නිමල්සිරි (අපරාධ අංශයේ ස්ථානාධිපති) වෙලම්බොඩ පොලිසියටද ස්ථාන මාරු ලබා දී තිබේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ නියෝග මත සිදුකළ විමර්ශනයක් මත මෙම විනය පියවර ගෙන තිබේ.

“පළමු දින සීය ආණ්ඩුව Fail”: ප්‍රගතිවාර්තා පිරික්සයි.!

“පළමු දින සීය ආණ්ඩුව Fail”: ප්‍රගතිවාර්තා පිරික්සයි.!

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (20දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසූවේ වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත් නොවී ඇති බවයි.

මුජිබර් රහුමාන් මහතා එහිදී වැඩි දුරටත් පැවසූවේ ආණ්ඩුවේම මැති ඇමතිවරු පවා ඒ සම්බන්දයෙන් සෑහීමකට පත්ව නොමැති බවයි.

“අද වන විට ජාතික ජන බලවේගය, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් මේ ආණ්ඩුව බලයට ඇවිත් දින 100 සම්පූර්ණ වෙලා තියෙනවා. ආණ්ඩුවක දින 100 තමයි ඕනෑම ආණ්ඩුවක් බලයට ආවම වැදගත් වෙන්නේ. මේ ආණ්ඩුව බලයට ගෙනාපු විශාල ජනතාවක් විශාල අපේක්ෂාවන් තියාගෙන මේ රටේ ඉන්නවා.

ආණ්ඩුව ඡන්ද කාලයේදී බලාපොරොත්තු ලබා දුන්නා. ඒ අනුව ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතනවා, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කතා වලිනුත්, සමහර මැති ඇමතිවරුන්ගේ කතා වලිනුත් ඔවුන්වත් මේ ආණ්ඩුවේ දින 100 ගැන සන්තෝෂයකට එහෙළ නැතිනම්, සෑහීමකට පත්වෙලා නෑ කියලා.

මොකද දින 100 ප්‍රගති වාර්තාව ආරන් බැලුවොත් අපිට පේනවා ආණ්ඩුව ඒ දින 100 ප්‍රගති වාර්තාව තුළ විශේෂයෙන් කෙටිකාලීනව ආණ්ඩුව කරනවා කියලා ලබා දුන් පොරොන්දු ඉෂ්ට කරගන්න බැරිවෙලා තියෙනවා.

දින 100 දිහා අපි හැරිලා බැලුවළ ආණ්ඩුවේ දින 100 ගමන සාර්ථකත්වයක් ලබා ගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නෑ කියන එක අපි පැහැදිලිවම පෙන්වලා දෙන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා එක එක දේවල් කියන්න පුළුවන්. අගමැතිතුමිය කියන්න පුළුවන්. ඒ ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන ඇමතිවරු නොයෙකුත් සුරංගනා කතා කියන්න පුළුවන්.

ඒවා තවම කෙරෙනවා. නමුත් අපි යථාර්ථවාදීව, ප්‍රායෝගිකව ආණ්ඩුව මෙතෙක් කල් ආපු ගමන් මගේ ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතන්නේ ආණ්ඩුවට ඡන්දය දීපු විශාල පිරිසකුත් කනගාටු වෙලා තිබෙනවා. ඒ අයත් සෑහීමකට පත්වෙලා නෑ. ඒ වගේම ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු කතා කරන විලාශය බැලු වර්ෂ ඔවුනුත් සෑහිමකට පත්වෙලා නෑ.”

පියාගේ මණ්ඩාව පුතාගේ කට හරහා යවලා.!

පියාගේ මණ්ඩාව පුතාගේ කට හරහා යවලා.!

දංකොටුව පොලිස් වසමේ ඇටියාවල ප්‍රදේශයේ පියකු හා පුතකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් කෝපයට පත් පියා ධීවර කටයුතුවල දී මසුන් මැරීමට උපයෝගී කර ගන්නා මණ්ඩාවකින් සිය පුතාගේ මුඛයට පහර දී තිබේ.

එල්ල කළ එම මණ්ඩා ප්‍රහාරයෙන් එය මුඛය හරහා ඇතුළු වී එය ඉවත් කිරීමට නොහැකිව මණ්ඩාවත් සමග රෝගියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති බව දංකොටුව පොලිසිය පවසයි.

ඇටියාවල පදිංචි සජිත් රමේෂ් නමැති වයස අවුරුදු 24ක එක්දරු පියකු මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරය එල්ල කළ පියා, ප්‍රහාරයට ලක්වූ පුතා හා ඔහුගේ බිරිඳ සහ අවුරුද්දයි මාසයක් වයසැති දරුවා එකම නිවසේ පදිංචිව සිටින අතර සිද්ධිය වූ දින පුතා නිවසට පැමිණීමට ප්‍රමාද වූ බව පවසමින් පියා සහ පුතා අතර බහින්බස්වීමක් ඇතිවී තිබේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් මණ්ඩාවේ ඉදිරිපස ඇති කොටසේ බිලී කොකු මෙන් සකසා ඇති තියුණු උල් කීපයක් මුඛය පසාරු කරගෙන ගොස් ඇති අතර ගැලවීමට නොහැකි ලෙස මුඛය කොටසට ඇතුළු වී ඇති මණ්ඩාව සමග ප්‍රහාරයට ලක් වූ අය දංකොටුව රෝහලට ඇතුළත් කිරීමට ඇත.

එහිදී රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට රැගෙන ගොස් තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල පියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරන බව දංකොටුව පොලිසිය පවසයි.

විදුලි බිලේ වාසිය ජල බිලට.!

විදුලි බිලේ වාසිය ජල බිලට.!

ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්‍ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩුවනු ඇති බවයි.

විදුලි ගාස්තු අඩු වීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටද ලබා දීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටින බව එම මණ්ඩලය පවසයි.

සති දෙකක අධ්‍යයනයෙන් පසු එහි අවසන් වාර්තාව අමාත්‍යංශය වෙත යොමු කිරීමට නියමිත බවද ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

වත්මන් දත්ත අනුව මෙරට ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 32 ඉක්මවා ඇති අතර පසුගිය අගෝස්තු 21 වැනිදා අවසන් වරට සිදුවූ ජලගාස්තු සංශෝධනය අනුව ජල ගාස්තු 5.94%කින් අඩු කෙරුණි.

පවතින ත්‍රස්ත විරෝධී පනත පවත්වාගෙන යෑමට තීරණයක්.!

පවතින ත්‍රස්ත විරෝධී පනත පවත්වාගෙන යෑමට තීරණයක්.!

සභානායක බිමල් රත්නායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසූවේ නව පනතක් සම්මත කරගන්නා තෙක් පවතින ත්‍රස්ත විරෝධී පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බවයි.

කෙසේවෙතත් එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන බවයි.

නව පනතක් සම්පාදනය කරන තෙක් ආණ්ඩුවක් ලෙස පවතින නීතිය තුළ ප්‍රවේශමෙන් කටයුතු කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

“ත්‍රස්ත විරෝධී පනත ගැන කියන්න තියෙන එකම දේ තමයි. ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. නමුත් අලුත් පනතක් සකස්කරන තෙක් රටේ තිබෙන නීතිය අපට ඉතාම පරිස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕනේ පනත් සම්මත වෙනතුරු.  ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්  මේ සභාවට පිළිතුරුදීලා තියෙනවා.”

JVP සංස්කෘතිය මාලිමාවත් ඉදිරියට ගෙන යයි.!

JVP සංස්කෘතිය මාලිමාවත් ඉදිරියට ගෙන යයි.!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසන්නේ ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට බැර කරන බවයි.

ඔහු පැවසූවේ 1994 පාර්ලිමේන්තු මන්ත්‍රී නිහල් ගලප්පත්ති මහතාගෙන් ඇරඹි ආදර්ශය ඉදිරියටත් ගෙන යන බවයි.

මන්ත්‍රීවරුන්ගේ දීමනා බොරැල්ලේ මහජන බැංකුවේ පවතින බැංකු ගිණුමට අදාළ දීමනා බැර කර ඉන් පසුව එම මුදල් ජනතා සේවයට යොදවන බවත් ඒ හරහා ජනතාවට සේවය පුළුල් කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

We are happy to invite you.