Foreign news (Sinhala)

මුහුද යට මෝරුන් අස්සේ ෆොටෝ ෂූට්.. ලෝක වාර්තාවක්.!

මුහුද යට මෝරුන් අස්සේ ෆොටෝ ෂූට්.. ලෝක වාර්තාවක්.!

මුහුද මතුපිට සිට මීටර් 50ක් (අඩි 163.38) ගැඹුරු මුහුදේ විනාඩි 15ක් පුරාවට ඡායාරූප (ෆොටෝ ෂූට්) කර ලෝක වාර්තාවක් පිහිටුවීමට කැනේඩියානු ඡායාරූප ශිල්පියකු වන ස්ටීවන් හැනින් ගස් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බොකා රූටන් මුහුදේදී මුහුදුබත් වූ හයිඩ්‍රෝ අත්ලාන්තික් නැවේ සුන්බුන් අසලදී මෙම ඡායාරූප ගත කිරීම සිදුකර ඇති අතර ඡායාරූප ගත කිරීමේ නිරූපිකාව ලෙස සියාරා ඇන්ටව්ස්කි සහභාගී විය.

ලෝක වාර්තාවකට හිමිකම් කී මෙම රූගත කිරීම සදහා ඇන්ට ව්ස්කි සුදු ගවුමකින් සහ කළු බූට් දෙකකින් සැරසී සිටි අතර ඡායාරූප ගත කිරීම සිදු කිරීමට පෙර හැනින් ගස් ඇතුළු කණ්ඩායම මාස කීපයක සිට ඒ සදහා පුහුණු වී ඇත.

ඡායාරූප ගත කිරීම මුල් අවස්ථාවේදී විනාඩි 20ක් පුරා සිදු කිරීමට සැලසුම් කර තිබුණත් පසුව එය විනාඩි 15කට සීමා කිරීමට හැනින් ගස් ඇතුළු කණ්ඩායමට සිදුව ඇත.

ඡායාරූප ගත කිරීමේදී හැනින් ගස් ඇතුළු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවූ බවත් ඒ අතර නැවේ සුන්බුන්වල මළකඩ, මෝරුන් සහ ධීවරයන් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂිත උපකරණ හෝ ඔක්සිජන් ටැංකියක් නොමැතිව සිටින නිරූපිකාවගේ ආරක්ෂාව තහවුරු කිරීමද කණ්ඩායමට විශාල අභියෝගයක් වු බවද ස්ටීවන් හැනින් ගස් සදහන් කරයි.

සංගක්කාරට සභාපති පුටුවක්.!

සංගක්කාරට සභාපති පුටුවක්.!

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා MCC ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

මෙම කමිටුව සඳහා වත්මන් අයි.සී.සී සභාපති ධුරය දරණ ජේ ෂා ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි, දකුණු අප්‍රිකානු හිටපු ආරම්භක ක්‍රීඩක ග්‍රීම් ස්මිත් සහ එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඇන්ඩෲ ස්ට්‍රෝස් මෙන්ම එංගලන්ත කාන්තා නායිකා හෙදර් නයිට් සහ ජියෝස්ටාර් හි ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා නව උපදේශක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් වේ.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ලෝඩ්ස් හි පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයට පෙර, එනම් එළඹෙන ජුනි 07 සහ ජුනි 08 යන දිනවල දී MCC ලෝක ක්‍රිකට් උපදේශක කමිටුව රැස්වීමට නියමිත බවයි.

ට්‍රම්ප් අනුර එකම පාරක.?

ට්‍රම්ප් අනුර එකම පාරක.?

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ සිදුවූ කලු අපරාධ සහ ඝාතන සබන්ධයෙන් සාකච්ඡාවක් මතුවී ඇති අයුරින්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ නැවත වතාවක් බලයට පත්වීමෙන් අනතුරුවද එරට තුළද එවැනිම සාකච්ඡාවක් මතුව තිබේ.

එක්සත් ජනපද ඉතිහාස ඉතිහාසයේ වඩා සුවිශේෂී වූ ඝාතන ත්‍රිත්වයක් සම්බන්ධයෙන් වූ රහසිගත ලේඛන ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඒ අනුව ජෝන් එෆ් කෙනඩි, රොබට් එෆ් කෙනඩි සහ මාටින් ලූතර් කිං ජූනියර්ගේ ඝාතන තුනට අදාළ ලේඛන වර්ගීකරණය කිරීමට සැලසුම් කරන ලෙස දැනුම් දී ඇති අතර දින 15 ක් ඇතුළත අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා ඕවල් කාර්යාලයේ වාර්තාකරුවන්ට ට්‍රම්ප් පවසා ඇත්තේ “බොහෝ ජනතාව මෙය දශක ගණනාවක් තිස්සේ බලා සිටින දෙයක්“ බවටයි. ඒ අනුව මේ ලේඛන තුළින් ඒ සියල්ල හෙළිවනු ඇතැයි ට්‍රම්ප් සදහන් කර ඇත.

හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි 1963 දී ඩලාස්හිදී ඝාතනය වූ අතර එසේම ඔහුගේ සොහොයුරු රොබට් එෆ් කෙනඩි 1968 කැලිෆෝනියාවේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කරමින් සිටියදී ඝාතනය කරන ලදී.

අමෙරිකාවේ වඩාත්ම ප්‍රසිද්ධ සිවිල් අයිතිවාසිකම් නායකයා වන මාටින් ලූතර් කිං, ද 1968 දී ඝාතනය විය.

මෙම ඝාතනවලට අදාළ විමර්ශන සම්බන්ධ බොහෝ ලියකියවිලි වසර ගණනාවක් තිස්සේ නිකුත් කර ඇතත් තවමත් ජනතාව තුළ ඇත්තේ නොවිසිදුණූ අබිරහසකි.

ඉරාකය ළමා විවාහ නීතිගත කරයි.!

ඉරාකය ළමා විවාහ නීතිගත කරයි.!

ඉරාක පාර්ලිමේන්තුව විසින් ළමා විවාහ නීතිගත කර ඇති බවත් රටේ පෞද්ගලික නීතිය සංශෝධනය කරමින් නීති තුනක් සම්මත කර ඇති බවද වාර්තා වේ.

මෙම සංශෝධන මගින් විවාහය, දික්කසාදය සහ උරුමය ඇතුළු පවුල් කාරණා සම්බන්ධයෙන් ඉස්ලාමීය උසාවි වලට වැඩි බලයක් ලබාදෙන අතර ක්‍රියාකාරින් තර්ක කරන්නේ මෙය පවුල් නීතිය ඒකාබද්ධ කර කාන්තාවන්ට ආරක්ෂාව ස්ථාපිත කළ 1959 පෞද්ගලික තත්ත්ව නීතිය අඩපණ කරන බවයි.

මූලික වශයෙන් ගතානුගතික ෂියා නීති සම්පාදකයන් මෙම නීතිය ඉස්ලාමීය මූලධර්ම සමග පෙළ ගැස්වීමට සහ ඉරාක සංස්කෘතියට බටහිර බලපෑම අඩු කිරීමට යොදාගනු ලබන අතර ඉරාක නීතිය අනුව දැනට බොහෝ අවස්ථාවල විවාහ වීමේ අවම වයස ලෙස 18 දක්වා ඇත.

සම්මත කරන ලද නීතිය අනුව පූජකවරුන්ට පාලනය කිරීමට ඉඩ සලසන අතර සමහර අය ඔවුන්ගේ නව යොවුන් වියේ ගැහැනු ළමයින් විවාහ කිරීමට ඉඩ සලසයි. ඉරාකයේ බොහෝ ෂියා ආගමික බලධාරීන් විසින් අනුගමනය කරන ජෆාරි ඉස්ලාමීය නීතිය යටතේ වයස අවුරුදු 9ක් තරම් කුඩා දරුවන් ද විවාහ කර දිය හැකිය.

සුන්නි රැඳවියන්ට ප්‍රතිලාභ සැලසෙන පොදු සමාව නීතියක් ද පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති අතර එය දූෂණයට සහ මංකොල්ල කෑම්වලට සම්බන්ධ පුද්ගලයන්ට අවසර ලබා දීමක් ලෙස ද සැලකේ. කුර්දි භෞමික හිමිකම් ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් ඉඩම් ප්‍රතිස්ථාපන නීතියක් ද වාණිජ මණ්ඩලය විසින් සම්මත කරන ලදී.

මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ ඉරාක කාන්තා ලීගයේ සාමාජිකාවක් වන Intisar al-Mayali පැවසුවේ, සිවිල් තත්ත්වයේ නීති සංශෝධන සම්මත කිරීම බාල වියේදීම ගැහැනු ළමයින් විවාහ කර ගැනීම හරහා කාන්තාවන්ගේ සහ ගැහැනු ළමයින්ගේ අයිතිවාසිකම් වලට විනාශකාරී බලපෑම් ඇති කරනු ඇති බවයි.

අමෙරිකාවේ 47 වැනි ජනපති ට්‍රම්ප් දිවුරුම් දෙයි.!

අමෙරිකාවේ 47 වැනි ජනපති ට්‍රම්ප් දිවුරුම් දෙයි.!

අමෙරිකාවේ වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේදී අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව වෙනුවෙන් අමෙරිකානු හිටපු ජනාධිපතිවරුන්, විදෙස් රාජ්‍ය නායකයින් මෙන්ම ඊලෝන් මස්ක් ඇතුළු දැවැන්තයින් පැමිණ ඇත.

නිල උත්සවයේ පළමුව, උප ජනාධිපතිවරයා වශයෙන් ජේ. ඩී. වෑන්ස් දිවුරුම් දුන් අතර ඒ අනුව ඔහු ඉතිහාසයට එක්වන්නේ එරට 50 වැනි උප ජනාධිපතිවරයා ලෙසයි.

ඔස්ට්‍රේලියානු අගමැති රුසියාවට අනතුරු අඟවයි.!

ඔස්ට්‍රේලියානු අගමැති රුසියාවට අනතුරු අඟවයි.!

රුසියානු හමුදාව විසින් යුක්රේනයේදී ඕස්ට්‍රේලියානු මෙල්බර්න් පාසල් ගුරුවරියක් ඝාතනය කර ඇති බවට පසුගියදා තොරතුරු සංසරණය වු අතර එම ඝාතනය තහවුරු වුවහොත් රුසියාවට එරෙහිව ගත හැකි ප්‍රබලම ක්‍රියාමාර්ගය ගන්නා බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස් සදහන් කරයි.

යුක්රේන හමුදා සමඟ සටන් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ඔස්කාර් ජෙන්කින්ස් මිය ගිය බවට විශ්වාස කරන බව සෙවන් නිව්ස් වාර්තා කිරීමෙන් පසුව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස් මෙම ප්‍රකාශය කරයි.

32 හැවිරිදි ඔහු යුක්රේනයේ රුසියානු හමුදා විසින් යුද සිරකරුවකු ලෙස රඳවාගෙන සිටි පළමු ඕස්ට්‍රේලියානු ජාතිකයා වන අතර ඔහුගේ හිස හරහා පහර දෙන ආකාරය පසුගිය මාසයේ සමාජ මාධ්‍ය වල සංසරණය වූ වීඩියෝවක පෙන්නුම් කළේය.

රුසියාව ආක්‍රමණය දියත් කළ දා සිට අවම වශයෙන් ඕස්ට්‍රේලියානුවන් හය දෙනෙකුවත් යුක්රේනයේදී මරා දමා ඇතැයි විශ්වාස කරයි.

අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් ට්‍රම්ප් සිය බලය අතට ගනී.!

අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් ට්‍රම්ප් සිය බලය අතට ගනී.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය හෙට (20) දින ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ දිනවල පවතින අධික ශීත කාලගුණය සලකා ඉතිහාසයේ පළමුවරට මෙවර අමෙරිකානු ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්තිය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම පදවිප්‍රාප්ති උත්සවය සාම්ප්‍රදායිකව අමෙරිකානු පාර්ලිමේන්තුව එනම් කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වුවද මෙවර මෙම උත්සවය වොෂින්ටන් හි කැපිටල් වන් ඇරීනා ගොඩනැගිල්ලේ පැවැත්වෙයි.

ලෝකයේ ප්‍රබලයා TikTok තහනම් කරයි.!

ලෝකයේ ප්‍රබලයා TikTok තහනම් කරයි.!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් (TikTok) යෙදවුම තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටික්ටොක් යෙදුම අයත් ‘බයිට් ඩාන්ස්’ සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසත් නැතිනම් ජනවාරි (19) වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවයි.

ඒ අනුව එම සමාගම එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කළ අතර මිලියන ගණනක් වූ අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් එම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කර ඇත.

කෙසේ වෙතත් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ, ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවයි.

ලෝකය පුරාම අතිශයින් ප්‍රචලිත ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් වන අතර 2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස ප්‍රසිද්ධ විය.

ඊලෝන් මස්ක්ගේ සුපිරි රොකට්ටුව උඩුගුවනේ පුපුරයි.!

ඊලෝන් මස්ක්ගේ සුපිරි රොකට්ටුව උඩුගුවනේ පුපුරයි.!

ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හද‍ා බැලීම සාර්ථක වෙමින් අභ්‍යවකාශ ගත කළද විනාඩි කීපයක් තුළ එය පුපුරා ගොස් විනාශ වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හදිසියේ පුපුරා ගිය රොකට්ටුවේ සුන්බුන් අහසේ සිට පොළවට වැටීම හේතුවෙන් මෙක්සිකෝ බොක්ක හරහා පියාසර කළ ගුවන් යානාවල මාර්ගය වෙනස් කිරීමට බලධාරීන්ට සිදුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම රොකට්ටුව පුපුරා යාම ‌හේතුවෙන් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් හි අහසේ උල්කාපත වර්ෂාවක් මෙන් තැඹිලි පැහැති ආලෝක බෝල ඉරි තැළෙන ආකාරය දිස්වූ බවත් ඉන් පසුව අහස ඝන දුමාරයකින් වැසී ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සමාගමේ දකුණු ටෙක්සාස්හි රොකට්ටු අභ්‍යවකාශගත කරන මධ්‍යස්ථානයේ සිට එරට වේලාවෙන් පස්වරු 5.38 ට පමණ ස්ටාර්ෂිප් රොකට්ටුව ආදර්ශ චන්ද්‍රිකාවක් සමග අත්හද බැලීමට අභ්‍යවකාශගත කර ඇති බවත් අභ්‍යවකාශගත කර විනාඩි 8 කට පසුව රොකට්ටුව පුපුරා ගොස් ඇත.

ආදර්ශ චන්ද්‍රිකාවක් සමග ස්ටාර්ෂිප් රොකට්ටුව අත්හද බැලූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ආදර්ශ චන්ද්‍රිකාව කාර්ය මණ්ඩලය නොමැතිව අභ්‍යවකාශ ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනප්‍රිය අගමැතිට වසර 14ක සිර දඬුවමක් නියම වෙයි.!

ජනප්‍රිය අගමැතිට වසර 14ක සිර දඬුවමක් නියම වෙයි.!

අද (17) පාකිස්තානයේ අධිකරණයක් විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කළේය.

ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව  ලෙස සැලකෙන ඉඩම් දූෂණ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබේ.

ඔහු පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රට මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා සිරගතව සිටියි.

We are happy to invite you.