Main news (Sinhala)

රජයේ කොටහ තීන්දුයි.. පොඩි මෝල් වලට හොඳ කළක්.!

රජයේ කොටහ තීන්දුයි.. පොඩි මෝල් වලට හොඳ කළක්.!

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් සමග පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 23 වැනිදා පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේ මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමගම, වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ගොවීන්ගෙන් රජය මිලදී ගැනීමට කටයුතු කරනා බවයි.

එහිදී සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන්ට මේ සඳහා දායකත්වය ලබාදිය හැකි ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක්වූ අතර දැනට අඩපනව පවතින සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්ත නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන බවද ජයරත්න මහතා සහතික විය.

බොහොමයක් කුඩා සහල් සැකසුම්කරුවන් පැවති ආර්ථික දුෂ්කරතා තත්ත්වයන් මත තම ව්‍යාපාර අඩපණව තිබෙන බවත්, ඒ පිළිබඳව රජයේ අවධානය ලක්කර මෙවර රජය ඉදිරිපත් කොට ඇති වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා තමන් උපරිම ලෙස දායකත්වය ලබාදෙන බවත් සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් මෙහිදී පැවසූහ.

මෙම අවස්ථාවට සමුපකාර අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. මදනායක, ආහාර කොමසාරිස් උපුල් අල්විස්, සමූපකාර සංවර්ධන කොමසාරිස් ජේ.රලි යුදින්, සතොස සභාපති කෝසල විල්බව, උතුරු මැද ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ලලිත් තිස්ස කුමාර මහතා ඇතුළුව සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගම්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ආණ්ඩුව තානාපතිවරුන්ගෙන් ටාගට් ඉල්ලයි.!

ආණ්ඩුව තානාපතිවරුන්ගෙන් ටාගට් ඉල්ලයි.!

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පැවසූවේ රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කළ බවයි.

රාජතාන්ත්‍රික සේවය යනු හුදෙක් දේශපාලන හිතවත්කම් මත නිෂ්චිත කණ්ඩායමකට හිමිවන විශේෂ වරප්‍රසාදයක් හෝ වරදානයක් නොවන බවද ඔහු සිහිපත් කළේය.

ඇමතිවරුන්ගේ ඥාති සංග්‍රහය තහනම් කරයි.!

ඇමතිවරුන්ගේ ඥාති සංග්‍රහය තහනම් කරයි.!

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය හරහා සුවිශේෂී රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.

ඒ අතරින් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි බවට රෙගුලාසියක්ද පනවා තිබේ.

එමෙන්ම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය සඳහා වෙන් කරන නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකකට සීමා විය යුතු අතර එම වාහන සඳහා මසකට උපරිම වශයෙන් ඉන්ධන ලීටර් නවසීයක ප්‍රතිපාදන වෙන් කෙරෙන බවද අදාල චක්‍රලේඛයේ සඳහන් වෙයි.

අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වෙත සපයනු ලබන උපරිම රාජකාරී දුරකථන සංඛ්‍යාව හතරක් වන අතර කාර්යාල සහ නිවාස දුරකථන සඳහා රුපියල් 20000ක්, ජංගම දුරකථනය සඳහා රුපියල් 10000ක ප්‍රතිපාදන ද වෙන්කර තිබේ.

ලංකාවේ ප්‍රධාන බැංකු 10ක් සම්බන්ධයෙන් තීරණයක්.!

ලංකාවේ ප්‍රධාන බැංකු 10ක් සම්බන්ධයෙන් තීරණයක්.!

“Fitch” ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය නැවත ක්‍රමාංකනය කරමින් බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම සඳහා තීරණය කර තිබේ.

එමෙන්ම මෙරට බැංකු පහක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තහවුරු කිරීමටද ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් තීරණට කර ඇත.

ෆිච් ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් 2024 දෙසැම්බර් 20 වැනි දින ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය – මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDR) ‘CCC-’ සිට ‘CCC+’ දක්වා උසස් කරනු ලැබූ අතර ෆිච් ආයතනය සාමාන්‍යයෙන් ‘CCC+’ හෝ ඊට අඩු ශ්‍රේණිගත කිරීමක් සහිත ස්වෛරී සමාගම් සඳහා ඉදිරි දැක්මක් නිර්දේශ කරනු නොලබයි.

ඒ අනුව පහත සඳහන් ශ්‍රී ලාංකීය බැංකුවල ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබේ.

ලංකා බැංකුව ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වා,
මහජන බැංකුව ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වා,
කොමර්ෂල් බැංකුව පීඑල්සී (‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වා,
හැටන් නැෂනල් බැංකුව පීඑල්සී ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වා,
සම්පත් බැංකුව පීඑල්සී ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වා,
සෙලාන් බැංකුව පීඑල්සී ‘A-(lka)’ සිට ‘A+(lka)’ දක්වා,
DFCC බැංකුව පීඑල්සී ‘A-(lka)’ සිට ‘A(lka)’ දක්වා,
ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී ‘A-(lka)’ සිට ‘A(lka)’ දක්වා,
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පීඑල්සී ‘A-(lka)’ සිට ‘A(lka)’ දක්වා,
පෑන් ඒෂියා බැංකු සංස්ථාව පීඑල්සී ‘BBB-(lka)’ සිට ‘BBB(lka)’ දක්වා

සහතික කළ ශ්‍රේණිගත කිරීම් සහිත බැංකු වන්නේ ;

අමානා බැංකුව පීඑල්සී
යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී
සණස සංවර්ධන බැංකුව පීඑල්සී
නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකා බැංකුව
කාගිල්ස් බැංකුව පීඑල්සී

දිස්ත්‍රික්ක සඳහා අදාළ ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු මෙන්න.!

දිස්ත්‍රික්ක සඳහා අදාළ ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු මෙන්න.!

එක් එක් දිස්ත්‍රික්ක සඳහා 2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් පහත පරිදි වෙයි.

නාමල් රාජපක්ෂ විධායක ජනපති වීමෙන් පළිගැනීම අවසන් වෙනවා.!

නාමල් රාජපක්ෂ විධායක ජනපති වීමෙන් පළිගැනීම අවසන් වෙනවා.!

අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසූවේ සෑම ගමකම විසිරී සිටින කණ්ඩායම් එක් කරගැනීමේ වැඩපිළිවෙළ මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කර ඇති බවත් ඉන් අනතුරුව පක්ෂ නායකයින් සන්ධානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවත් ය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළිගැනීමට කටයුතු කිරීම හරහා ඔහු අවසානයේ ජනාධිපති ධූරයට පත්වූ බවත් ඔහු නතර කරපු තැනින් ඉදිරියට රට ගෙන යාමට හැක්කේ නාමල් රාජපක්ෂට පමණක් බවත් ඔහු පැවසීය.

තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් පළිගැනීමේ අවසන් ප්‍රතිඵලය ඔහු අනිවාර්යෙන්ම විධායක ජනාධිපති බවට පත්වීම බවයි.

පුනරුද යුගයට අධ්‍යාපනයේ වෙනසක්.. විභාග හා විෂයමාලා වෙනස් වෙයි.!

පුනරුද යුගයට අධ්‍යාපනයේ වෙනසක්.. විභාග හා විෂයමාලා වෙනස් වෙයි.!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) දින පාර්ලිමේන්තුවේදී සදහන් කළාය.

පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස් කම් සිදුකර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

එළ⁣ඹෙන 2026 වසරේ සිට අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය අවම කිරීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යෝජනා කරන අතර විභාග ක්‍රමය හා විෂයමාලා සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය සහ ගිණුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතයන් වඩාත් යෝග්‍ය පරිදි වෙනස් කිරීමට කටයුතු කරන බවත් එම විෂයන් කිසිවිටෙකත් ඉවත් කිරීමට බලාපොරොත්තු නොවන බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සදහන් කළේ,

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් විෂයමාලා ඇඟයීම් සහ තක්සේරු කරන ක්‍රියාවලියන් සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් ඉගෙනුම ලබන විෂයන් සංඛ්‍යාව ඇඟයීම හා තක්සේරුකරණ ක්‍රියාවලිය හරහා ඇති වෙන ශිෂ්‍ය පීඩනය අවම වෙන පරිදි අපි සංශෝධනය කරනවා. අපි අපේක්ෂා කරනවා විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික, ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබාදෙන්න අපි සැලසුම් කරනවා.”

මන්ත්‍රීවරුන්ගේ කෑම වේලක මිල දැනෙන්න වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න.!

මන්ත්‍රීවරුන්ගේ කෑම වේලක මිල දැනෙන්න වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න.!

අද (23) දින පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සදහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාර වේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා ඇති අතර තේ එකක මිල රුපියල් 200කි.

මෙම නව මිල ගණන් පෙබරවාරි මස (01) වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නානායක්කාර සමාගමට ඇඩ්‍රස් නැතිවෙන හැඩ.!

නානායක්කාර සමාගමට ඇඩ්‍රස් නැතිවෙන හැඩ.!

කොරියාව ඇතුළු විවිධ රටවල් සඳහා රැකියා සඳහා පිටත් කර යවන බව කිය­මින් හිටපු ඇමැති මනූෂ නානා­ය­ක්කාරගේ සහෝ­ද­රයා කර ඇතැයි කියන මූල්‍ය වංචා­වන්ට හසු වූ හත­ළි­හ­කට අධික පිරි­සක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට හා පොලිස් මූල­ස්ථා­න­යට පැමිණ ඊයේ (22) පැමි­ණිලි ඉදි­රි­පත් කර ඇත.

මවු­බි­මට ඩොලර් රැගෙන ඒමට ගොස් අනාථ වූ අස­ර­ණ­යන්ගේ සංග­මයේ සභා­පති සරත් මුණ­සිංහ මහතා පවසන්නේ රට පුරාම මේ පුද්ග­ල­යාගේ මූල්‍ය වංචා­වට හසු වූ වින්දි­ත­යන් 371ක් සිටින බවයි.

“විදේශ රැකියා සඳහා යවන බවට පවසා කෝටි 26ක් මහ­ර­ගම විදේශ රැකියා ආය­ත­න­යක් මඟින් වංචා කර තිබෙ­නවා. මනූෂ නානා­ය­ක්කාර හා ගෝල බාල­යන් සේරම එකතු වෙලා තමයි මේ වංචාව කරලා තිබෙන්නේ. ඩොලර් ගේන්න රට යන්න සල්ලි ගෙවලා අද අපි මහ පාරට වැටිලා. දැන් වසර දෙකක් අපි හැම­තැ­න­ටම පැමි­ණිලි කළත් තාම මේකට රතු වරෙ­න්තු­ව­ක්වත් දාලා නැහැ.

මනූෂ නානා­ය­ක්කාර හිටපු ඇමැ­ති­ව­ර­යාට දිගින් දිග­ටම කිවුවා මේ අප­රා­ධ­ක­රුවෝ පැනලා යන්න කලින් අල්ලන්න කියලා සහ මෙයා­ලට විදේශ ගමන් තහ­න­මක් දාලා හිර කරන්න කියලා. නමුත් ඒ විදි­හට කළේ නැහැ. මේකට පැහැ­දි­ලි­වම මනූෂ නානා­ය­ක්කාර, ලේක­ම්වරු, විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ නිල­ධා­රීන් සම්බ­න්ධයි.

මොවුන් ඩුබායි රාජ්‍ය­යට පැනලා ගිහින් කියලා අපට කිවුවා. එක් කෙනෙ­කුට ලක්ෂ 4 ගාණේ මිලි­යන 400ක් විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ විම­ර්ශන නිල­ධා­රින් දෙදෙ­න­කුට දීලා ගිහින්.

උද්ඝෝ­ෂණ පහක් පමණ කළා. එහෙත් කිසිම සාධා­ර­ණ­යක් මේ වෙන­කම් සිදු වුණේ නෑ. මේ ඉන්න හැමෝම දුප්පත් අස­රණ මිනිස්සු. අපි ජනා­ධි­ප­ති­තු­මාට කියන්නේ හොරු අල්ලලා සාධා­ර­ණය ඉටු කර දෙන්න කිය­ලයි. අපි මේ ආවේ රජය අප­හ­සු­තා­වට පත් කරන්න නොවෙයි. අපට මේ සල්ලි අර­ගෙන දෙන්න කියලා කිය­න්නයි.”

ඊ ටිකට් වංචාවේ තවත් අභ්‍යන්තර භූතයෙක් අල්ලයි..!

ඊ ටිකට් වංචාවේ තවත් අභ්‍යන්තර භූතයෙක් අල්ලයි..!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසූවේ ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට්පත් 92 ක් වැඩි මුදලට අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ තාක්ෂණික නිලධාරියකු ඇතුළු දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන තාක්ෂණික නිලධාරියෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව මාතලේ ප්‍රදේශයේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

We are happy to invite you.