Local news (Sinhala)

සජබ පුපුරයි.. තවත් පිරිසක් ඉල්ලා අස්වෙයි.!

සජබ පුපුරයි.. තවත් පිරිසක් ඉල්ලා අස්වෙයි.!

පළාත් පාලන මැතිවරණයෙන් පසුව එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදි මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යොමු කර ඇත.

ඒ අනුව මේ වනවිට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත් කරගැනීමේ අර්බුදය තවදුරටත් උඩු දුවමින් ඇත.

දුමින්ද කෙඳිරිගායි.. වහාම රෝහලට.!

දුමින්ද කෙඳිරිගායි.. වහාම රෝහලට.!

රන් ආලේපිත T56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී දිසානායක සඳහන් කළේ, අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවයි.

දුමින්ද දිසානායක මැගසීන් බන්ධනාගාරයට ඇතුළත් කළ පසුව ඔහුට ප්‍රථිකාර ලබා දියයුතු බවට අධිකරණ නියෝගයක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

රටේම බලය ඇල්ලීමට ගිය සමගිය දෙදරයි.. ප්‍රභලයන් 4ක් එළියට බහී.!

රටේම බලය ඇල්ලීමට ගිය සමගිය දෙදරයි.. ප්‍රභලයන් 4ක් එළියට බහී.!

සමගි ජන බලවේගයේ හොරොව්පතාන ආසන සංවිධායක අනුර බුද්ධික මහතා අද (25) සිට සිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, මේ වන විට සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු 4ක් ඉල්ලා අස්වී ඇත.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණේ පසුගිය 23 වැනිදායි.

ඊට අමතරව, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න යන අය ඊයේ (24) සිය ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වී තිබුණා.

මේ අතර රංජිත් අලුවිහාරේ මහතා තමන් දැරූ සමගි ජන බලවේගයේ නියොජ්‍ය ජාතික සංවිධායක ධූරයෙන්ද ඉල්ලා අස් වී තිබේ.

කොළඹට වතුර කැපෙයි.!

කොළඹට වතුර කැපෙයි.!

කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහක් කරයි.

ඒ අනුව අද උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

කොළඹ 1 සිට 15 දක්වා මෙන්ම කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතව බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

වැරදීමකින් තරුණයකුගේ කන පැලූ පොලිස් නිලධාරීන් ලක්ෂ 12ක් වන්දි ගෙවයි.!

වැරදීමකින් තරුණයකුගේ කන පැලූ පොලිස් නිලධාරීන් ලක්ෂ 12ක් වන්දි ගෙවයි.!

2012 වසරේ තඹුත්තේගම පොලිසියට එරෙහිව විරෝධතා පාගමනකට සහභාගි වුනේ යැයි තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී වධ හිංසා කිරීම තුළින් එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු තඹුත්තේගම පොලිසියේ හිටපු නිලධාරීන් හය දෙනෙකුට රුපියල් ලක්ෂ 12ක වන්දියක් ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීන්දු කළා. 

ඊට අමතරව මෙම වග උත්තරකාර පොලීස් නිලධාරින්ට එරෙහිව 1994 අංක 22 දරණ කෲර වධ හිංසාවන්ට එරෙහි සම්මුති පනත යටතේ අපරාධ නඩු පැවරීමට තිබෙන හැකියාව පිළිබඳව අධ්‍යයනය කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. 

තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි සුසිල් ප්‍රියංක සෙනෙවිරත්න නමැති තරුණයකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු තීන්දුව ප්‍රකාශයට පත් කළා. 

ඒ අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු තඹුත්තේගම පොලිසියේ මීට පෙර සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රසන්න කරුණාජීව, ඒම්.ඩී. ජගත් පාල, එම්.ජී.ටී.බී. අබේසිංහ, උපාලි හෙරත් සහ පොලිස් සැරයන් පී.කේ. ප්‍රේමතුංග යන අය තමන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ දෙක බැගින් පෙත්සන්කරුට ගෙවිය යුතු බවටත් තීන්දුවේ සඳහන් වුණා. 

එම වන්දි මුදල් තීන්දුව ප්‍රකාශයට පත්කළ දින සිට මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවටයි අධිකරණය නියෝග කළේ. සිද්ධිය වූ අවස්ථාවේ පෙත්සන්කරු 27 වන වියේ පසුවූ අතර ඔහු තඹුත්තේගම නගරයේ දුරකථන සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. 

2012 වසරේ අගෝස්තු මස 2 වනදා තඹුත්තේගම පොලිසියට එරෙහිව ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වුණේ යැයි වග උත්තරකරුවන් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පහරදී අමානුෂික වධ හිංසාවලට භාජනය කර තිබෙන බව නඩු තීන්දුවේ සඳහන් වෙනවා. 

එහෙත් මෙම තරුණයා අදාළ පා ගමනට සහභාගි වී නොමැති අතර ඔහු එම අවස්ථාවේ තම වෙළඳ ස්ථානයේ සිටි බවට නඩු විභාගයේදී කරුණු අනාවරණය වී තිබෙනවා. 

පොලිස් අත්අඩංගුවේදී වග උත්තරකරුවන් මෙම තරුණයාට යතුරු පැදිකරුවන් පළඳින හෙල්මට් එකකින් හිසට සහ කනට පහරදී ඇති අතර මේ නිසා ඔහුගේ කන් වලින් ලේ වහනය වීමට පටන් ගෙන ඇති අතර කන් බෙරය පැලී ගොස් ඇති බව වෛද්‍ය පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙන බවත් තීන්දුවේ සඳහන් වෙනවා. 

මේ හේතුවෙන් ඔහුගේ වම් කනේ ස්ථිර වශයෙන්ම ශ්‍රවණය කිරීමේ හැකියාව අහිමිවී තිබෙන බවත් නඩු තීන්දුවේ ප්‍රකාශ වුණා ඊට අමතරව පෙත්සම්කරුගේ ශරීරයටද බරපතළ තැලීම් හා තුවාල සිදුවී තිබෙන බවත් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා. 

මේ තුළින් පෙත්සම්කරු කෲර වධ හිංසනයන්ට භාජනය නොවී සිටීමට ඇති මූලික අයිතිය, අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසානයේදී සිය තීන්දුවේ ප්‍රකාශ කළා. 

ඉන් අනතුරුව මෙම නියෝග ප්‍රකාශයට පත් කෙරුණා.

දුමින්ද දිසානායක අධිකරණයට රැගෙන එයි.!

දුමින්ද දිසානායක අධිකරණයට රැගෙන එයි.!

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා‍ ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදීය.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කිරීමකටද ලක් කෙරුනි. 

ඒ අනුව මෙම රන් පැහැ ගැන්වූ ගිනි අවියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ සෘජු සම්බන්ධයක් ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය කරගෙන තිබූ අතර පසුව ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබීය.

සැකකාර හිටපු අමාත්‍යවරයා මීට මාස හයකට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය තම හිතවතියක වූ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවගේ නිවසට මෙය යවා ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන තිබුණි.

ලංගම බස් රථයක් ටිපර් රථයක ගැටී මාරක අනතුරක්.!

ලංගම බස් රථයක් ටිපර් රථයක ගැටී මාරක අනතුරක්.!

අද (24) අලුයම 2.45ට පමණ කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බූරු මූනා සහ STF නිළධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ.!

බූරු මූනා සහ STF නිළධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ.!

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රවිදු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා සහ පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන් අතර ගැටුමක් හට ගෙන තිබේ.

ඒ ඔහු අද (23) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් සදහා වීඩියෝ තාක්ෂණය හරහා ඉදිරිපත් කිරීමට සිර මැදිරියෙන් පිටතට රැගෙන ආ අවස්ථාවේදීයි.

ඔහුව පරික්ෂා කිරීමට යාමේදී මෙය සිදුව ඇති අතර, එහිදී රවිදු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා සහ පොලිස් විශේෂ කාර්යා බලකා නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

නුවරඑළියේ බස් රථයක් පෙරලී 23ක් රෝහලේ.!

නුවරඑළියේ බස් රථයක් පෙරලී 23ක් රෝහලේ.!

නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුව ඇත. 

පොලීසිය සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති බවයි.

ඉන් රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවන් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත.

මෙම බස් රථයේ ගමන්ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටයදී මෙම අනතුරට මුහුණපා තිබේ.

ඔවුන් කුරුණෑගල, කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් අනාවරණය වී ඇත. 

නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

හෙළ සිනමාවේ නිළි රැජින දිවි සැරිය නිමා කරයි.!

හෙළ සිනමාවේ නිළි රැජින දිවි සැරිය නිමා කරයි.!

78වන වියෙහි පසුවූ හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වේ.

1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට විය.

1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.

2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළාය.