Main news (Sinhala)

වටේ කෙටූ කොට්ටේරුවෝ හොට පටලවාගත් සේක.!

වටේ කෙටූ කොට්ටේරුවෝ හොට පටලවාගත් සේක.!

වරායේ ඇතිව තිබූ අර්බදකාරී වාතාවරනය හේතුවෙන් පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් තොගයක් සම්බන්ධයෙන් විපක්ෂයේ නොයෙකුත් පරාජිත කණ්ඩායම් සහ මාධ්‍ය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතාට එරෙහිව එල්ල කළ අභූත චෝදනාවන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට එතුමා තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ වත්මන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිය කීර්තිනාමයට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට ඔහු සූදානම් වෙයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

“පහුගිය දවස්වල දිගින් දිගටම මාව ඉලක්ක කරගෙන පදනමක් නැති බොරු චෝදනා එල්ල කළා. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම අද CIDයට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කළා.

පරාජිත කණ්ඩායම් දිගින් දිගටම මේ චෝදනා එල්ල කරද්දී තවදුරටත් සද්ද නොකර ඉන්න බෑ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මගේ කීර්තිනාමයට සිද්ධවෙන හානිය දාරාගන්න බෑ”.

මේ සම්බන්ධයෙන් අභූත චෝදනා එල්ල කළ පිරිස් අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධාන වෙයි.

විමල් වීරවංශ මහතා පසුගිය සතියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ දූෂණය හා වංචාව ගැන කතා කෙරූ වත්මන් ආණ්ඩුව බහාලුම් තොගයක් පරික්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමට කටයුතු කර ඇති බවත් එලෙස නිදහස් කළ බහාලුම් තොගය වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයෙකුට අයත් ඒවා බවත් ය.

වෛරය වපුරවා බලය ලබාගත් ආණ්ඩුව කිසිඳු පරික්ෂා කිරීමකින් තොරව බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දෙනවා නම් එය බරපතල කාරණාවක් බවත් එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් පැවසීය.

බදු 4කුත් කර තියන් හම්බන්තොටට ගොඩ බහින බඩි වෑන්.!

බදු 4කුත් කර තියන් හම්බන්තොටට ගොඩ බහින බඩි වෑන්.!

මුදල් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් කාරක සභාවට පෙරේදා (28) දැනුම් දී ඇත්තේ කාර් රථ සහ කුඩා ප්‍රමාණයේ වෑන් රථ (බඩී වෑන්) ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බවයි.

එලෙස පෙරවාරි මාසයේදී ආනයනය කරන කාර් රථ සහ බඩි වෑන් සඳහා බදු වර්ග හතරක් ඇතුළත් වන බව වාර්තා වේ.

18%ක අගය එකතු කිරීමේ බදු (වැට්) 20%ක රේගු බදු, නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී බදු වශයෙනි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් කාරක සභාවට දන්වා ඇත්තේ නිෂ්පාදන බදු ඇතුළත් කිරීමේ දී රේගු බදු ඇතුළත් නොකෙරෙන බවට 2018 වසරේ හඳුන්වා දී තිබූ රෙගුලාසිය මේ වන විට ඉවත් කර තිබෙන බවයි.

මෙවර වාහනවලට නිෂ්පාදන බදු අය කිරීමේ දී සියයට හයක පමණ වැඩිවීමක් ඇතැයි ද එලෙස බදු සැකසෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත සූත්‍රයක් අනුව යැයි ද දැනුම් දෙනු ලැබ ඇත.

කාර් රථ ගෙන්වන ගැසට්ටුව නිකුත් කෙරෙන්නේ පෙබරවාරි මස පළමු වැනිදා සිට ද යනුවෙන් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා කළ විමසුමට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත්තේ එම මාසය අතුළත එම ගැසට්ටුව නිකුත් කරන බව ය.

ඉසුරු සවියේ සිදුරු මතුවෙයි.. හිටපු ලේකම් මයාදුන්නේ CID භාරයට.!

ඉසුරු සවියේ සිදුරු මතුවෙයි.. හිටපු ලේකම් මයාදුන්නේ CID භාරයට.!

අද දහවල් (30) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2011 වර්ෂයේ ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්ව ඇති ‘ඉසුරු සවිය’ නමැති වැඩසටහන සඳහා රජයට අයත් සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වැය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙමින් පවතිනවා.

එවන් පසුබිමක එකල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු මායාදුන්නේ මහතාව විත්තිකරුවෙකු කර ඇති අතර නීතිපති විසින් අදාළ චෝදනා දණ්ඩනීති සංග්‍රහයේ 389 වගන්තිය ප්‍රකාරව ගොනු කිරීමෙන් අනතුරුවයි අද දිනයේ දී සැකකාර ලේකම්වරයා ව අත්අඩංගුවට ගැනුණේ.

ඇමරිකාව කම්පනය කළ ගුවන් අනතුරේ සිරුරු 18ක් හමුවෙයි.!

ඇමරිකාව කම්පනය කළ ගුවන් අනතුරේ සිරුරු 18ක් හමුවෙයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ අමෙරිකානු මගී ප්‍රවාහන ගුවන් යානයක් සහ යුද්ධ හමුදාවේ බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානයක් උඩුගුවනේ දී එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ  පුද්ගලයින් 18 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති බවයි.

විදෙස් මාධ්‍යවලට අනුව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබාමින් සිටි අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයකි.

අනතුරින් පසුව දෙකඩවූ ගුවන්යානය සහ, උඩුකුරුවූ හෙලිකොප්ටරය ගංගා ජලය මතට ඇදවැටී තිබුණි.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ කැන්සාස් හි සිට පැමිණි ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 64 දෙනෙක් සිට ඇති අතර, බ්ලැක්හෝව්ක් හෙලිකොප්ටරයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් ගමන් කරමින් සිටි බවය.

රාත්‍රී අඳුර සහ කලාපයේ පවතින දැඩි ශීතල හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී තිබේ.

මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන් ජාතික ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙවර පුනරුදයේ නිදහස් සැමරුම සැබෑ අරුතකින්.!

මෙවර පුනරුදයේ නිදහස් සැමරුම සැබෑ අරුතකින්.!

“ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙබරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා මේ බව සඳහන් කළේය.

මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බව මාධ්‍ය හමුවට එක්වූ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙවර හමුදා පෙළපාලි සඳහා සහභාගීවන සාමාජිකයින් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 50%කින් පමණ අඩුකර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව සඳහන් කළේය.

වරප්‍රසාද කැපීම හබහ්.? ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි.!

වරප්‍රසාද කැපීම හබහ්.? ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි.!

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ නිරීක්ෂණයන්ට අනුව ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව හඳුනාගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ජනධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රජයේ වියදම් සීමා කිරීම අරමුණු කරගනිමින් සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුවක් පරිදි හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට කමිටුවක් පත් කළේය.

ඒ අනුව එම කමිටුව විසින් සිදුකළ නිරීක්ෂණයන්ගෙන් පසු හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව හඳුනාගෙන ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) උප වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම ධූර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුප් හා දීමනා සහ ඉන් අනතුරුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇත්තේය.

පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්චින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූලවන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බලනොපාන බවද එහි දැක්වේ.

සභාපති නැගිට ගිය පුටුවේ ලේකම් වාඩිවෙයි.!

සභාපති නැගිට ගිය පුටුවේ ලේකම් වාඩිවෙයි.!

ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංගම සභාපති ධුරයට පත් රමාල් සිරිවර්ධන මහතා සිය පෞද්ගලික හේතුවක් මත එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

හිටපු සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩ බැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා මේ වනවිට පත් කර තිබේ.

ජනපති අනුර වෘත්තීය සමිති සමඟ මුහුනට මුහුන.!

ජනපති අනුර වෘත්තීය සමිති සමඟ මුහුනට මුහුන.!

ඊයේ (29) අරලියගහ මන්දිරයේදී වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සහ ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සිදුවන සහන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව වාර්තා වේ.

එමෙන්ම ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සහන ලබාදීම වෙනුවට මුලික වැටුප වැඩිකිරීම සම්බන්ධයෙන්ද ජනපතිවරයාගේ අවධානය යොමුවූ බව සඳහන්.

ගෑස් සහනයක් දෙන්න ලාෆ් කතාකරයි.!

ගෑස් සහනයක් දෙන්න ලාෆ් කතාකරයි.!

ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බවයි.

සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තුවන බව එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසයි.

“ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් තවම නිකුත් වෙලා නෑ. එහෙම නිකුත් වුණාට පස්සේ අපි ආයතනයක් හැටියට ඉහළ කළමනාකාරීත්වය එක්ක එකතුවෙලා පාරිභෝගිකයින්ට ලබාදෙන්න පුළුවන් උපරිම සහනදායි මිල අපි අනිවාර්යයෙන්ම ලබාදෙනවා.

ජනවාරි මාසයේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන්ම තියෙයි කියලා අනුමානයෙන් අපි ඉන්නේ. සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන් අවසන් දින කිහිපය තුළ. ඒ නිසා පෙබරවාරි ගෑස් මිල ගැන දැන්මම කියන්න අමාරුයි.”

හිස මත තැබූ ගිනිඅවිය අක්‍රිය වීමෙන් ජීවිතයක් රැකෙයි.!

හිස මත තැබූ ගිනිඅවිය අක්‍රිය වීමෙන් ජීවිතයක් රැකෙයි.!

කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේ නිව්සකට කඩාවැදුනු අපරාධකරුවන් විසින් සිදු කිරීමට ගිය ඝාතනයක් ගිනිඅවිය අක්‍රියවීමෙන් වැළකී තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමට කිහිප වතාවක් උත්සාහ කර ඇතත් ගිනිඅවිය ක්‍රියත්මක වී නොමැති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් 119 ට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධියේදී ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

නිවස ආසන්නයේ තිබී අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

We are happy to invite you.