Local news (Sinhala)

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.!

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (30) දින දහවල් 12.30 දක්වා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රතු නිවේදනය නිකුත් කර ඇත.

ඉහළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙන අතර ඉහත ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කෙහෙළිය දියනියගේ වාරයත් පැමිණෙයි.!

කෙහෙළිය දියනියගේ වාරයත් පැමිණෙයි.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසමට කැඳවා තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති අතර, මේ වනවිට ඉන් පිටව ගොස් ඇත.

ගැරඬිඇල්ල අනතුරේ වගකීම ඩිපෝවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට.!

ගැරඬිඇල්ල අනතුරේ වගකීම ඩිපෝවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට.!

මගීන් 23 දෙනෙකුට දිවි අහිමි කරමින් හා තවත් මගීන් 60කට තුවාල සිදුකරමින් කොත්මලේ, ගැරඬිඇල්ලේ දී සිදු වූ බස්රථ අනතුරට වගකිවයුත්තේ කතරගම ඩිපෝව හා මාර්ග සංවර්ධන අධිකාරිය බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

මෙම අනතුරට ප්‍රධාන හේතුව රියදුරුගේ අවිවේකී බව සහ රියදුරුට නිමේශයකින් නින්ද යෑම බව නිගමනය කර ඇති නමුත්, අනතුරේ සම්පූර්ණ වරද රියදුරු අතෙහි පමණක් නොවන බව එමගින් අවධාරණය කර ඇත.

පසුගිය 11 වැනිදා අලුයම් කාලයේදී කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද මෝටර වාහන පරීක්ෂකවරුන් හයදෙනෙකුගෙන් යුක්ත පරීක්ෂණ කමිටුව මැයි 27 වැනිදා සිය වාර්තාව ප්‍රවාහන අමාත්‍යාංශයට බාර දී තිබුණි.

අක්‍රමවත්ව හා ප්‍රමිතියකින් තොරව බසයේ අලුත්වැඩියාවන් කිරීම අනතුරින් අලාභහානි දැඩි වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද කමිටු වාර්තාව මගින් පෙන්ව දී ඇත.

මෙම බසය කතරගම ඩිපෝව මගන් 2023 දී අලුත්වැඩියා කර තිබෙන නමුත් ඒ සඳහා පළපුරුදු කාර්මිකයන් යොදවා නොමැති අතර බසයේ බොඩියේ තහඩු කලවා සැකිල්ල අලුත්වැඩියා කිරීම සඳහා අලුත් තහඩු භාවිතා කර නොමැති බවද අනාවරණය වී තිබේ.

එහි සැකිල්ලේ කණු බොහොමයක් තට්ටුව ආසන්නයෙන්ම දිරා ගොස් තිබී ඇති අතර, මේ හේතුවෙන් සැකිල්ලේ ශක්තිය මෙන්ම බසයේ ශක්තියද හීන වී ඇති බව කමිටුව පෙන්වා දෙයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ බල සීමාවක්ව පැවති අනතුර සිදු වූ අස්ථානයේ 2022 වසරෙන් පසුව දෙපස ලෑලි වෙළඳසැලි දෙකක් සඳහා අවසර දී ඇති බවත් එම වෙළඳසැල් හිමියන් විසින් තම ව්‍යාපාරික ස්ථනවලට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා අනතුර වූ ස්ථානයේ තිබූ පස් හා පස් ගොඩැලි ඉවත් කර සමතලා කර තිබෙන බවත් පෙන්වදෙන කමිටු වාර්තාව එයද බසය පෙරැළී යෑමට තවත් එක් හේතුවක් බව සඳහන් කරයි.

මණ්ඩලේ ලොක්කෝ ආණ්ඩුව අන්දලා.. රජයට කෝටි දෙදාහක් පාඩුවක්.?

මණ්ඩලේ ලොක්කෝ ආණ්ඩුව අන්දලා.. රජයට කෝටි දෙදාහක් පාඩුවක්.?

රජයට රුපියල් කෝටි 2000ක පමණ පාඩුවක් සිදු කරමින් මෙගාවොඩ් 10 බැගින් වන සුළං විදුලි බලාගාර හයක් සඳහා පෞද්ගලික සමාගම් කිහිපයක් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

සුළං බලාගාරයක නිෂ්පාදනය කරන විදුලිය ඒකකයක් ලංකා විදුලිබල මණ්ඩලය මිලදීගත යුත්තේ රුපියල් 23ක මිලකට බවට, විදුලිබල අමාත්‍යෘංශයේ කමිටුව මගින් නිර්දේශ කර තිබියදී ඒකකයකට රුපියල්  29.80ක් ගෙවීමේ පදනම මත කඩිමුඩියේ මෙම ගිවිසුම් අත්සන් කිරීමේ සූදානමක් පවතින බවද එම ආරංචිමාර්ග පවසයි.

විදුලිබල අමාත්‍යාංශයේ කමිටුව මගින් 2024 වසරේදී ආයෝජනය කරන සුළං බලාගාරවලින් විදුලි ඒකකයක් මිලදීගත යුතු මුදල රුපියල් 29.80ක් ලෙස තීරණය කර ඇති අතර 2025 වසර සඳහා එම කමිටුව තීරණය කර ඇත්තේ ඒකකයක් රුපියල් 23කට මිලදී ගත යුතු බවටය.

සුළං බලාගාරවලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට රුපියල් 23ක මුදලක් ගෙවිය යුතු බවට වන අමාත්‍යාංශයේ කමිටුව නිර්දේශ කර ඇති නිර්දේශය ඉකුත් මාර්තු මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදරිපත් කර ඇතත්, මුදල් අමාත්‍යාංශයේ කිහිපදෙනෙකු ඊට කකුලෙන් ඇදීම හේතුවෙන් මේ දක්වා එය අනුමත වී නොමැති බවද පැවසේ.

පැරණි මිලටම නව ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාව හේතුවන් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ඉදිරිපත් නොකෙරෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙගාවොට් 10ක සළං බලාගාර සඳහා ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නොවන අතර ඒ සඳහා විදුලි ඒකකයට ගෙවිය යුතු මුදල කමිටුවක් මගින් නිර්දේශ කිරීම ක්‍රමවේදය වේ.

මේ අතර මෙගාවොට් 10 බැගින් වන සුළං බලාගාර හයක් අලුතින් ස්ථාපිත කිරීමට සමාගම් 6ක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව ඇතත්, එහි සැබෑ අයිතිකරුවන් ප්‍රමාණය දෙදෙනෙකු හෝ තිදෙනෙකු වන වද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

දුමින්දට අධිකරණයෙන් දුන් නියෝගය.!

දුමින්දට අධිකරණයෙන් දුන් නියෝගය.!

රන් ආලේපිත T 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අද (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ජූනි මස (05) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේය.

හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීවට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම්.!

හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීවට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම්.!

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

ඒ අනුව හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් නියම කර ඇත.

හිටපු ඇමති මහින්දානන්දට වසර 20ක බරපතළ වැඩසහිත සිරදඬුවම්.!

හිටපු ඇමති මහින්දානන්දට වසර 20ක බරපතළ වැඩසහිත සිරදඬුවම්.!

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

ඒ අනුව හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් නියම කර ඇත.

පානදුර වෙඩි තැබීමක්.!

පානදුර වෙඩි තැබීමක්.!

පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ගරාජයක් තුළ සේවය කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇත.

සිදුවීම පිළිබඳව පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වර්ජන තුට්ටුවකට මායිම් නොකර නලින්ද පත්වීම් බෙදා දෙයි.!

වර්ජන තුට්ටුවකට මායිම් නොකර නලින්ද පත්වීම් බෙදා දෙයි.!

ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයට මෙන් ම ජාත්‍යන්තරයට වෘත්තියන් ගෙන යාමේ වගකීම ද ශ්‍රී ලංකා රජය සතු වන බවද අමාත්‍යවරයා කියා සිටියා.

රටට අවශ්‍ය වෛද්‍ය වෘත්තිකයින් රටතුළ බිහිකර ගන්නා අතරම විදේශයන් සඳහා ද, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් යැවීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් සැලසුම් කරන බව නලින්ද මහතා පැවසුවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුයේ, අද (28) පෙරවරුවේ පරිපූරක අතුරු වෛද්‍ය කර්මයට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සඳහා උපාධිධාරීන්  85 දෙනෙක් සඳහා බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහි දී විකිරණ ශිල්පි තනතුර සදහා 74 දෙනෙකු සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා 11 දෙනෙකු ලෙස 85 දෙනෙකු බඳවා ගන්නා ලද අතර ඔවුන් හට මාස හයක පුහුණු පාඨමාලාවක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල ලබා දීමට නියමිතයි.

මෙම බඳවා ගැනීම් තුළ විශේෂත්වය වනුයේ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සඳහා වසර 11 කට පසු මෙම බඳවා ගැනීම සිදුවුවා.

බැංකු සේවකයින් පස්වරු 12.30ට සේවයෙන් ඉවත්වෙයි.!

බැංකු සේවකයින් පස්වරු 12.30ට සේවයෙන් ඉවත්වෙයි.!

අද පස්වරු 12.30 න් පසුව ලංකා බැංකු ශාඛා පද්ධතිය වසා සියලු‍ ගනුදෙණුවලින් ඉවත් වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ. 

ඒ සිය දිරිදීමනා කප්පාදු කිරීමට විරෝධය පලකිරීමක් වශයෙනි.

එම සංගමයේ මධ්‍යම කාරක සභික නජිත් විජේරත්න කියා සිටියේ සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් නොලැබුණහොත් ලබන 06 වෙනිදා සංකේත වර්ජනයකට අවතීර්ණ වන බවයි.

මෙම ගැටලුව මුල් කරගෙන ඊයේ දිවයිනේ තෝරාගත් ප්‍රධාන නගර කිහිපයක ලංකා බැංකු ශාඛා 22ක් ඉදිරිපිට කෑම පැයේදී සේවකයන් විරෝධතාවල නිරත විය. 

එමෙන්ම, බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

සිවිල් ගුවන් සේවා වෘත්තිය සේවක සංගමය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවයෙන් ඉවත් වී තිබෙනවා.