Attention (Sinhala)

අලි නැට්ට හා වෙයි.. නායකත්වයට කාසියේ වාසිය.?

අලි නැට්ට හා වෙයි.. නායකත්වයට කාසියේ වාසිය.?

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බවයි.

එම එකඟතාව සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර සාකච්ඡා ධනාත්මකව ඉදිරියට යන බවත්, ඉන් අනතුරුව නායකයින් දෙදෙනා අතරද සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා පැවසීය.

කෙසේවෙතත් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණය සඳහා ඉතිරිපත් වන ලාංඡනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, එය ඉදිරියේදී තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම නව සධානයේ නායකත්වය සම්බන්ධයෙන්ද මේ වනතෙක් එකඟතාවකට පැමිණ නැත.

මහින්දගේ සැලුන් දොර ලඟ දිගු පෝලිමක්.!

මහින්දගේ සැලුන් දොර ලඟ දිගු පෝලිමක්.!

පොහොට්ටුවෙන් ඉවත්ව ගිය තවත් කණ්ඩායමක් ප්‍රබල දේශපාලන තීන්දුවක් ගැනීමට ලබන සතියේ සඳුදා (පෙබ. 3) පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මෙම විශේෂ හමුවද හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්වෙනු ඇති බවයි.

පොහොට්ටුවෙන් ඉවත්ව ගොස් නොයෙකුත් දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කරමින් සිටිනා පිරිස් මෙලෙස කණ්ඩායම් වශයෙන් ගෙන්වා නැවත සවිධානයවීම සඳහා මෙම සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.

මෙහි ප්‍රථම වටයේ සාකච්ඡාව පසුගිය 27 වන දා ඉතා සාර්ථකව අවසන් වූ බවත් ඊට පොහොට්ටුවෙන් ඉවත්ව ගිය හිටපු මැති ඇමතිවරුන් 20කට අධික පිරිසක් සහභාගී වූ බවත් වාර්තා වේ.

දෙපාර්ශ්වයෙන් සිදුවූ අඩුපාඩු මඟහරවා ගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක කණ්ඩායමක් ලෙස තරග කිරීමේ අවශ්‍යතාව මෙම සුහද හමුවලදී සාකච්ඡා වේ.

නැගනියගේ හිසට මල් පෝච්චියක් අතහැර මරලා.. මවත් හවුල් බවට සැකයක්.?

නැගනියගේ හිසට මල් පෝච්චියක් අතහැර මරලා.. මවත් හවුල් බවට සැකයක්.?

අද (31) අළුයම 3.30ට පමණ කඹුරුපිටිය පොලිස් වසමේ දී කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. 

දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

වයස 34ක් වූ සුරූපී ගුරුවරියක් මෙලෙස ඝාතණය කර ඇති අතර ඇය අවිවාහක කාන්තාවක් බව සඳහන්. 

ඝාතකයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති නමුත් සැකපිට ඇගේ වැඩිමහල් සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව තමන් විසින් එම ඝාතනය කළ බවට සැකකාර පුතාට සහ පොලීසියට ලියන ලද ලිපියක් මරණකාරිය වැටී සිටින නිවසේ සාලයේ මේසයක් මත තිබී සොයාගෙන තිබේ.

කඹුරුපිටිය පොලිස් ස්ථානය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ජනපතිගේ සැළැස්ම වතුරේ.? දීමනා ඉල්ලා නිලධාරීන් වැඩ වරයි.!

ජනපතිගේ සැළැස්ම වතුරේ.? දීමනා ඉල්ලා නිලධාරීන් වැඩ වරයි.!

ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමේ කමිටු පත්කිරීමේදී පරිපාලන නිලධාරීන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමේ වැඩසටහන වර්ජනය කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන නිලධාරීහු තීරණය කර ඇත.

පරිපාලන නිලධාරීන් මෙම වැඩසටහනේ රාජකාරි ඉටුකළ ද දීමනා ලබා දීමේ නිලධාරි ලැයිස්තුවෙන් පරිපාලන නිලධාරීන් ඉවත්කර ඇති බැව්ම් මෙම තීරණය ගත් බව ලේකම්වරයා පවසය්.

එම සංගමයේ ලේකම් නාලක කළුගල මහතා පවසන්නේ මෙම වැඩසටහනේ කිසිදු රාජකාරියකට සම්බන්ධ නොවන බවට ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මහ ජනතාව ජනාධිපති අරමුදලට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියා සෘජුව මැදිහත් වන නමුත් වෙනත් නිලධාරීන් පිරිසකට දීමනා ලබා දී කමිටුවලට පත්කර තිබෙන බවයි.

මධ්‍යම රජයේ සහ පළාත් රාජ්‍ය සේවයේ රෝහල් ලේකම්වරු, විද්‍යාපීඨ හා කාර්මික විද්‍යාල ලේඛකාධිකාරිවරු, ප්‍රාදේශීය සභාවල සභා ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර ජනාධිපති අරමුදල වර්ජනය කිරීමට තීරණය කළ බව ද ඔහු කීය.

එසේ ම, පරිපාලන නිලධාරීන් අස්වැසුම වැඩසටහනින් ඉවත්වීමට මීට පෙර ගනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද නාලක කළුගල මහතා පැවසීය.

මේ අතර, ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ අරලියගහ මන්දියේදී ලබන 7 වන දා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ම ස්ථාපිත කරන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කරන බවද එම කාර්යාලය සඳහන් කළේ ය.

‍යාපාට මිලියන 6ක් දුන් මීයා අල්ලයි.!

‍යාපාට මිලියන 6ක් දුන් මීයා අල්ලයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවටගෙන ඇත.

ඒ එම සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධ චෝදනාවකට අදාළවයි.

ඔහුට එරෙහි චෝදනාව වනුයේ රුපියල් 6,146,110 මුදලක් 2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් මස 22 මෙම චෝදනාවටම හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරනු ලැබීය.

ගාල්ලේ එක මත එක තිදෙනෙකු ඝාතනය කරයි.!

ගාල්ලේ එක මත එක තිදෙනෙකු ඝාතනය කරයි.!

ඊයේ (30) රාත්‍රී 11:15ට පමණ ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයින් තිදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති අතර වෙඩිවැදුණු පුද්ගලයන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයින් වයස 29 – 54 අතර අයවලුන් බව පැවසේ.

ඝාතකයින් සොයා හිනිදුම පොලිසිය විමර්ශන අරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
 

කොළඹ වරායේ ගින්නක්.![Breaking News]

කොළඹ වරායේ ගින්නක්.![Breaking News]

අද (30) රාත්‍රී කොළඹ වරායේ බණ්ඩාරනායක තටාකය ලෙස හඳුන්වන ගබඩා සංකීර්ණය අසල බහලුමක් තුළ ගින්නක් ඇතිවීමෙන් එම බහලුමේ තිබූ භාණ්ඩ ගිනිගෙන දැවී විනාශයට පත්ව ඇත.

එම ගබඩාවට බහලුමකින් භාණ්ඩ බාමින් තිබියදී එම බහලුම තුළ රාත්‍රී 7.30 ට පමණ ගින්නක් හට ගෙන ඇති බවත් ඉතාමත් සුළු කාලයකදී ගින්න පුරා පැතිර ගොස් ඇත.

රාත්‍රී 10.00 පමණ වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට නොහැකි තත්වයක පත්ව තිබූ නමුත් වරාය ගිනි නිවීමේ ඒකකය ගින්න පාලනය කිරීමට සමත්ව තිබේ.

කෙසේවෙතත්, එම බහලුම තුල අන්තරාදායක ද්‍රව්‍ය ඇතුළත්ව ඇති බවට දැනුම් දී නොමැතිව බවත් ගින්න පිළිබඳව සහ ඉන් සිදුවූ හානිය පිළිබඳව වරාය අධිකාරිය විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් වාර්තා වේ.

“එකෙක් ඉතුරු කරන් නෑ” වසර 100ක් පේවී ලැබූ වරම කතාකරයි.!

“එකෙක් ඉතුරු කරන් නෑ” වසර 100ක් පේවී ලැබූ වරම කතාකරයි.!

අද (30) නුගේගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූවේ රාජපක්ෂවරු ඇතුළු මේ රටේ ලොකු පොඩි සියලු හොරුන්ට එරෙහිව කටයුතු කරනා බවත් එකදු හොරෙකු හෝ ඉතුරු නොකරනා බවයි.

මේ වනවිට විපක්ෂයද ඇතුළුව සියළු හොරු එකතුවී ආරක්ෂා වීමට උත්සාහ කරන නමුත් වංචා දූෂණ හා සම්බන්ධ කිසිවෙකුට නීතියෙන් මිදීමට ඉඩ නොතබන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා පැවසූවේ අඩුම තරමින් වසර 10ක් යනතුරු යෝෂිත රාජපක්ෂ විත්තිකරුවෙකු කර හෝ නොතිබුනු බවත් ක්‍රිෂ් ගණුදෙනුව ස්ම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට චෝදනා පත්‍රයක් හෝ ඉදිරිපත් කර නොතිබුනු බවත් ය.

සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, වීරවංශ ඇතුළු පිරිස් එකට එක් වී හොරු රකිනා අතරේ රේගු දෙපාර්තමේන්තුව විසින් නිවරදි ක්‍රමවේදය යටතේ සිදුකළ ක්‍රියාවලිය පිළිබඳ ආණ්ඩුවට අභූත චෝදනා නගනා බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

“මේ ජනවරම එක්ක සෙල්ලම් කරන්න එපා. මේක මිනිස්සු අව්රුදු 100ක් පෙරුම්පුරලා හදපු ආණ්ඩුවක්. මේ ජනවරමේ වටිනාකම අපි දන්නෙ නැත්තම් කව්ද දන්නේ. සජිත්ද?

මේ පට්ට හොරු රකින ගමන්, නාමල්ලා යෝෂිතලා ආරක්ෂා කරන්න කඩේ යනගමන්, කන්ටේනර් 323 ගැන චෝදනා කරනවා. අපි සජිත්ට කියනවා කෙලින් එන්න ගෝලයෝ දාල කියවන්නෙ නැතුව කෙලින් කියන්න”

වටේ කෙටූ කොට්ටේරුවෝ හොට පටලවාගත් සේක.!

වටේ කෙටූ කොට්ටේරුවෝ හොට පටලවාගත් සේක.!

වරායේ ඇතිව තිබූ අර්බදකාරී වාතාවරනය හේතුවෙන් පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් තොගයක් සම්බන්ධයෙන් විපක්ෂයේ නොයෙකුත් පරාජිත කණ්ඩායම් සහ මාධ්‍ය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතාට එරෙහිව එල්ල කළ අභූත චෝදනාවන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට එතුමා තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ වත්මන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිය කීර්තිනාමයට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට ඔහු සූදානම් වෙයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

“පහුගිය දවස්වල දිගින් දිගටම මාව ඉලක්ක කරගෙන පදනමක් නැති බොරු චෝදනා එල්ල කළා. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම අද CIDයට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කළා.

පරාජිත කණ්ඩායම් දිගින් දිගටම මේ චෝදනා එල්ල කරද්දී තවදුරටත් සද්ද නොකර ඉන්න බෑ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මගේ කීර්තිනාමයට සිද්ධවෙන හානිය දාරාගන්න බෑ”.

මේ සම්බන්ධයෙන් අභූත චෝදනා එල්ල කළ පිරිස් අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධාන වෙයි.

විමල් වීරවංශ මහතා පසුගිය සතියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ දූෂණය හා වංචාව ගැන කතා කෙරූ වත්මන් ආණ්ඩුව බහාලුම් තොගයක් පරික්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමට කටයුතු කර ඇති බවත් එලෙස නිදහස් කළ බහාලුම් තොගය වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයෙකුට අයත් ඒවා බවත් ය.

වෛරය වපුරවා බලය ලබාගත් ආණ්ඩුව කිසිඳු පරික්ෂා කිරීමකින් තොරව බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දෙනවා නම් එය බරපතල කාරණාවක් බවත් එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් පැවසීය.

බදු 4කුත් කර තියන් හම්බන්තොටට ගොඩ බහින බඩි වෑන්.!

බදු 4කුත් කර තියන් හම්බන්තොටට ගොඩ බහින බඩි වෑන්.!

මුදල් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් කාරක සභාවට පෙරේදා (28) දැනුම් දී ඇත්තේ කාර් රථ සහ කුඩා ප්‍රමාණයේ වෑන් රථ (බඩී වෑන්) ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බවයි.

එලෙස පෙරවාරි මාසයේදී ආනයනය කරන කාර් රථ සහ බඩි වෑන් සඳහා බදු වර්ග හතරක් ඇතුළත් වන බව වාර්තා වේ.

18%ක අගය එකතු කිරීමේ බදු (වැට්) 20%ක රේගු බදු, නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී බදු වශයෙනි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් කාරක සභාවට දන්වා ඇත්තේ නිෂ්පාදන බදු ඇතුළත් කිරීමේ දී රේගු බදු ඇතුළත් නොකෙරෙන බවට 2018 වසරේ හඳුන්වා දී තිබූ රෙගුලාසිය මේ වන විට ඉවත් කර තිබෙන බවයි.

මෙවර වාහනවලට නිෂ්පාදන බදු අය කිරීමේ දී සියයට හයක පමණ වැඩිවීමක් ඇතැයි ද එලෙස බදු සැකසෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත සූත්‍රයක් අනුව යැයි ද දැනුම් දෙනු ලැබ ඇත.

කාර් රථ ගෙන්වන ගැසට්ටුව නිකුත් කෙරෙන්නේ පෙබරවාරි මස පළමු වැනිදා සිට ද යනුවෙන් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා කළ විමසුමට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත්තේ එම මාසය අතුළත එම ගැසට්ටුව නිකුත් කරන බව ය.

We are happy to invite you.