Attention (Sinhala)

පැකේජ් මිල වැඩීද.? පැමිණිලි කරන්න.!

පැකේජ් මිල වැඩීද.? පැමිණිලි කරන්න.!

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ කිසියම් ජංගම දුරකතන සේවා සපයන සමාගමක් සිය පැකේජවල මිල වැඩි කිරීමක් සිදුකර ඇත්නම් කඩිනමින් කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙසයි.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා වැඩිදුරටත් පවසන්නේ, සියලුම ජංගම දුරකතන සමාගම් විසින් කිසිඳු මිල වැඩි කිරීමක් මේ වන විට සිදු කර නොමැති බවට ලිඛිතව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා තිබෙන බවයි.

එම නිසා යම්කිසි පාරිභෝගිකයෙක් තමා දැනට සක්‍රිය කර තිබෙන ජංගම දුරකතන පැකේජයක මිල ගණන් ඉහළයාමකට මුහුණ දී සිටී නම් ඒ පිළිබඳ තොරතුරු සාධක සහිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත්, සිය සේවාදායක සමාගම්වලට ලබාදී තිබෙන බලපත්‍රවල කොන්දේසි උල්ලංඝනය කිරීම මත එවැනි සේවාදායක සමාගම්වලට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි වරුසාවක්.!

පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි වරුසාවක්.!

අද (15) අළුයම දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි.

අදාළ නිවස විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට අයත් නිවසක් බව අනාවරණය වී ඇති අතර නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර හතරක් එල්ලවී ඇත.

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවකුට තුවාල හෝ ජීවිත හානි නොමැති බව සදහන් වේ.

ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැදවා ඇති අතර කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගර නිළධාරීන් පරීක්ෂණ සිදුකරයි.

මණ්ඩලේ කචල් වෙයි.. හොරට කැරකූ මීටර් මාට්ටු වෙයි.!

මණ්ඩලේ කචල් වෙයි.. හොරට කැරකූ මීටර් මාට්ටු වෙයි.!

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය අද (14) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කර සිටියේ, ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බවයි.

එම් සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අවධාරණය කර සිටියේ, එම් වැරදි ගණනය කිරීම් සිදුකළ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට කැඳවිය යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා,

“දැන් මේ මගේ අතේ තියෙන්නේ ලංවිම විදුලි ගාස්තුවල දත්ත වැරදි බවට විගණකාධිපති අධ්‍යයනයකින් තහවුරු කරලා තියෙන වාර්තාව.

මේක විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට යවලා තියෙන්නේ. එතකොට 2024 – 2025 ලංවිම ඉදිරිපත් කරපු දත්ත සංශෝධන යෝජනා වැරදි ඇස්තමේන්තු පිළිබඳව මෙතනදි මත විමසුමට ලක්වෙනවා.

ඒ නිසා විගණකාධිපතිගේ තොරතුරු කැඳවීමට කෙඳිරි ගාන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්. දැන් වැරදි දත්තවලට විදුලි බිල් ගෙව්වේ පාරිභෝගික අපි. කවුද දැන් මේවට වගකියන්නේ.”

දඹුල්ලේ බවලතුන් ආසියාවේම බලවතුන් වෙයි.!

දඹුල්ලේ බවලතුන් ආසියාවේම බලවතුන් වෙයි.!

පසුගියදා දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී දකුණු ආසියාවේ පළමු වතාවට 100%ක් කාන්තා සේවක කාර්ය මණ්ඩලයක් සහිත “අඹ යාලු” නමින් සංචාරක හෝටලය විවෘත කෙරිණි.

මෙම සංචාරක හෝටලයේ විවෘත කිරීම තානාපති කාර්යාල නිළධාරීන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංචාරක හෝටල් කර්මාන්ත වල හිමිකරුවන්ගේ සහභාගග්වයෙන් සිදු කෙරුණු අතර එම හෝටලයේ පිරිත් දේශනය සඳහා ද වැඩම කර සිටිනු ලැබුවේ භික්ෂුණීන් වහන්සේලා දෙනමකි.

“තේමා කලෙක්ෂන්” ආයතනයට අනුබද්ධව ඉදි කෙරුණු මෙම සංචාරක හෝටලයේ සියලු කටයුතු කාන්තාවන් අතින් සිදුවීම විශේෂත්වයකි.

අඹ යාලු හෝටලයේ ප්‍රධාන මුළුතැන් ගෙය භාරව කටයුතු කරන සුපවේදනී කෞෂයා බටගොඩ මහත්මිය පැවසූවේ තමන් විදෙස් රටවලින් හ දේශීය රටවලින් ලබාගත් දැනුම උපයෝගී කරගෙන දකුණු ආසියාවේ 100% කාන්තා සේවකයන්ගෙන් සැදුම් ලත් හෝටලයේ ප්‍රධාන කෝකිවරිය වීම තමන් ජීවිතේ ලද මහත් ගෞරවයක් බවය.

විදුලි බිල 30%කින් අඩු කිරීමට යෝජනා වෙයි.!

විදුලි බිල 30%කින් අඩු කිරීමට යෝජනා වෙයි.!

මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බව සමස්ත ලෙස යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.

විදුලි සේවා ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට පළාත් නවය ආවරණය වන ලෙස සිදු කළ ජනතා අදහස් විමසීමෙ සැසි වලට පුද්ගලයන් දේශපාලඥයන්, වෘත්තිකයන් සහ විශේෂ පුද්ගලයන් ඇතුළු 400 ක් පමණ පිරිසක් සහභාගි වී ඇති බව වාර්තා වේ.

නිශ්ශංක බන්දුලට එරෙහිව නිල වශයෙන් රතු කොඩිය එසවෙයි.!

නිශ්ශංක බන්දුලට එරෙහිව නිල වශයෙන් රතු කොඩිය එසවෙයි.!

මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුව නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජට තීරණය කර ඇති බවයි.

දෝෂාභියෝගය සඳහා මේ වන විට ඒ සඳහා අත්සන් ලබා ගැනීමද අවසන් බවත් වටගල මහතා වැඩිදුරටත් පැවසීය.

අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වාර්තා පළ වී ඇති නිසා ඒ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ සභාපති වරයා සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට ඉතිරිව ඇත්තේ තවත් දින ගණනක් වන අතර ඊට අදාල ලේඛණ බාර දීමෙන් පසු ක‍්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය අවසන් වීමටද නියමිතයි.

අඩුවෙන් ගෙවා වැඩි මිලට විකුණන හාල් ජාවාරමක් හෙළිවෙයි.!

අඩුවෙන් ගෙවා වැඩි මිලට විකුණන හාල් ජාවාරමක් හෙළිවෙයි.!

රජය විසින් පෞද්ගලික අංශයට ලබාදුන් හාල් ආනයන අවසරයට මුවා වී අඩු තීරු ගාස්තු යටතේ හාල් ගෙන්වා වැඩි මිලට අලෙවි කිරීම පිළිබඳ පරීක්ෂණයන් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න සදහන් කරයි.

හාල් ආනයන ජාවාරමක් පිළිබඳව රේගුව මගින් හෙළි කර ගැනීමත් සමග මෙම පරීක්ෂණය කිරීමට පියවර ගත් බවද කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න සදහන් කරයි.

බාස්මතී හාල්වලට සමාන ආනයනය කරන ලද දිගටි හාල් වර්ගයක් බාස්මතී බව හඟවමින් පාරිභෝගිකයා නොමඟ යවමින් වැඩි මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන ජාවාරමක් පිළිබඳව රේගුව මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ද ඇමැතිවරයා සදහන් කරයි.

මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන බවට රේගුවට තොරතුරු ලැබීමත් සමඟ පසුගියදා රජයෙන් ලබාදුන් හාල් ආනයන අවසරය යටතේ අඩු තීරු බදු යටතේ මෙම ව්‍යාජ බාස්මතී හාල් ගෙන්වා ඇතැයි ද රේගුවෙන් අනාවරණය කරගෙන ඇත.

බාස්මතී හාල්වලට සමාන දිගටි හාල් වර්ගයක් ගෙන්වා බාස්මතී නමින් අලෙවි කරන බවට ලද තොරතුරු මත පාරිභෝගික අධිකාරිය ද විමර්ශනයක් කිරීමට සැරසෙන අතර මෙම පරීක්ෂණය සදහා හාල් සාම්පල් බතලගොඩ හාල් සහ වී පර්යේෂණාගාරය වෙත යවා ඇතැයි ද අනාවරණය වේ.

ජනපති අනුර චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සමඟින් පිළිගනී!

ජනපති අනුර චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සමඟින් පිළිගනී!

ජනපතිවරයාගේ දෙවන නිළ සංචාරය ලෙස චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

ජනාතිවරයා චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව එරට සචාරයක් සඳහා එක්වීය.

එහිදී චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

පොලීසියට මිලියන 90ක ඇමරිකන් බඩු බෙදයි.!

පොලීසියට මිලියන 90ක ඇමරිකන් බඩු බෙදයි.!

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකදී රුපියල් මිලියන 91 කට වැඩි වටිනාකමකින් යුත් තත්ත්වයෙන් උසස් වේග මාපක උපකරණ තොගයක් පොලිස් ස්ථාන වෙත බෙදාදීම සිදුවිය.

අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද ලේසර් තාක්ෂණය භාවිත වන එම වේග මාපක උපකරණ පළමු අදියර ලෙස මීගමුව, කැලණිය, සහ ගම්පහ යන ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතේ දකුණු රථවාහන අංශයේ ප්‍රාදේශීය නිළධාරීන් වෙත බෙදා දී තිබේ.

2024 වසරේදී මෙරට තුළ රථවාහන අනතුරු 24,589ක් අතරින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,253ක් වේ.

පොලීසිය පවසන්නේ අධික වේගයෙන් රිය පැදවීමේ සිද්ධීන් 31,182 ක් එම කාලය තුළදී පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරුවලින් අනතුරු 731 ක්ම සිදුව ඇත්තේ අධික වේගය නිසා බවයි.

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්.!

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්.!

පුවත්පතකට පිලිතුරු දෙමින් හිටපු ඇමැති, මනූෂ නානායක්කාර මහතා පවසන්නේ, සිය සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවයි.

තමා සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේද වෙනත් ස්ථානයක සිට බවත් සහෝදරයාගේ මූල්‍ය වංචා පිළිබඳව මුල්වරට හෙළි කළේ තමා බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.

තමන් එම වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ දා සිට ඔහු සමඟ පැවැති හිතවත්කම් ද අත්හැරි බවත් එක කුස ඉපදුණත් පුද්ගලයන් එකිනෙකාට වෙනස් බවත් නානායක්කාර මහතා වැඩිදුරටත් පවසයි.

We are happy to invite you.