Attention (Sinhala)

නැටුම් දෙකකට වැටුප් ගෙවූ අමිල ප්‍රසාද් මාලිමාවේ පඩි පත විමසයි.!

නැටුම් දෙකකට වැටුප් ගෙවූ අමිල ප්‍රසාද් මාලිමාවේ පඩි පත විමසයි.!

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ පසුගිය මාසයේ සිය වැටපු වියදම් කළ ආකාරය පිළිබදව මාලිමාවේ මන්ත්‍රීවරුන් රටට හෙළිකළ යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලබන වැටුප් සහ දීමනා පිළිබදවද මෙහිදී හෙළිදරව් කළ මන්ත්‍රීවරයා පවසා සිටියේ වැටුප 54,000ක්, කාර්යාල දීමනාව 100,000ක්, ඉන්ධන සඳහා 100,000ක්, දුරකතන දීමනාව 50,000ක් සහ සංග්‍රහ දීමනාව ලෙස 1000ක් ලෙස සියළුම මන්‍ත්‍රීවරුන්ට හිමිවන බවයි.

ඉදිරියේදී ඉන්ධන දීමනාව වෙනුවට ඉන්ධන කාඩ්පත් ක්‍රමයක් හඳුන්වාදිය යුතු බවටද යෝජනාවක් කළ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ වෛරී දේශපාලණයක නිරතවූ ජ.වි.ප මන්ත්‍රීවරු ලැබූ වැටුප වියදම් කළ ආකාරය රටට හෙළි කළ යුතු බවයි.

එමෙන්ම මන්ත්‍රීවරයා පසුගිය මාසයේ ලැබූ වැටුප වියදම් කළ ආකාරයද පැවසූ අතර මීරිගම පෙරහැරේ නැටුම් කණ්ඩායම් දෙකක් සඳහා රුපියල් 92,000ක් ගෙවූ බවත්, මීගමුව ප්‍රදේයේ ක්‍රීඩා සමාජයකට රුපියල් 15,00ක් ලබාදුන් බවත්, දිවුලපිටියේ ක්‍රීඩා තරඟයක් සඳහා රුපියල් 10,000ක් ලබාදුන් බවත්, රුපියල් 5,000 බැගින් පවුල් දෙකක් සඳහා පොත් මිලදී ගැනීමට ලබාදුන් බවත් සහ සැණකෙලියක් සඳහා රුපියල් 10,000ක් ලබාදුන් බවත් ය.

එමෙන්ම මෙවර වැටුපෙන්ද වේදිකා නාට්‍යක් සහ සංගීත සංදර්ශනයක් සඳහා සිය වැටුප ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

ජනපති අනුරගේ ආරක්ෂක රථයක් අනතුරට.. දෙදෙනකුට බරපතලයි.!

ජනපති අනුරගේ ආරක්ෂක රථයක් අනතුරට.. දෙදෙනකුට බරපතලයි.!

අද (1) අළුයම 1ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට තලාව පොලීසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (31) යාපනයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදීය.

අනතුරින් තුවාල ලැබූ පිරිස ඔවුන් සමග පැමිණි වෙනත් වාහනයකින් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි.

රථයේ රියදුරු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බවත්, අනෙකුත් අයට ශ්‍රී ලංකා පොලීසියට අනියුක්තවය සේවය කරන ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර රියැදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලීසිය සැක කරයි.

මල්පෝච්චි ඝාතනයේ තොරතුරු හෙළිවෙයි.. මවත් සහෝදරයාත් අත්අඩංගුවට.!

මල්පෝච්චි ඝාතනයේ තොරතුරු හෙළිවෙයි.. මවත් සහෝදරයාත් අත්අඩංගුවට.!

ඊයේ (31) අළුයම කඹුරුපිටිය පොලිස් වසමේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මියගිය කාන්තාවගේ මව සහ සහෝදරයා යන දෙදෙනාම මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් 33 හැවිරිදි අවිවාහක පාසල් ගුරුවරිය ඊයේ අළුයම 3.30ට පමණ ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව විසින් පොලීසියට ලියන ලදැයි සැකකරන ලේ තැවරුණු ලිපියක් ඊයේ දිනයේ සොයාගෙන ඇති අතර එහි සඳහන්කර ඇත්තේ තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බවයි. 

දියනියගෙන් තමන්ට කරදර වූ බවත්, ඇය අධික තණ්හාව මත දේපොළ ඉල්ලා වසර 14ක් රණ්ඩුකරන බවත් එම ලිපියේ ඇය සඳහන්කර ඇත.

එමෙන්ම ඝාතනය සිදු වූ දින තම ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බව ද එම ලිපියේ සඳහන්කර තිබේ.

කෙසේ නමුත් පොලීසිය නිවසට යන විට 76 හැවිරිදි මවද ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවෙන් ගෙන පුටුවක් මත සිහි මදගතියකින් වැටී සිට ඇත. 

ඇයද දිවිනසාගැනීමට උත්සාහ කරන්ට ඇති බවට පොලීසිය සැකකරයි. 

ඒ හේතුවෙන් ඇය කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

පෞද්ගලික වාහන ආනයනය කොන්දේසි 9කින් සීමා කෙරේ.!

පෞද්ගලික වාහන ආනයනය කොන්දේසි 9කින් සීමා කෙරේ.!

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාරව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම සඳහා ආනයනයට අවසර හිමිව ඇත. 

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය විසින් වාහන ආනයනයට අදාළව විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැයකරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අධෛර්යයමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව පහත කොන්දේසි ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, 

1. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු ලබන රෙගුලාසිවලට යටත්ව වාහන ප්‍රමාණය ආනයනය කළ හැක.

2. ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස 12ක කාලසීමාවක් තුළ එක් මෝටර් වාහනයක් පමණක් ආනයනය කළ හැක.

3. ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් වාහනයක් ගැනුම්කරුගේ නමට (ලියාපදිංචි ආනයනකරුවකුගෙන් මිල දී ගන්නා අවස්ථාවක දී) හෝ ආනයනකරුගේ නමට එකී මෝටර් වාහනයට අදාළ ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

4. මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමඟින් අනෙකුත් අවශ්‍ය සියලු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

තවද, ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවන වාහනය ආනයනය කිරීමේ දී, තම ප්‍රථම වාහනය ආනයනය කළ දින සිට (රේගු සටහන්කරයේ දින සිට) මාස 12ක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බව ද එකී දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය.

5. යම් ආනයනකරුවෙකු දින 90ක් ඇතුළක ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, එම මොටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේ දී, මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF Value) 45%ක උපරිම සීමාවකට යටත්ව, මාසික CIF අගයෙන් 3% බැගින් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදුවේ.

6. කිසිදු අවස්ථාවක දී, මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්‍රදානය කරනු නොලැබේ.

7. මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේ දී, එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතුය.

8. සහනදායී බදු අනුප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිත කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබාදෙනු නොලැබේ.

9. දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත්, එකී මෝටර් වාහන (වාහන) රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රතිඅපනයනය කළ යුතුය.

තවද, තීරුබදු නිදහස් කිරීමේ රේගු ආඥා පනත යටතේ විධි විධාන අනුව අය නොකළ තීරුබදු නැවත බලාත්මක කිරීම සඳහා 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ 2025 ජනවාරි මස 27 දිනැති අංක 2421/05 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව රේගු සංකේතාංක පරිච්ඡේද අංක 87හි ඇතුලත් වන ම‌ෝටර් වාහන ආනයනය කිරීමේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් (CIF Value) 20%ක තීරු බද්ද අය කිරීම 2025 ජනවාරි මස 28 දින සිට බලාත්මක කරන ලදී.

එසේ වුවද, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30%ක තීරු බද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව දැනට ක්‍රියාත්මක 20%ක් වූ තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50%ක අධිභාරය සමඟ රේගු ආඥා පනත (235) වන අධිකාය) යටතේ මුළු තීරු බදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇත.

බදු වැඩිවීම 23%යි.. 2023 Wagon R රථයක් ලක්ෂ 65ට අඩුවෙන්.!

බදු වැඩිවීම 23%යි.. 2023 Wagon R රථයක් ලක්ෂ 65ට අඩුවෙන්.!

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනය මීට පැය කිහිපයකට පෙර නිකුත් කළේය.

ඒ අනුව පෙබරවාරි (01) දින සිට බලපැවැත්වෙන පරිදී කැබ් රථ, ඔටෝ-රින්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සදහා පනවා තිබූ තහනම ඉවත් කර ඇත.

ඒ අනුව HS කේත 14ක් යටතේ පෞද්ගලික වාහන ලෙස පහත සඳහන් වාහන ඛාණ්ඩ ආනයනයට අවසර හිමි වෙයි.

නව බදු සංශෝධනයන්ට අනුකූලව බදු වර්ග 3ක් ඉහළ දමා ඇති ඊට අතර අමතරව ආනයනකරුවන්ට ප්‍රමාද ලියාපදි ගාස්තුවක් ලෙස 3%ක දඩයක්ද නියම කර ඇත.

මින් පෙර පැවති බදු ක්‍රමය සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වාහන මාදිලි 20ක් සඳහා ඉහළ යා හැකි සාමාන්‍ය බදු ප්‍රතිශතයන් පහත දැක්වේ.


වැගන් R/ විට්ස් රථයක බදු ඉහළ යෑම 26%ක් වන අතර, ඇක්වා රථයක 23%ක් සහ ප්‍රියස් රථයක 21%ක් පමණ වේ.

ඇතැම් ආනයනකරුවන් මේ වනවිටත් සිය මිළ ගණන් ප්‍රකාශයට පත්කර තිබුනේ පහත ආකාරයෙනි.

රටම බලාසිටි ගැසට්ටුව නිකුත් කරයි.!

රටම බලාසිටි ගැසට්ටුව නිකුත් කරයි.!

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව පෙබරවාරි (01) දින සිට බලපැවැත්වෙන පරිදී එක් එක් වාහන සම්බන්ධයෙන් බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

2025 ජනවාරි (27) දිනැති අංක 2421/04 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2025 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, ඒ යටතේ සිදු කරන ලද ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිදි මෙම තහනම ඉවත්කරන බව එම ගැසට්ටුවේ සදහන් වේ.

එලෙස ජනපතිවරයා විසින් නිකුත් කළ ගැසට්‌ පත්‍රය මගින් කැබ් රථ, ඔටෝ-රින්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සදහා පනවා තිබූ තහනම ඉවත් කර ඇත.

ඓතිහාසික තීන්දුවක්.. 11ක් පෝරකයට.!

ඓතිහාසික තීන්දුවක්.. 11ක් පෝරකයට.!

2004 මැයි 29 වන දින ගලහගමදී වාද්දුව ෆොන්සුගේ බන්දුල ජයවර්ධන තිසේරා නමැති එවකට 23 වියේ පසු වූ අවිවාහක තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් බදුල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය.

චෝදනා 11ක් යටතේ විත්තිකරුවන් 13ට විරුද්ධව මෙම නඩුව පවරා තිබූ අතර පළමුවැනි විත්තිකරු වූ සේනක රංජිත් ප්‍රේමරත්න නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

නඩුවේ 7 වැනි විත්තිකරු වූ ආර්.පී.කේ පතිරණ නමැත්තා නඩු විභාගය අතරතුර මිය ගොස් ඇති බවද 12 වැනි විත්තිකරු වූ රුක්මන් ඉන්දික නමැත්තා විදේශගත වී සිටින බව ද නඩු විභාගයේ දී අනාවරණය විය.

රෝහන ජගත්, ගයාන් චමින් ද, පී.ඒ. නන්ද කුමාර, අසංක සෙනෙවිරත්න, සුනෙත් සජීව රූපසිංහ, ඩබ්ලිව්. සමන්ත, ඩබ්ලිව්. ඒ.පී.බණ්ඩාර, පී.හේමන්ත කමලසිරි, දිනේෂ් මංජුල, රුක්මන් ඉන්දික (විදේශගතව,) මංජුල රත්නායක යන චූදිතයන් සඳහා මරණ දඩුවම හිමි වූහ.

මරණකරුගේ හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රියලාල් විජේරත්න මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.

වසර 20 කට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේ ගොනු පිටු 75කින් සමන්විත වූ අතර රජයේ අධිනීතිඥ චිරස්ති සෙනෙවිරත්න මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවිය.

උතුර මිතුරු කරන ඓතිහාසික තීන්දු වැලක්.!

උතුර මිතුරු කරන ඓතිහාසික තීන්දු වැලක්.!

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට එම ඉඩම් නැවත ලබා දීමට පියවර ගන්නා බවයි.

සංවර්ධන හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම භූමියක් රජයට පවරා ගත හැකි‍යාව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා පැවසූවේ එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබා දිය යුතු බවයි.

ජනපතිවරයාට අයත් යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට එහිදී ජනපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනා ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බඳවා ගැනීමේ පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් සඳහන් කළේය. 

ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බවත් ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.   

උතුරු පළාතේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද වත්මන් රජය සැලසුම් කර ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් ඒකාබද්ධ ධාවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කිරීමත්, උතුරු පළාතේ දුම්රිය සේවාව ද සංඛ්‍යාත්මකව වැඩි කිරීමටත් මෙහිදී අවධානය යොමුව තිබේ.

උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප තුනක් ඇති කිරීමට අවධානය යොමු වී තිබෙන බවද ඒ සඳහා ආයෝජනය කිරීමට යුද්ධය හේතුවෙන් මෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

උතුරු පළාත විශේෂ කොට සලකමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලබන වසරේ ලක්ෂ 25ක පමණ සංචාරකයින් මෙරට සංචාරය කරනු ඇති බවට බලාපොරොත්තු වන බැවින් සංචාරකයින් ආකර්ෂණය කළ හැකි උතුරු පළාතේ නව සංචාරක ස්ථාන හඳුනා ගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය. 

උතුරු පළාතේ රාජ්‍ය සේවාවේ නව බඳවා ගැනීම් දේශපාලන අධිකාරියේ මැදිහත්වීමකින් තොරව පියවීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවාව උතුරේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසුවේය. 

එසේම ධීවර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික වශයෙන් උපරිමයෙන් මැදිහත්වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. 

තවද මෙරට පානීය නළ ජලය අවම වශයෙන් භාවිතා කරන පළාත වශයෙන් උතුරු පළාත හඳුනා ගෙන ඇති බවත් මේ වන විට ආරම්භ කර ඇති ජල ව්‍යාපෘති කඩිනම් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නව ජල ව්‍යාපෘති සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන කරන බවද පැවසීය. 

උතුරේ ජනතාවගේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇති බව පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා උතුරේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, කෘෂි කර්මාන්තය ඇතුළු සමස්ත රාජ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද සඳහන් කළේය. 

එමෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දේශපාලන අධිකාරියත් රාජ්‍ය යාන්ත්‍රණයත් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජාතික ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉලංකුමාරන් කරුණානන්දන්, ආචාර්ය සරවනබවානන්දන් ෂන්මුගනාදන්, රජිවන් ජෙයචන්ද්‍රමූර්ති, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්, සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යන මහත්වරුන් ද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් යන මහත්වරු, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ  උතුරු ප්‍රදේශය භාර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

ජනපතිට එරෙහි යාපනයේ කුමන්ත්‍රණයක්.. කොන්ත්‍රාත්කරු අර්චුනා.!

ජනපතිට එරෙහි යාපනයේ කුමන්ත්‍රණයක්.. කොන්ත්‍රාත්කරු අර්චුනා.!

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් විසින් අද (31) ජනපතිවරයාගේ යාපනය සංචාරයට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් යාපනයේ කිසිම ස්ථානයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරනා වාරණ නියෝගයක් ඉල්ලමින් යාපනය පොලීසිය යාපනය අධිකරණයට ඊයේ  (30) පෙත්සමක් ඉදිරිපත් කළේය.

අදාළ පෙත්සම මගින් පොලිසිය පෙන්වා දී ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෙට යාපනයට පැමිණෙන විට යාපනයේ ස්වාධීන මන්ත්‍රී අර්චුනා අතුලු තවත් සංවිධාන කීපයක පිරිස උද්ඝෝෂණ හා විරෝධතා මාලාවක් සංවිධානය කොට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එවැනි යමක් සිදු වුවහොත් එය මහජන සාමයට හා නීතිය හා සාමය පවත්වා ගෙන යාමට බාධාවක් විය හැකි බැවින් එම උද්ඝෝෂණ වලට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කරණ ලෙසයි.

කෙසේවෙතත් මේ පිළිබදව කරුණු විමසා බලා තීරණයක් ගැනීම පිණිස පොලීසිය විසින් එම පෙත්සමේ නම් සදහන් කොට ඇති පුද්ගලයින් කීප දෙනෙකුට අද ( 30) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඊට අර්චුනා මන්ත්‍රීවරයාටද ඇතුළත් වෙයි.

ට්‍රම්ප් ශ්‍රී ලාංකිකයන් 3000ක් ඇමරිකාවෙන් දොට්ට දමයි.!

ට්‍රම්ප් ශ්‍රී ලාංකිකයන් 3000ක් ඇමරිකාවෙන් දොට්ට දමයි.!

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත.

ඇමරිකාව තුළ නීතිවිරෝධී ලෙස රැඳී සිටින සංක්‍රමණිකයන්ට එරෙහි එරට නව රජයේ වැඩ පිළිවෙල මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් නව අමෙරිකානු පරිපාලනය විසින් මේ වනවිට සකස් කර තිබේ.

ඊට ඇතුළත් කර ඇත්තේ අමෙරිකාවෙන් ඉවත් කිරීමේ අවසාන ලැයිස්තුවට අයත් විදේශිකයන් සංඛ්‍යාව බව සදහන්.

එහිදී අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද දක්වා නමුත් ඊට ශ්‍රී ලංකාව අයත්ව නොමැත.

We are happy to invite you.