Local news (Sinhala)

පොලීසිය වැඩ අරඹයි.. ක්ෂණිකව ක්‍රියාත්මක වන විශේෂ බලඝනයක්.!

පොලීසිය වැඩ අරඹයි.. ක්ෂණිකව ක්‍රියාත්මක වන විශේෂ බලඝනයක්.!

අපරාධයක් සිදුකර පලායන සැකකරුවන් වහා අත්අඩංගුවට ගැනීමට මෙන්ම සාමය කඩවන ආකාරයේ සිදුවන යම් අපරාධයක් වැළැක්විය හැකි ක්ෂණික ළඟාවීමක්, අවි බලයක් සහිත විශේෂ පොලිස් කණ්ඩායම් ක්ෂේත්‍රයට මුදාහැරීම කාලෝචිත අවශ්‍යතාවයක් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ මූලිකත්වයෙන් විශේෂිත සංවිධානත්මක යතුරුපැදි බලඝනයක් රාජකාරි යෙදවීමට පියවර ගෙන ඇත.

මේ සඳහා තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් සහ මාතර පොලිස් කොට්ඨාසයෙන් එක්කල සංග්‍රාමික යතුරුපැදි 8 ක්, Highway යතුරුපැදි 15ක් ඇතුළත් අතර නිලධාරීන් 46ක පමණ ප්‍රමාණයක් අනුයුක්ත වේ.

ලංකාවේ ලොකුම ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට.. කෝටි 10ක දේපොළ තහනම් කරයි.!

ලංකාවේ ලොකුම ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට.. කෝටි 10ක දේපොළ තහනම් කරයි.!

ලංකාවේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ විසින් සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහට හෙවත් “බතල හීන්මහත්තයා” අයත් රුපියල් කෝටි 10ක පමණ වටිනා දේපොළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (28) දින තහනම් කළේය.

මෙම දේපළ ජේ.ඒ.ජයසිංහගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති අතර ඒ අනුව අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කළේය.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (29) දින වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අජිත් පීට ලොකු පුටුවක්.!

අජිත් පීට ලොකු පුටුවක්.!

සජබ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පත්කර තිබේ.

ඊයේ (27) පාර්ලිමේන්තුවේ පැවති එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදු විය.

යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ  ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය තීරණය කර තිබුනි.    

ඒ අනුව සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරනු ලැබීය.

සජබ ජ්‍යේෂ්ඨයින්ගෙන් කනිෂ්ඨයින්ට තගක්.!

සජබ ජ්‍යේෂ්ඨයින්ගෙන් කනිෂ්ඨයින්ට තගක්.!

කුමන ගැටලු පැවතියද පක්ෂයේ තීරණවලට එකඟ වියයුතු බවත් පක්ෂ තීරණවලට අනුව කටයුතු කිරීම පක්ෂයේ සියලු සාමාජිකයින්ගේ වගකීම බවත් සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨයින්ගේ මතය වී තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදී මතුවී ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බල⁣වේගයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු පසුගියදා එම ධුරවලින් ඉල්ලා අස්විය.

ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර තිබේ.

සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තර අර්බුද මීට මාස කිහිපයකට පෙර සිටම නිර්මාණය වූ අතර එම අර්බුදවල තවත් දිගුවක් ලෙස පළාත් පාලන නියෝජිතයින් පත් කරගැනීමේ ගැටලුකාරී තත්ත්වය දැකිය හැකි අතර ඒ අනුව මෙම සංවිධායකවරුන් සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

මේ වනවිට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත් කරගැනීමේ අර්බුදය උඩු දුවමින් පවතින අතර ඒ සම්බන්ධව තවත් ආසන සංවිධායකවරුන් රැසක් පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි කළකිරීමට පත්වී ඇතැයිද වාර්තා වෙයි.

කුඩු කිලෝ 450ක් සමඟ නිරෝෂ් 4 යාත්‍රාව වරායට රැගෙන එයි.!

කුඩු කිලෝ 450ක් සමඟ නිරෝෂ් 4 යාත්‍රාව වරායට රැගෙන එයි.!

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් බහු දින ධීවර යාත්‍රා දෙකේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 900ක් ඉක්මවා ගොස් ඇති බවට සඳහන් වේ. 

අදාළ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු ගෝනි 20ක් තුළ අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 320ක් සඟවා තිබී ඇත.

මෙම ධීවරයාත්‍රා දෙකේ සිටි ධීවරයන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නිරෝෂ් 4 දෙවිනුවර බහු දින ධීවර යාත්‍රාව පසුගිය 14 වැනිදා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇත. 

ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව බව සඳහන්.

නාවික හමුදා භාරයට ගත් මෙම යාත්‍රා දෙක මේ වනවිට දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගය හා ධීවරයාත්‍රා නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ද එක්ව සිටියහ. 

මෙම භාණ්ඩ හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.

පැය 36ක ජල කප්පාදුවක්.!

පැය 36ක ජල කප්පාදුවක්.!

අද (28) දින සවස 2.00 සිට අනිද්දා (30) දින අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දැනුම් දෙයි.

පේරාදෙණිය පාර, විලියම්ගොපල්ලව මාවත, උසාවි සංකීර්ණය අසළ සිට නගර සභා හන්දිය දක්වාත්, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙණිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීදි ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම ඉදිකිරීමේදී සිදුවු ජලනල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළාය.

ලෝකයම බලා සිටියදී රොකට්ටුව පුපුරයි.!

ලෝකයම බලා සිටියදී රොකට්ටුව පුපුරයි.!

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදි කාර්ය මණ්ඩලය රහිතව ගුවන්ගත කළ, ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් තුන්වන රොකට්ටුව වන “Starship” රොකට්ටුව පුපුරාගොස් ඇත.

උදෑසන 6:36 ට ගුවන්ගත කළ මෙම රොකට්ටුව මිනිත්තු 35 පමණ කාලයක් තුළ පොළව මට්ටමේ සිට ඉහළ ගොස් රොකට්ටුව පුපුරාගිය බව වාර්තා වේ.

රොකට්ටුව පියාසැරිය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසු, ප්‍රතිචක්‍රීකරණය කරන ලද සුපර් හෙවි බූස්ටරය Starship ඉහළ කොටසෙන් වෙන් වී එහි එන්ජින් ක්‍රියාත්මක වී ඇත.

බූස්ටරයක් ​​පුපුරා යාම හේතුවෙන් රොකට්ටුව කක්ෂයේ ගැටළු වලට මුහුණ දුන් අතර මුල් පිපිරීම ඉන්ධන කාන්දුවීම් වලට හේතු වූ අතර එමඟින් රොකට්ටුව පාලනයකින් තොරව භ්‍රමණය වීමට පටන් ගත්තේය.

දුමින්දගේ අසනීපය සනීපයි.. ආයෙත් ඇතුළට.!

දුමින්දගේ අසනීපය සනීපයි.. ආයෙත් ඇතුළට.!

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර ඇත.

දුමින්ද දිසානායක විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කරයි.

රන් පැහැ ගැල්වූ T 56 ගිනි අවියක් සොයා ගැනීම සමබන්ධයෙන් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් හිටපු ආමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ලොව මෙතෙක් හමු වූ දිගම පටි පණුවා කුරුණෑගල දරුවකුගේ බඩේ.!

ලොව මෙතෙක් හමු වූ දිගම පටි පණුවා කුරුණෑගල දරුවකුගේ බඩේ.!

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා සඳහන් කළේ ලොව මෙතෙක් හමු වූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 10ක පිරිමි දරුවකුගේ උදරයෙන් සොයාගත් බවයි.

මෙම වඳුරු පටිපණුවා පිළිබඳ තොරතුරු මාස කිහිපයකට පෙර අනාවරණය වූ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට එවූ සාම්පල කිහිපයක් ඔස්සේ සිදු කළ පරීක්ෂණවලදී ලොව මෙතෙක් හමු වූ දිගම වඳුරු පටිපණුවා බවට සාම්පල විශ්ලේෂණයෙන් තහවුරු කර ගත් බවත් ඒ මහතා පැවසුවේය.

මෙම පටිපණුවාගේ බිත්තර බර්ටියෙල්ලා ගණයට අයත් වුවද එහි විශේෂය තහවුරු කර ගැනීම සඳහා අණුක ජීව පරීක්ෂණ ඉදිරියේදී සිදු කරන බවත් මෙම වර්ගයේ පටිපණුවෙක් දිග සෙන්ටිමීටර් 70ක් දක්වා සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

දැනට වාර්තා වී ඇති ලොව දිගම බර්ටියෙල්ලා පටිපණුවාගේ දිග සෙන්ටිමීටර් 40ක් බවත් කුරුණෑගලින් පැමිණි පිරිමි දරුවාගේ උදරයෙන් සොයාගත් පටිපණුවාගේ දිග සෙන්ටිමීටර 70ක් බවත් ඒ මහතා පැවසුවේය.

මීට පෙර බර්ටියෙල්ලා පටිපණුවන් මෙරටින් හමු වී ඇතත්, මෙම පටිපණුවා තරම් දිගු නොමැති යැයි ද මෙම පටිපණුවා ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන විශේෂයක් ද යන්න තීරණය කිරීම සඳහා ජාන පරීක්ෂණයකට යොමු කරන්නේ යැයි ද වෛද්‍ය දොළමුල්ල මහතා ප්‍රකාශ කළේය.

මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ පරපෝෂිතවේදී අංශයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ තුෂාරා තන්තිරිගේ මහත්මිය විසින් වන අතර, පරපෝෂිතවේදී අංශයේ අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතාගේ පූර්ණ සහාය මේ සඳහා ලැබී තිබේ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන තීරණයක්.!

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන තීරණයක්.!

ආරක්ෂාව සම්බන්ධ අවසන් තක්සේරු වාර්තා ලැබී ඇති මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවත් ආරක්ෂාව අවශ්‍යයයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව සඳහන් කරයි.

විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු පසුගියදා කථානායකවරයා හමුවී පැවති සාකච්ඡාවකදී තමන්ගේ ආරක්ෂක ගැටලු ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් කර තිබුණේය.

ඒ අනුව කථානායකවරයා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමන් වෙත දන්වන්න ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.