Attention (Sinhala)

ජනප්‍රිය අගමැතිට වසර 14ක සිර දඬුවමක් නියම වෙයි.!

ජනප්‍රිය අගමැතිට වසර 14ක සිර දඬුවමක් නියම වෙයි.!

අද (17) පාකිස්තානයේ අධිකරණයක් විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කළේය.

ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව  ලෙස සැලකෙන ඉඩම් දූෂණ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබේ.

ඔහු පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රට මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා සිරගතව සිටියි.

“හිරු මාධ්‍යට අත නොතබනු” තැපෑල වර්ජනයකට සැරසෙයි.!

“හිරු මාධ්‍යට අත නොතබනු” තැපෑල වර්ජනයකට සැරසෙයි.!

තැපැල් දෙපාර්තමේන්තුව තුළ මතුව ඇති ගැටලුවලට විසඳුම් ජනවාරි 19 වැනිදාට ප්‍රථම ලබා නොදෙන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

එහි සම කැඳවුම්කරු චින්තක බන්ඩාර මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ආණ්ඩුව පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු අනුව සේවක වැටුප් වැඩිකිරීම් මෙවර අයවැයෙන් ලබාදෙනු ඇති බවට විශ්වාස කරනා බවත් එසේ නොවේ නම් ආන්ඩුව සමඟ ඉදිරියට ගැටළු ඇතිවිය හැකි බවත් ය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ සම කැඳවුම්කරු සරත් ශාන්තප්‍රිය පැවසූවේ ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ පොරොන්දු ඉටු නොකිරීම නිසා එම තොරතුරු ජනතාවට ලබාදෙන හිරු වැනි මාධ්‍ය ආයතන මර්දනයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

දුමින්ද සිල්වාට නැවතත් මාරුවීමක්.!

දුමින්ද සිල්වාට නැවතත් මාරුවීමක්.!

ඊයේ දින (16) ආර්. දුමින්ද සිල්වා සිරකරු වෛද්‍ය නිර්දෙශයන්ට අනුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත ඇතුළත් කර ඇති අතර ඊට ආදල කරුණු හා එම වාට්ටුවේ ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශ) ගාමිණී බී. දිසානායක මහතා පවසන්නේ, වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු සඳහා සුවි‌ශේෂී පහසුකම් බන්ධනාගාර රෝහල තුළ ලබාදී ඇති බව හුවා දක්වමින් මෑතක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපකීර්තියකට පත්වන ආකාරයට කිසියම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් මුදා හරිමින් සිටින බවයි.

බන්ධනාගාරය තුළ රෝගී වන සෑම රැඳවියෙකුම බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය නිදේශයන්ට අනුව එම රැඳවියා නේවාසික ප්‍රථිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන්නේද, නොකරන්නේද යන්න තීරණය කරන බවත් රෝගියා වැඩිදුර ප්‍රථිකාර සඳහා රජයේ රෝහලක් වෙත යොමු කිරීමද වෛද්‍යවරයාගේ නිර්දේශ මත සිදු කරන බව බන්ධාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිරකරු සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්වලදී මාධ්‍ය නිවේදන නිකුත් කළ ද යම් යම් පුද්ගලයින්ගේ පෞද්ගලික අරමුණු සඳහා ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර සිදුකරන අවස්ථා නිරීක්ෂණය වන බවයි.

කෙසේවෙතත් මේ වන විට අදාළ සිරකරු බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර අවසන් කර වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

PHIගේ කුණු වූ මෘත දේහය පාලු නිවසක.!

PHIගේ කුණු වූ මෘත දේහය පාලු නිවසක.!

කාත්තන්කුඩි පොලීසිය පවසන්නේ, මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් කල්ලඩි, කලෙයිමගල් පාරේ අගුළු දමා තිබූ නිවෙසක බෙහෙවින් නරක් වී ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ සිරුරක් සොයා ගත් බවයි.

පොලීසිය පවසන්නේ මියගිය නිවෙස අගුළු දමා තිබූ බවත් ඔහුගේ සිරුර තදින් නරක් වී තිබූ බවයි.

එරාවුර්, මිච්නගර්හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස සේවය කළ එෆ්. ජෛයිකාන්ත් නැමති 48 හැවිරිදි අයෙකුගේ මෙලෙස අබිරහස් ලෙස මියගොස් ඇත්තේ බව පොලීසිය කියයි.

මේ නිවෙසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජීවත්ව සිට ඇත්තේ ඔහුගේ මව සමඟ බවත් මව මිය යෑමෙන් පසු ඔහු තනිව මෙහි වාසය කර ඇති බවටත් තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය කියයි.

මියගිය තැනැත්තා පලමු විවාහයෙන් වෙන්ව වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී සිට ඇති බවත් ඔහුට දාව නිවුන් දරුවන් සිටින බවත් පොලීසිය පවසයි

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව කාත්තාන්කුඩි පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

ගෝඨා CIDයට කැඳවයි.!

ගෝඨා CIDයට කැඳවයි.!

අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබේ.

එමෙන්ම හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද අයුතු ලෙස ඉපයූ දේපල පිලිබඳ ප්‍රශ්න කිරීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අද (17) කැඳවා ඇති බව වාර්තා වෙයි.

ජනපතිගේ චීන සංචාරයේ දැවැන්තම ආයෝජනය මාගම්පුරට.!

ජනපතිගේ චීන සංචාරයේ දැවැන්තම ආයෝජනය මාගම්පුරට.!

අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයේදී හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේදී ඊයේ (16) පෙරවරුවේ අත්සන් තැබුණු අතර එය එම සංචාරයේදී ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම ආයෝජනය ලෙස සැලකේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුම් අත්සන් තැබූ අතර සමස්ථ ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක වටිනාකමකින් යුතු වෙයි.

සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක ඍජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

මෙම දැවැන්ත ආයෝජනය හරහා මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇති බව රජය අපේක්ෂා කරයි.

එම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.

සංචාරක බස් රිය සිමෙන්ති ලොරියේ ගැටී රියදුරි ජීවිතක්ෂයට.. විදේශිකයන්ටත් තුවාල.!

සංචාරක බස් රිය සිමෙන්ති ලොරියේ ගැටී රියදුරි ජීවිතක්ෂයට.. විදේශිකයන්ටත් තුවාල.!

අද (17) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක පිටුපස ගැටී බිහිසුනු අනතුරක් සිදුවිය.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ බස් රථයේ රියදුරු රෝහල් ගතකිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් ද තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශීය ජාතිකයින් 30ක් පමණ ගමන් කර ඇති බව පැවසෙන අතර අනතුරට හේතුව මෙතෙක් නිෂ්චිතව හඳුනාගෙන නොමැත.

අනතුරෙන් බස් රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු වෙයි.. නොගෙවූ ණය පොලී කපා හරී.!

තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු වෙයි.. නොගෙවූ ණය පොලී කපා හරී.!

රජය විසින් ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා සහන පැකේජ ක්‍රමයක් සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු සඳහා සහන සැලසීම සඳහා දිගු කාලීන දැක්මක් සහිතව මෙම සහන පැකේජය සකස් කර ඇත.

ඒ අනුව, බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019.04.01 දින හෝ ඉන් පසුව අදියර 3 (අක්‍රිය ණය) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අවශ්‍ය සියලුම ලියකියවිලි සමඟින්, 2025.03.31 හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම්, එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යෝජිත සහන පැකේජය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.

(අ) විශේෂිත සහන

1. 2024.12.15 දිනට පැවති සමස්ත ගෙවිය යුතු ණය ප්‍රාග්ධන වටිනාකම මත පදනම්ව කාණ්ඩ තුනක් යටතේ විශේෂිත සහන ක්‍රියාමාර්ග යෝජනා කර ඇති අතර ඒ අනුව එක් එක් කාණ්ඩය සඳහා හිමිවන විශේෂිත ප්‍රතිලාභ පහත වගුවේ දක්වා තිබේ.

2019.04.01 සිට 2024.09.30 දක්වා කාලය තුළ බැංකු විසින් අදියර 3 ණය කාණ්ඩය (අක්‍රිය ණය) යටතේ රු. බි. 886ක පමණ වටිනාකමක් සහිත 494,000ක් පමණ වන ණය ලබාගත් අය වර්ග කර ඇති අතර, එසේ වර්ග කර ඇති ණය සංඛ්‍යාවෙන් 99% ක් පමණම රු. මි. 25ට අඩු ණය ගැනීම් ලෙස වාර්තා වී ඇත.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය කාලය තුළ අත්විඳින ලද අහිතකර බලපෑම් හේතුවෙන් ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජය සැලසුම් කර තිබේ.

සම්පූර්ණ විස්තර පහතින්,

පාර්ලිමේන්තු තර්ක ශාස්ත්‍රය පිළිබඳ සජිත්ගෙන් වැඩමුළුවක්.!

පාර්ලිමේන්තු තර්ක ශාස්ත්‍රය පිළිබඳ සජිත්ගෙන් වැඩමුළුවක්.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, සෞභාග්‍ය සම්පන්න රටක් ගොඩ නැගෙන්න නම් නිවැරදි ප්‍රතිපත්තීන් නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා පහළින් ඉහළට ගලා යන ජනතා අදහස්, යෝජනා, චින්තන, දර්ශන මුදුන් පත් කර ගත් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයකට ප්‍රවේශ විය යුතු බවත් ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම යන අංශ ගණනාවක් තුළින් යහපත් දේශයක් උදෙසා කාර්යභාරය ඉටු කිරීම විධිමත් කළ යුතු බවත් ය.

එම අරමුණ ජය ගැනීම සඳහා සක්‍රීය දායකත්වය, කැපවීම, වගකීමෙන් දත්ත තොරතුරු සහිත කරුණු කාරණා හා යෝජනා අවශ්‍ය බවත් එය ජනතා පිළිගැනීම හා විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි බවත් ව්‍යාජ තොරතුරු දත්ත මත දේශපාලනීකරණය ලක් වූ වැඩපිළිවෙළක් නොවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ඉදිරි අයවැය විවාද සතියේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් දැනුවත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

සෑම මසක දින 4ක් රැස්වන පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා කරුණු කාරණාවලට සක්‍රීය දායකත්වය, සහභාගීත්වය ලබා දීම හරහා ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය වඩාත් ශක්තිමත් කර සහභාගීත්ව ප්‍රතිපත්ති සම්පාදනයේ පෙරමගකරුවන් බවට පත්විය යුතු බවත් හෙතෙම පවසයි.

දත්ත හා තොරතුරු මත පදනම්ව සියලු තර්කයන් ඉදිරිපත් කරන ලෙසත් ආණ්ඩුව කරන කියන දේවල් තර්කානුකූලව විග්‍රහ කළ යුතු බවත් ජනතාව වෙනුවෙන් දැවැන්ත හඬක් නැඟිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජ්‍ය අංශයේ වැඩකරන ජනතාව මෙන්ම පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ හඬ ද නියෝජනය විය යුතු බවයි.

සහභාගීත්ව ක්‍රියාවලිය තුළින් වඩාත් යහපත් යෝජනා හා අදහස් ඉදිරිපත් කර රටට සෞභාග්‍ය උදාකරලීම සඳහා විපක්ෂයෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

ගාසා තීරයේ විලාපයට විරාමයක්.!

ගාසා තීරයේ විලාපයට විරාමයක්.!

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මාස 15ක් පුරා ගාසා තීරයේ පැවති යුද්ධය අවසන් කරමින් දෙපාර්ශ්වය සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවයි.

ඒ අනුව දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාවකටද එළඹ ඇති අතර ඉකුත් 2023 වසරේ හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීමෙන් මෙම යුද්ධයේ ආරම්භය විය.

ෙහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය වැසියන්  1,200ක් පමණ මිය ගිය අතර තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා වෙත රැගෙන ගියේය.

ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර දියත් කළ අතර ගත වූ මාස 15ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000කට වැඩි පිරිසක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාස ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසුව මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වේ.

මෙහි ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටාර් රාජ්‍ය කටයුතු කරනු ඇති බව සඳහන්.

We are happy to invite you.