Local news (Sinhala)

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා නින්ද අහෝසි කරමින් කැබිනට් තීරණයක්.!

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා නින්ද අහෝසි කරමින් කැබිනට් තීරණයක්.!

කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් ඉහළ නැංවීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම වැඩි කිරීම සඳහා ව්‍යුහගත ප්‍රවේශයක අවශ්‍යතාව මත යෝජනා වී ඇති “සමුද්‍රිය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව, “සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4 ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහිදී ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400 ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හෙරොයින් සමඟ මාට්ටු වූ ක්‍රිකට් තරුව පිටුපස මහා කුඩු ජාවාරමක්.!

හෙරොයින් සමඟ මාට්ටු වූ ක්‍රිකට් තරුව පිටුපස මහා කුඩු ජාවාරමක්.!

හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංක ජූනි 1 වැනිදා දක්වා රදවා ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අවසර දුන්නේය.

හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 350ක් සමගින් සැකකරු පෙරේදා (25) අත්අඩංගුවට පත්වූ අතර පන්නල පොලිසිය විසින් බී වාර්තාවක් මගින් ඊයේ (26) අධිකරණයට ඉදිරිපත් කළේය.

පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී ද මොහු මෝටර් රථයෙන් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

නිවෙසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවෙසට ගොස් පරීක්‍ෂා කිරීමේදී ඔහුට අයත් ක්‍රීඩා කුසලාන පිරික්සීමේදී හෙරොයින් තොගය සොයාගත් බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

පොලිසිය මෙහිදී කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු බැවින් රඳවා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවය.

පාතාල පාස්පෝට් කන්තෝරුවේ සහකාර පාලක අත්අඩංගුවට.!

පාතාල පාස්පෝට් කන්තෝරුවේ සහකාර පාලක අත්අඩංගුවට.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම සැකකරු විසින් තවත් සංවිධානාත්මක අපරාධකරුවන්ට හෝ වෙනත් පුද්ගලයින්ට නීතිවිරෝධී ආකාරයෙන් ගුවන් ගමන්පත්‍ර සකස් කරදී තිබේද යන්න හඳුනාගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

බිංගිරිය විද්‍යා පීඨ සිසුවියගේ මරණයට කථිකාචාර්යවරයකුට චෝදනා.!

බිංගිරිය විද්‍යා පීඨ සිසුවියගේ මරණයට කථිකාචාර්යවරයකුට චෝදනා.!

පසුගිය 23 වැනිදා බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් නේවාසිකාගාර කාමරයේ ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත් විය.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ මහනුවර තෙල්දෙනිය දෙල්ගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සංජීවනී කුමාරි නම් 23 හැවිරිදි සිසුවියකි.

කෙසේවෙතත් මෙම සිසුවිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට එහි පාලනාධිකාරිය හා කථිකාචාර්යවරුන් වගකිව යුතු බව කියමින් සිසු සිසුවියෝ පිරිසක් විද්‍යා පීඨයේ ඉදිරිපිට දී පෙරේදා (24) පස්වරුවේ නිහඬ විරෝධතාවක නිරත වූහ.

මෙම සියදිවි නසා ගැනීමට අධ්‍යාපන විද්‍යා පීඨයේ පාලනාධිකාරිය හා කථිකාචාර්යවරුන් වග කිව යුතු බව උද්ඝෝෂණයේ නිරත සිසු සිසුවියෝ චෝදනා කරති.

දිවි නසා ගැනීමට තරම් මෙම සිසුවිය මානසික පීඩාවකට පත්කර ඇත්තේ එක්තරා කථිකාචාර්යවරයකු බවත් වයඹ අධ්‍යාපන පීඨය අධ්‍යාපන ආයතනයක් ලෙස නොව තරුණ සිරකරුවන්ගේ කඳවුරක් ලෙසට පාලනය කරන බවත් සිසු සිසුවියෝ චෝදනා කරති.

ඔව්හු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැය තුනකට පමණ ආසන්න කාලයක් සිසු සිසුවියෝ විරෝධතාවේ නිරතව සිටි අතර වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති ලාල් කුමාර මහතා අනතුරුව එහි පැමිණ සිසුන් සමග සාකච්ඡාවක නිරතවීමෙන් පසු ඔවුහු විසිර ගොස් ඇත.

හලාවත විදුහලක ප්‍රාථමික අංශයේ සිසුනට අකුරු කියාදීමේ පුහුණු වැඩසටහනකට තවත් ගුරු පුහුණුව ලබන සිසුවියන් සමග ඉකුත් 23 වැනිදා ගොස් ඇති මෙම සිසුවිය නැවත නේසිකාගාරයට පැමිණ අනතුර සිදු කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

කෙසේවෙතත් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පීඨාධිපති ලාල් කුමාර මහතා කීවේ. විද්‍යා පීඨයේ පවතින සම්ප්‍රදාය අනුව විද්‍යා පීඨයේ ගුරුවරුන් කටයුතු කර තිබෙන බවයි.

“ළමයි පීඩාවට පත් කිරිමක් හෝ වෙන දෙයක් මෙහි වන්නේ නෑ ඒ ළමයා මිය යන්න සති දෙකකට කලින් ගෙදර ගියා. ජීවිතය එපාවෙලා තියෙනවා යැයි අක්කලට කියා තිබෙනවා. පීඩනයක් තිබෙන බව කියා තිබෙනවා” යැයි පීඨාධිපතිවරයා කීය.මේ පිළිබඳව බිංගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ආරුගම්බේ බිකිනි දැක ගම්මුන්ට නගී.!

ආරුගම්බේ බිකිනි දැක ගම්මුන්ට නගී.!

සර්ෆින් ක්‍රීඩාව සුලබව සිදුවන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ බිකිණි ඇතුළු සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳ ගමන් කිරීමට සංචාරකයින්ට ඉඩ නොදෙන්නැයි ප්‍රදේශවාසීන්ගෙන්ගෙන් පොලීසිය වෙත දිගින් දිගටම පැමිණිලි ලැබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව සංවරව හැසිරෙන ලෙස තම හෝටල් තුළ රැඳී සිටිනා සංචාරකයින් දැනුවත් කරනා ලෙස පොතුවිල් පොලිසිය විසින් හෝටල් හිමියන්ට දැනුවත් කර තිබේ.

පොතුවිල් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ මත්පැන් පානය කරමින් ගමන් කිරීම ද තහනම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් සුවපහසු ගමනාන්තයක් ලෙස සංචාරකයින් අතර ප්‍රචලිතව පවතින අතර, ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ත්‍රාසජනක ක්‍රියාකාරකම් සහ විනෝද ක්‍රීඩා ආදිය ද ඊට හේතු වී තිබේ.

විදෙස් සංචාරකයින් වඩාත් ප්‍රිය කරන මෙරට සංචාරක කලාප අතර ආරුගම්බේ මුහුදු තීරය සුවිශේෂී වන්නේ ස්වාභාවික මුහුදු රළ මත කරන සර්ෆින් ක්‍රීඩාව හේතුවෙනි.

ඊටම ආවේණික ක්‍රීඩා උපකරණ මෙන්ම ඇඳුම් ද සර්ෆින් ක්‍රීඩාව සඳහා භාවිත වෙයි.

කෙසේවෙතත් ආරුගම්බේ සංචාරක කලාපය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ වැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ එහි පැමිණෙන සංචාරකයින්ට පනවා ඇති ආගන්තුක නීති කිහිපයක් හේතුවෙනි.

ඒ අනුව එම ප්‍රදේශයේ ගැවසෙන සංචාරකයින්ට බිකිනි සහ සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳීම තහනම් කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පොතුවිල් පොලිසියෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ බිකිනි ඇතුළු සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳ ගමන් නොකරන ලෙසට දැනුවත් කර ඇති බවයි.

එමෙන්ම ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ මත්පැන් පානය කරමින් ගමන් කිරීම ද තහනම් කර ඇති බවත් මෙම නීති සම්බන්ධයෙන් හෝටල් හිමියන් ද දැනුවත් කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

කෙසේ වෙතත් ආරුගම්බේ මුහුදු තීරය සහ ප්‍රධාන මාර්ගය අතර විශාල දුරක් නොපවතින බැවින් සංචාරකයින් දවසේ වැඩි කාලයක් මුහුදු තීරය සහ ප්‍රධාන මාර්ගය අසළ ගැවසීම සුලබ දසුනකි.

අමෙරිකාවේ තීරු බදු ගැන විශේෂ සාකච්ජාවක්.!

අමෙරිකාවේ තීරු බදු ගැන විශේෂ සාකච්ජාවක්.!

අද (27) දින අමෙරිකාව විසින් පැනවූ තීරු බදු සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී ආරම්භ වේ.

මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගිව සිටියි.

ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සාකච්ජා කරන අතර අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය කළ ආරාධනයකට අනූව එම සාකච්ඡාව පැවැත්විමට නියමිතය.

මේ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමක් ද කැඳවා තිබුණේය.

බෙල්ලටම හිර වූ ලේකම් රඹුක්වැල්ල පවුලම පාවා දෙයි.. දියණියත් අත්අඩංගුවට.?

බෙල්ලටම හිර වූ ලේකම් රඹුක්වැල්ල පවුලම පාවා දෙයි.. දියණියත් අත්අඩංගුවට.?

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශ්‍යයෙන් කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් උපයා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරිණි. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් පවතින බවත් එය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් භාවිතා කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

මෙම ගිණුමට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා සැකකරුගේ අනු දැනුම මත අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිතා කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේය. 

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අදාළ බැංකු ගිණුම හිමි වුවද එය භාවිතා කළේ අමාත්‍යවරයාගේ දියණිය බව සඳහන් කළේය. 

එම ගිණුමට පෞද්ගලික පාර්ශවයන්ගෙන් මුදල් බැර වී තිබෙන බව පිළිගන්නා නමුත් අමාත්‍යංශ අරමුදල් ඊට බැරවී නොමැති බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය. 

මෙම ගිණුමට අදාළ ගනුදෙනු සිදුවී තිබෙන්නේ තම සේවාදායකයාගේ අනුදැනුමකින් තොරව වන අතර ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ඔහු ඇපමත මුදාහරින ලෙසත් එම නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

එමෙන්ම නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මෙම නඩුවේ 3 වන සැකකරු වන තම සේවාදායකයා මෙම නඩුවේ රජයේ සාක්කිකරු ලෙස නම් කරනා ලෙසයි.

එහෙත් එම කරුණු ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් අදාළ මුදල් මෙම ගිණුමට බැර වී තිබෙන්නේ සැකකරුගේ පූර්ණ අනුදැනුම මත බව සඳහන් කළේය. 

අදාළ ගිණුමට මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම් පිළිබඳ කෙටි පණිවිඩ සියල්ල ලැබී තිබෙන්නේ මෙම සැකකරුගේ ජංගම දුරකථනයට බවත් එබැවින් එම ගනුදෙනු පිළිබඳව තමන් නොදන්නා බවට සැකකරු විසින් දරන ස්ථාවරය පිළිගත නොහැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේය.

ඒ අනුව විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය. 

ඒ අනුව කරුණු සළකා බැලූ මහසේත්‍රාත්වරිය සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළාය.

දුම්රිය සතියකට නවතී.. නියෝජ්‍ය ඇමති අස්වීම ඉල්ලයි.!

දුම්රිය සතියකට නවතී.. නියෝජ්‍ය ඇමති අස්වීම ඉල්ලයි.!

ඊයේ උදෑසන සහ ඊයේ සිදුවූ දුම්රිය අවලංගු වීම් බහුතරයකට හේතුව, දුම්රිය රියදුරන්ගේ කුඩා කණ්ඩායමක කඩාකප්පල්කාරී සහ සැළසුම් සහගත ක්‍රියාවක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. 

ඊයේ දිනයේ දෛනික දුම්රිය ගමන්වාර 216 කින් ගමන්වාර 38ක් අවලංගු වී ඇති අතර ඉන් ගමන් වාර 35ක් අවලංගු වීමට හේතුව දුම්රිය රියදුරන් නිවාඩු ගැනීම බවයි ඔහු පැවසුවේය. 

එසේම ඊයේ උදෑසන අවලංගු වූ දුම්රිය 15ට හේතුව වී ඇත්තේදී අත්තනෝමතික ලෙස දුම්රිය රියදුරන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමයි. 

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් ීඉයේ පෙරවරුවේත් අවලංගු කිරීම හේතුවෙන් රාජකාරී සඳහා පැමිණෙන මගී ජනතාව දැඩි අපහසුතාවට පත් වුණි. 

කෙසේ වෙතත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූවේ, රාජ්‍ය නිළධාරීන්ට නිවැරදි වීම සඳහා ලබාදී ඇති පොදු සමාකාලය මේ වනවිට අවසන් වී ඇති බවයි.

දේශපාලන අවශ්‍යතා මත අත්තනෝමතික ලෙස මගී ජනතාව අපහසුතාවට පත්කිරීම අවසන් කිරීම සඳහා රජය විසින් කටයුතු ආරම්භ කර ඇති බවත් දුම්රිය ගමනාගමනය සතියකට හෝ නවතා දමා මෙම කඩාකප්පල්කාරී ක්‍රියා වලට ස්ථීර විසඳුමක් ගෙන එන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම දුම්රිය සේවයේ අකාර්‍යක්ෂමව කටයුතු කරනා ඉහළ නිළධාරීන්ට දින වකවානු සහිතව කටයුතු පවරා ඇති බවත් ඒ අනුව එම කටයුතු අවසන් කළ නොහැකිනම් අස්වීමේ ලිපිය බාරදී පිටව යා යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ගත් නව තීන්දු තීරණ ඉටු කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරීය එකගවූ බවයි.

කාලගුණය කැළඹෙයි.. ප්‍රදේශ රැසකට මහ වැසි.!

කාලගුණය කැළඹෙයි.. ප්‍රදේශ රැසකට මහ වැසි.!

අද (27) දින බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් දිව⁣යිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පරිපූරක වෛද්‍ය සේවා වර්ජනය ඇරඹෙයි.!

පරිපූරක වෛද්‍ය සේවා වර්ජනය ඇරඹෙයි.!

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමිනි.

ය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පරිපූරක  වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ මෙම වැඩවර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් තවත් වෘත්තීය සමිති සහය පළකිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීම සම්බන්ධ නිවැරදි චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එසේ නොවන්නේ නම් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවනු ඇති බවය.

“මාස දෙකකට ආසන්නයි ජනාධිපතිතුමා තමාගේ තීරණය දීලා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛය ඇවිල්ලා. අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මේ නව වැටුප් ව්‍යුහය ක්‍රියාත්මකයි. අප්‍රේල් වැටුපට අදාළවත් අමතර දීමනා ආදිය වෛද්‍යවරුන්ට ලබාගන්න බෑ. මේ මැයි මාසයත් ඉවර වෙන්න ඇවිත්. මැයි ඉවර වෙද්දිවත් වෛද්‍යවරු කරන රාජකාරියට ලැබිය යුතු වටිනාකමවත් ලැබෙන්නේ නෑ. කොහොමත් ගෙවන්නේ අඩුවෙන්. අපි දකිනවා බරපතළ ගැටලුවක් තියෙනවා. මේ චක්‍රලේඛය වහාම නිවැරදි විය යුතුයි. විධායක සභාව ඒකමතිකව තීරණය කළ දේ තමා එළැඹෙන සතිය ඇතුළතවත් මේක නිවැරදි වෙන්නේ නැත්නම් අපිට යම් ක්‍රියාමාර්ගවලට එළැඹෙන්න සිද්ධවෙනවා.”