Main news (Sinhala)

සිමෙන්ති මිල පහතට.!

සිමෙන්ති මිල පහතට.!

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇති බව වාර්තා වේ.

එම බදු සංශෝධනය හරහා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැනුම් දී ඇත.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

සුදාට 8යි බිරිඳට 8යි.. දඩේ 22යි.. රාජසන්තකයි.!

සුදාට 8යි බිරිඳට 8යි.. දඩේ 22යි.. රාජසන්තකයි.!

කොළඹ මහාධිකරණය විසින් ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කර ඇත.

ඒ හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ඊට අමතරව කෝටි 22ක දඩ මුදලක් සහ නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියම කරනු ලැබීය. 

පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි වරුසාවක්.!

පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි වරුසාවක්.!

අද (15) අළුයම දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි.

අදාළ නිවස විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට අයත් නිවසක් බව අනාවරණය වී ඇති අතර නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර හතරක් එල්ලවී ඇත.

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවකුට තුවාල හෝ ජීවිත හානි නොමැති බව සදහන් වේ.

ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැදවා ඇති අතර කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගර නිළධාරීන් පරීක්ෂණ සිදුකරයි.

මණ්ඩලේ කචල් වෙයි.. හොරට කැරකූ මීටර් මාට්ටු වෙයි.!

මණ්ඩලේ කචල් වෙයි.. හොරට කැරකූ මීටර් මාට්ටු වෙයි.!

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය අද (14) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කර සිටියේ, ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බවයි.

එම් සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අවධාරණය කර සිටියේ, එම් වැරදි ගණනය කිරීම් සිදුකළ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට කැඳවිය යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා,

“දැන් මේ මගේ අතේ තියෙන්නේ ලංවිම විදුලි ගාස්තුවල දත්ත වැරදි බවට විගණකාධිපති අධ්‍යයනයකින් තහවුරු කරලා තියෙන වාර්තාව.

මේක විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට යවලා තියෙන්නේ. එතකොට 2024 – 2025 ලංවිම ඉදිරිපත් කරපු දත්ත සංශෝධන යෝජනා වැරදි ඇස්තමේන්තු පිළිබඳව මෙතනදි මත විමසුමට ලක්වෙනවා.

ඒ නිසා විගණකාධිපතිගේ තොරතුරු කැඳවීමට කෙඳිරි ගාන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්. දැන් වැරදි දත්තවලට විදුලි බිල් ගෙව්වේ පාරිභෝගික අපි. කවුද දැන් මේවට වගකියන්නේ.”

විදුලි බිල 30%කින් අඩු කිරීමට යෝජනා වෙයි.!

විදුලි බිල 30%කින් අඩු කිරීමට යෝජනා වෙයි.!

මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බව සමස්ත ලෙස යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.

විදුලි සේවා ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට පළාත් නවය ආවරණය වන ලෙස සිදු කළ ජනතා අදහස් විමසීමෙ සැසි වලට පුද්ගලයන් දේශපාලඥයන්, වෘත්තිකයන් සහ විශේෂ පුද්ගලයන් ඇතුළු 400 ක් පමණ පිරිසක් සහභාගි වී ඇති බව වාර්තා වේ.

ජනපති අනුර චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සමඟින් පිළිගනී!

ජනපති අනුර චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සමඟින් පිළිගනී!

ජනපතිවරයාගේ දෙවන නිළ සංචාරය ලෙස චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

ජනාතිවරයා චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව එරට සචාරයක් සඳහා එක්වීය.

එහිදී චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්.!

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්.!

පුවත්පතකට පිලිතුරු දෙමින් හිටපු ඇමැති, මනූෂ නානායක්කාර මහතා පවසන්නේ, සිය සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවයි.

තමා සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේද වෙනත් ස්ථානයක සිට බවත් සහෝදරයාගේ මූල්‍ය වංචා පිළිබඳව මුල්වරට හෙළි කළේ තමා බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.

තමන් එම වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ දා සිට ඔහු සමඟ පැවැති හිතවත්කම් ද අත්හැරි බවත් එක කුස ඉපදුණත් පුද්ගලයන් එකිනෙකාට වෙනස් බවත් නානායක්කාර මහතා වැඩිදුරටත් පවසයි.

තවත් කොට්ඨාස 7ක් පිහිටුවයි.. පාතාලය පළාත් මට්ටමින් “ක්ලීන්” කිරීමේ වැඩ අරඹයි.!

තවත් කොට්ඨාස 7ක් පිහිටුවයි.. පාතාලය පළාත් මට්ටමින් “ක්ලීන්” කිරීමේ වැඩ අරඹයි.!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා කඩිනමින් කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාවද මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

මෙලෙස පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත්තේ අපරාධ මැඩපැවැත්වීම හා විමර්ශන විධිමත් කිරීම වන අතර එම කොට්ඨාස පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි.

ඒ අනුව බස්නාහිර හා දකුණු පළාත් වලට අමතරව අපරාධ කොට්ඨාස ස්ථාපිත කර ඇති අතර කැබිනට් අනුමැතිය හිමිවිමෙන් පසු සෙසු සියලු පළාත් සඳහා ද එම කොට්ඨාස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

බලාපොරොත්තු රැසක් සමගින් ජනපති අනුර චීනයට.!

බලාපොරොත්තු රැසක් සමගින් ජනපති අනුර චීනයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ රාජ්‍ය සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතව ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි (14) වනදා සිට (17) වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ.

මෙම සංචාරය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව චීනයේ සිදුකරන පළමු සංචාරය වන අතර චීන ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට එය ඉතා වැදගත් වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි හමුවීමට නියමිතව ඇත.

මිත්‍රත්වය ඉදිරියට ගෙනයෑමට මෙන්ම දේශපාලනික අවබෝධය ඉදිරියට පත්වාගෙන යෑමට සහ චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය වැදගත් වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මෙම සංචාරය සදහා එක්ව ඇත.

සුදු අලියෙක් ගොඩදාන්න ඇමති රාජපක්ෂ මකවන්න සැරසෙයි.!

සුදු අලියෙක් ගොඩදාන්න ඇමති රාජපක්ෂ මකවන්න සැරසෙයි.!

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසූවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

අදාල ක්‍රීඩා සංකීර්ණය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කර ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳ්හන් කළේය.

එහි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන නමුත් මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට කිසිදු ආයෝජකයෙකු මුදල් ආයෝජන නොකරන බවත් එබැවින් එම නම ඉවත් කිරීමටද ඉදිරියේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

We are happy to invite you.