Main news (Sinhala)

රටම බලා සිටිනා ලොකු නඩු 11ක් ගැන ඉඟියක්.!

රටම බලා සිටිනා ලොකු නඩු 11ක් ගැන ඉඟියක්.!

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේත්ව විසින් ප්‍රධාන නඩු කටයුතු 11ක විමර්ශන අවසන් බවට පසුගියදා ප්‍රකාශයට පත්කළ බවත් ඉන් තුනකට ජනවාරි මාසය අවසානයේ නඩු පැවරෙන බවත් ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නීති නිලධාරීන් බලපෑම් නොකරන ආණ්ඩුවක් බලයට පත්වන තෙක් ඇතැම් නඩුගොඩු සඟවාගෙන සිට ඇති බවද එහිදී ජනපතිවරයා පැවසීය.

ජනපතිවරයා වැඩිදුරටත් පැවසූවේ, ‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.

නිලධාරීන්ට නිදහසේ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දී ඇති බවද ඔහු අවධාරණය කළේය.

“සමහර කට්ටිය කියනවා ගන්නවා ඇප දෙනවා කියලා. ඒක තමයි නීතිය. පරික්ෂණ කරන කෙනාට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්, පරික්ෂණ ඉදිරියට ගෙනියන්න ඒයාට අච්චුකරන්න පුළුවන් නඩුවක් දැම්මොත්. පරික්ෂණවලදී කට්ටිය හිරේ දාන්න බැහැ ඒක රිමාන්ඩ්. සමහර පරික්ෂණවලදී ඇප දුන්නා කියලා කවුරුත් කලබලවෙන්න ඕනේ නෑ ඒක නීතිය.

අපි උපදෙස් දීලා තියෙන්නේ පරික්ෂණ කරන්න බිඳින්න බැරි විදිහට ශාක්ෂි එකතුකරලා මහධිකරණයේ නඩුව දාන්න නඩුව ඉක්මනින් විභාග කරන්න, අච්චු කරන්න. අපේ ප්‍රයත්නය මහධිකරණයෙන් නඩු දාන එක. නීතිපති දෙපාර්තමේත්ව පසුගියදා ප්‍රකාශයට පත්කකරලා තිබුණා ප්‍රධාන නඩු කටයුතු 11ක් හොයාගෙන තියෙනවා. ඉන් තුනකට මේ ජනවාරි මාසයේ නඩු දාන්න පුළුවන් කියලා.

එක නීති නිලධාරිනියක් මට කිව්වා සමහර ෆයිල් හංගගෙන හිටියා කියලා. ඒ අය කිව්වේ ඒ ෆයිල් එකට ඒ වෙලාවේ නඩුව දාන්න ගියානම් එක්කකෝ එයා ගෙදර, එක්කෝ නඩුව එළියට කිව්වා. ඒ නිසා මේ වගේ ආණ්ඩුවක් එනකම් මේ ෆයිල් එක තියාගෙන හිටියා කියලා කිව්වා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙමයි වැඩකරන්න ඕනේ. අපි ස්තූතිවන්න වෙනවා.

අපි හිතුවොත් මේ අපි විතරයි හරි අනිත් ඕක්කොම නැහැ. එහෙම නෑ එහෙම උනන්දුව තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඉතින් අපි ඒ අයට නිදහස දීලා තියෙනවා. අපි නඩු තෝරන්නේ නැහැ, නම් තෝරන්නේ නේ නැහැ, පුද්ගලයෝ තොරන්නේත් නැහැ. අපි කියලා තියෙන්නේ අදාළ අයතනවලට නිසිපරිදි පරික්ෂණ කරන්න. අපිට විශ්වාසයක් තියෙනවා අපි නැවත නැවත කරන්නේ ඒ ආයතන ශක්තිමත් කරන එක.”             

“තව සති දෙකක් මට දෙන්න” ජනපතිගෙන් මේසෙට තට්ටුවක්.!

“තව සති දෙකක් මට දෙන්න” ජනපතිගෙන් මේසෙට තට්ටුවක්.!

ඊයේ දිනයේ හෝමාගම ප්‍රදේශයේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුව අමතමින් ජනපතිවරයා කියා සිටියේ, වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි තම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බවයි.

දත්ත නොමැතිවීමෙන් බොහෝ අංශයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ඊට අදාල දත්ත පද්ධතීන් යලි ශක්තිමත්ව ගොඩනැගීමට මේ වනවිටත් පියවර ගෙන අවසන් බව ජනපතිවරයා අවධාරණය කලේය.

එහිදී ජනපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,

“හාල් හිඟයක් තියෙනවද, කොයි කාලෙද එන්නේ, එහෙනම් අපි ඒ හාල් හිඟයට මොකද කරන්නේ, දත්ත මත තමයි පුරෝකථනයන් එන්න ඕනෙ, කිසි දත්තයක් නැති රටක් මේක, ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් නිවැරදි දත්ත පද්ධතියක් හදනවා, මම ඕගොලන්ට කියන්නම් තව සති දෙකක් මට දෙන්න.. සහතික මිලට වඩා අඩුවෙන් හැර, වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවෙ වෙළඳපොලේ නෑ”

මැති ඇමතිවරුන්ට එරෙහි පැමිණිල්ලකට ජනපති මැදිහත් වෙයි.!

මැති ඇමතිවරුන්ට එරෙහි පැමිණිල්ලකට ජනපති මැදිහත් වෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත්තේ දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙසයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ දැනුම් දීම කර ඇතැයි වාර්තාවේ.

ජනතාව සහ ඇතැම් මාධ්‍යවේදීන් තම දුරකතන ඇමතුම් වලට මැති ඇමතිවෞන් ප්‍රතිචාර නොදක්වන බවට චෝදනා එල්ල කර ඇති පසුබිමක ජනපතිවරයා මෙම දැනුම්දීම කර තිබේ.

ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙසද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

දඩයමක් නෑ.. යෝෂිතට ඇප ලැබෙනවා.!

දඩයමක් නෑ.. යෝෂිතට ඇප ලැබෙනවා.!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වීම නිසා පමණක් අත්අඩංගුවට නොගත් බවයි.

නීතිවිරෝධී ලෙස හෝ සැකසහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපළ මිලදී ගෙන තිබේ නම් නීතිය ක්‍රියාත්මක කරන බවත් අද සිදු වූ අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන දඩයමක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ආරම්භ කර ඇති පරීක්ෂණ දිගටම පවතින බවත්, CID සහ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඒ අනුව අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“යමෙකු නීතිවිරෝධී ලෙස හෝ සැකසහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපළ මිලදීගෙන තිබේ නම් සහ එවැනි නඩු සම්බන්ධයෙන් CID පරීක්ෂණ පවත්වන්නේ නම්, නීතිය ක්‍රියාත්මක වෙනවා. යෝෂිත අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නිසා නෙවෙයි.”

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප ලබා දීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ

“ඔවුන්ට ඇප ලැබෙනවා. නමුත්, නඩු කටයුතු දිගටම ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයේ යුතුකම. රජය කරන්නේ එයට පහසුකම් සැලසීම පමණයි.”

යෝෂිත දින දෙකකට රිමාන්ඩ්.!

යෝෂිත දින දෙකකට රිමාන්ඩ්.!

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා එලැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මියගේ නියෝගය මත ඔහු මෙලෙස බන්ධනාගාර ගත කර ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා අද (25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ රත්මලාන ප්‍රදේශයේ දෙපළක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ සිදුකරන විමර්ශනයකට අදාළවයි.

අත්අඩංගුවට පත් යෝෂිත ඉදිරි කටයුතු සඳහා CIDයට ගෙන එයි.!

අත්අඩංගුවට පත් යෝෂිත ඉදිරි කටයුතු සඳහා CIDයට ගෙන එයි.!

අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂව මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් තිබේ.

ඔහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

රත්මලාන, සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂව සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව පසුගිය 23වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබුණි.

මේවන විට නඩු කරයක් පවතින අදාළ සිද්ධියයේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මිත්තණියක්වන ඩේසි ෆොරස්ට් නම් කාන්තාවයි. 

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට.! [Breaking News]

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට.! [Breaking News]

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසූවේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනත ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 3 වනදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.

මහින්දගේ කොළඹ 07 නිවසේ තක්සේරුව ලක්ෂ 34,000යි.!

මහින්දගේ කොළඹ 07 නිවසේ තක්සේරුව ලක්ෂ 34,000යි.!

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් මහහා පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මේ වනවිට රැඳී සිටින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවස පිහිටි ඉඩමේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 3,178ක් බවයි.

ඊයේ (24) රාත්‍රියේ දේශපාලන වැඩසටහනය එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේය.

පාපන්දු පිටියකට වඩා විශාල එම නිල නිවස පිහිටි ඉඩම අක්කර එකයි පර්චස් 13.7ක් බවත් නිල නිවසේ වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 30,534ක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අදාළ නිල නිවසේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 229ක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම නිවස පිහිටි ඉඩම සහ නිවස තක්සේරු කිරීමකින් ඔසු රුපියල් ලක්ෂ 46ක මුදලකට කුලියකට ලබාදිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

ස්ථානාධිපති කාන්තා වැසිකිළියේ කැමරාවක් සෙට් කරලා.!

ස්ථානාධිපති කාන්තා වැසිකිළියේ කැමරාවක් සෙට් කරලා.!

දුම්රිය මූලස්ථානයේ කාන්තා වැසිකිළියක රහසිගතව කැමරාවක් සවි කිරීමේ චෝදනාව මත දුම්රිය ස්ථානාධිපතිවරයෙකුගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

සැකකාර නිලධාරියා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වෙච්ඡා සේවයේ නියුක්ත අයෙක් බව පැවසේ.

මෙය අපරාධ වරදක් හැටියට සැලකෙන සිදුවීමක් වුවද මේ සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් කර නැත.

අදාළ සිදුවීම ගැන පොලිසියට පැමිණිලි කර නැත්තේ වෘත්තිය සමිති බලපෑම මත බවත් අනාවරණය වී ඇත.

Source – Mawbima

වතු දෙමළ නෙරපන්නට රජයෙන් තීරණයක්.!

වතු දෙමළ නෙරපන්නට රජයෙන් තීරණයක්.!

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පවසන්නේ වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ “වතු” යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කර ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් දෙමළ මහා විද්‍යාලයේ පැවති 2025 සබරගමු පළාත් තෛපොන්ගල් උත්සවයට එක්වෙමිනි.

මෙරට වතු ජනතාව ලෙස හදුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කදුකර ප්‍රදේශ වල තේ වගා කටයුතු සදහා ඉන්දියාවෙන් මීට වසර දෙසිකට පමණ පෙර පැමිණි දෙමළ භාෂාව කතා කරන ජනතාව වන අතර අධිරාජ්‍යවාදීන්ගේ සමයේ සිට මේ ජනතාවට පොදු පහසුකම් ලබා දුන්නේ ඉතාම අවම වශයෙනි.

වසර ගණනාවක සිට තමන් වතු ජනතාව ලෙස පිළිනොගන්නා ලෙසත්, උඩරට දමිළ හෙවත් මලෛගම් ලෙස පිළිගන්නා ලෙසත් රජ්‍ය නොවන සංවිධාන හරහා පැවති රජයන්ගෙන් ඉල්ලීම් කර තිබුණි.

ඔවුන් ශ්‍රී ලාංකික දෙමළ ලෙස පිළිගැනීමට ද එකඟ නොමැති අතර උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සමග ඔවුන් එකතු වීමටද කැමැත්තක් නැත.

ඔවුන් පවසන්නේ සිංහල රජාව අතර උඩරට සිංහල ලෙස පිළිගැනීමක් ඇති නිසා තමන්ටද උඩරට දෙමළ ලෙස පිළිගන්නා ලෙසයි.

උඩරට දෙමළ යන්න දෙමළ බසින් හදුන්වන්නේ මලෛගම් යනුවෙනි.

We are happy to invite you.