Foreign news (Sinhala)

තල්මසුන් 90ක් මරා දැමීමට තීරණය කරයි.!

තල්මසුන් 90ක් මරා දැමීමට තීරණය කරයි.!

සුළඟ සහ රළු සාගර තත්ත්වය හේතුවෙන් පිහිනීමට නොහැකිව ටැස්මේනියාවේ දුරස්ථ වෙරළ තීරයක අතරමං වු තල්මසුන් 90 දෙනකු මරා දැමීමට ඕස්ට්‍රේලියානු වනජීවී නිලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටැස්මේනියාවේ ස්වභාවික සම්පත් හා පරිසර දෙපාර්තමේන්තුවට අනුව, දිවයිනේ බටහිර වෙරළ තීරයේ ආතර් ගඟ අසල තල්මසුන් 150 කට වැඩි ප්‍රමාණයක් අතරමං වී සිටියදී සොයා ගත් අතර ඔවුන් නැවත මුහුදට යැවීමට සුදානම් වුවද එය අසාර්ථක වී ඇත.

අතරමං වූ තල්මසුන් හුදකලා ප්‍රදේශ වලට ගෙනයෑමට යන්ත්‍රෝපකරණ භාවිත කර ඇති බැවින් මුදා හැරීමට පෙර ඒවා ජලයේ ස්ථාවර කළ හැකි අතර නමුත් දුරස්ථ හා ප්‍රවේශ විය නොහැකි ස්ථානයට උපකරණ යැවීමට නොහැකි වූ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සදහන් කරයි.

ටස්මේනියාවේ අවසන් වරට මෙතරම් තල්මසුන් සංඛ්‍යාවක් අතරමං වූයේ වසර 50කට පෙර 1974 වස⁣රේ ජුනි මාසයේදී බවත් දිවයිනේ උතුරු වෙරළ තීරයේ බ්ලැක් රිවර් වෙරළ තීරයෙන් 160ත් 170ත් අතර සංඛ්‍යාවක් සොයාගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව ප්‍රථම සමලිංගික ඉමාම්වරයා ඝාතනය කරයි.!

ලොව ප්‍රථම සමලිංගික ඉමාම්වරයා ඝාතනය කරයි.!

ලොව “ප්‍රථම විවෘත සමලිංගික ඉමාම්” ලෙස සැලකෙන මුහ්සින් හෙන්ඩ්‍රික්ස් දකුණු අප්‍රිකානු නගරයක් වන ග්කෙබර්හා අසලදී වෙඩි තබා ඝාතනය කර ඇති බව දකුණු අප්‍රිකානු පොලිසිය සදහන් කරයි.

සමලිංගික සහ අනෙකුත් ආන්තික මුස්ලිම්වරුන් සදහා ආරක්ෂිත ස්ථානයක් ලෙස මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන ගිය ඉමාම් තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයක ගමන් කරමින් සිටියදී වාහනයක් ඔවුන් ඉදිරිපිටට නතර කර මුහුණු ආවරණය කර ගත් නාඳුනන සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇත.

57 හැවිරිදි මෙම පූජකවරයාට ඉස්ලාමයේ සාම්ප්‍රදායික අර්ථකථන වලට අභියෝග කිරීම වෙනුවෙන් පෙනී සිටීමට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වු අතර කේප්ටවුන් හි මුස්ලිම් පල්ලියක් පවත්වා ඔහු මිනිසුන්ට ඇදහිල්ල, මිනිසෙකුගේ අධ්‍යාත්මික සංවර්ධනය, ඔබේ ඇදහිල්ල තේරුම් ගැනීම පිළිබඳ ඉගැන්වීය.

ට්‍රම්ප් දැඩි තීරණයක් ගනී.. දහස් ගණනක සේවකයින් දොට්ට.!

ට්‍රම්ප් දැඩි තීරණයක් ගනී.. දහස් ගණනක සේවකයින් දොට්ට.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව අමෙරිකාවේ රාජ්‍ය ආයතන ගණනාවක සිටි දහස් ගණනක් රාජ්‍ය සේවකයන් සේවයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පරිවාස කාලය තුළ සිටි සේවකයන් 1,000කට වැඩි පිරිසක් එලෙස ඉවත් කර ඇති අතර ඇමෙරිකාවේ ෆෙඩරල් නිලධාරීවාදය පිරිසුදු කිරීම වේගවත් කිරීමත් සමග ඔවුන් එලෙස ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර දෙකකටත් අඩු කාලයකට පෙර සිවිල් රජයේ සේවකයන් 280,000ක් පමණ බඳවා ගන්නා ලද අතර බොහෝ දෙනෙක් තවමත් පරිවාස කාලයේ සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්.!

ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්.!

ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ අද (17) දින අලුයම රික්ටර් මාපක 4.0ක භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. 

මෙම භූකම්පනයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් පිළිබඳව වාර්තා වී නොමැති අතර භූමිය සෙලවෙන විට විශාල ශබ්දයක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම කලාපයේ ජනතාව සන්සුන්ව සිටින ලෙසත් ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසද ඉල්ලා සිටියේය.

රන් පතලක ඛේදවාචකයක්.. ජීවිත 48ක් පස් යට සැඟවෙයි.!

රන් පතලක ඛේදවාචකයක්.. ජීවිත 48ක් පස් යට සැඟවෙයි.!

මාලි රාජ්‍යයේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් ඇති බව විද්ස් මාධ්‍ය වාර්තාකරයි.

මෙම නායයෑම සිදුවන අවස්ථාවේ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් එහි තුළ සිට ඇති බව සඳහන් වන අතර මෙම පතල නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ රන් පතලක් බව වැඩිදුරටත් වාර්තා වේ.

මියගිය 48 දෙනාට අමතරව සිද්ධියෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

මෙම රන් පතල චීන සමාගමක් විසින් කලක් පවත්වාගෙන ගොස් අත්හැර දැමූ පසු නැවත නීතිවිරෝධීව ක්‍රියාත්මක වූ එකක් බව පැවසේ.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ ද දකුණු දිග මාලි රාජ්‍යයේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබුණි. 

දුම්රියට ගොඩවෙන්න පොරකෑ 18ක් මරුට.!

දුම්රියට ගොඩවෙන්න පොරකෑ 18ක් මරුට.!

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයක දුම්රියට ගොඩවීම සඳහා ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවද පැවසේ.

ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය හේතුවෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත.

ඉතිහාසයේ පළමු වරට “කළු මුහුදේ රාක්ෂයා” හමුවෙයි.!

ඉතිහාසයේ පළමු වරට “කළු මුහුදේ රාක්ෂයා” හමුවෙයි.!

ස්පාඤ්ඤයේ පර්යේෂණ සංවිධානයක් වන කොන්ඩ්‍රික් ටෙනරීෆ් හි ගවේෂකයකු විසින් කැනරි දූපත් වල ටෙනරීෆ් වෙරළට ඔබ්බෙන් “හම්ප්බැක් ඇන්ග්ලර්ෆිෂ්” මත්ස්‍යයා තම කැමරා කාචයේ සටහන් කරගැනිමට සමත්ව ඇත.

සාමාන්‍යයෙන් “කළු මුහුදේ රාක්ෂයා” ලෙස හැඳින්වෙන හම්ප්බැක් ඇන්ග්ලර්ෆිෂ් ජලය මතුපිට සිට මීටර් 1,500ක් (අඩි 4,921) පහළ හිරු එළිය නොවැටෙන ගැඹුරු මුහුදේ ජීවත් වේ.

මෙම මත්ස්‍යයා දහවල් කාලයේදී හමුවී තිබීම විශේෂ වන අතර පරීක්ෂකයන් සදහන් කරන්නේ, මුහුදු මතුපිට ජීවි මත්ස්‍යයකු ලෙසින් ඉතිහාසයේ පළමු වතාවට කැමරාවට හසුවූ පළමු හම්ප්බැක් ඇන්ග්ලර්ෆිෂ් මත්ස්‍යයා මෙම මත්ස්‍යයා බවයි.

කොන්ඩ්‍රික් ටෙනරීෆ් කණ්ඩායමේ සාමාජිකයින් පෙලැජික් මෝරුන් පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටියදී එම ඇන්ග්ලර්ෆිෂ් මත්ස්‍යයා සොයාගත් බව එම සංවිධානය ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් සදහන් කරයි.

පාප් වහන්සේ හදිසියේම රෝහල් ගත කරයි.!

පාප් වහන්සේ හදිසියේම රෝහල් ගත කරයි.!

බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව වතිකානුව නිවේදනය කරයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කිහිප වතාවක්ම පසුගිය වසර දෙක තුළ ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩා විඳි අතර තරුණ අවදියේදී එක් පෙනහලුවක කොටසක් ඉවත් කිරීමටද සිදුව ඇත.

පාප් වහන්සේ රෝහලක් වෙත ඇතුළත් කිරීම හේතුවෙන් සඳුදා දින රෝමයේ ප්‍රසිද්ධ සිනෙසිටා චිත්‍රපට චිත්‍රාගාරය නැරඹීම සහ හෙට දිනයේදී සැලසුම් කර ඇති මහජන හමු සියල්ල අවලංගු කළ බව වතිකානුව නිවේදනය කරයි.

බොක්ක වෙනස් කළ ට්‍රම්ප්.!

බොක්ක වෙනස් කළ ට්‍රම්ප්.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝ බොක්ක ‘ඇමෙරිකා බොක්ක’ ලෙස නිල වශයෙන් නම් කරමින් විධායක නියෝගයට අත්සන් තබා ඇත.

ගත් තීරණය පැහැදිලි කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙක්සිකෝ බොක්ක ලෙස නම් කර තිබූ කොටස ඈත අතීතයේ සිට ඇමෙරිකාවට මහත් සම්පතක් වූ බවත් එය ඇමෙරිකාවේ කොටසක් බවයි.

“ඇමරිකානු ශ්‍රේෂ්ඨත්වයට ගරු කරන නම් ප්‍රතිෂ්ඨාපනය කිරීම” යන මාතෘකාවෙන් යුත් මෙම නියෝගය දින 30ක් තුළ විධිමත් ලෙස ක්‍රියාත්මක කරන්න යැයි එක්සත් ජනපද අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා ජනපති ට්‍රම්ප්ට උපදෙස් ලබාදී ඇත.

විධායක නියෝගයට අත්සන් තැබූ පෙබරවාරි (09) දින ඇමෙරිකානු ගල්ෆ් දිනය ලෙස ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර ඇත.

නිවාස 10ක් සමග 30ක් අතුරුදන්.!

නිවාස 10ක් සමග 30ක් අතුරුදන්.!

චීනයේ සිවුවාන් පළාතේ, ජින්පින් ගම්මානයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයන් 30 දෙනකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නායයෑම හේතුවෙන් නිවාස 10ක් වැළලී ගොස් ඇති අතර එහි පදිංචිකරුවන් කිහිප දෙනෙකු සිරවී සිටියදී බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවට ප්‍රදේශවල ඇති විය හැකි භූ විද්‍යාත්මක අවදානම් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස චීන අගමැතිවරයා ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් ගම්වාසින් සදහන් කළේ, මෙම නායයෑමට බලපෑ හේතුව, පසුගිය මාස හය තුළ විශාල පාෂාණ කන්දෙන් පහළට පෙරළෙන ආකාරය නිතර දක්නට ලැබුණු බවයි.

We are happy to invite you.