Attention (Sinhala)

තනතුර අත්හළ ආණ්ඩුවේ තරුණ සභාපති කට අරී.!

තනතුර අත්හළ ආණ්ඩුවේ තරුණ සභාපති කට අරී.!

පසුගියදා තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් තනතුරුවලින් ඉල්ලා අස්වූ චින්තක හේවාපතිරණ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු හෙළිකර තිබේ.

පක්ෂයේ ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බව ඔහු පවසයි.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.


සහෝදරයා සහෝදරිය,

මීට මාස හතරකට පෙර ජාතික ජන බලවේගය විසින් මා හට පවරන ලද වගකීමක් අනුව මා ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පත්වූ අතර එකී කාලය තුළ මා මට පුළුවන් උපරිමයෙන් එකී කටයුතු සිදු කරන ලද අතර 2025 01 මස 31 දින මා මාගේ සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළෙමි. මා මෙම වගකීම් භාරගත්තේ ද පසුව එකී වගකීමෙන් ඉවත් වන්නේ ද පක්ෂයේ ඉල්ලීමකට අනුව බවත් මින් ඉදිරියටත් පක්ෂය විසින් මාතර දිස්ත්‍රික්කයේ නව දේශපාලන වගකීමක් මේ වනවිටත් මා වෙත පවරා ඇති බවත් එකී වගකීමද මට හැකි උපරිමයෙන් ඉටු කිරීමට මේ වන විට මා සූදානම් වන බවත් කියා සිටිමි.

2025/01/31 වන දින සිටමේ දක්වා සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ අදහස් ප්‍රචාරණය වී තිබූ අතර එකී සියලු ප්‍රචාරයන්ට මා කියා සිටින්නේ මා දේශපාලනය ආරම්භ කළ කොළඹ විශ්ව විද්‍යාල නීති පීඨයේ දේශපාලනයේ සිට මේ මොහොත දක්වා උත්සාහ කරන්නේ මේ මව් පොළව වෙත යම් සාධනීය මෙහෙවරක් සිදු කිරීමටයි. එතෙක් මෙතෙක් ඒ කාල පරාසය තුළ මගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කොට ඇති අතර සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කොට ඇත. දේශපාලනයෙන් මා උපයාගත් අබ ඇටයක තරම්වත් ආර්ථික වත්කමක් නොමැත. ඉදිරියටත් ජාතික ජන බලවේගයේ පොදු යහපත් අරමුණ යථාර්ථයක් කරන්නට මාතර දිස්ත්‍රික්කයේ මාගේ සහෝදරත්වය සමග උපරිම වගකීමෙන් කටයුතු කරන බවත් මාතරින් තාවකාලිකව මා මාස හතරකට පෙර නතර කළ ගමන ඊයේ නැවත වැලිගමින් ආරම්භ කළ බවත්ය.

එබැවින් මා හට පැවරී ඇති සමාජ වගකීමෙන් මා කිසිදු විටෙකත් දුරස් නොවෙමි. මිනිසුන් අතර කේලාම් වාසි බස් කියා ගැටුම් ඇති නොකරන්නෙමි. මගේ ගමන යන්න පොදු හැඟීම් සමග සෙල්ලම් නොකරන්නෙමි. යමෙක් පහත් ක්‍රම හරහා පහත් සතුටක් ලබයිද එය තාවකාලික තිරිසන් පහත් සතුටකි. එහෙත් පටු නපුරු චේතනාවන්ගෙන් ඔබ කියන කරන සියල්ලක්ම මේ වාතලයේ යම් තැනක සටහන් වන බව අමතක නොකරන්න. දවසක හොඳ හෝ නරක ලෙස ඔබ පසුපස එන්නේ ඒ කළ කී දේ බව මතක තියාගන්න. අපේ මව් පොළොවේ පුරවැසියන් උදෙසා යහපත් මව් පොළොවක්, සමාජයක් නිර්මාණය කරන්න මා මගේ වපසරිය තුළ මට කළ හැකි සියල්ලක්ම උපරිමයෙන් කරමි.

ස්තුතියි, ජය !

~ Chinthaka D Hewapathirana

කසිප්පු වීදුරුවට එක ගොඩේ තුනක් කපා මරයි.!

කසිප්පු වීදුරුවට එක ගොඩේ තුනක් කපා මරයි.!

කසිප්පු ආරවුලක් මත ඇතිවූ ගැටුමක් දුර දිග යෑමෙන් අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 29-45 තිදෙනෙකු මෙලෙස ඝාතනය කර ඇත.

අම්බලන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025/2/3

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වු ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශන වලදී අනාවරණය වී තිබුණි.

රටේ ලොකුම ගැටළුව විසඳන ගැසට්ටුව හෙට.!

රටේ ලොකුම ගැටළුව විසඳන ගැසට්ටුව හෙට.!

හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසූවේ වී මිල දී ගැනීම සඳහා සහතික මිලක් නියම් කරමින් (03) දින කැබිනට් පත්‍රිකාව නිකුත්වීමට නියමිත බවයි.

මෙවර කන්නයේ වී අස්වැන්න නෙලීමෙන් අනතුරුව රටේ ජනතාවට ගැටළුවකින් තොරව පාලන මිලට සහල් මිල දී ගත හැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ නීතිමය ගැටළු කිහිපයක් ඇති බවත්, එම ගැටළු නිරාකරණය කර කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවත්වීමට කටයුතු කරනා බවත් ය.

ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයගත් සේම පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙ බහුතර පළාත් පාලන ආයතන බලය ලබා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි.!

නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි.!

මේ වනවිට අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම අද (02) සිදුවිය.

මොහොමඩ් ලෆාර් තාහිර් මහතා මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයාද වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වේ.

ආලෝකකරණය අහෝසියි අලංකරණය පමණයි.!

ආලෝකකරණය අහෝසියි අලංකරණය පමණයි.!

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉකුත් ජනවාරි මස චක්‍රලේඛයක් මගින් දැනුම්දී තිබුණේ, නිදහස් උළෙල වෙනුවෙන් පෙබරවාරි මස 01 දින සිට පෙබරවාරි 07 වන දින දක්වා පුරා සතියක කාලසීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි.

එමෙන්ම පෙබරවාරි 03 සහ 04 දිනවලදී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කරන ලෙසත් එම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබුණි.

කෙසේවෙතත් එම නිකුත්කර තිබූ 01/2025 චක්‍රලේඛයේ ඇතැම් කරණු ක්‍රියාත්මක නොකර ලෙස නැවත නිවේදනයක් රාජ්‍ය ආයතන වෙත යොමුකර ඇත.

කෙසේ වෙතත් විදුලිය අරපිරිමැස්ම හා විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස්, යෝජනා සහ නියෝජනයන් සැලකිල්ලට ගෙන එම චක්‍රලේඛයේ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය යන කරුණ අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

113කට Sorry.. වාර්තාව සති දෙකකින්.!

113කට Sorry.. වාර්තාව සති දෙකකින්.!

ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවති ජන හමුවක් අමතමින් රටට බරක්ව ඇති රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකළ අතර එහිදී ඔහු පැවසූවේ “Sorry සමහර රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න සිද්ධවෙනවා” යනුවෙනි.

එම ප්‍රකාශය තහවුරු කරමින් ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඊයේ (01) පැවසූවේ ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් තීරණය කර ඇති බවයි.

ඒ සඳහා පත්කර ඇති කමිටුව මගින් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රාජ්‍ය ආයතන 113ක් හඳුනාගෙන ඇති බව ද ලේකම්වරිය වැඩිදුරටත් පැවසීය.

වර්තමාන ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමතිවරයාට සිය හිතවතුන් අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්කර ගැනීම සඳහා එම ආයතන පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව අවධාරණය කළ ලේකම්වරිය තව සති දෙකක් ඇතුළත ඊට අදාළ වාර්තාව ජනාධිපතිතුමාට සහ ඇමතිවරයාට යොමු කරන බව පැවසීය.

කොළඹදී පැවති කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන්ගේ හමුවක් අමතමින් ඇය මේ බව පැවසීය.

පාස්කු ප්‍රහාරය ගැන සිකුරු අනාවැකියක් කාදිනල් හිමි ස්ථිර කරයි.!

පාස්කු ප්‍රහාරය ගැන සිකුරු අනාවැකියක් කාදිනල් හිමි ස්ථිර කරයි.!

මීගමුව කුරණ සාන්ත ආනා දේවස්ථානයේ නව දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා පැවැති උත්සවයට සහභාගී වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පැවසූයේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීම පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍ය තොරතුරු සිකුරු ලෙසම තව ටික දිනකින් හෙළිදරව් වන බවයි.

උන්වහන්සේ පවසන්නේ තමන්ට බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑම සඳහා නායකයන් කොයිතරම් දූෂිත, අප්‍රසන්න හා විනාශකාරී දේවල් සිදු කළාද කියා දැන් හෙළිදරව් වෙමින් තිබෙන බවයි.

“ඒ ගොල්ලන් සත්‍යය කොතරම් සඟවන්නට යට ගහන්නට උත්සාහ කළත් පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍යය තව ටික කලකින් හෙළිදරව් වෙනවා සිකුරුයි”

පාස්කු ප්‍රහාරයේ තීරණාත්මක ශාක්ෂිය ඉදිරිපත් වෙයි.?

පාස්කු ප්‍රහාරයේ තීරණාත්මක ශාක්ෂිය ඉදිරිපත් වෙයි.?

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ අසාද් මවුලානා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ශාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට යළි පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වූ ආන්දෝලනාත්මක වැඩසටහනට තොරතුරු ලබාදුන් අසාද් මවුලානා දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ මත සිටියි.

ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද රජය මේ වනවිට ඉවත් කරගෙන ඇති අතර නුදුරේදීම ඔහු මෙරටට පැමිණෙනු ඇති බවද වාර්තා වෙයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව අදාළ චැනල් 4 වැඩසටහනේදී කියැවුණු කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් කරගෙන යමින් පවතී.

අසාද් මවුලානා මෙරටට පැමිණීමෙන් අනතුරුව එම විමර්ශනයට අදාළව සාක්ෂි දීමට නියමිත බව සඳහන්.

එම සාක්ෂිය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැඩි බලපෑමක් ඇති කරනු ඇත.

අසුභ පෙබරවාරිය ගැන ජනපතිගෙන් ඉඟියක්.!

අසුභ පෙබරවාරිය ගැන ජනපතිගෙන් ඉඟියක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01) කුරුණෑගල ජන හමුවක් අමතමින් කියා සිටියේ, පෙබරවාරිය ජනතාවට සුභ මාසයක් වනු ඇති නමුත් පෙබරවාරිය අසුබ විය හැකි පිරිසක්ද සිටිනා බවයි.

“මට උසාවියේ නඩු අහන්න බලයක් නෑ. රිමාන්ඩ් කරන්නෙ වැරදි කාරයෙක් නෙමෙයි. අද රිමාන්ඩ් කරලා හෙට එළියට එන්නත් පුළුවන්. රිමාන්ඩ් කරන ඒවා ගණන් ගන්න එපා. මේ පෙබරවාරිය සුබ මාසයක් වෙයි. සාමාන්‍යයෙන් කියන්නේ දින අඩු මාස අසුබයි කියලනේ. අසුබ කට්ටියකුත් ඉදියි. සාමාන්‍ය සත්‍ය නම් සොයාගන්න බැරි හැම ඝාතනයක් පිටුපසම දේශපාලකයෙක් ඉන්නවා. ඒක නිසා මේවා නිසි පරිදි පරීක්ෂණ සිද්ධ වේවි.

වාහන ආනයනය කරන්න තහනම් වෙලා තිබුණ කාලෙ දේශපාලකයන් ළඟ වාහන තියෙනවා. රෙජිස්ටර් කරන්නේ නැතුව වාහන දුවනවා. ජෝන්ස්ටන් ඉන්නවා, රත්වත්තේ ඉන්නවා, තව පැත්තකින් මීගමුවේ කෙනෙක් ඉන්නවා. කඩුවෙල කෙනෙක් ඉන්නවා හෙට අනිද්ද අත්අඩංගුවට ගනියි.

අදටත්. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 ක් අතුරුදන් නීතියක් නැති රටක් මේ. පරාජිත කණ්ඩායම් මොන තරම් හොල්මන් කරමින් බලය ලබාගන්නට තැත් කළත් ජනතා සහාය තිබෙන තුරු මේ ආණ්ඩුව ආපහු යවන්න බෑ. ආණ්ඩුව ගත්තෙත් යන්න බලාගෙන නෙමෙයි. මතක තබා ගන්න.”

රන්කැටියාගේ පැටව් 4ක් අත්අඩංගුවට.!

රන්කැටියාගේ පැටව් 4ක් අත්අඩංගුවට.!

ඊයේ (01) මහා බාගේ පොලිසිය විසින් සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ත් 39 ත් අතර වයස්වල පසුවන සිව් දෙනෙකි.

ඇලපිටිවල, මඟුල් පොකුණ, හොරපේ යන ප්‍රදේශවල සිදුකළ වැටලීමකින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී යුද හමුදා ක්‍රීඩා ටී ෂර්ට් එකක්, කැමා ටී ෂර්ට් 2 ක්, යුද හමුදා නිල ඇඳුම් දෙකක්, ඉණ පටියක්, පුවස් එකක්, ව්‍යාජ පිස්තෝලයක්, අඟල් 32 ක ඇත්දල යුගලක්, පොලිස් ක්‍රීඩා ටී ෂර්ට් තුනක්, පොලිස් ගමන් කථනයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ මිළිග්‍රෑම් 700ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

We are happy to invite you.