Main news (Sinhala)

ළමුන් හිඟ සියළුම පාසැල්වලට සපත්තු.!

ළමුන් හිඟ සියළුම පාසැල්වලට සපත්තු.!

අධ්‍යාපණ අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (23) පාර්ලිමේන්තුවේදී පැවසූවේ පාසල් දරැවන් ලක්ෂ හතකට මේ වසරේදී සපත්තු ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

ඇය වැඩිදුරටත් පැවසූවේ ළමුන් 250 ට අඩු පාසල්වල සියලුම දරුවන්ට සපත්තු ලබාදීමට අධ්‍යාපණ අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය මේ බව පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේ නඩු තීන්දුව හේතුවෙන් ප්‍රශ්න පත්‍ර බැලීම නතර කිරීමට සිදු වූ බවත් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

දේශපාලනය ප්‍රමිතිගත කිරීමේ පළමු ආදර්ශය ක්‍රියාත්මක වෙයි.!

දේශපාලනය ප්‍රමිතිගත කිරීමේ පළමු ආදර්ශය ක්‍රියාත්මක වෙයි.!

වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් හා ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් උපදෙස් මාලාවක් ඊයේ (22) නිකුත් කර තිබුණි.

එමගින් අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර ඇති අතර ඒ අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා එම පිරිස 12කට සීමා කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ එම කාර්යාල සේවා නියුක්තිය පහත උපරිම සංඛ්‍යාව නොඉක්මවිය යුතු බවයි.

එම උපදෙස් මාලාව හරහා අමාත්‍යාංශ සඳහා උපදේශකවරුන් පත් කරගැනීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්යය මණ්ඩලය පත්කරගැනීම සිදුකළ යුතු ආකාරය, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා වෙන් කරන නිල වාහන සංඛ්‍යාව, ඒවාට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය, අමාත්‍යවරුන්ට ලබාදෙන දුරකථන සම්බන්ධතා හා දුරකථන වියදම් පිළිබඳව ද ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණුවලට අනුව සියලු ක්ෂේත්‍ර තුළ සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

ප්‍රවේශපත්‍ර 21ක් සමඟ තවත් අයෙකු කොටු වෙයි.!

ප්‍රවේශපත්‍ර 21ක් සමඟ තවත් අයෙකු කොටු වෙයි.!

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (22) සවස මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 37ක් වන සැකකරු සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.

අත්අඩංගුවට පත් අවස්තාවේ සැකකරු සතුව තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 130,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණිමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

අනුර ප්‍රියදර්ශන යාප ඇතුළු 6ක් අත්අඩංගුවට.! (Breaking News)

අනුර ප්‍රියදර්ශන යාප ඇතුළු 6ක් අත්අඩංගුවට.! (Breaking News)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසන්නේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව‍යි.

ඔහු සමඟ තවත් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2014 වසරේදී ගංවතුර ආධාර වෙනුවෙන් රජයට ලැබුණු රුපියල් මිලියන 6.1ක මුදලක් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාවක් මත සිදුකෙරෙනා පරීක්ෂණයකට අදාලවයි.!

පූජිතට සහ හේමසිරිට දුන් නිදහස බල රහිත කරමින් නියෝගයක්.!

පූජිතට සහ හේමසිරිට දුන් නිදහස බල රහිත කරමින් නියෝගයක්.!

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම ඇතුලු චෝදනාවලින් නිදහස් වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහි නඩුව ලබන 28 වැනිදා කැඳවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියම කළේය.

එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීමේ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරුන් නිදහස් කරමින් දුන් නියෝගය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය දැනුම් දීම සඳහා නඩුව කැඳවු අවස්ථාවේදී විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

නඩුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ හා මොහොමඩ් ඉර්සර්දීන් යන මහත්වරුන්ගෙන් සැදම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීය.

අධිකරණය මීට පෙර අවස්ථාවක නිකුත් කර තිබු සිතාසි වලට අනුව නඩුව කැඳවු අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.

මරු කටවල් වලට වැට බැඳෙන දැවැන්ත ආයෝජනයකට ආණ්ඩුව සැරසෙයි.!

මරු කටවල් වලට වැට බැඳෙන දැවැන්ත ආයෝජනයකට ආණ්ඩුව සැරසෙයි.!

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ගැටළුවක්ව පවතින රිය අනතුරු හේතුවෙන් අහිමි වන ජීවිත සංඛ්‍යාව දිනකට 5-10 අතර අගයක පවතී.

අද (22) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් දැක්වමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූවේ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව බහුල වශයෙන් එවැනි අනතුරු සිදුවන ස්ථාන හඳුනාගෙන ඊට පිළියම් යෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි.

“Black Spots” ලෙසෙන් හඳුන්වන මහාමාර්ග පද්ධතියේ ඇති එවැනි අනතුරුදායක ස්ථාන බොහොමයක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඒ අතරින් බිලියන ගණනක ආයෝජනයන් අවශ්‍ය ස්ථාන කිහිපයක් හැර අනෙකුත් සියළුම ස්ථාන කඩිනමින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගියදා ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිසක් මෙරට සිදුකළ සංචාරය අතරතුර එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැසසුම් එක් කළ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

අයවැයට කලින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න.!

අයවැයට කලින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න.!

මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා ඇති බව ලංකා සතොස ආයතනය සදහන් කරයි.

ඒ අනුව රට කජු කිලෝවක් රුපියල් 100කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 995කි.

ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 180කි.

දුඹුරු සිනි කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 300කි.

රතු කව්පි කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 765කි.

බාස්මතී සහල් කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 645කි.

හාල් මැස්සො කිලෝවක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 940කි.

වියලි මිරිස් කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 830කි.

ආනයනික ලොකු ලුණු කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 230කි.

පරිප්පු කිලෝවක් රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 288කි.

සුදු සීනි කිලෝවක් රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 240කි.

ඒ අනුව දිවයින පුරා ඈති සියලුම ලංකා සතොස අලෙවිසැල මගින් එම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (22) දින සිට ලබාගත හැකිය.

කසාද වයස් සීමාවේ වෙනසකට මුලපුරයි.!

කසාද වයස් සීමාවේ වෙනසකට මුලපුරයි.!

අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේදී ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද සංසදයේ අවධානය යොමු කරන ලදී.

එහිදී ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා විය.

එමෙන්ම “ළමයා” යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටද එහි අවධානය යොමු විය.

කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවර්යන්ගේ සංසදය විසින් ගත හැකි උපරිම් ක්‍රියාමාර්ග ගැනීමටද අවශ්‍ය කටයුතු සිදු කිරීමට මෙම දස වැනි පාර්ලිමේන්තුව තුලින් බලපොරෝතු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවර්යන්ගේ සංසදයේ සභාපතිවරය එහිදී ප්‍රකාශ කළාය.

විමර්ශන ඇරඹෙයි.. නාමල්ගේ වාරය පැමිණෙයි.!

විමර්ශන ඇරඹෙයි.. නාමල්ගේ වාරය පැමිණෙයි.!

අද (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීම හරහා රුපියල් මිලියන 70ක් මුල්‍ය වංචාවක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව යළි කැඳවනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර මේ වනවිට ඇප මත මුදා හැර සිටින අතර නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේය.

කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ක්‍රීෂ් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අධිකරණයේ පවත්වාගෙන යන නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජුනි මස 04 වනදා යළි කැඳවීමට නියෝග කළේය.

කෙඳිරිලි ඉවරයි.. දවස් 2ට 30ක් ගොඩ දායි.!

කෙඳිරිලි ඉවරයි.. දවස් 2ට 30ක් ගොඩ දායි.!

යුද හමුදා මුලස්ථානය පවසන්නේ ජනපතිවරයාගේ තීරණයකට අනුව දිවයින පුරා වී ගබඩා පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් සඳහා යුද හමුදා සහයෝගය ලබාදීම යටතේ දින දෙකකදී ගබඩා 30 ක් සකස් කර අවසන් කර ඇති බවයි.

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය යටතේ ඇති වී ගබඩා සංකීර්ණ තුනක්, වන්නි යටතේ ඇති වී ගබඩා 10ක්, නැගෙනහිර බල ප්‍රදේශයේ ඇති වී ගබඩා සංකීර්ණ 3ක්, ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ඇති වී ගබඩා 05ක් සහ ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයට අයත් වී ගබඩා සංකීර්ණ 09ක් මේ වනවිට සම්පූර්ණයෙන් පිළිසකර කටයුතු අවසන් කර තිබේ.

යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය යටතේ දිවයින පුරා වී ගබඩා පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතය හරහා රජය සතු වී ගබඩා 209 ක් පිළිසකර කිරීමට සැලසුම් කර තිබෙන බවත් අදාළ කටයුතු මේ මස 27 වන දින වන විට අවසන් කිරීමට ද යුද හමුදාව සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

We are happy to invite you.