Attention (Sinhala)

7000/= පෙත්ත 370/=යි.. මාෆියාව සනීපයි.!

7000/= පෙත්ත 370/=යි.. මාෆියාව සනීපයි.!

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන්නේ පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බවයි.

එම හේතුවෙන් රුපියල් 7000 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගත් ඖෂධයක මිල රුපියල් 370 ක් දක්වා පහත වැටී ඇති බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ නිරීක්ෂණයකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

සමාගම් කීපයකට ඖෂධ ආනයන අවස්ථාව ලබාදීම හරහා ඖෂධ ඒකාධිකාරිය තවදුරටත් බිඳ දමා ඉදිරියේදී සැලකිය යුතු ලෙස ඖෂධ ගණනාවක මිල අඩුකිරීම රජයේ අපේක්ෂාව බවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

කිරි දරුවන්ගේ දත් දිරන අලුත් රෝගයක්.. වෛද්‍යවරු අනතුරු අඟවයි.!

කිරි දරුවන්ගේ දත් දිරන අලුත් රෝගයක්.. වෛද්‍යවරු අනතුරු අඟවයි.!

කිරි දරුවන්ගේ දත් එද්දීම දිරායෑම පටන් ගන්නා රෝගයක් හඳුනාගෙන ඇතැයි දන්ත වෛද්‍යවරු අනතුරු අඟවයි.

උපතේදී මෙන්ම නිතර ප්‍රතිජීවක ඖෂධ ලබාදීම නිසා ඇතිවන ගැටලු හේතුවෙන් ඇරඹෙන දත් දිරායෑමේ රෝගය චාර්වක හා කෘන්තක දත් වලට කැල්සියම් කැන්පත් වීම අඩුවීමේ රෝගය (MIH) ලෙසින් හඳුන්වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත ශික්ෂණ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ළමා දන්ත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ගොඩමුන්නේ හේරත් සදහන් කළාය.

වයස අවුරුදු හයේදී හක්කේ පළමු චාර්වක දත් හතර මතුවන බවත් මේ ගැන මවුපියන් නොදන්නා මුත් ඒවා ස්ථිර දත් වන බවත් උපතින්ම ඇරඹෙන මෙම රෝග යට ගොදුරු වන ළමයින්ගේ දත් දිරායෑම හේතුවෙන් අඩු වයසෙන් දත් ගලවා දැමීමට පවා සිදුවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ගොඩමුන්නේ හේරත් අනාවරණය කළාය.

මෙම MIH රෝගයට මුළු ලෝකයේම කුඩා දරුවන් 13.17%ක් පමණ ගොදුරුව ඇති බව හඳුනාගෙන තිබෙන බවත් අපේ රටේ පසුගිය වසර කිහිපය වන විට 10 – 11% ළමයින් මෙම රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති බවත් එම තත්ත්වය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ගොඩමුන්නේ හේරත් සදහන් කළාය.

මේ සදහා විසඳුමක් ලෙසට කුඩා දරුවාගේ පළමු දත මතු වූ දා පටන් ළමා දන්තාලේප භාවිත නොකර ෆ්ලෝරයිඩ් අඩංගු වැඩිහිටියන් භාවිත කරන දන්තාලේපයකින් උදය සවස දරුවන්ගේ දත් මැදිය යුතු බවද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ගොඩමුන්නේ හේරත් සදහන් කළාය.

දත්වල පැහැයේ සුදු හෝ දුඹුරු පාට පෙනේ නම් නොපමාව දන්ත රෝග වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ගත යුතු බවත් මෙසේ සැලකිලිමත් වීමෙන් ඉතා අඩු වයසේදී විශේෂයෙන් හක්කේ පිහිටන ස්ථිර දත් ගලවා දැමීමට සිදුවන ව්‍යාසනයෙන් දරුවන් බේරා ගත හැකි බවද විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ගොඩමුන්නේ හේරත් සදහන් කළාය.

මාගම්පුර කලු ගල් බද්ද 1000ට බස්සයි.!

මාගම්පුර කලු ගල් බද්ද 1000ට බස්සයි.!

මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ඉදිකිරීමේදී මතු වූ කලු ගල් අපනයනය කිරීම සඳහා පනවා තිබු බදු මුදල අඩු කිරීමේ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ.

එම සංශෝධනය අනුව එම කළුගල් මෙට්‍රික් ටොන් මිලියන එකක් අපනයනය කිරීමේදී කියුබික්ම මීටර් එකක් සඳහා අයකරන බද්ද රුපියල් දහසක් දක්වා අඩු කර ඇත.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

පොලීසිය අඩියක් පස්සට ගනී.. බඩ වියත රැකෙන රස්සාව බේරෙයි.!

පොලීසිය අඩියක් පස්සට ගනී.. බඩ වියත රැකෙන රස්සාව බේරෙයි.!

2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය මගින් ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන් පිළිබඳව සහ එයට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර ඇත.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර අද (15) පොලිස් මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ ඇත.

කෙසේවෙතත් නීතියට අනුකූල නොවන අන්තරාදායක ආකාරයෙන් සවි කර ඇති කොටස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදුකිරීමට පොලීසිය කටයුතු කරන බව මෙහිදී දැනුම්දී තිබේ.

ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කිසිවිටකත් කටයුතු නොකරන බව මෙහිදී පොලිස්පතිවරයා අවධාරනය කර ඇත.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල මහගිරිල්ල මහතා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

සජබ මන්ත්‍රීවරුන්ගේ සහයත් ආණ්ඩුවට.. 118ක් අත්සන් තබයි.!

සජබ මන්ත්‍රීවරුන්ගේ සහයත් ආණ්ඩුවට.. 118ක් අත්සන් තබයි.!

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ, අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව රජය විසින් ගෙන ඒමට නියමිත දෝෂාභියෝග සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් 118ක් අත්සන් තබා ඇති බවයි.

එමෙන්ම එම දෝෂාභියෝග සඳහා සමඟි ජන බලවේගයද සහ දැක්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් ඉකුත් දෙසැම්බර් මස 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක් හේතුවෙන් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා රජයේ අවධානය යොමු විය.

රනිල් වික්‍රමසිංහ පාලන සමයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරය සඳහා නම් කරමින් ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබූ නමුත් බහුතර සමාජිකයින්ගේ තීරණය මත එම නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

සිමෙන්ති මිල පහතට.!

සිමෙන්ති මිල පහතට.!

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇති බව වාර්තා වේ.

එම බදු සංශෝධනය හරහා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැනුම් දී ඇත.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

රාජපක්ෂ නාමයට අත තැබුවයි දොලේ ආණ්ඩුව පොලේ ගහයි.!

රාජපක්ෂ නාමයට අත තැබුවයි දොලේ ආණ්ඩුව පොලේ ගහයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉවත්කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරනා බවයි.

වසර ගණනාවක් පුරා රටේ සම්පත් විනාශය කළ, මනුෂ්‍ය ඝාතණ සිදුකළ කණ්ඩායමක් නැවතත් රටේ බලයට පත්ව පසුගිය රජයන් විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති විනාශ කරමින් සිටිනා බව ඔහු පවසයි.

පසුගියදා වත්මන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා මේ බව පැවසීය.

ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී පවසා තිබුනේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන නමුත් මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට කිසිදු ආයෝජකයෙකු මුදල් ආයෝජන නොකරන බවත් එබැවින් එම නම ඉවත් කිරීමටද ඉදිරියේ කටයුතු කරන බවයි.

සුදාට 8යි බිරිඳට 8යි.. දඩේ 22යි.. රාජසන්තකයි.!

සුදාට 8යි බිරිඳට 8යි.. දඩේ 22යි.. රාජසන්තකයි.!

කොළඹ මහාධිකරණය විසින් ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කර ඇත.

ඒ හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ඊට අමතරව කෝටි 22ක දඩ මුදලක් සහ නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියම කරනු ලැබීය. 

වැඩිවන බනින ජනතාවට නායකත්වය දෙන්න සජබ සැරසෙයි.!

වැඩිවන බනින ජනතාවට නායකත්වය දෙන්න සජබ සැරසෙයි.!

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පුවත්පතකට පිළිතුරු දෙමින් පවසන්නේ දූෂිත නැති ඕනෑ ම කෙනෙකුට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට, වැඩපිළිවෙලක් සාදා ගැනීමට හා එකඟතාවට පැමිණීමට සමගි ජන බලවේගය සූදානම් බවයි.

ඔහු පවසන්නේ, රටේ ජනතාව මුහුණ දී ඇති පීඩනය හමුවේ ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග එකතු කරගෙන ඉදිරි ගමන යෑමට සජබ සූදානම් බවයි.

ආණ්ඩුව ඡන්දවලට පෙර කී දේට වෙනස්ම දෙයක් දැන් කරන බව ත් අඩු මිලට වාහන ගැනීමට සිටි තරුණ තරුණියන්ට හොඳ ඉහළ මිලකට වාහන ගැනීමට සිදුවනු ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුව විසින් ජනතාව ‍රවටා ඇති බවත් කිසිදිනක නොවූ ආකාරයට රටේ සහල් හිඟයක් ඇති වී තිබෙන බවත් හාල් නැති තැනක් පෙන්වන්නැයි වෙළෙඳ ඇමතිවරයා කීවත් හාල් තිබෙන තැන් පෙන්වීම ඊට වඩා පහසු වනු ඇති බවත් ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මේ අනුව ජනමතයට අනුව විපක්ෂයේ බලවත්ම පක්ෂය ලෙස සමගි ජන බලවේගය රජයට එරෙහි ඕනෑම බලවේගයක් සමග වැඩ කිරීමට නායකත්වය ලබා දෙන බවත් ආණ්ඩුවට බනින ජනතාව මේ වන විට වැඩි වී ඇති බැවින් ඒ සියලුම දෙනා එකතු කරගෙන ඔවුන්ට නායකත්වය දීමට සමගි ජන බලවේගය ඉදිරියේදී කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පවසයි.

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට.!

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට.!

දෝෂාභියෝගයට ලක්ව සිටින දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeo) දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යූන් සොක් යෝල් රැගත් සන්නද්ධ රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව යන ආකාරය විදෙස් මාධ්‍ය විසින් වාර්ථා කර ඇත.

විමර්ශකයින් ඔහුගේ නිල නිවස වෙත අද (15) උදෑසන අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා ඇතුළු වූ බව වාර්තා වේ.

යූන් සුක් යෝල් ජනාධිපතිවරයා මුල් වරට අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ආරක්ෂක අංශ හා පාක්ෂිකයන් විසින් වලක්විමත් සමඟ අධිකරණය විසින් කලින් වරෙන්තුවක් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණි.

ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ නිල නිවසින් පිටත ජනතාව එක් රැස්ව සිටි අතර, අවට ආරක්ෂාව සඳහා පොලිසිය නිලධාරීන් 1,000 ක් පමණ යොදවා ඇත.

පසුගිය 31වැනි දා දෝෂාභියෝගයක් හේතුවෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලදී.

We are happy to invite you.