Attention (Sinhala)

සජිත් අළුත් තුරුම්පු එකතු කරයි.. ගමේ බලය අල්ලන්න ලොකු සැළැස්මක්.!

සජිත් අළුත් තුරුම්පු එකතු කරයි.. ගමේ බලය අල්ලන්න ලොකු සැළැස්මක්.!

සමගි ජන බලවේගයේ පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට දී මාධ්‍යයට අදහස් දක්වමින් විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා විපක්‍ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කරන බවයි.

තුනෙන් දෙකක ජනවරමක් ලබා බලයට පත්වූ වත්මන් රජය එම ජනවරමට ගරුකර ජනතාව අපේක්‍ෂා කරන සහන ලබාදී ජනතාවට සේවය කළයුතු බවත් එය නොකරන්නේ නම් ජනතාව වෙනුවෙන් විපක්‍ෂය පෙනී සිටිනා බවත් ඔහු අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී රජය ක්‍රියාත්මක කරන ජනතා මර්දන වැඩපිළිවෙළට එරෙහිව නැඟී සිටිය යුතු ආකාරය පිළිබඳවත් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා මුහුණ දෙන ආකාරය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළ බවයි.

රටේ ජනාධිපතිවරයා සියලුම රටවල් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යායුතු බවත් එහිදී ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළකට විපක්‍ෂයේ ද සහාය ලබාදෙන බවත් කී සජිත් ප්‍රේමදාස මහතා තෙල් මිල අඩු කිරීම, පොහොර සහනාධාර ලබාදීම වැනි පොරොන්දු ඉටුකිරීම රජය විසින් පසෙකට දමා කටයුතු කිරීමට එරෙහිව ජනතාව සමග එක්ව රජයට විරෝධය පළ කරන බවත් පැවසීය.

“ඔව් අප වැරැද්දක් කළා” වැඩ බලන පොලිස්පතිවරයා නිහතමානීව වරද පිළිගනී.!

“ඔව් අප වැරැද්දක් කළා” වැඩ බලන පොලිස්පතිවරයා නිහතමානීව වරද පිළිගනී.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමවේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ 1968 වසරේ සිට මෙම රථ වාහන අලංකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ එකම නීතියක් නම්, පසුගිය පළමුවනදා සිට ඒ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූයේ පොලීසිය මාධ්‍ය යොදාගනිමින් සංදර්ශන පැවැත්වීම නිසාද යන වගයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසූවේ 2023 වසරේ එම නීති රාමුව යටතේ පොලීසිය විසින් 31,074ක් නඩු පැවරීම් සිදුකර තිබෙනා බවත් 2024 වසරේ 50,539ක් නඩු පවරා ඇති බවත් ය.

මාධ්‍ය යොදාගැනීම හරහා පොලීසිය බලාපොරොත්තු වූයේ මහජනතාව දැනුවත් කිරීම බවත්, කෙසේවෙතත් මහජනතාව ගමන් කරනා බස් රථ නවතා රියදුරන් දැනුවත් කිරීම පොලීසිය සිදුකළ වැරදි සහගත දෙයක් බවත් එහිදී ජනතාව අපහසුතාවට පත්වූ බවත් වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය.

“අපි වැරදි දෙයක් කළා, සමහර තැන් වල මහජනයා යන බස් නවත්තලා මහජනතාව ගැන හිතන්නේ නැතුව දේශන තියන්න පටන්ගත්තා.. මම ඒක දැකපු වෙලාවෙම ඒක නවත්තන්න කටයුතු කළා.. ඉතින් ඒ සමහර දේවල් වැරදියි.. වැරැද්ද අපේ නිළධරියෙක් කළත් කව්රු කළත් අපි වැරැද්ද වැරැද්ද විදියට දකිනවා”

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසූවේ මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මේ වනවිට මහජනාතාව මෙන්ම බස් රථ හිමිකරුවනුත් නිසි අවබෝධයට පැමිණ ඇති බවත් අනාගතයේදී විදේශ රටවල දක්නට ලැබෙන මගී ප්‍රවාහන බස් රථ මට්ටමට මෙම බස් රථ උසස් කිරීම ශ්‍රී ලංකා පොලීසියේද සතුට බවත් ය.

ජනතා සේවය ජනතාව කැමති විදියට.. ආයතන 166ක් කණපිට ගහයි.!

ජනතා සේවය ජනතාව කැමති විදියට.. ආයතන 166ක් කණපිට ගහයි.!

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පවසන පරිදි, රජයේ වාණිජමය නොවන ආයතන 166 කට අයත් මහජන සේවා හා නියාමන කාර්යයන් ගුණාත්මක කිරීමට අදාළ ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පිහිටුවා ඇත.

මෙම කමිටුවේ මූලික ඉලක්කය වන්නේ මහජන සේවා හා නියාමන කටයුතු දියුණු කිරීම සඳහා මහජනතාවට ඉදිරියේදී පහසුකම් සහ ගුණාත්මක සේවාවන් සලසීමයි.

අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදුන් නවතම මාර්ගෝපදේශ අනුව, මෙම ආයතන 166 ක් සපයන සේවාවන් සම්බන්ධයෙන් මහජනතාව මුහුණ දෙන ගැටලු සහ අවශ්‍යතා විමසා එම ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට යෝජනා ලබා ගැනීමේ කටයුතු කමිටුව මගින් ක්‍රියාත්මක කරනු ඇත.

මෙම කටයුතු සඳහා අදහස් ලබාගැනීමේදී අදාළ ආයතනවල නම් ලැයිස්තුව https://pmoffice.gov.lk/soesuggestions.php වෙබ් පිටුවෙන් බාගත කළ හැකි අතර මහජනයාට තම අදහස් ඇතුළත් ආකෘති පත්‍රය පුරවා මෙම මස 31 වැනිදාට පෙර එම කමිටුවට ලබාදීමේථැකියාව පවතී.

මෙරට ඉතිහාසයේ විශාලම කුඩු සල්ලි තොගය කුරුණෑගලින් හමුවෙයි.!

මෙරට ඉතිහාසයේ විශාලම කුඩු සල්ලි තොගය කුරුණෑගලින් හමුවෙයි.!

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් සිදු කරන ලද සෝදිසියකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබූ රුපියල් කෝටි 28ක් සොයාගැනීමට සමත්ව තිබේ.

එය මෙතෙක් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබූ වැඩිම මුදල බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිඳිමින් ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.

කෝටි 28ක් වූ එම මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකිනි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද එම සෝදිසියේදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය, කැබ් රථය සහ වෑන් රථය සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.

බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරු මෙම සිද්ධියට අදාළව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී ඇති බවද සඳහන් වේ.

අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි.!

අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි.!

ජනපතිවරයාගේ ඩිජිටල් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ආරම්භ වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙම නව ඩිජිටල් වේදිකාව රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමග එක්ව අංශ පහක් යටතේ ඒකාබද්ධිත ක්‍රියාත්මක වෙයි.

එම නව ඒකාබද්ධ කිරීම හරහා වැඩිදියුණු කරන ලද සේවා සහිත දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, විශ්‍රාමිකයින් සඳහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය, වැන්දඹු සහ අනත්දරු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය, ප්‍රතිනිර්මාණය කරන ලද රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රියාවලිය, විශ්‍රාමික මරණ වාර්තා කිරීමේ තොරතුරු පද්ධතිය (රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධිතය) යන අංශ පහ ක්‍රියාත්මක වේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලිව විශ්‍රාමික පිරිස් වෙත ලබාදීම මෙම ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කිරීමේ අරමුණ වූ බව අමාත්‍යංශය පැවසීය.

‘රැකවරණය අවසන්’ පොලිස්පති තිත්ත ඇත්තක් හෙළිකරයි.!

‘රැකවරණය අවසන්’ පොලිස්පති තිත්ත ඇත්තක් හෙළිකරයි.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසූවේ නව රජයේ ප්‍රතිපත්ති සමග සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුටරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව යි.

එමෙන්ම විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මනින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති නමුත් පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමෙන් අපරාධකරුවන් වැඩි වශයෙන් බිහිවූ බවත් එම අපරාධ මෙහෙයවන පුද්ගලයින් විදෙස්ගතව සිටි කටයුතු කරනා බවත් පැවසීය.

“ඒ වගේම අපි දකින අනෙක් තිත්ත ඇත්ත තමා මේ අපරාධකරුවන් බන්ධනාගාරය තුළ ඉඳන් අපරාධ මෙහෙයවමින් ඉන්නවා. මේවා සම්බන්ධයෙන් අපි අඛණ්ඩව කටයුතු කරන අතර එම අපරාධ අවම කිරීමට කටයුතු කරනවා…”

මේ අතර පසුගිය 2024.09.23 වන දින සිට 2025.01.10 දින දක්වා සිදුකළ මෙහෙයුම්වලින් පහත සඳහන් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බවත් මෙතෙක් ඉතිහාසයේ ගොඩබිමකින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ද පසුගිය කාලයේ සොයාගැනීමට හැකිවූ බවත් ඇති බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

හෙරොයින් කිලෝග්‍රෑම් 373ක් 
ගංජා / කේරළ ගංජා කිලෝග්‍රෑම් 3504ක්
අයිස් කිලෝග්‍රෑම් 751
කොකේන් කිලෝග්‍රෑම් 3.7ක්
හෂීස් කිලෝග්‍රෑම් 167ක්
වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 482ක්

මේ වනවිට මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ දෙවන පෙළ සාමාජිකයින් 1,415ක් හඳුනාගෙන ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

පුංචි හීන වලට තටු දෙන්න “ජා” මහතාගෙන් අත හිත.!

පුංචි හීන වලට තටු දෙන්න “ජා” මහතාගෙන් අත හිත.!

මෙරට වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුවිය.

නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා මෙම ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ හරහා මෙරට වතුකර ප්‍රජාවන්හී ඩිජිටල් පරතරය පියවීම එහි අරමුණයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයෙන් ත්‍යාගශීලී මුදල් ආධාරයක් ලෙස රුපියල් මිලියන 508ක් ලබා දී ඇති අතර මෙම ස්මාර්ට් පන්ති කාමර වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 115ක මුදලක්ද වෙන් කර තිබේ.

නිහඬ ත්‍රස්තවාදයක් මට්ටු කරමින් Clean Sri Lanka මුල් ඵල‍ය දරයි.!

නිහඬ ත්‍රස්තවාදයක් මට්ටු කරමින් Clean Sri Lanka මුල් ඵල‍ය දරයි.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම හරහා රථ වාහන අනතුරුවලින් දිනකට මියයන පුද්ගලයින් ගණන අඩුකර ගැනීමට හැකි වූ බවයි.

මාර්ග විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් බවත් මෙය නොපෙනෙන ත්‍රස්තවාදයක් බවත් වැඩබලන පොලිස්පතිවරයා එහිදී සඳහන් කළේය.

එම වැඩසටහනට පෙර රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 9කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බවත් එම ප්‍රමාණය 4 සිට 2ක දක්වා අඩු කරහැනීමට මේ වනවිට හැකියාව ලැබී ඇතැයි ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

පොලිස් සංක්‍යා දත්ත අනුව දිනකට පුද්ගලයින් 10 – 15ත් අතර පිරිසක් රිය අනතුරු හේතුවෙන් සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වෙන බවත්, යුද සමයේ දිනකට ආබාධිතවූ පිරිසට වඩා එය වැඩි ප්‍රමාණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට පසුගිය දෙසැම්බර් 25 වන නත්තල් දිනයේ දී කිසිදු රිය අනතුරක් වාර්තා නොවූ අතර එය සුවිශේෂි අවස්ථාවක් බවද වැඩබලන පොලිස්පතිවරයා සිහිපත් කළේය.

විදුලි ගාස්තු අඩුකරයි.! [Breaking News]

විදුලි ගාස්තු අඩුකරයි.! [Breaking News]

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ බව දැනුම්දී තිබේ.

එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සදහා සියයට 20 කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සදහා සියයට 21%කින් විදුලි ගාස්තු අඩු කර ඇත.

හෝටල් සදහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සදහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සදහා විදුලි ගාස්තු 12%කින් අඩුකර ඇත. 

රාජ්‍ය ආයතන සදහා 11%කින්ද වීථි ලාම්පු සදහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන තිබේ.

හොරා පොලිස් සෙල්ලම් මඩින්න මහජනතාවට අවස්ථවක්.!

හොරා පොලිස් සෙල්ලම් මඩින්න මහජනතාවට අවස්ථවක්.!

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පොලිස් නිලධාරීන් විසින් කරනු ලබන වංචාවන්, අල්ලස් ලබා ගැනීම් සහ අකටයුතුකම් පිළිබඳව දැනුම් දීමට නව දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව 1997 දුරකතන අංකය ඔස්සේ මහජනතාවට එම පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසන්නේ මෙම තොරතුරු ලබාදීමේ දුරකථන මාර්ගය පැය 24 පුරා ක්‍රියාත්මක කර ඇති බවයි.

We are happy to invite you.