Attention (Sinhala)

අසූ දෙකට, දෙක හමාරයි.. 75ක් කළ කී හැටි ජනපති පහදයි.!

අසූ දෙකට, දෙක හමාරයි.. 75ක් කළ කී හැටි ජනපති පහදයි.!

(28) ඊයේ කොළඹදී පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සංවිධානය කළ ආර්ථික සමුළුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ රටට ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා දැනට පවතින දුෂ්කරතා විසදීමට පියවර ගනිමින් සිටිනා බවයි.

එහිදී ජනපතිවරයා පෙන්වාදුන්නේ දැනට ආයෝජකයකුට මෙරට ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ ආයතන 82 කින් අවසර ලබා ගත යුතු බවයි.

එම අවසරයන් ලබාගැනීම සදහා වසර දෙකහාමාරක පමණ කාලයක් ගතවන බව පැවසූ ජනපතිවරයා මෙම කාලය අඩුකිරීමට පියවර ගන්නා බව පැවසීය.

එමෙන්ම දැනට රජය සතුව පවතින ඇතැම් ඉදිකිරීම් සමාගම් ඉදිරියේදී වසා දැමීමට හෝ පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ලොකු ගංවතුරක්.. රනිල් නිමල් දිලිත් එකම කොටේ නගියි.!

ලොකු ගංවතුරක්.. රනිල් නිමල් දිලිත් එකම කොටේ නගියි.!

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් එකට එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (27) මෙම පක්ෂ තුනේ නියෝජිතයන් හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න යන හිටපු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද සර්ව ජන බලය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත.

පළාත් පාලන මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්වය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇති අතර මේ කාරණය සම්බන්ධයෙන් මෙම නියෝජිතයන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද සාකච්ඡා පවත්වා තිබිණ.

පොලී අනුපාතිකය සම්බන්ධයෙන් තීරණයක්.!

පොලී අනුපාතිකය සම්බන්ධයෙන් තීරණයක්.!

ඊයේ (28) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.

දැනට පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ ඉදිරියටත් පවතිනු ඇත.

ජනතාවට වැඩි ප්‍රතිලාභ.. දිරි දීමනාවක් සමගින් වැඩ අරඹයි.!

ජනතාවට වැඩි ප්‍රතිලාභ.. දිරි දීමනාවක් සමගින් වැඩ අරඹයි.!

ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමි විය.

ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සදහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (28) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබීය.

ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින් කාර්යක්ෂම කිරීම සදහා සැලසුම් සකස් කිරීම, නව යෝජනා සහ පවතින ගැටලු හඳුනා ගනිමින්, ඒවාට විසඳුම් ලබාදීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

රජයේ රෝහල් වල සැත්කම් සදහා පොරොත්තු ලේඛනයේ වැඩි පිරිසක් රැඳී සිටීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඊට විසඳුමක් ලෙස රාජකාරී වේලාවෙන් පසු සැත්කම් කිරීමත්, එම සේවාවන් ඉටු කරන කාර්ය මණ්ඩලය සදහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබාදීම පිළිබඳවත් අවධානය යොමු විය.

මේ වනවිට මෙම ක්‍රමවේදය කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා විය.

අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ජනාධිපති අරමුදලින් පහසුකම් සැලසීම තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපනය ලබන දරු දැරියන් මූලික කර ගනිමින් නව වැඩසටහන් ආරම්භ කිරීමටත්, දැනට පවතින වැඩසටහන් ඉදිරියට ගෙන යාමටත් සැලසුම් කෙරිණි.

ජාවාරම්කරුවෙකු බේරන්න රනිල් පොල්ස්පතිට යැවූ කියන ලිපියක් අධිකරණයට යොමු වෙයි.!

ජාවාරම්කරුවෙකු බේරන්න රනිල් පොල්ස්පතිට යැවූ කියන ලිපියක් අධිකරණයට යොමු වෙයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුත් ලිපි ශීර්ෂයක් යොදාගෙන ආරක්ෂක අංශ වෙත නිකුත් කළ විශේෂ නියෝග ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

දකුණු පළාතේ ජාවාරම්කරුවෙකුට එම ජාවාරම සිදු කිරීමට අවසර දෙන ලෙස කරුණු ඇතුළත් කරමින් හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට යොමු කරන ලද ලිපියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම ලිපිය මාතර තැපැල් කාර්යාලයෙන් යොමු කර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ආරක්ෂක ලේකම් වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට යොමු කර ඇති බවත් පොලීසිය වැඩිදුර වාර්තාවක් යොමු කරමින් අධිකරණයට දන්වා සිටියේය.

හිටපු පොලිස්පතිවරයාද මේ සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස උපදෙස් දී ඇති බවත් මෙම ලිපිය ව්‍යාජ ලිපියක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පොලීසියට නියෝග කර සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තාවක් යොමු කරන ලෙසයි.

දිවයින පුරා ප්‍රදේශ රැසක වායු ගුණත්වය අහිතකර මට්ටමක.!

දිවයින පුරා ප්‍රදේශ රැසක වායු ගුණත්වය අහිතකර මට්ටමක.!

පවතින කාලගුණික තත්ත්වය හා උතරු පෙදෙසින් පැමිණෙන දේශ සීමා ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් අද (28) දින තුළ වායුගුණ තත්ත්ව දර්ශකය 58ත් 120ත් අතර අගයක දිනය පුරාම පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

යාපනය, කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව හා අනුරාධපුර යන නගර වල සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහල යා හැකි බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමුවන ලෙසත් දිවයිනේ බොහෝ නගරවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බවද සදහන් කරයි.

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරයි.!

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරයි.!

ඩෙල්ෆ් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී නාවික හමුදා සෙබලෙකු අතින් සිය ගිනිඅවිය ක්‍රියාත්මක වී ඉන්දීය ධීවරයින් තුවාළ ලැබීමේ සිද්ධියක් අද (28) පෙරවරුවේ වාර්තා විය.

තුවාල ලැබූවන් මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි.

මේ සම්බන්ධයෙන් නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය විරෝධය පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ජීවනෝපාය ගැටලු සැලකිල්ලට ගනිමින් ධීවරයින් පිළිබඳ ගැටළු මානුෂීය ආකාරයෙන් සලකා බැලීමේ අවශ්‍යතාව ඉන්දීය රජය එහිදී අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාතශංශය පවසන්නේ බලය භාවිත කිරීම කිසිදු අවස්ථාවක් යටතේ පිළිගත නොහැකි අතර මේ සම්බන්ධව ආණ්ඩු දෙක අතර පවතින අවබෝධතා දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවයි..

සාපරාධි මුදල් පරිහරණය යටතේ නාමල්ට අධි චෝදනා ගොනු වෙයි.!

සාපරාධි මුදල් පරිහරණය යටතේ නාමල්ට අධි චෝදනා ගොනු වෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබේ. 

ඒ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේය.

මෙම අධි චෝදනා පත්‍ර නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට යොමුකර ඇත.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර තිබේ.

මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.

රනිල් හැර විකල්පයක් නෑ.. වැරැද්ද නිවැරැදි කළ යුතුයි.!

රනිල් හැර විකල්පයක් නෑ.. වැරැද්ද නිවැරැදි කළ යුතුයි.!

සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් සඳහා පෙරේදා (26) පැවැති වැඩමුළුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ පසුගිය වසරේ රටට සිදු වූ වැරැද්ද නිවැරැදි කළ යුතු නිසා අලුතින් සිතා කටයුතු කළයුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා

“වෙනසක නිර්මාපකයන් ලෙස දීප්තිමත් හෙට දිනක් හැඩගැස්වීමේ වගකීම සහ අවස්ථාව අපට තිබෙනවා. පක්ෂය ගැන, ඉදිරි වැඩපිළිවෙළ ගැන නැවත සිතා බැලිය යුතුයි. මේ ගමනේදී පැරණි න්‍යායන් මත විශ්වාස තබාගත නොහැකියි. ලෝකය පෙර නොවූ විරූ වේගයකින් ඉදිරියට යන මොහොතක අපේ රටේ ජනතාව නිර්භීත ක්‍රියාමාර්ග ඉල්ලා සිටිනවා. පැරණි අදහස්වල යම් වැදගත්කම් මෙන්ම සාධනීය ලක්ෂණ තිබුණත් සෑම දෙයක්ම මොහොතින් මොහොත වෙනස් වෙනවා. දැනුම සහ උපායමාර්ග අලුත් වෙනවා. පුරවැසියන් දේශපාලන විශේෂඥයන්ට සහ දේශපාලනඥයන්ට වඩා වෙනස් විදිහට තීන්දු තීරණ ගන්නවා. පුරවැසියන් සෑම දෙයකටම සහභාගී වී ක්‍රියාකාරී තීරණ ගන්න ඍජුවම දායකත්වයක් දෙනවා. පසුගිය වසරේ සිදු වූ වැරදීම තුළ විශාල හිඩැසක් නිර්මාණයවී තිබෙනවා. ඒ හිඩැස පිරවිය යුතු නිසා බලයේ සිටින අයට වඩා වැඩි දෙයක් සිතිය යුතුයි. එය මහජනතාව පිළිගන්නා දෙයක් විය යුතුයි.”

මේ අතර, සර්ව ජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා පවසන්නේ වෙනත් අයකුගේ නායකත්වය යටතේ එකතු වීමක් ගැන රනිල් වික්‍රමසිංහ කිසිදා නොසිතන බවත්, එනිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයට එජාපය සහ සමගි ජන බලවේගය එක්ව තරග කිරීමට සිදු කරන සාකච්ඡා සාර්ථක වේ යැයි විශ්වාස කළ නොහැකි බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“එජාපය සහ සජබ එකතු වීමක් ගැන සිතන්නේ නම් රනිල් නොවී වෙනත් අයකු නායකත්වයට පත්වීමෙන් වැඩක් නැති බවයි මගේ මතය. නැවත එක්වීමට මේ සාකච්ඡා කරන්නේ එදා එකට හිටපු අයයි. මේ අය එකතු වෙනවාද නැද්ද කියලා අපි දන්නේ නෑ. ඒත් රනිල් වෙන කෙනකුට නායකත්වය දී එකතු වෙන තැනකට යයි කියලා මම හිතන්නේ නෑ. අනිත් එක තමයි, වෙන කෙනකුට නායකත්වය දී මේ එකතුවීමෙන් වැඩක් වෙන්නෙත් නෑ. මොකද සජිත්ගේ නායකත්වයෙන් සජබ දැන් මැතිවරණ ගණනාවක් පරාජය වුණා.”

මහින්ද පිරිත් කියද්දී ආණ්ඩුව බහිරව පූජාවකට සැරසෙයි.!

මහින්ද පිරිත් කියද්දී ආණ්ඩුව බහිරව පූජාවකට සැරසෙයි.!

ඊයේ (27) රාත්‍රියේ විජේරාම පිහිටි හිටපු ජනපතිවරයාගේ නිල නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා පිරිත් සජ්ඣායනයක් පවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර, අද (28) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසූවේ රජයේ නිල නිවාසවල සිටින බහිරවයන් පැන්නීමට වෙනම ක්‍රම ඇතැත් සදාචාරය රැකගෙන නිවසින් පිටවී යාම මහින්ද රාජපක්ෂ මහතාට හොඳ බවයි.

ලිඛිතව දැනුම් දුන්නොත් නිල නිවසින් යන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ප්‍රශ්නය : ලිඛිතව දැනුම් දුන්නොත් නිල නිවසින් යෑමට සූදානම් යැයි මහින්ද රාජපක්ෂ මහතා කිව්වා. එසේ ලිඛිතව දැනුම් දෙන්න සූදානම් ද?

අමාත්‍යවරයා : “රජයේ ගෙදරක සිටිමින් රජයෙන් ම යැපෙමින් ලියුමක් එව්වොත් යන්නම් කියලනෙ ඔය කියන්නේ. සදාචාරාත්මකව බලන්න. මේ අය සාමාන්‍ය පුරවැසියෝ නෙවෙයි. හිටපු ජනාධිපතිවරු. ඔය වගේ කාරණයකට ලියුමක් ආවොත් මම යන්නම් කියන සිල්ලර කේවල් කිරීම තනතුරට ගැළපෙන්නේ නෑ. එහෙම යන්න බැරි බහිරවයෝ වගේ බදාගෙන ඉන්නවා නම් තමයි. බහිරවයෝ පන්නන්න වෙන වෙන ක්‍රම තිබෙනවා. සදාචාරය රැකගෙන යෑම තමයි හොඳ.”

We are happy to invite you.