Foreign news (Sinhala)

ගාසා තීරයේ විලාපයට විරාමයක්.!

ගාසා තීරයේ විලාපයට විරාමයක්.!

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මාස 15ක් පුරා ගාසා තීරයේ පැවති යුද්ධය අවසන් කරමින් දෙපාර්ශ්වය සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවයි.

ඒ අනුව දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාවකටද එළඹ ඇති අතර ඉකුත් 2023 වසරේ හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීමෙන් මෙම යුද්ධයේ ආරම්භය විය.

ෙහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය වැසියන්  1,200ක් පමණ මිය ගිය අතර තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා වෙත රැගෙන ගියේය.

ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර දියත් කළ අතර ගත වූ මාස 15ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000කට වැඩි පිරිසක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාස ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසුව මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වේ.

මෙහි ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටාර් රාජ්‍ය කටයුතු කරනු ඇති බව සඳහන්.

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට.!

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට.!

දෝෂාභියෝගයට ලක්ව සිටින දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeo) දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යූන් සොක් යෝල් රැගත් සන්නද්ධ රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව යන ආකාරය විදෙස් මාධ්‍ය විසින් වාර්ථා කර ඇත.

විමර්ශකයින් ඔහුගේ නිල නිවස වෙත අද (15) උදෑසන අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා ඇතුළු වූ බව වාර්තා වේ.

යූන් සුක් යෝල් ජනාධිපතිවරයා මුල් වරට අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ආරක්ෂක අංශ හා පාක්ෂිකයන් විසින් වලක්විමත් සමඟ අධිකරණය විසින් කලින් වරෙන්තුවක් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණි.

ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ නිල නිවසින් පිටත ජනතාව එක් රැස්ව සිටි අතර, අවට ආරක්ෂාව සඳහා පොලිසිය නිලධාරීන් 1,000 ක් පමණ යොදවා ඇත.

පසුගිය 31වැනි දා දෝෂාභියෝගයක් හේතුවෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලදී.

පතලක් තුළ සිරවීමෙන් 100ක් මරුට.!

පතලක් තුළ සිරවීමෙන් 100ක් මරුට.!

පතලක් තුළ සිරවීමෙන් දකුණු අප්‍රිකාවේ මියගිය කම්කරුවන් සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එම පිරිස නීතිවිරෝධී පතල් කම්කරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු අප්‍රිකාවේ අතහැර දැමූ රන් පතලක කැනීම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති අතර මොවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති අතර කුසගින්න සහ විජලනය හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවට සැක කරයි.

කෙසේ වෙතත් එම පතලේ සිරවී සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

We are happy to invite you.