Main news (Sinhala)

ඩිජිටල් පුනරුදය ගමින් ගමට.. රට වටා මධ්‍යස්ථාන 2,300ක්.!

ඩිජිටල් පුනරුදය ගමින් ගමට.. රට වටා මධ්‍යස්ථාන 2,300ක්.!

ඩිජිටල් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන ප්‍රමුඛ කාර්‍යක් වන ඩිජිට්ල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු නොබෝදිනකින් ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ (26) පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා එමඟින් පහසුකම් සැලසෙන බවත් දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකු බියවිය නොමැති බවත් එහිදී ජනපතිවරයා අවධාරනය කළේය.

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ඇතුලත් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

BMW වලට පයින් ගසා TATA වෙනුවට A/C දුන් පුනරුද සභාපති.!

BMW වලට පයින් ගසා TATA වෙනුවට A/C දුන් පුනරුද සභාපති.!

තමන්ට හිමි අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය, විකුණා දමා ඉන් ලැබෙන මුදලින් වායුසමනය කළ බස් රථ දෙකක් සේවක ප්‍රවාහනය වෙනුවෙන් මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා තීරණය කර තිබේ.

මෙම රථයේ වර්තමාන වටිනාකම වන්නේ රුපියල් මිලියන 52ක් වන අතර මේ රථය ධාවනයෙන් ඉවත් කළ විට සිදු වන්නේ එහි එයි සංවේදක (සෙන්සර්) අක්‍රිය වී විශාල වියදමක් දැරීමට සිදුවීමත් භාවිත කළ විට අධික ඉන්ධන පරිභෝජනයක් දැරීමට සිදුවීමත් හේතුවෙන් කරුණු සැලකිල්ලට ගත් වර්තමාන සභාපති ඩී.ජේ රාජකරුණා මහතා එම සුපිරි රථය අලෙවි කර, එයින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන, එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබේ.

අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කට (රුපියල් ලක්ෂ 295ක්)ය. මෝටර් රථය පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 04ක් පමණි.

මේ වනවිට මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් (රු. 6,770,349) වැය කර තිබේ.

එමෙන්ම වාහනයේ මාසික සේවා වෙනුවෙන්ද අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එසේම වාර්ෂික රක්ෂණාවරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ යුතු බවද පැවසේ.

මෙම රථය විකුණා දැමීම හරහා සංස්ථාවට විශාල වැය බරක් අඩු වනු ඇති අතර බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ මිලියන 40ක් පමණ මුදලක් බව වාර්තා වේ.

එම කටයුතු සඳහා ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව පසුගිය සිකුරාදා ඉදිරිපත් කර ඇති අතර එම කටයුතු කඩිනමින් සිදුකිරීමට අවධානය යොමුවී ඇත.

මේ වනවිට සේවක ප්‍රවාහනයට යොදා ඇති ටාටා බස් රථ වසර 10කට වඩා පැරැණි වන අතර මිල දී ගැනීමට යෝජනා කර ඇති බස් රථ දෙක පූර්ණ වායුසමනය කළ ජපන් බස් රථ වේ.

රාජ්‍ය සේවය ගැන ජනපති ගත් තීරණය.!

රාජ්‍ය සේවය ගැන ජනපති ගත් තීරණය.!

පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බවත් රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බවත් රාජ්‍ය සේවකයින් සදහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර 2025 අයවැයට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

රාජ්‍ය සේවය තුළ මේ වනවිට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර ඊට අදාළ මුදල් වෙන්කිරීමට මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

මෙරට රාජ්‍ය සේවය ශක්තිමත් කරන අතර රාජ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (26) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

දරුවන්ට මාරකයක් වූ ලාභ පැන්සල් ගැන අනාවරණයක්.!

දරුවන්ට මාරකයක් වූ ලාභ පැන්සල් ගැන අනාවරණයක්.!

වෙළෙඳපොළේ පවතින බොහෝමයක් පැන්සල්වල දරුවන්ගේ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක් අන්තර්ගත බවත් පැන්සල් මුඛයෙන් සැපීමෙන් දරුවන් දීර්ඝ කාලීන රෝග රැසකට ගොදුරු විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවයි.

බොහෝමයක් ආනයනික විවිධ වර්ණවලින් වෙළෙඳපොළේ දක්නට ලැබෙන අතර පැන්සල්වල පවතින වර්ණගැන්වීම් හා ආකර්ශනීය බව නිසාම එවන් පැන්සල් මිලට ගැනීමට දරුවන් වැඩි කැමැත්තක් දක්වයි.

පැන්සල්වල මෙම ආකර්ශනීය බව ලබාගැනීමට ඒවාට රසදිය, ආසනික්, කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ විශාල ප්‍රමාණයක් ආලේප කිරීම සිදුවන අතර පැන්සලෙන් ලිවීමේදී, පැන්සල් උල් කිරීමේදී එම එම පැන්සල් මුඛයෙන් සැපීමේදී මෙම විෂ රසායන නොදැනුවත්වම ශරීර ගතවන බව වෛද්‍යවරු පවසයි.

පැන්සල් හා පාට පැන්සල් නිෂ්පාදනයට අන්තර්ජාතික ප්‍රමිතියක් ඇති අතර EN71 – 3 ප්‍රමිතියට සහතිකකර ඇති පැන්සල් බැර ලෝහ වර්ග 19කින් සිරුරට ආරක්ෂාව ලබාදෙන නමුත් වර්තමානයේ වෙළෙඳපොළේ පවතින බොහෝ පැන්සල් මෙම අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූල නොවන බව වාර්තා වෙයි.

වසර 3ක් බිම තැබූ මොණරෙක් යළි පියාඹයි.. තවත් දෙකකට කඩිනමින් පියාපත්.!

වසර 3ක් බිම තැබූ මොණරෙක් යළි පියාඹයි.. තවත් දෙකකට කඩිනමින් පියාපත්.!

ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු පවසන්නේ මසකට ඩොලර් ලක්ෂ 9 බැගින් ගෙවමින් වසර 03ක් පුරා නවතා දමා තිබෙනා ගුවන් යානා 3න් එකක් මේ වනවිට යළි පිළිසකර කර මෙහෙයුම් සඳහා සූදානම් කර ඇති බවයි.

එමෙන්ම තවත් එවැනි යානා 2ක් අප්‍රේල් මාසයට පෙර ගුවන්ගත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ශ්‍රීලංකන් ගුවන් සමාගම වහලා, විකුණලා, විනාශ කරලා තිබුණේ.  ඒ වගේම මගේ දැනීමේ හැටියට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා තුනක් අවුරුදු 03ක් තිස්සේ ග්‍රවුන්ඩ් කරලා තිබුණා එන්ජිම නැතුව. අවුරුදු 03ක් තිස්සේ මාසයකට ඩොලර් ලක්ෂ 09 ගාණේ යානා බිම තියාගෙන ගෙව්වා රනිල් ලාගේ පසුගිය ආණ්ඩු. එහෙම තමයි ඒ අය හොඳටම කළේ.

ගනේගොඩ මහතා ඇතුළු අලුත් නායයෝ ඇවිල්ලා ඒ අය යම් ආකාරයකට මුදල් හොයාගෙන බිම තියෙන යානාවලින් එකක් දැනට ඔපරේට් වෙනවා.

තව දෙකක් ඒ අය අප්‍රේල්වලට කලින් ඔපරේට් කරන්න යනවා. ඉතින් ඒ නිසා ඒ අය ශ්‍රීලංකන් ගුවන් සමාගම විකුණන්නේ නැතිව ඉදිරියට යන්න සැලැස්මක ඉන්නේ.” 

ජනපති ‘හා’ කිව්වට බැංකු ‘බෑ’ කියයි.!

ජනපති ‘හා’ කිව්වට බැංකු ‘බෑ’ කියයි.!

ලාංකීය එක්සත් ව්‍යාපාර සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා මහතා පවසන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් බැංකු වෙත යවා ඇති ලිපිවල කිසිදු උපදෙස් මාලාවක් සඳහන් කර නොමැති බැවින් බැංකුවලින් තමුනට සහන ලබාගැනීමට නොහැකි වී ඇති බවයි.

කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු තම ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා සහන සැලසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදී ඇති උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය විසින් බැංකු වෙත යවා ඇති ලිපිවල සහන සලසන්නේ කෙසේ දැයි කියා බැංකුවලට මාර්ගෝපදේශයක් ලබාදී නැති නිසා බැංකු විසින් තමුනට සහන ලබාදිය නොහැකි බව පවසන බවද ඒ මහතා සඳහන් කරයි.

එනිසා නිසි මාර්ගෝපදේශ සහිතව බැංකු වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මංගල අයවැයෙන් ජනතාවට ලැබෙන සහන ගැන ඉඟියක්.!

මංගල අයවැයෙන් ජනතාවට ලැබෙන සහන ගැන ඉඟියක්.!

එළඹෙන පෙබරවාරි 17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ජනබලවේගය රජයේ මංගල අයවැය ලේඛනයෙන් සාමාන්‍ය ජනයාගේ ජීවන වියදමට සහනයක් සැලසීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක වැට් බදු ඉවත්කිරීමට නියමිත බව අරයේ ආරංචිමාර්ග පවසයි.

එම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක වැට් බදු ඉවත්කිරීමෙන් සහ ජීවන වියදම අඩු කිරීමට අදාළ තවත් අයවැය යෝජනා හරහා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව හැකියාව වර්ධනය වනු ඇතැයි ද ඒ හරහා ජනතාවගේ ජීවන බරට සහනක් වනු ඇතැයි ද රජය අපේක්ෂා කරයි.

එසේම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීම, උපයනවිට ගෙවීම් බද්දේ උපරිම සීමාවන් වෙනස් කිරීමට සහ එම බද්ද අයවන ආදායම් කාණ්ඩවල වෙනසක් සිදු කිරීම ද අයවැයෙන් සිදු කෙරෙනු ඇත.

ෂාෆ්ටර්ගේ මරණය ගොඩ අදී.!

ෂාෆ්ටර්ගේ මරණය ගොඩ අදී.!

ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට ලක්වූ අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අදාළ ලිපිගොනු සියල්ලම ලහි ලහියේම යළි විමර්ශනවලට භාජනය කරන බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසූ බව එම පුවත්පත වාර්තා කර තිබේ.

බොරැල්ල කනත්තේදී අභිරහස් ලෙස මරුමුවට පත් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳව පැවැත්වූ පොලිස් විමර්ශන කටයුතු ආරම්භ වන බව එම නිලධාරියා පවසා ඇත.

පුවත්පත වැඩිදුරටත් පවසන්නේ මෙම ලිපිගොනු පිළිබඳව විමර්ශන කිරීම සඳහා රහස් පොලිස් නිලධාරීන් විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවත් එම අපරාධය පිළිබඳව ළඟදීම වරින් වර සුලමුල අනාවරණය විය හැකි බවත් ය.

රාජ්‍ය හස්තය ශක්තිමත් කරන්න රුපියල් මිලියන පන්දහසක්.!

රාජ්‍ය හස්තය ශක්තිමත් කරන්න රුපියල් මිලියන පන්දහසක්.!

මෙරට පවතින සහල් ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා ඊට සමගාමීව රාජ්‍ය හස්තය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනපතිවරයා අවධාරණය කළේය.

ඒ සඳහා රාජ්‍ය සතුව වී තොග පවත්වාගැනීම, සහල් නිෂ්පාදනය සහ වෙලඳපොල පිවිසුම ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ වැඩ පිළිවෙල මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකදී ජනපතිවරයා පැවසූවේ, මෙවර වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 500ක් රජය වෙන්කර ඇති බවයි.

එම මුදල වී මිලදී ගැනීම සඳහා රජයක් වෙන්කළ වැඩිම මුදල බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන්කරලා තියෙන්නේ වී මිලදී ගන්න. මෑත කාලයේ ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩිම මුදල ඒක. අපේ ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. අපේ ගබඩාවල තියෙනවා ලක්ෂ 03ක ධාරිතාවයක්, අපිට ලක්ෂ 03ම මිලදී ගන්න බැරි වෙයි.

හැබැයි අපි ඒ ගබඩා පුද්ගලික අංශයේ වී එකතු කරන අයට දෙන්න සැලසුම් කරනවා. එතකොට ඒ අය වී ගන්නවා අපේ ගබඩාවේ තැන්පත් කරනවා. අපි දන්නවා හාල් තියෙන ප්‍රමාණය. අපි පත්තරේ දැන්වීමක් දැම්මා ලංකාවේ සියලුම වී තොග රැස්කරන්නන්, හාල් මෝල් පවත්වාගෙන යන ව්‍යපාරිකයින් සියලුදෙනා ලියාපදිංචි වෙන්න ඕනේ ආණ්ඩුවේ.

ආණ්ඩුවේ ලියාදිංචි නොවන කිසිවෙකුට මීට පස්සේ වී තොග එක්රැස් කරන්න බැහැ. වී කොටන්නත් බැහැ. ලියාපදිංචි වෙන්න ඕනේ වගේම සතිපතා ආණ්ඩුවට වාර්තාවක් දෙන්න ඕනේ ඔයගොල්ලෝ කොච්චර වී තොග රැස්කරලා තියෙනවාද කියලා. මම දැක්ක මේ ළඟදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් කෝප් එකට ගිහිල්ල කිව්වා හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදන් කියලා.

ඉතින් ඒවා කොහෙද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ආණ්ඩුව සතු සියලු ගබඩාවල එකතුව මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. පොළොන්නරුවේ ප්‍රධාන මෝල හිමියන්ගේ මෝල්වල එකතුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. ඒ සියලුම ගබඩාවල වී ගොඩ ගැහුවත් තියෙන්නේ පුළුවන් මෙට්‍රික් ටොන් ලක්ෂ 06යි. ඉවට කියන්න සිදුවෙලා තියෙනවා.

රටක් තවදුරටත් ඉවට ගියපු කාලය ඉවරයි. ලෝකයක් තවදුරටත් ගමන්කරන්නේ ඉවට නෙමයි දත්තවලට හැබැයි අපි ළඟ ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය කරන ප්‍රමාණය අපි දන්නේත් නෑ පරිභෝජනය කරන ප්‍රමාණය අපි දන්නේත් නැහැ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ශක්තිමත් දත්ත පද්ධතියක් හදනවා. මට තව සති දෙකක් දෙන්න සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවේ වෙළෙඳපොළේ නැහැ. සති දෙකක් දෙන්න.”

රටම බලා සිටිනා ලොකු නඩු 11ක් ගැන ඉඟියක්.!

රටම බලා සිටිනා ලොකු නඩු 11ක් ගැන ඉඟියක්.!

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේත්ව විසින් ප්‍රධාන නඩු කටයුතු 11ක විමර්ශන අවසන් බවට පසුගියදා ප්‍රකාශයට පත්කළ බවත් ඉන් තුනකට ජනවාරි මාසය අවසානයේ නඩු පැවරෙන බවත් ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නීති නිලධාරීන් බලපෑම් නොකරන ආණ්ඩුවක් බලයට පත්වන තෙක් ඇතැම් නඩුගොඩු සඟවාගෙන සිට ඇති බවද එහිදී ජනපතිවරයා පැවසීය.

ජනපතිවරයා වැඩිදුරටත් පැවසූවේ, ‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.

නිලධාරීන්ට නිදහසේ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දී ඇති බවද ඔහු අවධාරණය කළේය.

“සමහර කට්ටිය කියනවා ගන්නවා ඇප දෙනවා කියලා. ඒක තමයි නීතිය. පරික්ෂණ කරන කෙනාට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්, පරික්ෂණ ඉදිරියට ගෙනියන්න ඒයාට අච්චුකරන්න පුළුවන් නඩුවක් දැම්මොත්. පරික්ෂණවලදී කට්ටිය හිරේ දාන්න බැහැ ඒක රිමාන්ඩ්. සමහර පරික්ෂණවලදී ඇප දුන්නා කියලා කවුරුත් කලබලවෙන්න ඕනේ නෑ ඒක නීතිය.

අපි උපදෙස් දීලා තියෙන්නේ පරික්ෂණ කරන්න බිඳින්න බැරි විදිහට ශාක්ෂි එකතුකරලා මහධිකරණයේ නඩුව දාන්න නඩුව ඉක්මනින් විභාග කරන්න, අච්චු කරන්න. අපේ ප්‍රයත්නය මහධිකරණයෙන් නඩු දාන එක. නීතිපති දෙපාර්තමේත්ව පසුගියදා ප්‍රකාශයට පත්කකරලා තිබුණා ප්‍රධාන නඩු කටයුතු 11ක් හොයාගෙන තියෙනවා. ඉන් තුනකට මේ ජනවාරි මාසයේ නඩු දාන්න පුළුවන් කියලා.

එක නීති නිලධාරිනියක් මට කිව්වා සමහර ෆයිල් හංගගෙන හිටියා කියලා. ඒ අය කිව්වේ ඒ ෆයිල් එකට ඒ වෙලාවේ නඩුව දාන්න ගියානම් එක්කකෝ එයා ගෙදර, එක්කෝ නඩුව එළියට කිව්වා. ඒ නිසා මේ වගේ ආණ්ඩුවක් එනකම් මේ ෆයිල් එක තියාගෙන හිටියා කියලා කිව්වා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙමයි වැඩකරන්න ඕනේ. අපි ස්තූතිවන්න වෙනවා.

අපි හිතුවොත් මේ අපි විතරයි හරි අනිත් ඕක්කොම නැහැ. එහෙම නෑ එහෙම උනන්දුව තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඉතින් අපි ඒ අයට නිදහස දීලා තියෙනවා. අපි නඩු තෝරන්නේ නැහැ, නම් තෝරන්නේ නේ නැහැ, පුද්ගලයෝ තොරන්නේත් නැහැ. අපි කියලා තියෙන්නේ අදාළ අයතනවලට නිසිපරිදි පරික්ෂණ කරන්න. අපිට විශ්වාසයක් තියෙනවා අපි නැවත නැවත කරන්නේ ඒ ආයතන ශක්තිමත් කරන එක.”             

We are happy to invite you.