Local news (Sinhala)

කජ්ජා සහ දරු පැටව් ඝාතකයන්ට උණ්ඩ ලබාදුන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට.!

කජ්ජා සහ දරු පැටව් ඝාතකයන්ට උණ්ඩ ලබාදුන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට.!

මිද්දෙනිය ගල්පොත්තයායේදී පිය පුතු සහ දියණියගේ ඝාතකයන්ට  උණ්ඩ  ලබා දුන් බව කියන වීරකැටිය පොලීසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලීසිය පවසයි..

අත් අඩංගුවට පත්ව ඇත්තේ මිද්දෙනිය පල්ලෙ ජූලම්පිටියේ පදිංචිව සිටින තැනැත්තෙකි.

අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා අද (04) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රැදවුම් නියෝගයක් ඉල්ලීමට නියමිතයි.

නිවාස 24ක් හදිසියේ ගිනිගනී.!

නිවාස 24ක් හදිසියේ ගිනිගනී.!

හැටන් ෂැනන් වතුයායේ නිවාස පෙළක (03) දින රාත්‍රියේදී ගින්නක් හටගෙන ඇති අතර මෙම ගින්නෙන් නිවාස 24කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.

හැටන් දික්ඔය නගර සභා ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මෙම ගින්න නිවා දමා ඇත.

කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක මතු වී ඇත.

ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් කපා හැරි අයථා ලාභය ජනතාව අතට.!

ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් කපා හැරි අයථා ලාභය ජනතාව අතට.!

මෙරට ඉන්ධන බෙදුම්කරුවන් විසින් අයථා ලෙස ලබා ගන්නා 3%ක වට්ටම් මුදල අහෝසි කර ඒ වෙනුවට වෙනත් සමීකරණයක් ඉදිරිපත් කිරීමට පසුගිය 28දා රජය විසින් තීරණය කිරීමෙන් අනතුරුව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය විසින් ජනතාව අපහසුතාවට පත්කරමින් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත්වීමේ තීරණයකට එළඹුනි.

ආරම්භයේදී දැඩි ස්ථාවරයක් ගත් එම ක්‍රියාමාර්ගය හමුවේ ආණ්ඩුව තම ස්ථාවරය නොවෙනස්ව පවත්වා ගත් අතර පසුව එම වර්ජනය අත්හැර දැමීමට එම සංගමය අද (3) පස්වරුවේ තීරණය කරනු ලැබුවා.

මෙලෙස ඉන්ධන බෙදුම්කරුවන් විසින් ලබා ගන්නා 3%ක වට්ටම් මුදල අයුතු ලාභයක් බවත් එය නීති විරෝධී අයකර ගැනීමක් බවත් ජාතික විගණන කාර්යාලය විසින් පෙන්වා දුන් අතර එය අධිකරණය මගින්ද තහවුරු කර තිබෙනවා.

මේ හේතුවෙන් රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් බිලියන 35ට අධික ප්‍රමාණයක් බෙදුම්කරුවන් 1000කටත් වඩා අඩු සංඛ්‍යාවක් අතරේ වාර්ෂිකව බෙදී ගොස් තිබුණා.

කෙසේවෙතත් මෙම තීරණයත් සමඟ රජය විසින් වැයකළ එකී අමතර පිරිවැයේ වාසිය ජනතාව වෙත ලබාදීම කෙරෙහි රජය පාර්ශ්වයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තාවේ.

ඒ අනුව මාර්තු මස අවසාන තෙල් මිල සංශෝධනයේදී තෙල් මිල යම් ප්‍රමාණයකින් පහත හෙලීමේ සැලැස්මක් පවතින බව වාර්තාවේ.

ශෙඩ් 40ක් විපක්ෂය බෙදාගෙන.. ගයන්ත-රංජිත්ටත් චෝදනා.. මහින්දගෙ PSO ටත් එකක්.!

ශෙඩ් 40ක් විපක්ෂය බෙදාගෙන.. ගයන්ත-රංජිත්ටත් චෝදනා.. මහින්දගෙ PSO ටත් එකක්.!


අද (03) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රා මහතා විසින් දේශපාලන සබඳතා මත ලබා දුන් බව කියන ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලාභීන් පිරිසකගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළේය.

එම ලැයිස්තුවේ වත්මන් සහ හිටපු විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන සම්බන්ධය ලේඛණයක්ද ඉදිරිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ දිවයිනේ සෑම පළාතම ආවරණය වන පරිදි පෙට්‍රල් ෂෙඩ් ලබා දී තිබෙන බවයි.

මේ වනවිට ඇතිව තිබෙනා ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂය කුලප්පු වීම සාධාරණ බවද වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ ලේඛණය පටන් ගන්නේ හයිටෙක් කාබන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මේ ආයතනය එක්ක තියෙන දේශපාලන සබඳතාව බැලුවම හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පවතිනවා.

ප්‍රසන්න රණතුංග, වර්ණන් ගුණරත්න, කුමාර වෙල්ගම, හර්ෂණ රාජකරුණා, මහින්ද රාජපක්ෂගේ PSO ගේ නම ,පියසේන ගමගේ මහතාගේ පුතුන්ගේ නමට තියනවා.

ගාමිණි සෙනරත් මහතාගේ සහෝදරවරු, ගයන්ත කරුණාතිලකගේ සහෝදරයෙක් ගේ නමටත් තියනවා.

අකිල විරාජ්,පවිත්‍රා වන්නිආරච්චි, නිලානි ධර්මදාස නමින් ෂෙඩ් එකක් තියෙනවා.

මේ සම්බන්ධය රංජිත් මද්දුම බණඩාරට සම්බන්ධයක් තියනවා කියලා මේ ලේඛණයේ තියනවා.

අද විපක්ෂය කුලප්පු වෙන එක ඉතාම සාධාරණයි. තමන්ගේම බිස්නස්වලට මොකක් හරි ආකාරයෙන් ප්‍රශන්න ගැටලුවක් මතුවෙනකොට යම්කිසි ආකාරයෙන් කුලප්පුවෙන එක සාධාරණයි. අපි කිසිසේත්ම ආණ්ඩුවක් ලෙස මේ සම්බන්ධයෙන් සැලෙන්නේ නැහැ.

අපිට තියන සම්මුතිය ජනතාවත් එක්ක තියන සම්මුතිය. ඒක ඉතාම හොද ආකාරයෙන් කටයුතු කරගෙන යනවා”

නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළ ලෙස වත්මන් දේශපාලකයින්ට හා ඔවුන්ගේ සමිපතමයින්ට අයත් පෙට්‍රල් ෂෙඩ් ගණන 40කට අධිකයි.

ඒ අනුව,

බස්නාහිර පළාත

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය, ප්‍රසන්න රණතුංග මහතා , කුමාර වෙල්ගම මහතා, හර්ෂණ රාජකරුණා මහතා, කඩුවෙල හිටපු නගරාධිපතිවරයෙකු වන වර්ණන් ගුණරත්න මහතා, හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හෝ ඔවුන්ගේ සමිපතමයින්ට අයත්.

දකුණු පළාත

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිළධාරීවරයා, හිටපු ඇමති පියසේන ගමගේ ගේ පුතුන්, හිටපු ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් ගේ සහෝදරයා හම්බන්තොට ප්‍රෙද්ශිය සභාවේ හිටපු සභාපතිවරයෙක්, ගයන්ත කරුණාතිලක ගේ සහෝදරයා, හිටපු දකුණු පළාත් මහ ඇමති එච් ඊ සිරිසේන

නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළිකර ලැයිස්තුවේ නැගෙනහිර පළාත තුළ මෙවනි දේශපාලන සබඳතා මත පෙට්‍රල් ෂෙඩ් 04ක් ක්‍රියාත්මක වන බව සඳහන්.

උතුරු පළාත

චාර්ල් නිර්මලනාදන් හිටපු මන්ත්‍රී, කදර්මස්ථාන් මන්ත්‍රීවරයා ගේ සහොදරයින් ඇතුලු දේශපාලන සබඳතා ඇති සිව්දෙනෙකුටයි.

උතුරු මැද පළාත

හිටපු ඇමති දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයා, කිංස් නෙල්සන් මන්ත්‍රිවරයාගේ සහෝදරයා, හිටපු මන්ත්‍රි ලාල් ධර්මප්‍රිය මහතාගේ සහෝදරයා, චන්දිම ගමගේ මහතාගේ බිරිඳ මෙම ලැයිස්තුවට අයත්.

වයඔ පළාත

හිටපු ඇමති ඉන්දික බණ්ඩාරනායක මහතාගේ සහෝදරයෙක් හා මව, හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා 

හිටපු පළාත් සභා මන්ත්‍රි ඩී.සී.යූ.ඉලේපෙරුමගේ මහතා හවුල් කාරිත්වය දරන පෙට්‍රල් ෂෙඩ් එකක් මධ්‍යම පළාතේ ක්‍රියාත්මකයි.

ඌව පළාතේ පෙට්‍රල් හිමිකරු ලැයිස්තුවේ රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සබඳතාවයද අනාවරණය කර තිබෙනවා.

සබරගමු පළාත

හිටපු ඇමති පවිත්‍රා වන්නිආරච්චිගේ සහෝදරිය ට සබරගමු පළාතේ පෙට්‍රල් ෂෙඩ් දෙකක් හිමි බව සඳහන්.

වර්ජන අවසන්.. වහාම තෙල් ඇනවුම් කරන්න සංගමය සිය සාමාජිකයින්ට දන්වයි.!

වර්ජන අවසන්.. වහාම තෙල් ඇනවුම් කරන්න සංගමය සිය සාමාජිකයින්ට දන්වයි.!

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා සිය සංගමයේ සියලුම සාමාජිකයින්ට දැනුම්දීමක් කරමින් පවසන්නේ කඩිනමින් ඛනිජ තෙල් ඇනවුම් ලබා ගැනීමට කටයුතු කරනා ලෙසයි.

අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඉදිරියේදී රජයත් සමග සාකච්ඡා කර පවතින ගැටලුවට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම හෙට (04) දිනයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව මේ පිළිබඳව සිය සංගමයේ සාමාජිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කුසුම් සඳනායක.

“අපි දැනුම්දෙනවා සියලුම බෙදුම්කරුවන්ට නැවත යථා පරිදි ව්‍යාපාරය කරගෙන යන්න කියලා.

මොකද අපිට තේරුණා අපි ගත්ත තීරණය අනුව රටේ මහජනතාවට හානියක් වෙනවා කියලා.

අපිට කවුරුවත් කවුරුත් සාකච්ඡාවක් නොදීම තුළින් තමයි මේක මේතරම් දුරදිග ගියේ. දැන් ඒගොල්ලොත් තීරණය අරන් තියෙනවා මේක ඒකපාර්ශවීය කරන්න බෑ මේ අයත් එක්ක සාකච්ඡා කරලා තමයි කරන්න ඕනේ කියන එක.

ඒ නිසා අපි ගරු කරනවා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමාටත් එතුමා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා හෙට උදේ 09ට ඇවිල්ලා රැස්වීමට සහභාගී වෙන්න කියලා.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා සියලුම බෙදුම්කරුවන්ට හැකි ඉක්මනින්ම පෙර පරිදිම ව්‍යාපාරයට එන්න ඇවිත් ඒ බෙදුම්කටයුතු පෙර පරිදිම කරගෙන යන්න කියලා”

ජනතාවට වෙට්ටු දැම්මොත් මට්ටු කරන්න නොම්බරයක්.!

ජනතාවට වෙට්ටු දැම්මොත් මට්ටු කරන්න නොම්බරයක්.!

පාසැල් සිසුන් ඇතුළු ලංගම වාර ප්‍රවේශ පත්‍ර (සීසන්) මගින් සිය ගමනාගමන අවශ්‍යතා ඉටුකරගන්නා ජනතාව මගහැර යන ලංගම බස් රථ සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන ලෙස අමාන්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය දා පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම ගැටළුව පිළිබඳව සාකච්ඡා වූ අවස්ථාවේදිය.

අමාන්‍ය බිමල් රත්නායක මහතා එහිදී පවසා ඇත්තේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ඕනෑම පුරවැසියෙකුට අදාළ අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් නමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් අමාන්‍යවරයා එහිදී පවසා ඇත.

“අපට මස් රාත්තලම එපා” සිංහ නාද අස්සේ කෙඳිරිලි හඬක්.!

“අපට මස් රාත්තලම එපා” සිංහ නාද අස්සේ කෙඳිරිලි හඬක්.!

අද (3) දිවයින පුරා ප්‍රධාන ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බව වාර්තාවේ.

අද දිනයේ ලැබී ඇති ඇනවුම් සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග දිවයින පුරා බෙදා හැරි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ කරුණා මහතා පැවසීය.

කෙසේවෙතත් මෙම ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් පිරිසක් අද (3) සිය ගැටළු ඇතුළත් සංදේශයක්ද සමඟින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබුනි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සාමාජිකයන් පවසා සිටියේ ජනාධිපතිවරයා සම්බන්ධව දැඩි විශ්වාසයක් පවතින බැවින් එතුමා සමග සාකච්ඡා කර යම් කිසි සහනයක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් පැමිණි බවයි.

එමෙන්ම තම සංගමය මස් රාත්තලම ඉල්ලන්නේ නැති බවත් සාකච්ඡා කර යම් මධ්‍යස්ථ තැනකට පැමිණිය හැකි බවත් ඔවුන් පැවසූහ.

කෙසේ වෙතත් එහිදී අදාළ පිරිසට හමුවිය හැකි වූයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක් පමණයි.

කොළඹ සිට මහනුවරට අමු නිරුවතින් ගිය අයෙකු කඩුගන්නාවෙන් අල්ලයි.!

කොළඹ සිට මහනුවරට අමු නිරුවතින් ගිය අයෙකු කඩුගන්නාවෙන් අල්ලයි.!

නුගේගොඩ සිට මහනුවර දක්වා යතුරුපැදියක් නිරුවතින් පදවාගෙන ගිය තරුණයෙක් කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දැඩි පරිශ්‍රමයකින් පසුව පොලීසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට හෙන ඇති බව සඳහන්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් වන අතර මාවනැල්ල පොලිසියෙන් එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට උත්සහ කලද එම උත්සාහය ව්‍යර්ත වී තිබෙනවා.

ඒ අනුව කඩුගන්නාව ප්‍රදේශයේදී බස් රථයක් මග හරස් කරමින් මෙම යතුරුපැදිය නවතාගෙන අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලිසිය යතුරුපැදිය නවතාගත් අවස්ථාවේදී සැකකාර පුද්ගලයාගේ සිරුරේ නූල් පොටක් හෝ නොතිබුණු බව කඩුගන්නාව පොලිසිය පවසයි.

පසුව කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කමිසයක් හා ටී ෂර්ටයක් රැගෙන විත් සැකකරුට අන්දවා පසුව ඔහු හා යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම සැකකරුගේ මව වෛද්‍යවරියක වන අතර පියා ව්‍යාපාරිකයෙකු වේ. සැකකරු සිය යතුරපැදියෙන් අලුයම 04 ට නුගේගොඩ නිවසේ සිට පැමිණ ඇති බවද ප්‍රකාශ කර ඇත.

තමන් යතුරුපැදියේ ගමන් කරන අතරතුර ඇඳුම් ඇඳගත් බොහෝ දෙනකු ගමන් කරනු දුටු බවත් තමා අන් අයට වඩා ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් තමා එකින් එක ඇඳුම් ගලවා ගෙන යතුරුපැදිය ධාවනය කළ බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (05 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර සැකකරු මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට එහිදී නියෝග කෙරිණි.

මරික්කාර්ට කාලකන්නි සතුටක්.!

මරික්කාර්ට කාලකන්නි සතුටක්.!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද (3) පාර්ලිමේන්තුවේදී පැවසූවේ ආණ්ඩුව වෘත්තීය සමිති වලින් බලයට පැමිණ වෘත්තීය සමිති වලටම කෙලවීම සම්බන්ධයෙන් තමාට කාලකන්නි සතුටක් දැනෙනා බවයි.

ඔහු පැවසූවේ තෙල් සමාගමේ විශාල දූෂණ සිදුව ඇති බැවින් තෙල් අර්බුදය සමයේ සිදුවූ සොරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවම වහාම සෙවිය යුතු බවයි.

“වලව්වේ හාමු එක්ක එකට ළඟින්නේ නෑ කියා සිතන්නට නම් ආණ්ඩුව මේ දේවල් කරන්න ඕනේ” යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉන්ධන ලබා නොදෙනා බෙදුම්කරුවන් අත්අඩංගුවට.!

ඉන්ධන ලබා නොදෙනා බෙදුම්කරුවන් අත්අඩංගුවට.!

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපණ කරමින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

එමෙන්ම එම ක්‍රියාවලිය හරහා රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණක් සම්බන්ධයෙන්ද කරුණු සඳහන්ව ඇති බැවින් එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එම විමර්ශනය අනුව සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ අස්ථාවරභාවයක් ඇති කර මහජන පීඩාවක් ඇති කරන තැනැත්තන්ට විරුද්ධව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙයි.

We are happy to invite you.