Foreign news (Sinhala)

ඇමරිකාව යුක්‍රේනයේ මරණ සහතිකයට අත්සන් තබයි.!

ඇමරිකාව යුක්‍රේනයේ මරණ සහතිකයට අත්සන් තබයි.!

පසුගිය සතියේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන් අනතුරුව යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

පසුගිය සතියේ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ ඇති වූ ගැටුමෙන් පසු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනයට හමුදා ආධාර අත්හිටුවා ඇති බව ධවල මන්දිරය පවසා තිබේ.

ජනවාරි මාසයේදී බලයට පත්වීමෙන් පසු ට්‍රම්ප් යුක්රේනය සහ රුසියාව පිළිබඳ එක්සත් ජනපද ප්‍රතිපත්තිය උඩු යටිකුරු විය.

“ජනාධිපතිවරයා සාමය කෙරෙහි අවධානය යොමු කර ඇති බව පැහැදිලිය. එම එම අභිලාශය සඳහා කැපවීම අපගේ වගකීමයි, අපි යුක්‍රේනය සඳහා ලබාදෙන අපගේ ආධාර තාවකාලිකව නවතා සමාලෝචනය කිරීමට තීරණය කළා.”” ධවල මන්දිර ප්‍රධාන නිලධාරියෙක් පසුගියදා මාධ්‍ය වෙත පැවසීය.

කෙසේවෙතත් එදින ජාත්‍යන්තර මාධ්‍ය විසින් කළ ඉල්ලීම අනුව වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලය කඩිනම් ප්‍රතිචාර දැක්වූයේ නැත.

ට්‍රම්ප් පරිපාලනයේ මෙම පියවර පැමිණෙන්නේ සිකුරාදා ඕවල් කාර්යාලයේ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ පැවති රැස්වීමකින් පසුවය. පසුගිය වසර තුන තුළ යුක්‍රේනයට ලබා දුන් එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක ආධාර සඳහා සෙලෙන්ස්කි ප්‍රමාණවත් කෘතඥතාවක් දක්වා නොමැති බව ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඔහුට චෝදනා කළේය.

රැස්වීමෙන් පසු, ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා තිබුනේ සෙලෙන්ස්කි “ඇමරිකා එක්සත් ජනපදයට එහි ආදරණීය ඕවල් කාර්යාලයේදී අගෞරව කළ” බවයි.

කෙසේවෙතත් ඇමරිකාව විසින් හදා වඩාගත් යුක්‍රේනය රුසියාවට එරෙහි බලල් අතක් ලෙස යොදාගැනීමෙන් අනතුරුව මෙලෙස කොන්දේසි විහරහිතව අතහැරදැමීම ට්‍රම්ප් විසින් යුක්‍රේනයේ මරණ සහතිකයට අත්සන් තැබීමක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා ඇත.

ට්‍රම්ප් විශ්වාසය කඩයි.. සියල්ල අත්හිටුවමින් දැඩි තීරණයක් ගනී.!

ට්‍රම්ප් විශ්වාසය කඩයි.. සියල්ල අත්හිටුවමින් දැඩි තීරණයක් ගනී.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට යුක්‍රේනයේ සිට පෝලන්තය බලා ප්‍රවාහනය වන යුධ ආධාර ද එම අත්හිටුවීමට ඇතුළත් බව ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ සහයෝගය යුක්‍රේනයට හිමිවන බවට යුක්‍රේන ජනාධිපතිවරයා තුළ විශ්වාසයක් ඇති බැවින් ඔහුට රුසියාව සමග යුද්ධය අවසන් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

තෙල් දැවැන්තයාගේ අවසරය ට්‍රම්ප් අවලංගු කරයි.!

තෙල් දැවැන්තයාගේ අවසරය ට්‍රම්ප් අවලංගු කරයි.!

තෙල් දැවැන්තයකු වන වෙනිසියුලාවේ වෙවිල්සන් සමාගමට ක්‍රියාත්මක වීමට ලබාදුන් අවසරය අවලංගු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

එම අවසරය අවලංගු කිරීමෙන් වාමාංශික විරුද්ධ වාදියකු වන නිකොලස් මධුරෝ විසින් පවත්වා ගෙන යනු ලබන අස්ථාවර ආර්ථිකයක තීරණාත්මක ආදායම් මාර්ගයක් ඉවත් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැරකස් වෙත ගිය අමෙරිකානු නියෝජිතයකුට පිටුවහල් කරන ලද වෙනිසියුලානු ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට වූ පොරොන්දුව ඉටු කිරීමට නිකොලස් මධුරෝ අපොහොසත් වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය.

පසුගිය 2022 වසරේදී හිටපු ජනාධිපති ජෝ බයිඩන් සම්බාධක ලිහිල් කළ අතර රඳවාගෙන සිටින අමෙරිකානුවන් නිදහස් කිරීම හා සාධාරණ මැතිවරණයකට ඉඩ ලබාදෙන බවට මධුරෝ දුන් පොරොන්දුව වෙනුවෙන් වෙනිසියුලාවේ ක්‍රියාත්මක වීමට චෙව්රාන්ට අවසර හිමිවිය.

ඇමරිකාව පන්නා දැමූ යුක්‍රේනයට යුරෝපය දොර හරී.!

ඇමරිකාව පන්නා දැමූ යුක්‍රේනයට යුරෝපය දොර හරී.!

පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ධවල මන්දිරයේ දී පැවති සාකච්ඡා බිද වැටීමෙන් පසු යුක්රේන ජනාධිපති වොලද්මීර් සෙලෙස්කින් මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත.

එහිදී ධවල මන්දිරය වෙත කැඳවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු එරට නියෝජිතයින් යුක්රේන ජනාධිපතිවරයා වෙත නින්දා සහගත ලෙස සැළකීම පිළිබඳ ඇමරිකාවට යුරෝපයේ විවේචනයන් එල්ල වෙමින් පවතී.

කෙසේවෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනය සමග තව දුරටත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම අත්හිටුවීමත් සමග යුරෝපා සංගමය සෙලෙස්කින්ට සහාය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව එම සංගමයේ නායකයින් ලන්ඩන් නුවර දී යුක්රේන ජනාධිපතිවරයාට සහාය දක්වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය ඇත.

ලන්ඩන් නුවරට පැමිණි සෙලෙස්කින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කේයර් ස්ටාමර් මහතා ඩවුන් ස්ට්‍රීට් හි පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවී ඇත.

සෙලෙස්කින් ,ට්‍රම්ප් සමග පැවති සාකච්ඡා බිඳවැටීමෙන් පසු ඇමෙරිකානු රූපවාහිනි වැඩසටහනකට සහභාගි වූ අතර එහිදී තමා අතින් සිදු වූ වරද සම්බන්ධයෙන් කනගාටුව පළ කළේය.

ට්‍රම්ප් ද මාධ්‍ය පැවසූවේ සෙලෙස්කින්ට අවශ්‍ය යුද්ධ කිරීම මිස එය නතර කිරීමට නොවන බවය.

තමා යුද්ධයකට අකමැති බවත් මිනිස් ජීවිත විනාශ වෙනු දැකීම නොව ආරක්ෂා වෙනු දැකීම සතුටක් බවද කීවේය.

තවත් මාස දෙකයි.. සමුගන්න සැරසෙයි.!

තවත් මාස දෙකයි.. සමුගන්න සැරසෙයි.!

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි වලින් එකක් වු මිලියන සිය ගණනක් පරිශීලකයින් සිටින වීඩියෝ ඇමතුම් සේවාවක් වන “ස්කයිප්” (Skype) එළ⁣ඹෙන මැයි මාසයේ සිට වසා දමන බව එහි හිමිකරු මයික්‍රොසොෆ්ට් සමාගම සදහන් කරයි.

එළ⁣ඹෙන මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නවත්වනු ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ පරිශීලකයින්ගේ කතාබස් සහ සම්බන්ධතා සමග පරිශීලකයින්ගේ ස්කයිප් ගිණුම සමග Microsoft Teams Free වෙත සම්බන්ධ විය හැකි බව එම සමාගම සිය X ගිණුමේ සටහනක් තබමින් සදහන් කරයි.

ඒ අනුව පරිශීලකයින්ගේ ස්කයිප් මුරපද සමග Microsoft Teams Free සම්බන්ධ වීමට හැකියාව ලැබෙනු ඇති අතර ස්කයිප් පසුගිය 2011 වසරේදී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5කට මිලදී ගත්තේය.

ගුවන් යානයක් කඩා වැටී 46ක් මරුට.!

ගුවන් යානයක් කඩා වැටී 46ක් මරුට.!

සුඩානයේ අගනුවර වන කාර්ටූම් හි නේවාසික ප්‍රදේශයකට හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් නිලධාරින් සහ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ඇතුළු පුද්ගලයින් 46 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ළමුන් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවත් මියගිය පිරිස අතර කාර්ටූම් හි ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු වන මේජර් ජෙනරාල් බහර් අහමඩ් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාර්ටූම් හි උතුරු ඔම්සුර්මන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වීමේදී යානය කඩා වැටුණු බවත් අනතුරින් පසු විශාල පිපිරීමක් සිදු වූ බව එහි පදිංචිකරුවන් සදහන් කරයි.

මෙම අනතුරින් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර අවට අසල්වැසි ප්‍රදේශවල විදුලිය ඇනහිටීම් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු සිහිනය සැබෑවෙයි.. ස්ථීර පදිංචියට අවස්ථාවක්.!

අමෙරිකානු සිහිනය සැබෑවෙයි.. ස්ථීර පදිංචියට අවස්ථාවක්.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අමෙරිකාවේ ස්ථිර පදිංචිය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කරන බවත් එම ක්‍රමවේදය ගෝල්ඩ් කාඩ් ලෙස නම් කර ඇති බව ජනාධිපතිවරයා සදහන් කරයි.

රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම ගෝල්ඩ් කාඩ් ලබාදෙන බවද සදහන් කරයි.

අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාදීමට භාවිත කෙරෙන ග්‍රීන් කාඩ් හා සමාන ප්‍රතිලාභ ගෝල්ඩ් කාඩ් ලබා ගන්නා පුද්ගලයින්ට හිමිවන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ට්‍රම්ප් ඉහළම නිලධාරියා සේවයෙන් පහ කරයි.!

ට්‍රම්ප් ඉහළම නිලධාරියා සේවයෙන් පහ කරයි.!

අමෙරිකාවේ ඉහළම නිලධාරියකු වන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති CQ බ්‍රවුන් සේවයෙන් පහ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

CQ බ්‍රවුන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීගේ සභාපතිවරයා වශයෙන් වසර 40ක් සේවය කර ඇති අතර ඔහු හිටපු ප්‍රහාරක ගුවන් නියමුවකු හා ආසියාවේ අණදෙන නිලධාරියකුද වන අතර එම තනතුරට පත් වූ දෙවන කළු නිලධාරියා වේ.

බ්‍රවුන් ඉවත් කිරීම සම්බන්ධව ජනාධිපති ට්‍රම්ප් කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොමැති අතර ජනාධිපතිවරයා සදහන් කළේ, බ්‍රවුන් හොඳ නිලධාරියෙකු මෙන්ම කැපී පෙනෙන නායකයකු වූ බවයි.

නව කොරෝනා වෛරසයක්.. චීනය ⁣යළිත් ලෝකයම බියගන්වයි.!

නව කොරෝනා වෛරසයක්.. චීනය ⁣යළිත් ලෝකයම බියගන්වයි.!

කොවිඩ් වෛරසය ලෝකයට මුදා හළ බවට චෝදනා එල්ල වී ඇති චීනයේ වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ පර්යේෂකයන් විසින් වවුලන් තුළ නව කොවිඩ් වෛරසයක් ඇති බවට සොයාගෙන ඇත.

මෙම නව වෛරසය HKU5-CoV-2 ලෙස නම් කර ඇති අතර එය සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇති බවත් මෙතෙක් මිනිසුන් තුළ කිසිදු ආසාදනයක් වාර්තා වී නොමැති බවත් මෙම වෛරසය 2020 වසංගතයට සමීපව සමාන බව අධ්‍යයනයකින් හෙළිව ඇත.

HKU5-CoV-2 යනු මර්බෙකෝ වෛරස උප කුලයට අයත් කොවිඩ් වෛරසයක් වන අතර එයට මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) ඇති කරන වෛරසය ද ඇතුළත් වේ. නව වෛරසය මිනිස් ACE2 සමඟ බන්ධනය විය හැකි බව විද්‍යාඥයින් සොයා ගත් අතර එය SARS-CoV-2 සහ NL63 (සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයක්) හා සමාන වේ.

අධ්‍යයනයෙන් හෙළිව ඇත්තේ, වවුලන් වෛරසය මිනිසුන් තුළ සහ අනෙකුත් ක්ෂීරපායින් තුළ ඇති ප්‍රෝටීන සමඟ බන්ධනය විය හැකි බවත් එය සෘජු සම්බන්ධතා හරහා ඔටුවන්ගෙන් මිනිසුන්ට පැතිර යා හැකි දරුණු රෝගයක් බවද සදහන් කරයි.

සොයාගත් HKU5-CoV-2 නම් නව වෛරසය මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාව ඇතත්, සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීම පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් විමර්ශනය කර නොමැති බව පර්යේෂකයන් සදහන් කරයි.

තත්ත්වය තරමක් බරපතළයි.. පාප් වහන්සේ වෙනුවෙන් යාඥා කරන්න.!

තත්ත්වය තරමක් බරපතළයි.. පාප් වහන්සේ වෙනුවෙන් යාඥා කරන්න.!

වතිකානය නිවේදනය කළේ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ තත්ත්වය තරමක් බරපතළ බැවින් උන් වහන්සේ සිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන් වෙනුවෙන් යාඥා කරන ලෙසයි.

පසුගිය (14) වැනිදා 88 හැවිරිදි පාප් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ට ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කළ අතර අතිරේක ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදු කරයි.

වයස අවුරුදු 21දී පෙනහළු ආබාධයකට ගොදුරුවීමත් සමග ශුද්ධෝත්තම පියතුමන්ට වරින් වර ශ්වසන අපහසුතා ඇති වු අතර අසාධ්‍ය තත්ත්වයෙන් මුදාගැනීමට අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදුකෙරන බව වතිකානය සදහන් කරයි.

සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සියලුම සත්‍ය තොරතුරු සිය ජනතාවට දැනුම් දෙන ලෙස උන් වහන්සේ සිය බලදාරීන්ට පවසා ඇති අතර ඒ අනුව වතිකානය වරින් වර නිවේදන නිකුත් කරයි.

මේ අතර සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පාප් වහන්සේ ඉල්ලා අස්වීම පිළිබඳව වතිකානු නිලධාරීන් සහ නිරීක්ෂකයින් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ තනතුර මේ වනවිට තීරණාත්මක වන අතර බැතිමතුන් සමඟ සෘජු සන්නිවේදනය පවත්වාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ඉල්ලා අස්වීමට සලකා බැලිය හැකි බව කාදිනල් ජියන්ෆ්‍රැන්කෝ රවාසි පවසයි.

We are happy to invite you.