Main news (Sinhala)

විදුලි ගාස්තු අඩුකරයි.! [Breaking News]

විදුලි ගාස්තු අඩුකරයි.! [Breaking News]

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ බව දැනුම්දී තිබේ.

එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සදහා සියයට 20 කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සදහා සියයට 21%කින් විදුලි ගාස්තු අඩු කර ඇත.

හෝටල් සදහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සදහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සදහා විදුලි ගාස්තු 12%කින් අඩුකර ඇත. 

රාජ්‍ය ආයතන සදහා 11%කින්ද වීථි ලාම්පු සදහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන තිබේ.

ජනප්‍රිය අගමැතිට වසර 14ක සිර දඬුවමක් නියම වෙයි.!

ජනප්‍රිය අගමැතිට වසර 14ක සිර දඬුවමක් නියම වෙයි.!

අද (17) පාකිස්තානයේ අධිකරණයක් විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කළේය.

ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව  ලෙස සැලකෙන ඉඩම් දූෂණ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබේ.

ඔහු පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රට මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා සිරගතව සිටියි.

දුමින්ද සිල්වාට නැවතත් මාරුවීමක්.!

දුමින්ද සිල්වාට නැවතත් මාරුවීමක්.!

ඊයේ දින (16) ආර්. දුමින්ද සිල්වා සිරකරු වෛද්‍ය නිර්දෙශයන්ට අනුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත ඇතුළත් කර ඇති අතර ඊට ආදල කරුණු හා එම වාට්ටුවේ ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශ) ගාමිණී බී. දිසානායක මහතා පවසන්නේ, වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු සඳහා සුවි‌ශේෂී පහසුකම් බන්ධනාගාර රෝහල තුළ ලබාදී ඇති බව හුවා දක්වමින් මෑතක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපකීර්තියකට පත්වන ආකාරයට කිසියම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් මුදා හරිමින් සිටින බවයි.

බන්ධනාගාරය තුළ රෝගී වන සෑම රැඳවියෙකුම බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය නිදේශයන්ට අනුව එම රැඳවියා නේවාසික ප්‍රථිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන්නේද, නොකරන්නේද යන්න තීරණය කරන බවත් රෝගියා වැඩිදුර ප්‍රථිකාර සඳහා රජයේ රෝහලක් වෙත යොමු කිරීමද වෛද්‍යවරයාගේ නිර්දේශ මත සිදු කරන බව බන්ධාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිරකරු සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්වලදී මාධ්‍ය නිවේදන නිකුත් කළ ද යම් යම් පුද්ගලයින්ගේ පෞද්ගලික අරමුණු සඳහා ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර සිදුකරන අවස්ථා නිරීක්ෂණය වන බවයි.

කෙසේවෙතත් මේ වන විට අදාළ සිරකරු බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර අවසන් කර වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

ජනපතිගේ චීන සංචාරයේ දැවැන්තම ආයෝජනය මාගම්පුරට.!

ජනපතිගේ චීන සංචාරයේ දැවැන්තම ආයෝජනය මාගම්පුරට.!

අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයේදී හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේදී ඊයේ (16) පෙරවරුවේ අත්සන් තැබුණු අතර එය එම සංචාරයේදී ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම ආයෝජනය ලෙස සැලකේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුම් අත්සන් තැබූ අතර සමස්ථ ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක වටිනාකමකින් යුතු වෙයි.

සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක ඍජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

මෙම දැවැන්ත ආයෝජනය හරහා මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇති බව රජය අපේක්ෂා කරයි.

එම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.

සංචාරක බස් රිය සිමෙන්ති ලොරියේ ගැටී රියදුරි ජීවිතක්ෂයට.. විදේශිකයන්ටත් තුවාල.!

සංචාරක බස් රිය සිමෙන්ති ලොරියේ ගැටී රියදුරි ජීවිතක්ෂයට.. විදේශිකයන්ටත් තුවාල.!

අද (17) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක පිටුපස ගැටී බිහිසුනු අනතුරක් සිදුවිය.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ බස් රථයේ රියදුරු රෝහල් ගතකිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් ද තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශීය ජාතිකයින් 30ක් පමණ ගමන් කර ඇති බව පැවසෙන අතර අනතුරට හේතුව මෙතෙක් නිෂ්චිතව හඳුනාගෙන නොමැත.

අනතුරෙන් බස් රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු වෙයි.. නොගෙවූ ණය පොලී කපා හරී.!

තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු වෙයි.. නොගෙවූ ණය පොලී කපා හරී.!

රජය විසින් ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා සහන පැකේජ ක්‍රමයක් සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු සඳහා සහන සැලසීම සඳහා දිගු කාලීන දැක්මක් සහිතව මෙම සහන පැකේජය සකස් කර ඇත.

ඒ අනුව, බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019.04.01 දින හෝ ඉන් පසුව අදියර 3 (අක්‍රිය ණය) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අවශ්‍ය සියලුම ලියකියවිලි සමඟින්, 2025.03.31 හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම්, එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යෝජිත සහන පැකේජය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.

(අ) විශේෂිත සහන

1. 2024.12.15 දිනට පැවති සමස්ත ගෙවිය යුතු ණය ප්‍රාග්ධන වටිනාකම මත පදනම්ව කාණ්ඩ තුනක් යටතේ විශේෂිත සහන ක්‍රියාමාර්ග යෝජනා කර ඇති අතර ඒ අනුව එක් එක් කාණ්ඩය සඳහා හිමිවන විශේෂිත ප්‍රතිලාභ පහත වගුවේ දක්වා තිබේ.

2019.04.01 සිට 2024.09.30 දක්වා කාලය තුළ බැංකු විසින් අදියර 3 ණය කාණ්ඩය (අක්‍රිය ණය) යටතේ රු. බි. 886ක පමණ වටිනාකමක් සහිත 494,000ක් පමණ වන ණය ලබාගත් අය වර්ග කර ඇති අතර, එසේ වර්ග කර ඇති ණය සංඛ්‍යාවෙන් 99% ක් පමණම රු. මි. 25ට අඩු ණය ගැනීම් ලෙස වාර්තා වී ඇත.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය කාලය තුළ අත්විඳින ලද අහිතකර බලපෑම් හේතුවෙන් ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජය සැලසුම් කර තිබේ.

සම්පූර්ණ විස්තර පහතින්,

චීනය – ශ්‍රී ලංකා ගිවිසුම් 15කට අත්සන් කරයි.!

චීනය – ශ්‍රී ලංකා ගිවිසුම් 15කට අත්සන් කරයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරයේදී චීන – ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන, මාධ්‍ය සහ සංස්කෘතියට ඉතාමත් වැදගත් වන අවබෝධතා ගිවිසුම් ඊට ඇතුළත් බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේදී දෙරට අතර ආර්ථික, සංස්කෘතික, දේශපාලන, සබඳතා ගැන ඉතා වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කෙරුණ බවත් එම ද්විපාර්ශවික සාකච්ඡාවෙන් අනතුරුව අදාල අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වාසි රැසක් අනාගතයේදී ලබා ගන්නට හැකියාව තිබෙන බවත් චීන ආණ්ඩුවේ සහයෝගය ලංකාවට දිගටම ලබාදෙන බවට චීන ජනාධිපතිවරයා සහතික වූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.

චීනයෙන් ලංකාවට දැවැන්ත ආයෝජනයක්.!

චීනයෙන් ලංකාවට දැවැන්ත ආයෝජනයක්.!

ජනාධිපතිවරයාගේ චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු දැවැන්ත ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) දින සිදු විය. 

ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර ඇත.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇති අතර ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ස්ථාවර ශක්තිමත් පාලනයක්, විනිවිඳභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක චීන ආයෝජකයින්ට ආරාධනා කර ඇති අතර චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ “ආයෝජන සැසියේ” ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා එක් විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මෙම අවස්ථාවට සහභාගී විය.

ලංකාව එක් චීනයක් වෙනුවෙන් පෙනී සිටිනවා.!

ලංකාව එක් චීනයක් වෙනුවෙන් පෙනී සිටිනවා.!

ශ්‍රී ලංකා රජය එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක චීන ජනාධිපති ෂී ජින් පිං හමුවේ සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“මහජන චීන සමූහ ආණ්ඩුවේ ආර්ථික, තාක්ෂණ,කාර්මික,යටිතල පහසුකම් මෙන්ම මානව සංවර්ධනය අතින් අත්කර ගෙන තිබෙන දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව බෙහෙවින් සතුටට ‌පත් වෙනවා.

ද්විපාර්ශවික සහ බහු පාර්ශ්වික සංසද ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හිදී එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා.

චීන සමූහාණ්ඩුව දශක කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර මෙම සංචාරය අපගේ රටවල් වල ජනතාවගේ අන්‍යෝන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් බහු පාර්ශවික සහයෝගීතාවය ශක්තිමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකා – චීන ජනාධිපතිවරුන් දෙදෙනා අතර නිල හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපති අනුර දිසානායක මේ බව සදහන් කරයි.

පොලීසිය අඩියක් පස්සට ගනී.. බඩ වියත රැකෙන රස්සාව බේරෙයි.!

පොලීසිය අඩියක් පස්සට ගනී.. බඩ වියත රැකෙන රස්සාව බේරෙයි.!

2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය මගින් ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන් පිළිබඳව සහ එයට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර ඇත.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර අද (15) පොලිස් මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ ඇත.

කෙසේවෙතත් නීතියට අනුකූල නොවන අන්තරාදායක ආකාරයෙන් සවි කර ඇති කොටස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදුකිරීමට පොලීසිය කටයුතු කරන බව මෙහිදී දැනුම්දී තිබේ.

ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කිසිවිටකත් කටයුතු නොකරන බව මෙහිදී පොලිස්පතිවරයා අවධාරනය කර ඇත.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල මහගිරිල්ල මහතා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

We are happy to invite you.