Attention (Sinhala)

ඉන්දියානු අයවැය ඉතිහාසයේ ශ්‍රී ලංකාව සඳහා වෙන්කළ විශාලම මුදල මෙවර.!

ඉන්දියානු අයවැය ඉතිහාසයේ ශ්‍රී ලංකාව සඳහා වෙන්කළ විශාලම මුදල මෙවර.!

ඉන්දීය මාධ්‍ය පවසන්නේ 2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බවයි.

එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන අතර පසුගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.

මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් මෙම වර්ශය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක්ද ඉන් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක්ද වෙන් කර ඇත.

ඉන්දීය අයවැයකින් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ භූතානය වෙනුවෙන් වෙන් කළ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි.

වෙච්චි දේට නොච්චියා ගමට.!

වෙච්චි දේට නොච්චියා ගමට.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන හෙට (02) ආරම්භ වීමට නියමිත බවයි.

ඒ අනුව හෙට උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 2ට නොච්චියාගම ප්‍රදේශයේදී මෙහි පලමු වැඩසටහන සිදු කිරීමට සූදානම් කර ඇත.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ලෙස වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි සැලස්ම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමටත් ආණ්ඩුව විසින් සිදුකරන මර්ධනකාරී වැඩපිළිවෙළට විරෝධය පලකිරීමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වෙයි.

මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක් වීමට නියමිතව ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල ගම්මාන ඇතුළු ගම්මාන 14,000ක් ආවරණය කිරීමට සැලසුම් කර ඇත.

පළාත් පළාන මැතිවරණයට ප්‍රථම තෝරාගත් සෑම ආසනයකටම ගොස් ප්‍රධාන ක්‍රියාකාරීන් හමුවීමටද මෙහිදී සැලසුම් කර තිබේ.

සංවර්ධිත පරපුරක් උදෙසා අභියෝගාත්මක පියවරක්.!

සංවර්ධිත පරපුරක් උදෙසා අභියෝගාත්මක පියවරක්.!

අග්‍රාමාත්‍යතුමියගේ මූලිකත්වයෙන් සංවර්ධිත මතු පරපුරක් තැනීම උදෙසා පූර්ව ළමා විය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පියවර ගෙන තිබේ.

එහි සමාරම්භක පියවර ලෙස අග්‍රමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී අග්‍රාමාත්‍යතුමිය විසින් මෙරට පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය දැඩිව මතු කළ අතර එය මධ්‍යම රජයටත් සියලු පළාත්වලටත් එක ලෙස අදාළ විය යුතු බව අවධාරණය කළාය.

රට පුරා විවිධ ආකාරයට ක්‍රියාත්මක කෙරෙන පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල ඒකාබද්ධතාවකින් යුතු ව එක ම ප්‍රතිපත්තියක් මත පදනම් ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයේත් ඒකාබද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස සකස් කර නීතිමය රාමුවක් යටතේ අනුමැතිය ලබාගැනීම සඳහා සූදානම් කරන ලෙස අගමැතිවරිය විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදි. 

එම පොදු ප්‍රතිපත්තිය තුළ, පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ, ගුරු පුහුණු, ගුරු වැටුප්, බඳවාගැනීමේ විභාග වැනි සියලු කාරණා ඇතුළත් විය යුතු බවත් පැවසූ අගමැතිවරිය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන අවස්ථාවේ දී ම මෙම පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රතිපත්තිමාලාව ද ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද පැවසුවාය. 

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ හා නිලධාරීන්ගේ 
ප්‍රධානත්වයෙන් යුත් නිල කමිටුවක් ද මෙම ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් පිහිටවන ලෙස මෙහි දී යෝජනා විය. 

පෙරපාසල නිමා වීමෙන් පසු සවස් කාලය හා ගුරු නිවාඩු දිනවල දී දිවා කාලය ගත කිරීමේ දී පෙරපාසල් දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන ක්‍රමවේදයක් සොයා බැලිය යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය. 

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

ඓතිහාසික මිලක්.. වැඩිපුර 30%ක්.!

ඓතිහාසික මිලක්.. වැඩිපුර 30%ක්.!

අද පැවැති ජනහමුවකට එක්වෙමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසූවේ ඉදිරි දින කිහිපයේදී වී සඳහා වූ සහතික මිල ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ ගොවීන්ගේ වී අස්වනු සඳහා නිසි මිලක් ලබාගැනීම සඳහා ඉල්ලීම් සිදුකරමින් ආරම්භකළ සටන ඉතිහාසයේ පළමුවරට මෙවර ජයග්‍රහණයෙන් අවසන්වන බවයි.

“වීවලට අදළාව අපි සටන් පඨයක් ගෙනවා පසුගිය කාලයේ. වී කිලෝ එකක නිෂ්පාදන වියදමට 30%ක් එකතුකරලා වී කිලෝ එකට මිලක් දෙන්න කියන එක තමයි සටන් පාඨය. ඉතිහාසයේ පළවෙනි වතාවට තව දවස් කිහිපයකින් ඒ සටන් පාඨයට අපි පණපොවනවා.

ඒ නිසා මේ වෙනකොට අපේ අමාත්‍යාංශයෙන් ආයතන 05ක් වී කිලෝ එකේ නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙනවා. අපි උපදෙස් දුන්නා ගොවියට දුන්න පොහොර සහනාධාරය ඉවත්කරන්න. නිෂ්පාදන වියදම ගණන් හැදීම සඳහා. ඔබ තනිකරම ඕබේ සල්ලිවලින් පොහොර ගත්තා සේ සලකලා තමයි නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙන්නේ.

අන්න ඒ නිෂ්පාදන වියදමට 30%ක් අපි එකතු කරනවා. එකතුකරලා ගොවියාගේ වී කිලෝ එකේ අවම මිල තව දවස් කිහිපයකින් අපි ප්‍රකාශයට පත්කරනවා විතරක් නෙමයි රජයේ ගබඩා විවෘත කරනවා.”

කෝපයන් විපක්ෂය හැලෙයි.. ආණ්ඩුව තනි තීරණයක.!

කෝපයන් විපක්ෂය හැලෙයි.. ආණ්ඩුව තනි තීරණයක.!

කෝප් කමිටුවේ සභාපති ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා පවසන්නේ අභිනවයෙන් පත් වූ පොදු ව්‍යාපාර කාරක සභාවට (කෝප්) පළමු වටයේදී රාජ්‍ය ආයතන තුනක ප්‍රධානීන් කැඳවීමට නියමිත බවයි.

ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ, ඖෂධ නියාමන අධිකාරියේ හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් මෙම සතියේදී කැඳවීමට නියමිත බවත් මේ වනවිට එම රාජ්‍ය ආයතන තුනේ ක්‍රියාකාරිත්වය මෙන්ම ආසන්න ප්‍රගතිය ගැන නිරීක්ෂණය කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

රාජ්‍ය සංස්ථාවල සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් සහ ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා පරීක්ෂා කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් සිදුවේ.

කෙසේවෙතත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාධාරණ නියෝජනයක් ලබා දෙන තෙක් එහි නියෝජනය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රිවරුන්ගේ නම් ඉදිරිපත් නොකිරීමට තීරණයක් ගෙන ඇති බව සමගි ජනබලවේගය පසුගිය දා ප්‍රකාශ කළේය.

සාමාජිකයන් 31 දෙනෙකුගේ සංයුතියෙන් යුත් පොදු ව්‍යාපාර කාරක සභාවේ විපක්ෂයට සාමාජිකයන් 12 දෙනකුගේ නියෝජනයක් ඉල්ලා සිටියත් එය හත් දෙනෙකුට සීමා කිරීම නිසා නාම ලේඛනයක් නොයැවූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පැවසීය.

විපක්ෂයට පොදු ව්‍යාපාර කාරක සභාවේ සාධාරණ නියෝජනයක්දී තිබියදීත් ඔවුන් ඊට සහභාගි නොවන්නේ නම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් එම කටයුතු කරගෙන යෑමට සභාපතිවරයා හැටියට තමා සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත සමරවීර මහතා පැවසීය.

යටගිය වසංගතයක ලක්ෂණ සහිත රෝගීන් හමුවෙයි.!

යටගිය වසංගතයක ලක්ෂණ සහිත රෝගීන් හමුවෙයි.!

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බවයි.

විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බවයි.

මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල් වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ගන්නා ලෙසද ඔහු සඳහන් කළේය.

ඩෙංගු රෝගය බෝ කරන මදුරුවා විසින්ම චිකුන්ගුන්යා රෝගය බෝ කරන අතර එම නිසා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අතිශ්‍ය වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරු 5ක් සම්බන්ධයෙන් හදිසි තීරණයක්.!

නියෝජ්‍ය පොලිස්පතිවරු 5ක් සම්බන්ධයෙන් හදිසි තීරණයක්.!

පෙබරවාරි මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්වයි.

එලෙස මාරුවීම් ලබාදී ඇති නිලධාරීන් පහත පරිදි වේ.

01 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්. එම්. ධර්මරත්න මහතා

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස

02 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම්. ගුණරත්න මහතා

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස

03 නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන මහතා

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස

04 රාජකාරී ඉටු කිරීම කාන්තා නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ. පද්මිණි මහත්මිය

සුභසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා.

බඹසර තපස් වැඩු ඩලස් අනුරගේ පතිවත විමසයි.!

බඹසර තපස් වැඩු ඩලස් අනුරගේ පතිවත විමසයි.!

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ප්‍රශ්න 6කින් යුතු ලිපියක් හරහා ආණ්ඩුවෙන් මිමසීමක් කර ඇත.

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම.

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත.

ඉතිහාසය පුරා, මෙය මේ ආකාරයෙන්ම කිහිප වතාවක් සිදුවූ බව පැවසීම ද වත්මන් “පුනරුද ආණ්ඩුවේ” පතිවත කෙළසා ගැනීමකි. ඉතිහාසේ පළමු වතාවට රේගු අධ්‍යක්ෂකවරයෙක් ජනාධිපති ලේකම්වරයා බවට පත් වී ඇති පසුබිමක, මෙහි දේශපාලන අවදානමට ලැබෙන්නේ ද “රතු අගයකි”. එමෙන්ම, අදූෂිත නිලධාරියෙක් ලෙස දෙපාර්තමේන්තු ඉතිහාසයක් ඇති ඔහුගේ හෘද සාක්ෂිය ද මේ සම්බන්ධයෙන් පරිලෝකනය විය යුතුය.

ඒ අනුව, එල්ල වී ඇති විෂමාචාරය හෝ අපයෝජනය පිළිබඳ බරපතළ චෝදනාවෙන් ළදරු ආණ්ඩුව බේරා ගැනීමට නම්, ආණ්ඩු ප්‍රධානීන් පහත ප්‍රශ්න හයට (06) වගකීම් සහගතව පිළිතුරු සපයනු ඇති බව අපගේ විශ්වාසයයි.

1, මෙම බහාලුම් 323 ආනයනය කරනු ලැබූ ආයතන හෝ පුද්ගලයන් කවුරුන් ද?

2, බහාලුම් හි අඩංගු ද්‍රව්‍ය පිළිබඳව ආනයනකරුවන් ඉදිරිපත් කළ ලේඛන (Cusdec Papers) සහ අනෙකුත් ලිය කියවිලි අනුව, ආනයනය කර ඇති භාණ්ඩ මොනවාද?

3, කුමන විදේශීය රටක සිට මෙම බහාලුම් ආනයනයකර ඇත්ද..සහ අදාල ඇනවුම් ලබා දී ඇති දින වකවානු කවරේද..?

4, අදාල ආනයනකරුවන් විසින් මෙම බහාලුම් නිෂ්කාශනය සඳහා නම් කර තිබූ වාප්පු ලිපිකරුවන් (Wharf Clerk) කවුරුන්ද..?

5, පරීක්ෂාවකින් තොරව මෙම බහාලුම් පිටමං කිරීම සඳහා ලිඛිතව අවසර දුන් රේගු නිලධාරීන් කවුද.? හෝ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන ආකාරයට මෙම බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා අවසර දුන් පරීක්ෂක මණ්ඩලයක් , (Expert Panel) වේ නම් එය සමන්විත වූ නිලධාරීන් කවුද?

6, පැවසෙන පරිදි සියුම් තාක්ෂණික පරීක්ෂණයකින් (Scanning Process) අණතුරුව මේවා නිදහස් කළේ නම්, දෙපාර්තමේන්තුවේ ගෞරවය හා පාරදෘශ්‍ය භාවය වෙනුවෙන් එහි තාක්ෂණික පිටපත් ඉදිරිපත් නොකරන්නේ මන්ද?

විරුද්ධ පාර්ශවයන් විසින් මේ මත තබා ඇති වංචනික මුද්‍රාවෙන් ආණ්ඩුවේ දේශපාලනය CLEAN කරගත හැක්කේ බහාලුම් 323 සඳහා වෙන් වෙන්ව සහ වගකීම් සහගතව, ඉහත ප්‍රශ්න හයට පිළිතුරු සැපයීමෙන් විනා සුපුරුදු CID වන්දනාවෙන් හෝ නොමේරූ දේශපාලන ගෝරනාඩු වලින් නොවේ.

2019 වසරේදී මීට සමානව, පරීක්ෂාවකින් බැහැරවී රට තුළට පැමිණි බවට චූදිත බහාලුම් එකසිය දෙකක් (102) පිළිබඳව, වත්මන් ජනාධිපතිතුමන් එදා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයකුු ලෙස මතුකළ ප්‍රශ්න (27/2) ද, අඳුරේදී කෙඳිරි ගාන ඇතැම් බලධාරීන්ට අත්වැලක් වේ යැයි විශ්වාසයෙන් මේ සමග උපුටා දක්වමි.

ඩලස් අලහප්පෙරුම

නන්දනගේ වින්දනයෙන් ආණ්ඩුවේ අස්වැසුම අහිමි වෙයි.!

නන්දනගේ වින්දනයෙන් ආණ්ඩුවේ අස්වැසුම අහිමි වෙයි.!

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් අස්වැසුම රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති නන්දන රණසිංහ අහතා සඳහන් කළේ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා දත්ත පද්ධතියේ දෝෂ පැවතීම හේතුවෙන් බොරු ප්‍රකාශ කරන පුද්ගලයාට අස්වැසුම ප්‍රතිලාභියෙක් ලෙස ඇතුළත් විය හැකි බවයි.

පසුගිය රජයට මෙම දෝෂ නිවැරදි කරන ලෙස ප්‍රකාශ කළ බවත් වත්මන් රජයද එය නිවැරදි කිරීමට කටයුතු නොකරන බවත් එයට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය දියත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

යෝෂිතගේ ආමරිය සීල්.!

යෝෂිතගේ ආමරිය සීල්.!

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු ගත් තීරණයකට අනුව ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව විව්ධ පුද්ගලයන්ට ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා දැනුම් දුන්නේය.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සතුව තිබූ පිස්තෝල ගිනිඅවි 7ක් සම්බන්ධයෙන් අනාවරණය විය.

එම අවි 7න් 5ක් මුල් අවස්ථාවේදීම භාරදී තිබූ නමුත් 2ක් බාර්දීමට කටයුතු කර තිබුනේ නැත.

කෙසේවෙතත් මේ වනවිට ඔහු සතුව තිබූ ඉතිරි ගිනිඅවි 2ත් භාරදී ඇති බව වාර්තා වෙයි.

We are happy to invite you.