Main news (Sinhala)

සාපරාධි මුදල් පරිහරණය යටතේ නාමල්ට අධි චෝදනා ගොනු වෙයි.!

සාපරාධි මුදල් පරිහරණය යටතේ නාමල්ට අධි චෝදනා ගොනු වෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබේ. 

ඒ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේය.

මෙම අධි චෝදනා පත්‍ර නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට යොමුකර ඇත.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර තිබේ.

මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.

මහින්ද පිරිත් කියද්දී ආණ්ඩුව බහිරව පූජාවකට සැරසෙයි.!

මහින්ද පිරිත් කියද්දී ආණ්ඩුව බහිරව පූජාවකට සැරසෙයි.!

ඊයේ (27) රාත්‍රියේ විජේරාම පිහිටි හිටපු ජනපතිවරයාගේ නිල නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා පිරිත් සජ්ඣායනයක් පවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර, අද (28) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසූවේ රජයේ නිල නිවාසවල සිටින බහිරවයන් පැන්නීමට වෙනම ක්‍රම ඇතැත් සදාචාරය රැකගෙන නිවසින් පිටවී යාම මහින්ද රාජපක්ෂ මහතාට හොඳ බවයි.

ලිඛිතව දැනුම් දුන්නොත් නිල නිවසින් යන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ප්‍රශ්නය : ලිඛිතව දැනුම් දුන්නොත් නිල නිවසින් යෑමට සූදානම් යැයි මහින්ද රාජපක්ෂ මහතා කිව්වා. එසේ ලිඛිතව දැනුම් දෙන්න සූදානම් ද?

අමාත්‍යවරයා : “රජයේ ගෙදරක සිටිමින් රජයෙන් ම යැපෙමින් ලියුමක් එව්වොත් යන්නම් කියලනෙ ඔය කියන්නේ. සදාචාරාත්මකව බලන්න. මේ අය සාමාන්‍ය පුරවැසියෝ නෙවෙයි. හිටපු ජනාධිපතිවරු. ඔය වගේ කාරණයකට ලියුමක් ආවොත් මම යන්නම් කියන සිල්ලර කේවල් කිරීම තනතුරට ගැළපෙන්නේ නෑ. එහෙම යන්න බැරි බහිරවයෝ වගේ බදාගෙන ඉන්නවා නම් තමයි. බහිරවයෝ පන්නන්න වෙන වෙන ක්‍රම තිබෙනවා. සදාචාරය රැකගෙන යෑම තමයි හොඳ.”

වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහලට.!

වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහලට.!

ඊයේ (27) මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලික පරිහරණය සඳහා වූ මෝටර් රථ ඇතුළු වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම් 2025 පෙබරවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

කෙසේවෙතත් යම් බදු ඇතුළත්කිරීම හරහා ආරම්භයේදී ආනයනික වාහන මිළ ඉහල ගියද ඉල්ලුම් සැපයුම් වෙළඳපොල නියමයන් අනුව නියත වශයෙන් මෙරට වාහන මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටෙනු ඇති බව ආර්ථික විෂ්ලේශකයන් පෙන්වා දෙයි.

එමෙන්ම ඉල්ලුම වැඩිවීම මත ආරම්භයේදී ආනයනික නව වාහන මිල ගණන් යම් ඉහල මට්ටමක පැවතිය හැකි නමුත් කෙටි කලක් ඇතුලත තවදුරටත් මිල පහත වැටෙනු ඇති බව ඔවුන් පෙන්වා දෙති.

රජය ගෙන ඇති තීරණය අනුව, වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනය කිරීමට අවසර හිමි වෙයි.

පසුගිය 2020 වසරේ අත්හිටුවූ වාහන ආනයනය නැවත ක්‍රියාත්මක වනුයේ වසර 5කට පසුවයි. ඒ මෙරට ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර වෙමින් පවතින පසුභිමකයි.

  • මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රධාන කාරණා 4ක් උපුටා දැක්විය හැකියි.
  1. වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනයට අවසර හිමිවේ

ලියාපදිංචි ආනයන කරුවෙකුට ඕනෑම වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමට පුළුවන්

වෙනත් ඕනෑම අයෙකුට ඉදිරි මාස 12 තුළ එක් වාහනයක් ආනයනයට අවසර ලැබේ

ආනයනයෙන් දින 90ක් තුළ විකුණා ගැනීමට නොහැකි වුවහොත් ආනයනකරු නමින් ලියාපදිංචි කිරීම හෝ දඩයකට යටත් වීමට සිදුවේ

1969 ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන පනත යටතේ ඉහත රෙගුලාසි නිකුත් කර ඇති අතර ඒ ඒ වාහන කාණ්ඩ සඳහා වාහන ආනයනයේදී සලකා බලන වසර සීමා පහත පරිදි වෙයි.

බස් රථ කාණ්ඩය

බස් රථ රියදුරු ඇතුලුව මගීන් 10-12 (වසර 3 1/2)

බස් රථ රියදුරු ඇතුලුව මගීන් 13-24 (වසර 5)

බස් රථ රියදුරු ඇතුලුව 25 සහ ඊට වැඩි (වසර 10)

මෝටර් කාර් කාණ්ඩය

මෝටර් කාර් (වසර 3)

ත්‍රීරෝද රථ (වසර2)

ක්‍රීඩා උපයෝගීතා වාහන (ජිජ්) (වසර 3)

සියලුම භූමි වාහන (වෙරල බයිසිකල්) (වසර 3)

ද්විත්ව කාර්ය වාහන(වෑන්) ( වසර 4)

තනි කැබ් රථ (වසර 4)

ද්විත්ව කැබ් රථ (වසර 4)

ගිලන් රථ (වසර 3)

හර්සස් (වසර 3)

දොඹකර ලොරි කාණ්ඩය, පාපැදි කාණ්ඩය, ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් කාණ්ඩය යන කාණ්ඩ වලට අයත් වාහන ආනයනය කිරීම සඳහාද මේ අනුව අවසර හිමිවේ.

මෙවර අයවැයෙන් සියළු ජනතාවට ප්‍රේම දීමනාවක්.!

මෙවර අයවැයෙන් සියළු ජනතාවට ප්‍රේම දීමනාවක්.!

ජාතික ජන බලවේගයට ජනතාව සමඟ ඇති ආදරය සහ බැඳීම කෙතෙක්ද යන වග ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ලේඛණයෙන් පෙන්වන බව ජනපතිවරයා කැකිරාවේ පැවති ජන හමුවක් අමතමින් පැවසීය.

වත්මන් ආණ්ඩුවට බැඳීමක් පවතින්නේ ජනතාව සමඟ පමණක් බව අවධාරණය කළ ජනපතිවරයා සාමාන්‍ය ජනතාව රැක බලාගැනීමට කැපවෙන බවද පැවසීය.

වැඩිහිටි දීමනාව, වැටුප්, මහපොළ දීමනාව ආදී සියල්ල වැඩි කරන බවත් දූෂණයෙන් තොර අණ්ඩුවක් නිර්මාණය කළේ දූෂිතයන්ට එරෙහි පරීක්ෂණ කඩිනම් කිරීමට බවත් ජනපතිවරයා සඳහන් කළේය.

“වසර 8ක් මොකද කළේ” අධිකරණය CID යෙන් විමසයි.!

“වසර 8ක් මොකද කළේ” අධිකරණය CID යෙන් විමසයි.!

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂට එරෙහිව නිසි අවස්ථාවේ නිසි පියවර ගැනීමට රහස් පොලීසිය කටයුතුකර නොමැති බව පෙන්වාදෙමින් සැකකරු රිමාන්ඩ් කරනා ලෙස රහස් පොලීසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉතා බරපතල චෝදනාවක් ලෙස කරුණු ඉදිරිපත් කළද වසර 8ක් පුරාවට දේපොළ තහනම් කිරීමට හෝ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කර නොමැති බව අධිකරණය පෙන්වා දී තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව යම් විමර්ශනයක් සිදුකරයි නම්, මහාධිකරණය හමුවේ කරුණු දක්වා සිද්ධියට අදාළව දේපොළ තහනම් කිරීම පනත ප්‍රකාරව අනිවාර්‍ය බවත් රහස් පොලීසිය විසින් එවැන්නක් සිදුකර නොමැති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප ලබාදීමට කටයුතු කර ඇත.

බෙලිඅත්තේ පන්සලක බෝම්බ පිපුරුමක්.!

බෙලිඅත්තේ පන්සලක බෝම්බ පිපුරුමක්.!

බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවත් පසුව එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් හමුවි ඇති බවත් වාර්තා වෙයි.

විහාරස්ථානයේ ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදී ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් මෙලෙස පුපුරාගොස් ඇත.

ට්‍රැක්ටරය විහාරස්ථානයට අයත් එකක් වන අතර විහාරාධිපති හිමියන්ගේ ඥාති පුතෙකු ට්‍රැක්ටරයේ තණකොල කපමින් සිටියදි මෙම බෝම්බය පුපුරාගොස් ඇති අතර ට්‍රක්ටරයේ රියදුරුට තුවාල සිදුව නැත.

බෙලිඅත්ත පන්වැව විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ බෝම්බ නිශ්ක්‍රිය කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම විහාරස්ථානය පාලු ප්‍රදේශයක පිහිටා ඇති බවත් පොලිසිය පවසයි.

හෙට සිට වාහන ගෙන්වීමට අවසර හිමිවෙයි.! [Breaking News]

හෙට සිට වාහන ගෙන්වීමට අවසර හිමිවෙයි.! [Breaking News]

හෙට දින සිට (28) ක්‍රියාත්මක වන පරිදි  වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

අදාළ ගැසට් නිවේදනය සඳහා මෙතැනින්.

මාලිමාවේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට අභියෝගයක්.. ඉටු නොවන පොරොන්දුවක්.?

මාලිමාවේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට අභියෝගයක්.. ඉටු නොවන පොරොන්දුවක්.?

අද (27) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසූවේ හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට හැකියාවක් නොමැති බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක් බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු එම මැතිවරණ ප්‍රකාශනය සකස් කල කමිටුවේ නොසිටි බව පෙනී යන බවත් ඔහු පවසයි.

උදය ගම්මිම්නපිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය,

“මාලිමා ආණ්ඩුව දුන්නු බොරු පොරොන්දු වැලේ ඉදිරියෙන්ම තිබුණු අනුර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමා නායකයින් රස කරමින් කියූ පොරොන්දුවක් තමයි හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කියන එක. ඒක එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලිඛිතව සඳහන් වෙනවා. එහෙනම් ඇයි දැන් ඒක ගැන සද්ද නැත්තේ? අමතක වෙලා ද? අමතක වෙලා නොවේ. අමතක කරලා. වඩාත් නිවැරදිව කිව්වොත් අමතක කරන්න සිද්ධ වෙලා. ඇයි අපි එහෙම කියන්නේ.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියට අනුව දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ. ඕනෑ නම් අනුර ජනාධිපතිතුමාට පුළුවන් එතුමාගේ සිට ඉදිරියට එන ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් අහෝසි කරන්න. නමුත් දැනට ඉන්න අයගේ විශ්‍රාම වැටුප අහෝසි බෑ. අපි ඒ වගන්තිය කියවමු.

යම් තැනැත්තෙකු විසින් ජනාධිපති ධූරය භාර ගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමට ද ඉන්පසුව, එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූල වන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධි විධානයක් අතීතයට බල නොපාන්නේය.

කවුද කියන්නේ උදය ගම්මන්පිල නෙමෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක රකින්න තමයි අනුර කුමාර ජනාධිපතිතුමා පොරොන්දු වෙලා දියුරුම් දීලා වැඩ පටන් ගත්තේ ඒ පොරොන්දු අනුව නම් එතුමාට හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න බෑ.

මේ වගන්තියේ කියන විධියට ව්‍යවස්ථාවේ මේ වගන්තිය සංශෝධනය කළත් ඊට පටහැනි වෙනත් වගන්තියක් ගෙනාවත් ඒකෙන් අතීතයට බලපාන්නේ නෑ. බලපාන්නේ අනාගතයට විතරයි. සරලවම කිව්වොත් දැනට විශ්‍රාම වැටුප් ලබන කිසිම ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැකියාවක් මාලිමා ආණ්ඩුවට නෑ.

විශ්‍රාම වැටුපක් අතීතයට බලපාන්න අහෝසි කරන්න විතරක් නොවේ අඩු කරන්නත් බෑ. ඒක ලෝකය පුරාම පිලිගත් නීතිමය මූල ධර්මයක්. ඒකට හේතුව තමයි තමන් සේවය කරන කාලයේ දී විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියන බලාපොරොත්තුවෙන් විශ්‍රාමික ජීවිතයේ දී වියදම් කරන්න මුදල් ඉතිරි කරන්න ඒ සේවකයා පෙළෙඹෙන්නේ නෑ. ඒකට නීතියේ කියනවා සුජාත අපේක්ෂාවේ න්‍යාය නැතිනම් doctrine of legitimate expectation. වයස අවුරුදු 80 දී විතර විශ්‍රාම වැටුප අහෝසි කරලා ජීවත් වෙන්න තිබෙන එකම ආදායම අහිමි කලොත් ඒ අයට ඒ වයසේ දී රස්සාවක් කරන්නත් හැකියාවක් නෑ. ඒ නිසා ජනාධිපතිවරුන්ගේ විතරක් නොවේ කිසිම පුද්ගලයෙකුගේ ලැබෙන විශ්‍රාම වැටුපක් අහෝසි කරන්නත් බෑ. අඩු කරන්නත් බෑ”

නොකෙරෙන වෙදකම දින 10කින් කෙරෙන හැඩ.. රනිල් සජිත් මුහුණට මුහුණ.!

නොකෙරෙන වෙදකම දින 10කින් කෙරෙන හැඩ.. රනිල් සජිත් මුහුණට මුහුණ.!

හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ දේශපාලන සාකච්ඡාවක් ඉදිරි දින 10ය ඇතුළතදී පැවැත්වීමට නියමිත බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයට එජාප සහ සජබ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් මෙම හමුව සිදුවන බවත් ඉන් ඉදිරියට නායකයන් දෙපොළ තවත් මුහුණට මුහුණ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් ය.

සන්ධානයේ නම, තරග කරන ලකුණ, අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ඇතුළුව දේශපාලන කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානයට යොමුවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

එජාප සහ සජබ අතර තීරණාත්මක සාකච්ඡා වට දෙකක් පසුගිය දිනවල පැවති බවත් නායකත්ව මණ්ඩලයක් මඟින් මෙම සාකච්ඡා ඉදිරියට පැවැත්වුවහොත් සාර්ථක වනු ඇති බව ත්  දිසානායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ හා සමගි ජන බලවේගයේ දුරකතනය ලකුණ හැර සියලු දෙනාට පිළිගත හැකි වෙනත් පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්න බොහෝ දෙනාගේ ස්ථාවරය වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එසේ ම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ අනකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට එජාපය සැලසුම් කර ඇතැයිද හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

සජබ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සමග පවත්වන සාකච්ඡා පෙබරවාරි 10 වන දා විට අවසන් කරන ලෙසට එජාප නායකයා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී දැනුම් දුන් බවද දිසානායක මහතා පැවසීය.

අපේක්ෂකයන් තෝරා ගැනීමේදී එජාපය මෙන්ම සජබය සංවේදී විය යුතු බවත්,පසුගිය මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ඒ ඒ පක්ෂවලට අපේක්ෂක ලැයිස්තුවල ඉඩකඩ හිමිවන  බව ත් හෙතෙම සඳහන් කළේය.

එජාප-සජබ එකතුවකින් ඉදිරි මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 40ක් ලබාගැනීමට හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.

නව ගුවන් හමුදාපතිවරයා පත්වීම් ලබයි.!

නව ගුවන් හමුදාපතිවරයා පත්වීම් ලබයි.!

එළැඹෙන ජනවාරි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කර තිබේ.

ඒ සේවා දිගුවක සිටින වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුවයි.

උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයා වන අතර වාසු බන්දු එදිරිසිංහ මහතා මෙරට 20වන ගුවන් හමුදාපතිවරයා වෙයි.

We are happy to invite you.