Foreign news (Sinhala)

රටවල් කිහිපයකට සුනාම් අනතුරු අඟවයි.!

රටවල් කිහිපයකට සුනාම් අනතුරු අඟවයි.!

රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක් කැරිබියන් දූපත්වල හටගෙන ඇති අතර එනිසා රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සදහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඇලස්කාවේ අතුරුදන් ගුවන්යානය හමුවෙයි.!

ඇලස්කාවේ අතුරුදන් ගුවන්යානය හමුවෙයි.!

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුදහන් වූ කුඩා ගුවන්යානයේ සුන්බුන් සොයාගෙන තිබේ.

එම යානයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවත් තවත් මළ සිරුරු 07ක් ගුවන්යානය තුළ ඇති බවට විශ්වාස කරන බවත් වෙරළාරක්ෂක බලකාය පවසයි.

යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති හෙයින් දැනට එයට ප්‍රවේශ විය නොහැකි බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

මගීන් සමග ගුවන් යානයක් අතුරුදන්.!

මගීන් සමග ගුවන් යානයක් අතුරුදන්.!

ඇලස්කා ප්‍රාන්තයේ උනලක්ලීට් සිට නෝම් නගරය බලා පියාසර කළ කුඩා ගුවන් යානයක් මගීන් 9 දෙනෙකු සහ ගුවන් නියමුවකු ඇතුළු 10 දෙනෙකු සමග අතුරුදන් වී ඇති බව ඇලස්කාවේ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සෙස්නා කැරවාන් යානය උනාලක්ලීට් සිට නෝම් දක්වා පියාසර කරමින් සිටියදී කිලෝමීටර් 19ක් ඈතින් මුහුදේදී අවසන්වරට රේඩාර් තිරයේ දිස්වූ බව ඇලස්කා කලාපය සදහා වූ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සදහන් කරයි.

ඇලස්කාවේ බටහිර වෙරළ තීරයේ බෙරිං මුහුදේ ඇතුල්වීමක් වන නෝර්ටන් සවුන්ඩ් හරහා නගර දෙක එකිනෙකට සැතපුම් 146ක් පමණ දුරින් පිහිටා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සහ එක්සත් ජනපද ගුවන් හමුදාව අතුරුදන් වූ පුද්ගලයින් 10 දෙනෙකු රැගත් කුඩා ගුවන් යානය සොයා ඇලස්කාවේ මුහුදු තීරයේ සෙවීම් සිදු කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන් වූ ගුවන් යානය ප්‍රාන්ත අතර ක්‍රියාත්මක වන බෙයාරින්ග් එයාර් ගුවන් සේවයට අයත් එකක් බව ඇලස්කාවේ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවත් බිහිසුණු ගුවන් අනතුරක්.!

තවත් බිහිසුණු ගුවන් අනතුරක්.!

බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරය අසලදී කුඩා ගුවන් යානයක් කඩාවැටී බස් රථයක ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කිං එයාර් එෆ් 90 ගුවන් යානය කැම්පෝ ඩි මාර්ට් ගුවන්තොටුපළෙන් ගුවන් ගත වී මිනිත්තු පහක් ඇතුළත හදිසි ගොඩබෑමක් කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.

එරට බලධාරීන් තවමත් යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව හෙළිකර නොමැති නමුත් එෆ් 90 ගුවන් යානයට මගීන් අට දෙනෙකු දක්වා ගමන් කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් සිට නොමැති අතර එම අනතුරෙන් තුවාල ලැබූවන් හෝ තුවාල ලැබූ නිලධාරීන් තවමත් තහවුරු කර නොමැත.

රූබල් සොයා මරු කතරට ගිය ශ්‍රී ලාංකිකයින් 59ක් සීල් පෙට්ටියේ.!

රූබල් සොයා මරු කතරට ගිය ශ්‍රී ලාංකිකයින් 59ක් සීල් පෙට්ටියේ.!

විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කරමින් පවසා සිටියේ රුසියානු හමුදාවට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් එහිදී අමාත්‍යවරයා අනාවරණය කළේය.

එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය.

ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ වෙනසක් කරයි.!

ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ වෙනසක් කරයි.!

ධවල මන්දිරය තුළ ප්‍රධාන වෙනස්කම් තුනක් සිදු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පෙර පැවැතියාට වඩා අති නවීන පහසුකම් සහිතව, නවතම ක්‍රමවේදයකට අනුව ජනාධිපතිවරයාගේ නාන කාමරය වෙනස් කර ඇත.

එහෙත් ජනාධිපතිවරයකුට ඒ සදහා ඩොලර් ලක්ෂයකට වඩා වැය කළ නොහැකි අතර එනිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පෞද්ගලික ධනයද මේ සදහා යොදවා ඇත.

තවද වොෂින්ටනයේ ධවල මන්දිරයේ පසුපස ප්‍රදේශයේ තිබෙන ට්‍රම්ප්ගේ නිල කාර්යාලයේ මේසය මත “Coke button” එකක් ද සවිකර ඇති අතර එයට හේතුව ට්‍රම්ප් නිතර සීනි රහිත පාන වර්ග ගෙන්නාගෙන බීමට හුරු වී ඇති නිසාය.

එමෙන්ම ධවල මන්දිරයේ ආහාර සැපයීමට නවතම ආහාර වට්ටෝරුවක් ලබාදී ඇති අතර එයට හේතුව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවිධ ක්ෂණික ආහාර වර්ග වලට ප්‍රියතාවයක් දැක්වීමයි.

කොල්ලුපිටි හෝටලයේ අභිරහස් ලෙස මියගිය සුරූපිනියන් ගැන හෝඩුවාවක්.!

කොල්ලුපිටි හෝටලයේ අභිරහස් ලෙස මියගිය සුරූපිනියන් ගැන හෝඩුවාවක්.!

කොළඹ කොල්ලුපිටියේ පිහිටි මිරකල් සිටි නම් නවාතැන් පොළේ කාමරයක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික සහ ජර්මානු ජාතික තරුණියන් දෙදෙනෙකු පසුගිය 1වැනිදා හදිසියේම මියගියේය.

මියගිය තරුණියන්ගෙන් එක් අයෙකු වන එක්සත් රාජධානියේ සිට පැමිණි වයස අවුරුදු 24ක් වූ එබනි මැකින්ටොෂ් නම් තරුණිය සමාජ මාධ්‍ය තුළ ප්‍රභල චරිතයක් බව වාර්තා වේ.

ඇය දකුණු ආසියාවේ සංචාරයක නිරත වීමේ සිහිනයක සිටි බවත් ඒ අනුව පසුගිය ජනවාරි 28 වන දින පළමුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවත් ඇගේ සහෝදරිය සමාජ මාධ්‍ය සටහනක් තබා ඇත.

කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි 1 වන සෙනසුරාදා, ඇය ඇතුළු එම හෝටලයේ රැඳී සිටි තවත් නවාතැන්කරුවන් කිහිප දෙනෙකු වමනය, ඔක්කාරය සහ ආශ්වාස ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර ඇත.

එම හෝටලයේ රැඳී සිටි එබනි සහ අනෙක් ජර්මානු කාන්තාව එකම කාමරයේ නවාතැන් ගෙන සිට ඇති අතර, ඔවුන් රෝහල් ගත කිරීමෙන් පැය කිහිපයකට පසු මියගොස් තිබේ.

තවකාලිකව දැනට නවාතැන් පොළ වසා දමා ඇති අතර මකුණන් මර්දනය කිරීම සඳහා යොදා ගත් කෘමිනාශක විශේෂයක් හේතුවෙන් ඔවුන් මියයන්නට ඇතැයි සැක කෙරේ.

මෙම මරණ සිදුවීමට පැය 72කට පෙර අසල කාමරයක මකුණන් මර්ධනය කිරීම සඳහා යොදා ගත් කෘමිනාශක විෂ වායු හේතු වී ඇති බවට සැක කෙරෙනා නමුත් මෘත පරීක්ෂණ වාර්තාව තවමත් නිකුත් කර නොමැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින අතර, මෘත පරීක්ෂණ වාර්තාව මගින් මරණයට හේතුව තහවුරු කෙරෙනු ඇත.

හසීනාගේ සුවිසල් රජ මැදුර පොළොවට සමතලා කරයි.!

හසීනාගේ සුවිසල් රජ මැදුර පොළොවට සමතලා කරයි.!

බංග්ලාදේශයේ ආරම්භ වූ අරගලයෙන් පසුව බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂීක් හසීනාගේ පවුලේ නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශකර ඇත.

දැනට රටින් පැන ගොස් සිටින හසීනා ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය හරහා ජාතිය අමතනු ඇතැයි යන පුවතත් සමඟ මෙම නොසන්සුන්තාව ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය බදාදා සවස, හසීනාගේ නැසීගිය පියා වන බංග්ලාදේශයේ ආරම්භක ජනාධිපති ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවස ඩෝසර් යන්ත්‍රයක් යොදාගනිමින් කඩා බිඳ දැමීය.

එම විනාශ කළ නිවසද මීට පෙර කෞතුකාගාරයක් ලෙස භාවිත කිරීමට සැලසුම් කර තිබුණි.

හසීනාගේ පියා නිදහස් වීරයෙකු ලෙස පුළුල් ලෙස සලකනු ලැබේ, නමුත් ඔහුගේ දියණිය හසීනා කෙරෙහි ඇති කෝපය හේතුවෙන් මෙලෙස විරෝධතා මතුව ඇත.

වසර 20 ක් බංග්ලාදේශය භාරව සිටි 77 හැවිරිදි හසීනා, ඒකාධිපතියෙකු ලෙස සැලකේ.

ෆේස්බුක් සජීවී විකාශයක දී හසීනා තම පියාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් “යුක්තිය” ඉල්ලා සිටියාය. “ඔවුන්ට ගොඩනැගිල්ලක් කඩා දැමිය හැකිය, නමුත් ඔවුන්ට ඉතිහාසය මකා දැමිය නොහැක,” ඇය එහිදී පැවසුවාය.

පසුගිය අගෝස්තු මාසයේදී හසීනා ඉන්දියාවට පලා ගිය අතර පසුගිය වසරේ විරෝධතා මර්දනය කිරීමට හසීනාගේ රජය උත්සාහ කිරීමේදී පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගියහ.

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය සිදුවෙයි.!

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය සිදුවෙයි.!

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

විදෙ මාධ්‍ය පවසන්නේ වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බව එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසයි.

ඝාතකයා විසින් මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති අතර මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්.

හිටපු ජනාධිපති හෝස්ට් මියයයි.!

හිටපු ජනාධිපති හෝස්ට් මියයයි.!

ජර්මනියේ හිටපු ජනාධිපති හෝස්ට් කොහෙලර් කෙටි රෝගාබාධයක් හේතුවෙන් මියගිය බවත් ඔහු මියයන විට 81 හැවිරිදි වියේ පසුවු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුහුණුවෙන් ආර්ථික විද්‍යාඥයකු වූ හෝස්ට් කොහෙලර් පසුගිය 2004 වසරේ සිට 2010 වසර දක්වා ජර්මනියේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

ජනාධිපති වීමට පෙර හෝස්ට් කොහෙලර් වොෂින්ටනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා වු අතර පසුව ඔහු ජර්මනියේ ජනාධිපතිවරයා බවට පත් විය.

2010 වසරේ මැයි මාසයේදී විදේශගත ජර්මානු හමුදා මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශයන් විවේචනය කිරීමෙන් පසුව හෝස්ට් කොහෙලර් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

We are happy to invite you.